:: ISBN අංකය වැදගත් ඇයි ? ::
පොතක අගය මැනීම සඳහා පැහැදිලි මිනුම් දණ්‌ඩක් නොමැති වුවත් පොතක ප්‍රමිතිය පිළිබඳ ජාත්‍යන්තර ව පිළිගත් ප්‍රමිති අංකයක් තිබේ. ඕනෑම හොඳ පොතක් ගෙන නිරීක්‍ෂණය කළොත් එහි ග්‍රන්ථ නාම පිටුවේ පසු පිටේ හෝ කවරයේ පසු පිටේ ISBN අකුරු පෙළ සිරස් ව ඇති ඉරි කිහිපයක් සමඟ ඉලක්‌කම් කිහිපයක් සටහන් වී තිබෙනු දැකිය හැකි ය. මෙය බාර්කෝඩ් අංකය ලෙස බොහොමයක් නො දන්නා එහෙත් පොතක් සඳහා ඇති ප්‍රමිති විස්‌තරය පිළිබඳ සටහනක් බව එයින් ද කිය වේ. එබැවින් ISBN යන්න කුමක් දැයි දැන සිටීම වැදගත් වේ.
ISBN යනු
පොත් සඳහා අන්තර්ජාතික ව පිළිගෙන ඇති අංකයකින් හඳුන්වන International Standard Book Number යන්න ISBN වශයෙන් හකුලුවා ඇති අංක 13 කින් සමන්විත මේ සඳහා භාවිතයට ගනුයේ 0 සිට 9 දක්‌වා ඇති අරාබි ඉලක්‌කම් පමණක් බැවින් රෝම ඉලක්‌කම් භාවිත කරනු නොලැබේ. එසේම මෙය සියලු ම ප්‍රකාශන සඳහා දෙනු නො ලැබේ. එනම් කිසියම් ග්‍රන්ථයක ග්‍රන්ථනාම පිටුව, පෙරවදන, පටුන, පිදුම ආදිය ඇතුළත් ව අන්තර්ගත පිටු 42 ක් ඇති ප්‍රකාශනයක් අන්තර්ජාතික වශයෙන් පොතක් ලෙස පිළිගෙන ඇත. එවැනි ප්‍රකාශනවලට මෙම ISBN අංකය ඉල්ලුම් කළ හැක්‌කේ කිසියම් ප්‍රකාශනයක් පළ කරන ප්‍රකාශකට පමණි. එය නිකුත් කිරීම සඳහා කිසියම් රටක එක් ජාතික ආයතනයක් පවතින අතර ශ්‍රී ලංකාවේ එය නිකුත් කරනුයේ ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩලය වේ. භූගෝලීය වශයෙන් විශාල රටවල සමහර විට ශාඛා කිහිපයකින් සමන්විත නියෝජිත ආයතන තිබුණත් එහි ජාලයේ එක් ආයතනයක් ප්‍රධානත්වය ගනියි.
ISBN අංකයේ සැකසුම
මෙම අංකය කොටස් 5 කින් යුක්‌ත වේ. ඒ අනුව
i. මූලික හැඳුනුම් අංකය
ii. කලාපීය හැඳුනුම් අංකය
iiii. ප්‍රකාශක හැඳුනුම් අංකය
iv. ග්‍රන්ථ නාම හැඳුනුම් අංකය
v. පරීක්‍ෂක අංකය වශයෙනි.
මෙහි දී මූලික හැඳුනුම් අංක 13 ක් දක්‌වා දිගු වීමේ දී ඉදිරියට ISBN යන අක්‍ෂර හතර ද එක් කළ යුතුවේ. ඒ අනුව අන්තර්ජාතික ප්‍රමිති ග්‍රන්ථ මධ්‍යස්‌ථානය විසින් තීරණය කර ඇති පරිදි මෙම අක්‍ෂර හතරට ඉදිරියෙන් 978 යන සංඛ්‍යාව යොදාගෙන ඇත. අන්තර්ජාතික අංකන ක්‍රම පිළිබඳ යුරෝපා මධ්‍යස්‌ථානයෙන් ලබා දෙන්නා වූ මෙම ප්‍රමිතිගත අංක ක්‍රමවේදයට අනුව සෑම අයි. එස්. බී. එන්. අංකයක ම 978 යන අංකය නො වෙනස් ව පැවතේ.
