ධර්මපාලතුමාගේ 150 වන ජන්ම දින සැමරුම අදයි

ලොව ඕනෑම දේශයක ආගම, ජාතිය, සංස්කෘතිය රැක්මට කැප වූයේ නිහතමානී ගුණාංග වලින් හෙබි ධෛර්‍ය වන්ත මිනිසුන්ය. අපගේ නූතන ඉතිහාසය විශ්ලේෂණය කරනවිට පෙනී යන්නේ අපේ රටේ බුදු දහමටත්, බෞද්ධ සමාජයටත් අති විශිෂ්ට සේවාවක් කළ දෙදෙනකු සිටි බවයි. ඉන් පළමු තැනැත්තා වනුයේ ගරුතර වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ හිමියන්ය. දෙවැන්නා වනුයේ අනගාරික ධර්මපාලතුමාය. එම දෙදෙනා නොසිටින්නට අද අප කතා කරන බුද්ධාගමක් හෝ සිංහල බෞද්ධ සංස්කෘතියක් මේ රටේ පවතින්නට බොහෝවිට ඉඩ නොවන්නට හැක. මේ දෙදෙනාම ජීවත් වූයේ සිංහලකමත්, බෞද්ධකමත්, පිරිහීමකට පත්වූ යුගයකය.
වැලිවිට අසරණ සරණ සංඝරාජ හිමි ඉතා අමාරුවෙන් පාලි, භාෂාව පරිශීලනය කර බුද්ධ වචනය අනුව සංඝ පරපුරක් ඇති කිරීමට යත්න දැරූහ. සියම් දේශයෙන් උපසම්පදාව මෙරටට ගෙනවිත් පිරිහී තිබූ සංඝ සමාජය දැඩි වෙනසකට භාජනය කළහ. එසේම එකළ සිට කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ සහාය ඇතිව විශාල පිරිසක් උපසම්පදාව සඳහා සියමට යවා නැවත වරක් උපසම්පදා භික්ෂූන් හරහා සංඝ සමාජය ලංකාවේ ප්‍රතිෂ්ඨාපිත කළහ.
කීර්තිමත් වෙළෙඳ ව්‍යාපාරිකයකු වූ බෞද්ධ කටයුතු පිළිබඳ දැඩි කැපවීමකින් කටයුතු කළ සමාජ සේවක මාතර හිත්තැටියේ දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමා සහ මල්ලිකා හේවාවිතාරණ දෙපළට 1864 සැප්තැම්බර් 17 දින උපන් මේ පින්වත් කුමරා ඩේවිඩ් යන නාමයෙන් හැදුණේ වැඩුණේ, පසු කළ එම අපර නාමයෙන් බැහැරව ධර්මපාල නාමයෙන් හැඳින්වෙමින් “ශ්‍රී මත් අනගාරික ධර්මපාල” නමින් ලෝකප‍්‍රකට ශ්‍රේෂ්ට නායකයා වූයේ ය.
සෙනසුරාදා දිනයන්හි කොටහේනේ දීපදුත්තාරාමයට ගොස් වාදීහසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමිපාණන්ගේ ව්‍යක්ත දේශනවලට සවන් දෙමින් කිතු දහමත් බුදු දහමත් අතර වෙනස මැනවින් තේරුම් ගත්තේ ය.
පිටකොටුවේ පුස්තකාලයෙන් සිය දැනුම පුළුල් කර ගත් ඔහු අනුන්ට නොකළ හැකි දේ කරන්නට අනුන් නොයන මඟ යන්නට තැත් කළ එඩිතර තරුණයකු විය. ඉංගී‍්‍රසි භාෂාව ප‍්‍රගුණ කළ ඩේවිඩ්, රජයේ ලිපිකරුවකු බවට පත් ව කටයුතු කළේ ටික කලකින් සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය තකා කටයුතු කිරීමේ අවශ්‍යතාව සිය මවුපියනට ලියා යවමින් රැකියාව ද අත් හරිමින් ධර්මපාල යන නාමය ගනිමින් ලෝකසත්වයාගේ යහපත සඳහා සිය ජීවිතය කැප කළේ ය.
වර්ෂ 1880 මැයි 17 වන දින එතුමන්ට ජීවිතයේ වැදගත් දිනයක් වූයේ එතුමාගේ ගමන්මග හා දැඩිව බැඳුණු සෙන්පති ඕල්කට් තුමා හා බිලැට්මිස්කි මැතිනිය ගාලු වරායෙන් ලංකාවට සම්ප‍්‍රාප්ත වීමය.