එහෙත් කලාපීය හැඳුනුම් අංකය මගින් කිසියම් ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් වූ රට සංකේතවත් වේ. එසේ ම මෙය ද තීරණය කිරීමේ දී ජාතික, භාෂාමය, භූගෝලීය හා වෙනත් කරුණු ද සැලකිල්ලට ගෙන ඇති බව පෙනේ. ඒ ආකාරයෙන් මෙම කලාපීය අංකය ලෝකයේ අන්තර්ජාතික ප්‍රමිති ග්‍රන්ථ අංක මධ්‍යස්‌ථානයෙන් ලබා දෙනු ඇත. ඒ අනුව සිංගප්පූරුව සඳහා 9971 ද ඉන්දියාව 81 හා ශ්‍රී ලංකාව වෙනුවෙන් දී ඇති අංකය 955 වෙයි. මේ අනුව අනෙකුත් රටවල් සඳහා ද අංකයක් ලබා දී තිබේ. ප්‍රකාශක හැඳුනුම් අංකයෙන් ප්‍රකාශකයා සංකේතවත් වන අතර එය දීර්ඝ හෝ කෙටි වනුයේ ප්‍රකාශකයා විසින් ප්‍රකාශයට පත්කරනු ලබන ග්‍රන්ථ නාම සංඛ්‍යාව අනුව වේ. ඒ අනුව පොත් විශාල සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කරනු ලබන ප්‍රකාශකයෙකුට ලැබෙන්නේ කෙටි අංකයක් වන අතර ග්‍රන්ථ අඩු ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කරන ප්‍රකාශකයෙකුට දීර්ඝ ප්‍රකාශක අංකයක් තිබිය හැකියි. එබැවින් නව ප්‍රකාශක ආයතනයක් ආරම්භ කිරීමේ දී එම ප්‍රකාශකට දිගු අංකයක් ලැබිය හැකි ය.
ග්‍රන්ථනාම හැඳුනුම් අංකයක් කිසියම් ප්‍රකාශකයෙකු විසින් පළ කරන ලද ග්‍රන්ථ සංඛ්‍යාව පෙන්වන අතර අවසානයට ඇති පරීක්‍ෂක අංකය හෙවත් දහතුන්වන අංකය තීරණය වන්නේ මුලින් සඳහන් සෙසු අංක 12 පිළිබඳ ව සංකීර්ණ ගණනය කිරීමකින් පසුව ය. ග්‍රන්ථයකට දෙනු ලබන අන්තර්ජාතික ප්‍රමිති ග්‍රන්ථ අංකයේ නිවැරදි බව පරීක්‍ෂා කරනු ලබන්නේ ද මෙම පරීක්‍ෂක අංකය මගිනි. මෙය සැම විට ම යෙදෙනුයේ තනි ඉලක්‌කමකිනි. එහෙත් මෙම ISBN අංකය සම්බන්ධයෙන් අන්තර්ජාතික වටිනාකමක් ඇතත් ශ්‍රී ලංකේය ප්‍රජාව තුළ එතරම් දැනුවත් බවක් නො මැති බව පෙනෙන්නේ ප්‍රකාශයට පත්කර ඇති සමහර ප්‍රකාශනවල මෙම අංකය සඳහන් නොවීම හේතුවෙනි.
ISBN ප්‍රමිතිකරණයේ ඉතිහාසය
මෙම ප්‍රමිතිකරණයේ අතීතය වර්ෂ 1966 දක්‌වා ඈතට දිව යති. ලෝකයේ අනෙකුත් නිෂ්පාදන වෙනුවෙන් ප්‍රමිති කරණයකට ලක් වෙනුයේ ඒ ඒ නිෂ්පාදනවල සුලභතාව හේතුවෙන් ග්‍රන්ථ නිෂ්පාදනය ද ඒ අයුරින් ප්‍රමිතිකරණයට ලක්‌ව තිබේ. මෙහි දී ග්‍රන්ථ පිළිබඳ ව ප්‍රමිති සම්බන්ධයෙන් පළමුවෙන් ම කතා බහට ලක්‌ව ඇත්තේ ජර්මනියේ බර්ලින් නුවර පැවැති පොත් වෙළෙ¹ම ගැන තෙවන ජාත්‍යන්තර සම්මේලනයේ දීය. ඒ 1966 වර්ෂයේ නොවැම්බර් මාසයේ දී ය.