ඕල්කට්තුමා බෞද්ධාගමික ප‍්‍රබෝධය පිණිස රටපුරා කළ සංචාරයේ දී ඔහුගේ ඉංගී‍්‍රසි කථා සිංහලට පරිවර්තනය කිරීමේ කාර්යට ඉදිරිපත් වූයේ ඩේවිඩ් හේවාවිතාරණ තරුණයා ය.
මෑත කාලය තුල පලමු අනගාරික (මුළු කාලයම බුදුදහම වෙනුවෙන් කැපකල) වන්නේ ඔහුය. ඔහුට අවුරුදු 8 වන විට බ්‍රහ්මචාරීව සිටිමට දිවුරූ ඔහු ජීවිත කාලය පුරා එලෙස සිටියේය. ඔහු තම හිස මුඩු නොකල අතර කහ පැහැති සාම්ප්‍රදායික භික්ෂුන් නොඅදින සිවුරක් අදින ලදී. විනය නීති සියල්ල පිළිපැදිම ලොව වටා ධර්මචාරිකා කිරිමට උපකාරීවන බව ඔහු විශ්වාස කලේය.
තරුණ ධර්මපාලතුමා ඕල්කට් මැතිතුමා (1875 නිව්යෝක් නගරයේ පරමවිඥනාර්ථ සමිතියේ සභාපති) ලංකාවට පැමිණීමෙන් අනතුරුව ඔහුගේ භාෂා පරිවර්තක ලෙස කටයුතු කලේය. 1891 දී ඉන්දියාවේ මහාබෝධි පන්සලට වන්දනා ගමනක යෙදි සිටින අතරතුර අනගාරික ධර්මපාල තුමා රහත් ඵලයට පත්විය. එම පන්සල හින්දු පූජකවරුන්ගේ යටතට පත්ව තිබිමත් බුදුරජාණන් වහන්සේගේ පිළිරුව හින්දු ප්‍රතිමාවකට පරිණාමනය කර තිබිමත් යන කරුණු වලින් ඔහු කම්පාවට පත්වූ අතර එයට එරෙහිව උද‍්ඝෝෂණයක් ඇති කලේය.
1891 දී කොළඹදී මහාබෝධි සංගමය පිහිටවු ඔහු එහි ප්‍රාථමික අපේක්ෂාව ලෙස බුද්ධගයාවේ මහාබෝධි පන්සල බෞද්ධ ආගමිකයින් යටතට ගැනීම නම්කලේය. හින්දු ජූජකයන් සමග නීතිමාර්ගයෙන් දැඩි සටනක් දියත් කිරීමෙන් අනතුරුව 1949 දී මහාබෝධි සමිතිය යටතට මහාබෝධි පන්සල ගන්නා ලදි.
ධර්මපාල මැතිතුමාගේ උත්සාහය නිසා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ භූමි භාගය (කුසිනාරා නුවර) නැවතත් බෞද්ධයන්ගේ ආකර්ෂනයට ලක්විය.
1893 දී ධර්මපාල තුමාට චිකාගෝ නුවර පැවති ලෝක ආගම් පිළිබද පාර්ලිමේන්තුවට නියෝජනය කිරීමට ආරාධනා ලැබිණ. ඔහුට අවුරුදු 30 පමණ වනවිට ඔහු ප්‍රසිද්ධ බුදු දහම ලොව පුරා ගෙනයාමේ ප්‍රධාන චරිතයක් බවට පත්ව සිටියේය. එසේම ඔහු ලංකාව තුල ඉස්පිරිතාලද ඉන්දියාව තුල පාසල් හා විහාර ද ඉදිකිරිමට අවධානය යොමු කර සිටියේය. ඔහු විසින් ඉදිකල වැදගත්ම පන්සලක් වන්නේ බුදුරජාණන් වහන්සේ පලමු දම් දෙසූ ස්ථානයේ ඉදිකල සාරානාත් පන්සලයි. 1933 දී සාරානාත් හි පැවිදි වූ ඔහු දෙසැම්බර් මාසයේදී අපවත් විය.
බුද්ධගයා ශුද්ධ භූමිය හින්දුන් විසින් අත්පත් කොට බුදු රූ ඇතුළු බෞද්ධ වස්තූන්ට කළ හානිය, නිග‍්‍රහය ධර්මපාලතුමා තුළ සංවේගය උපදවන්නක් විය.
1891 මාර්තු 18 දින කල්කටාවට පැමිණි බුරුම බෞද්ධයන් බුද්ධගයාව බේරා ගැනීමට පොළඹවා ගනු පිණිස එතුමා බුරුමය බලා පිටත් විය. 1891 මැයි 31 විද්‍යෝදය පිරිවෙණේ බුද්ධ ගයාමහා බෝධි සමාගම ඇරඹුයේ බුද්ධගයාව බේරා ගැනීමේ ජාත්‍යන්තර උත්ඝෝෂණයක් ඇරැඹීමට ය. 1891 ජූලි 17 බුද්ධගයා ධර්මදූත සේවයේ නායකයා ලෙස ඉන්දියාවට ගොස් එහි බුද්ධගයා ජාත්‍යන්තර බෞද්ධ සාකච්ඡාවක් කැඳවීය. කල්කටා මහා බෝධි සමාගම ඇරැඹූ එතුමා 1891 මැයි මස මහාබෝධි සඟරාව, ඇරැඹීය. ලොව තවත් රටවල මහා බෝධි සමාගම් ද පිහිටුවීය. 1893 සැප්තැම්බර් මස චිකාගෝ නුවර ජගත් දෘෂ්ටි සම්මේලනයට සහභාගිව කළ දේශනය අපරදිග බුද්ධිමතුන්ගේ සිත් සතන් බුදුසමය වෙත නැඹුරු කරවීය. නොයෙක් රටවල සංචාරය කළ එතුමා ජපානයේ දී මහත් හරසරින් පිළිගන්නා ලද්දේ පස්වසරක්ම එහි ධර්ම ප‍්‍රචාරයේ නියැලුණේ ය. ලක්දිව පුරා සංචාරය කරමින් සිංහල බෞද්ධයන් පුබුදු කළ එතුමා නිදා සිටි සිංහලයාගේ, බෞද්ධයාගේ ආත්ම ශක්ති අවදි කිරීම අතිශය වැදගත් කරුණක් විය. 1915 සිංහල මුස්ලිම් අරගලය නිසා වූ නොසන්සුන් වාතාවරණය ධර්මපාලතුමාගේ ධර්ම ප‍්‍රචාරක කටයුතු වලට බාධාවක් විය.
1906 ඇරැඹුණු “සිංහල බෞද්ධයා” පත‍්‍රය ද මෙකල නතර විය. 1915 ජූනි මාසයේ දී එතුමා කල්කටාවේ දී සිරභාරයට ගන්නා ලදී. 1922 දී යළි සිංහල බෞද්ධයා ඇරැඹුණු අතර, ලංකාවේ බෞද්ධයන් නගා සිටුවමින් ජාතික, ආගමික, සාමාජික, සංස්කෘතික ප‍්‍රබෝධයට ඇප කැපවෙමින් පුරෝගාමී වූයේ ය. 1931 දී අවසන් වරට ලංකාවෙන් පිටවී ගිය එතුමා 1931 ජූලි 13 දින බරණැස ඉසිපතනාරාමයේ දී බෝරුක්හමුවේ සිරිරේවත හිමියන් වෙතින් සිරිදේවමිත්ත ධම්මපාල යන නමින් පැවිදි බිමට පත්ව 1932 දී උපසම්පදාව ද ලැබීය. 1933 වන විට ශරීර ශක්තිය දුර්වල නමුත් බුද්ධගයාව බේරා ගැනීමේ කටයුතු පිළිබඳව කි‍්‍රයා කළේ ය. 1933 අපේර්ල් 29 දා මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයා මෙලොවින් තුරන්වූයේ තථාගත ධර්මය ලොව ප‍්‍රචලිත ඛ්ලම සඳහා මතු යළි උපදින්නෙමිය යන උත්තරීතර අදහස ද ඇතිව ය.
කල්කටාවේ අග‍්‍රවිනිශ්චකාර ශ්‍රීමත් මහ්මථනාථ මුඛර්ජි මහතා ධර්මපාල තුමාගේ ධර්ම ප‍්‍රචාර සේවාව ධර්මාශෝක රජුගේ ධර්ම ප‍්‍රචාර සේවයට පමණක් දෙවැනි යැයි සඳහන් කරයි.