මෙ කාලය වන විට යුරෝපයේ සිටි පොත් ප්‍රකාශකයන්, පොත් බෙදා හරින්නන්, පරිගණක භාවිතය පිළිබඳ අවධානය යොමුකර තිබේ. මෙහි දී ප්‍රකාශන ක්‍ෂේත්‍රයේ පරිගණක යන්ත්‍ර භාවිතයට බඳුන් වීමත් සමඟ දත්ත ගවේෂණය කිරීම සඳහා මෙම යුගයේ ප්‍රමිතිගත අංක ක්‍රමයක් කෙරෙහි අවධානය යොමු කොට බ්‍රිතාන්‍ය පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් ලන්ඩනයේ ප්‍රකට ප්‍රකාශිත ආයතනයක් වන J. Whitaker and Sons සමාගමෙන් කරන ලද ඉල්ලීමකට අනුව 1967 වසරේ දී ග්‍රන්ථ අංක ක්‍රමයක් මහා බ්‍රිතාන්‍යයට හඳුන්වා දී තිබේ. අනතුරුව ඇමරිකා එක්‌සත් ජනපදයේ සුප්‍රකට ප්‍රකාශන සමාගමක් වන R. R. Bowker විසින්ද ප්‍රමිති ග්‍රන්ථ අංක ක්‍රමයක් ඇමරිකාවට හඳුන්වා දෙනු ලැබුයේ 1968 වසරේ දීය. මෙලෙස හඳුන්වාදෙනු ලැබූ අංකන ක්‍රමවේදවල ප්‍රතිපලයක් වශයෙන් වර්තමානයේ ලෝකයේ භාවිත වන International Standard Book Number හෙවත් ISBN අංකයේ උපත සිදුවී ඇත. ඒ අනුව මෙය අන්තර්ජාතික ප්‍රමිති සංවිධානයේ 1972 අංක 2108 දරන නිර්දේශයන්ට අනුව ආරම්භ කොට ඇති අතර ඒවා පවත්වාගෙන යැම සඳහා ලෝකයේ සියලු ම රටවල නියෝජිත ආයතන ආරම්භ කර තිබේ. මෙහි ප්‍රධාන ආයතනය ජර්මනියේ බර්ලින් නුවර අන්තර්ජාතික ප්‍රමිති ග්‍රන්ථ මධ්‍යස්‌ථානය වේ. නමුත් මෙය 2006 වසරේ සිට එහි කාර්යභාරය මහා බ්‍රිතාන්‍යයේ DITEUR නම් ආයතනයට පවරා තිබේ. මුල දී අංක 10 කින් සමන්විත වුවත් 2007 ජනවාරි 01 සිට ඉලක්‌කම් 13 කින් යුත් දිගු අංකයක් මේ සඳහා ලබාදීමටකටයුතු යෙදිණි. ශ්‍රී ලංකාවට මෙම අංකය පළමු වරට හඳුන්වාදෙනු ලැබුයේ 1986 වසරේ වන අතර ඒ සඳහා නියෝජිත ආයතනය වශයෙන් කටයුතු කරන්නේ ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩලයයි.