සමාජය සකස් කරන්නට ධර්මපාල තුමා මුළු රටපුරාම ගියේ ය. “රහමෙර පානය කරන්න එපා ගෙරි මස් කන්න එපා” කියමින් රට පුරා යමින් ජන හදවත් අවදි කළ එතුමා “ගොන්තඩියා, වල් බූරුවා” වැනි ආමන්ත‍්‍රණ යෙදුවේ හුදෙක් මිනිසුන් ගැන කරුණාව නිසාම ය. යුරෝපීයයන්ට බියෙන් මුළුගැන්වුණු සිංහල ගැමියා තුළ තිබූ එම බිය තුරන් කිරීමට ධර්මපාල තුමා උපක‍්‍රමශීලීව කටයුතු කළේ ය. මත්පැන් පානයෙන් රට විනාශ වී යෑම ගැන රටවැසියන්ට දැඩි ලෙස අවවාද දුන් එතුමා සුරා යකාගෙන් මේ පින්වත් දිවයින බේරා ගත යුතු යැයි හඬ නැංවීය.
අන්ධ ලෙස බටහිර අනුකරණය කිරීම ගැන සිංහලයන්ට දොස් පැවරූ එතුමා ජාතික සිරිත් විරිත් වල අගය පෙන්වාදුන්නේ ය. ඇඳුම්, පැළඳුම්, චාරිත‍්‍ර, වාරිත‍්‍ර, කෑම බීම මේ ආදී සෑම කරුණක් ගැනම පෙන්වා දුන්නේ ය. ජාතියක් ලෙස නැඟී සිටීමට අවශ්‍ය දේශීය කර්මාන්ත ව්‍යාපාර ගැන පැවසූ එතුමා විවිධ කර්මාන්ත පුහුණුව සඳහා සිංහලයන් ජපානයට පිටත් කරලීය. පේෂ කර්මාන්තය ආදී කර්මාන්ත ඇරැඹීමට එතුමා මුල් විය. ජාතික අර්ථකථනයක් ගොඩ නඟා නැගීමට එතුමා මහත් සේ දායක විය.
එතුමාගේ සටන අංශ රැසක් කරා පැතිර ගියේ ය. ආගමික අංශය එහිදී ඉහළින්ම කැපී පෙනිණි. අධ්‍යාපනය ලැබීමේ උවමනාව ජාතිකත්වය අධිරාජ්‍ය විරෝධී ආකල්ප ඒ අතර ප‍්‍රමුඛ විය. අදට වඩා බෙහෙවින් වෙනස් වූ යුගයක එතුමා තම අදහස් කි‍්‍රයාත්මක කරන්නට පුදුමාකාර ප‍්‍රයත්නයක් දැරී ය. දූරදර්ශී විචක්ෂණ නුවණින් කි‍්‍රයා කළ මේ උදාරතර ශ්‍රේෂ්ට සිංහලයා, නොවන්නට අද දඹදිව බෞද්ධ උරුමය ලොවටම අහිමි වනු නියත ය. ධර්මාපාපතුමාගේ මහත් වූ සේවය අගැයීමට එය පමණක් වුවද සෑහේ. සිංහල ජනතාවට, ශ්‍රී ලාංකික ජනතාවට පමණක් නොව ලෝක ජනතාවට අත්‍යුදාර මෙහෙයක් ඉටු කළ මෙම ශ්‍රී ලාංකික යුග පුරුෂයා ලෝක බෞද්ධ ජනතාවටම සේවය කළ ශ්‍රේෂ්ඨ පුද්ගලයකු ලෙස සැලකිය හැකි ය.
දිනු මව්බිමට නිවහල් ලෙස වැජඹෙන්න
තම ජාතියට අභිමන් ලෙස නැගිටින්න
ඉපදුනු රටට නොමියෙන ලෙස මිය යන්න
ඔබ කළ මෙහෙය ඇති හැම සිත් පුබුදන්න
උපුටා ගැනීම facebook
මෙහි ගෞරවය
Sri Dalada Maligawa වෙබ් පිටුවේ ලියනගේ ගයාන් පුෂ්පකුමාර සහ ජනක පණ්ඩුක යන අයට හිමිවිය යුතුය
https://www.facebook.com/sridaladamaligawa