ප්‍රමිති අංක ලබාදෙන ප්‍රකාශන වර්ග
අන්තර්ජාතික වශයෙන් වැදගත් වන මෙම අංකය සෑම ප්‍රකාශනයක් සඳහා ම තිබීම වැදගත් වන බැවින් මේ සඳහා ජාත්‍යන්තර වශයෙන් වටිනාකමක් ලැබේ. එහෙත් ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රකාශනවල මෙම අංකය තවම දක්‌නට නො මැත. ලෝකයේ බොහෝ රටවල මෙම ප්‍රමිති අංකය නොමැති ප්‍රකාශනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග වුව ද ගත හැකි වුවත් දැනට ශ්‍රී ලංකාවේ එවැනි ක්‍රියාමාර්ගයකට ඉඩකඩ නො මැත. එහෙත් අනාගතයේ දී එවැනි තත්ත්වයක් උදාවිය හැකි යි. මේ අනුව ISBN අංක යෙදිය යුතු ප්‍රකාශන හෙවත් අංක ලබාදෙන ඒවා යටතේ මුද්‍රිත පොත් හා පුස්‌තිකා, බහු මාධ්‍ය ප්‍රකාශන, මිශ්‍ර මාධ්‍ය ප්‍රකාශන, වාර්ෂික ග්‍රන්ථ. වාර්ෂික සංග්‍රහ, ග්‍රන්ථ මාලා සහ නාමාවලි, අධ්‍යාපනික චිත්‍රපට, වීඩියෝ සහ පාරදෘෂ්‍ය ප්‍රකාශන, බ්රේල් ප්‍රකාශන, සිතියම්, සූක්‍ෂම රූපණ ප්‍රකාශන, විද්Hqත් මාධ්‍ය ප්‍රකාශන මේවා මුද්‍රිත පිටපත් ලබාගත හැකි පරිදි සකස් කරන ලද සහ (යන්ත්‍රයක් මගින් කියවිය හැකි පටි, ඩිස්‌කට්, සංයුක්‌ත තැටි ආදිය) සහ අධ්‍යාපනික හෝ උපදේශාත්මක මෘදුකාංග වර්ග සඳහා මෙම අංකය ඉල්ලීමට අවකාශ තිබේ.
එමෙන් ම ISBN අංකය යෙදිය නො හැකි තොරතුරු මූලාශ්‍ර ද පවතින බව අප දැන සිටිය යුතු අනෙක් කරුණ ය. ඒ අනුව සියලු ප්‍රකාශන සඳහා මෙම අංකය යෙදිය නො හැකි ය. එවැනි ද්‍රව්‍ය සියලු රටවල් සඳහා පොදු වශයෙන් හඳුනාගෙන තිබේ. ඒ අතරට දිනපොත්, දින දර්ශන, සුබ පැතුම්පත්, පෞද්ගලික ලියවිලි, වෙළෙඳ දැන්වීම් වැනි තාවකාලික ව භාවිතයට ගන්නා ප්‍රකාශනවලට මෙම අංකය ලබාදෙන්නේ නැත. එසේ ම වාරික ව පළ කරනු ලබන වාර සඟරා වැනි ප්‍රකාශන සඳහා ISBN වෙනුවට International Standard Serial Number (ISSN) අංකය යොදන බැවින් එම අංකය ද අදාළ වාරික ප්‍රකාශනයේ පිට කවරය, කාර්තෘ මණ්‌ඩලය, වෙළුම, කලාප අංකය ප්‍රකාශිත වසර සහ ලිපි එකතුවේ නාමය හෙවත් මාතෘකාව ද අංකය ලබාගැනීම වෙනුවෙන් ඉදිරිපත් කළ යුතුයි.
එසේ ම සංගීත ප්‍රකාශන, සීඩී පටි, සංගීත තනු නිර්මාණ ආදී ප්‍රකාශන සඳහා ද ISBN අංකය වෙනුවට International Standard Serial Number (ISSN) අංකය ලබාගත හැකි ය.
මෙම සියලු ම ප්‍රකාශන සඳහා ලබාදෙන ප්‍රමිති අංක ශ්‍රී ලංකාවේ දී ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩලයෙන් ලබාගත හැකිවන අතර එක් අංකයක් වෙනුවෙන් දැනට රු. 100 ක් වැනි සහන මුදලක් අයකරනු ලැබේ. මේ සමඟ විශේෂයෙන් ග්‍රන්ථයකට අවශ්‍ය කරන පුස්‌තකාල විද්‍යානුකූල දත්ත විස්‌තර Catalogue in Publi-tion (CIP) ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩලයෙන් නොමිලේ ලබාගත හැකි ය.
ISBN යෙදීමෙන් ඇති වාසි
ශ්‍රී ලාංකේය සමාජය තුළ ඉහත කී ප්‍රකාශන සඳහා ප්‍රමිති අංකයක් දැනට පවතින නෛතික තත්ත්වය මත අත්‍යාවශ්‍ය ම නැති වුව ද එවැන්නක් තිබීමෙන් ප්‍රකාශයට අන්තර්ජාතික ව වටිනාකමක් හිමි වේ. මෙම විස්‌තර මේ සම්බන්ධයෙන් ඇති අන්තර්ජාතික ප්‍රධාන ආයතනය වෙත යවන බැවින් වාර්ෂික ව පළ කරනු ලබන ISBN Publisher's Directory ප්‍රකාශනයට ඇතුළුවීමෙන් කිසියම් ප්‍රකාශනයක විස්‌තර ජාත්‍යන්තර ව ව්‍යාප්ත වන බැවින් එය වැදගත් වේ. එසේ ම මෙම අංකය තිබීමෙන් අදාළ ප්‍රකාශනයට වටිනාකමක් එක්‌වන බැවින් ප්‍රකාශකයන්ට, පොත් වෙළෙඳුන්ට, පුස්‌තකාල හා තොරතුරු මධ්‍යස්‌ථානවලට වාසි රැසක් ගෙන දෙයි. ඒ අනුව ප්‍රකාශකයන් වෙනුවෙන් සංස්‌කාරක / කතෘ මණ්‌ඩලය කළමනාකරණයේ දී, ගිවිසුම් කටයුතු කිරීමේ දී, ගණනය කිරීම්වල දී, ගබඩා තොරතුරු පාලනයේ දී හා කළමනාකරණයේ දී ප්‍රකාශන ඇණවුම් කිරීමේ දී හා අලෙවි කිරීමේ දී නව තාක්‍ෂණය හා බද්ධ වී විද්Hqත් මාධ්‍ය ඔස්‌සේ සැපයීම් කටයුතු කිරීමේ දී, ගණනය කිරීම්වල දී. ගබඩා තොරතුරු පාලනයේ දී හා කළමනාකරණයේ දී ප්‍රකාශන ඇණවුම් කිරීමේ දී හා අලෙවි කිරීමේ දී නව තාක්‍ෂණය හා බද්ධ වී විද්Hqත් මාධ්‍ය ඔස්‌සේ සැපයීම් කටයුතු කිරීමේ දී ප්‍රකාශන අයිතිය තහවුරු කිරීමේ දී මෙන් ම ප්‍රකාශකයන්ට ද අන්තර්ජාතික වශයෙන් ප්‍රචාරයක් ලැබීම යනාදී වාසි රැසක් අත්වන බැවින් මෙම අංකය ගැනීම තුළින් කිසියම් ප්‍රකාශනයක් සඳහා ගුණාත්මක වටිනාකමක් හිමි වේ. එසේ ම මේ තුළින් කිසියම් ප්‍රකාශනයක් තරමක සමීක්‍ෂණයකට ද ලක්‌වන හෙයින් ප්‍රකාශනයේ ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවෙන බව කිව හැකි ය. මෙය ජාත්‍යන්තර ව ජාලයක් තුළින් විධිමත් ව සංවිධානය වී වාර්ෂික ව අන්තර්ජාතික ව හා කලාපීය වහයෙන් මේ සම්බන්ධයෙන් අදාළ රටවල නියෝජිතයින් රැස් වී සාකච්ඡා, සම්ම්න්ත්‍රණ පවත්වා මෙම ප්‍රමිති අංකය දීමේ දී හා භාවිතයේ දී ඇති ගැටලු සාකච්ඡා කිරීම නිසා ප්‍රකාශන ක්‍ෂේත්‍රයේ දී මෙම අංකය ඉතා ම වැදගත් වේ. 2011 වර්ෂයේ අප්‍රිකානු කලාපයේ වාර්ෂික සම්මේලනය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩලයෙන් ද නියෝජිතයෙකු සහභාගී වූ අතර එම සම්මේලනය පැවැතියේ දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා නුවර දීය. මේ සියල්ලෙන් ම කියා පානුයේ මෙහි ඇති අන්තර්ජාතික වටිනාකම හේතූවෙන් ප්‍රකාශනවල ගුණාත්මක තත්ත්වය වැඩිදියුණු කිරීමට මෙම අංකය වැදගත් වන බවට සාධකය වේ.
විජය ප්‍රේමදර්ශන
අංශ ප්‍රධාන පුස්‌තකාල පර්යේෂණ අංශය
ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩලය
divaina com

Last edited: