ඉදිකිරීම් අමුද්‍රව්‍ය 02-සිමෙන්ති
මං කලින් ලිපියේ කිව්ව වගේ මං අලුත් වැඩක් පටන් ගත්ත..එ තමා ඉදිකිරීම් ක්ෂේත්රයේ භාවිත වන අමුද්‍රව්‍ය පිලිබඳ පොඩ්ඩක් කතාබහ කරන්න.ඉතින් මම කලින් ත්‍රෙඩ් එකේ වැලි ගැන කතා කලා.එදා මම පොරොන්දු උනා.ඊලඟට සිමෙන්ති ගැන කතා කරනව කියලා.ඉතින් කිව්වත් වගේ සිමෙන්ති ගැන කියන්න තමා යන්නෙ.සිමෙන්ති ගැන නම් ගොඩාක් කියන්න දේවල් තියෙනව.ඒ නිසා ත්‍රෙඩ් එක ටිකක් දිග වෙයි.කියවල බලල හොද නරක කියන්න.ගොඩක් මහන්සියෙන් තමා ඉතින් කොටන්නෙ එලකිරි එකේ අපේ එව්න්ට දන්නෙ නැති දෙයක් දැන ගන්න කියල.ඉතින් බලල වැඩක් උනා නම් ලිපිය කොහොමද කියල කියල යන්නෙ.තව දැනගන්න දෙයක් තියේ නම් අහන්න.දන්න දෙයක් නම් කියල දෙන්නම්
සිමෙන්ති කියන්නෙ මොනාද
හරි ආයි සිමෙන්ති පැත්තට හැරුනොත්,ඇත්තටම සිමෙන්ති කියන්නෙ මොනාද? හැමෝටම ඒගැන අදහසක් ඇති නේ.ඇත්තටම සිමෙන්ති කියන්නෙ Binding agent එකක්.ඒ කිව්වෙ මෙහෙමයි දැන් ඔය වැලි,ගල්,ගඩොල්,වගේ දේවල් එකක් හෝ කිහිපයක් ශක්තිමත් ලෙස එකට බන්ධනය කල හැකි ද්‍රව්‍යක්.
සිමෙන්ති නිෂ්පාදනය
විවිධ වර්ග වල සිමෙන්ති තියෙනවා.ඉතින් මේ විවිධ වර්ග වල සිමෙන්ති නිෂ්පාදනය කරන්න විවිධ ක්‍රම තියෙනවා.ඒත් සාමාන්‍යයෙන් ordinery portland cement(OPC) සිමෙන්ති ගැන අවදානය යොමු කලොත්,OPC සිමෙන්ති නිෂ්පාදනය කරන්න අවශ්‍ය වෙන්නෙ හුණුගල් සහ මැටි.මේ දෙක හොදින් කවලම් කරල සෙල්සියස් අංශක 1400 විතර රත් කරන්න ඕනෙ.සිදු වෙන ප්‍රතික්‍රියා අපි වෙන වෙනම ගමුකො.
1.හුනුගල් සෙල්සියස් අංශක 800 දි,කැල්සියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් හදනව.
හුනුගල් + සෙල්සියස් අංශක 800 = CaO + CO2
2.ඉහත සෑදුනු කැල්සියම් ඔක්සයිඩ්(CaO) මැටි වල ඇති අයන් ඔක්සයිඩ්(Fe2O3) සහ ඇලුමිනියම් ඔක්සයිඩ්(Al2O3) සමග ක්‍රියා කර 3CaO.Al2O3( C3A) හා 4CaO.Al2O3.Fe2O3(C4AF) සාදනව
CaO + මැටි + සෙල්සියස් අංශක 1000 = C3A + C4AF-----------------------------1
3.ඉහත සෑදුනු CaO මැටි වල සහ හුනුගල් වල ඇති සිලිකා සමග ක්‍රියාකර 3CaO.SiO2(C3S) හා 2CaO.SiO2(C2S) හදනව.
CaO + මැටි හා හුනුවල සිලිකා + සෙල්සියස් අංශක 1400 = C2S + C3S----------------2
ඉතින් 1 සහ 2 ට(C3A,C4AF,C2S ,C3S)තමා අපි සිමෙන්ති කියන්නෙ
වැඩේ ඉවර නෑ තව වැඩක් තියෙනව.මේ වැඩේ තමා අත්‍යාවශම වැඩේ..මේ මිශ්‍රණයට ජිප්සම් දාන්නත් ඕනෙ.ඇයි මේ ජිප්සම් දාන්න ඕනෙ.ජිප්සම් දැම්මෙ නැත්තම් අපිට මුකුත් කරන්න බෑ.සිමෙන්ති වලට වතුර දැම්ම ගමන් ගල් වෙලා ඉවරයි.ජිප්සම් දාන්නෙ setting time එක පරක්කු කරන්න.සිමෙන්ති හැදුව වගේ නෙමෙ ඒකෙන් අපිට ඕනෙ වැඩේ හරියට කරන්න යම්කිසි කාලයක් ඕනෙ.ඒ නිසා තමා ජිප්සම් දාන්නෙ.තව දෙයක් තමා ජිප්සම් දානකොට ගොඩාක් පරිස්සම් වෙන්න ඕනෙ.මොකද ජිප්සම් වල quality යේ පොඩි හරි වෙනසක් උනොත් ඒක සිමෙන්ති වලට ඉතාමත් විශාල බලපෑමක් කරනවා.ඉතින් සිමෙන්ති නිෂ්පාදනය උබලට එච්චර වැදගත් නැතුව ඇති මම ඉතින ඕක කිව්වෙ පොඩ්ඩක් දැන ගන්න.
සිමෙන්ති වර්ග
සිමෙන්ති වර්ග කිව්වම හිතන්න එපා මම මේ වෙලද නාම ගැන කියන්න යනව කියල.සාමාන්‍යයෙන් ලංකාවෙ තියෙන සෑම සිමෙන්ති බ්‍රෑන්ඩ් SLS සහ BS සම්පූර්න කරනව.ඉතින් ඔය මොනා කිව්වත් ඔක්කොම එක වගේ හොදයි.ආයි කාරනාවට ආවොත්, සිමෙන්ති වර්ග ගොඩක් තියෙනව.ඒත් ප්‍රධාන වශයෙන්,
1.Rapid hardening portland cement
OPC තරම්ම වේගයකින් සෙට් වෙනව.ඒත් OPC වලට වඩා ශක්තියෙන් වැඩියි.
2.Low-heat portland cement
නමේම තේරුම තියෙනව.OPC වලට වඩා hydration process පිටවන තාපය අඩුයි.ලොකු ඉදිකිරීමක් කරනකොට පිටවන තාපය වැඩි උනොත් එම තාපය හේතු කොට ගෙන ඉදිකිරීමේ ඉරිතැලීම් ඇති වෙන්න පුලුවන්.එවැනි අවස්ථාවල තමා මේ සිමෙන්ති භාවිත වෙන්නෙ.විශේෂයෙන්ම විශාල වේලි,බිත්ති,කොන්ක්‍රීට් සැකිලි වල වගේ.
3.White portland cement
OPC වලට සමානයි.ඒත් සුදු පාටින් යුක්තයි.අලංකරනය තමා මෙහි අරමුන.සුදු පාට වෙන්න නිෂ්පාදනයේදී කෙයොලින් සහ චෝක් දානව
4.Hydrophobic portland cement
සිමෙන්ති අංශු ජලය නොගැටෙන පටලයකින් යුක්ත වෙනව.ආර්ද්‍රතාව වැඩි ප්‍රදේශ වල ගබඩා කරන්න වෙනකොට මේ සිමෙන්ති තමා ගන්නෙ
5.Sulphate resisting portland
OPC සිමෙන්ති වලට වඩා මේ සිමෙන්ති සල්ෆේට් වලට ප්‍රතිරෝධය දක්වනව.කොන්ක්‍රීට්,සල්ෆේට් සමග ගැටෙන අවස්තාවල(සල්ෆේට් විශාල වශයෙන් පවතින පස් සහ ජලය ඇති අවස්තාවල) භාවිත කරනවා
6.Super sulphated portland cement
OPC සිමෙන්ති වලට වඩා මේ සිමෙන්ති අම්ල වලට ප්‍රතිරෝධය දක්වනව.ආද්‍රතාව වැඩි ප්‍රදේශ වල ගබඩා කිරීමෙන් වලකින්න
7.High alumina cement
ශක්තිමත් බව ක්‍රමයෙන් වැඩි වෙනව.පලමු පැය 24 තුල ශක්තිමත් බවින් 75% ලබා ගන්නව.විශාල තාපයක් පිට කරනව.මුහුදු ජලය සදහා හොද ප්‍රතිරෝධයක් දක්වනවා.උෂ්න කලාප වල භාවිතයට සුදුසු නොවේ.
8.Portland blast furnance cement
OPC සිමෙන්ති වලට වඩා මේ සිමෙන්ත පිටකරන තාපය අවම වෙනව.ඒ වගේම අම්ල සදහා හොද ප්‍රතිරෝධයක් දක්වනවා
9.Quick setting cement
මිනිත්තු 5 පලමු සෙට් වීම ඇරබෙනව.මිනිත්තු 30 අවසාන සෙට් වීම ඇරබෙනව.OPC වලට වඩා ඉතාමත් වේගයෙන් සෙට් වෙනව.
10.ordinary portland cement(OPC)
මෙන්න අපි හැමෝම දන්න සිමෙන්ති.ලෝකෙ වැඩියෙන්ම භාවිත කරන්නෙ මේ සිමෙන්ති තමා.අනිත් විශේශ සිමෙන්ති වලට වඩා ලාභදායකයි.සාමාන්‍ය ඕනෑම ඉදිකීරීමක් සදහා යෝග්‍යයි.
බාල සිමෙන්ති හදුනා ගැනීම
1.සිමෙන්ති බෑග් එකේ මැස්ම හානි වෙලාද කියල බලන්න.එහෙම නම් ඒ වගේ සිමෙන්ති එ තරම් හොද නෑ
2.සිමෙන්ති බෑග් එක ප්‍රවාහනයේදි හෝ බෑමේදි නැවිමක් සිදුවෙලාද කියල බලන්න.එහෙම වෙලා නම් ඒ වගේ සිමෙන්තිත් හොද නෑ
3.සිමෙන්ති බෑගය සිරස්ව තබා හොදට තදට පැක් වෙලා තියෙනවද කියල බලන්න.
4.සිමෙන්ති බෑග් ගබඩා කරන්න කලින් ඉරිලද කියල බලන්න.එහෙම ඉරිල නම් එවැනි බෑග් ගබඩා කරන්න එපා
5.සිමෙන්ති බෑග් එකක බර කිලෝ 50.25ක් තියෙන්වද කියල බලන්න.බර කිලෝ 50යි.ඉතිරි 0.25 බෑග් එකේ බර.එහෙම නැත්තම් සිමෙන්ති කොට්ට 4 ගත්තොත් ඔයාට කිලෝ 1 පාඩුයි.
ගබඩා කර තබන කාලයත් සමග සිමෙන්ති වල ශක්තිමත් භාවයේ විචලනය
ගබඩා කර තබන කාලය(මාස)----------------------------------------------ශක්තියේ අඩුවීම
3___________________________________________________20%
6___________________________________________________30%
12__________________________________________________40%
24__________________________________________________50%
ඉතින් පුලුවන් තරම් නිෂ්පාදන දිනයට ලග සිමෙන්ති මිලදී ගන්න උත්සහ කරන්න.
සිමෙන්ති ගබඩා කිරීම
එලිමහනේ ගබඩා කිරීමේදී සැලකිලිමත් වියයුතු කරුණු
1.පොලවේ සිට අගල් 4ක් පමන උස වියලි ස්ථනයක(ලෑල්ලක වගේ) ගබඩා කරන්න.
2.සිමෙන්ති ගොඩ පොලිතින් කවර භාවිත කර සම්පූර්නයෙන් ආවරනය කරන්න.
3.සිමෙන්ති ගොඩේ උඩ කොටස වහලයක හැඩේට සකසන්න.(වතුර රැදී නොතිබී ගලායන පරිදි)
4.සුලගකදී පොලිතින් කවර ගැලවී නොයන පරිදි පොලිතින් කවර වල යට කොටසට බරක් එල්ලන්න.
ගබඩාවක ගබඩා කිරීමේදි සැලකිලිමත් විය යුතු කරුණු
1.ගබඩාව වතුර නොයන පරිදි නිර්මාණය කර ඇත්දැයි බලන්න
2.ගබඩාවේ ගබඩා කිරීමේදී මුලින්ම ගබඩා කල සිමෙන්ති මුලින්ම එලියට ගත හැකි පරිදි අසුරන්න
3.බිත්ති සහ සිමෙන්ති කොට්ට අතර අඩි 2ක පරතරයක් තබන්න.
4.එක උඩ එක සිමෙන්ති කොට්ට තැබීමේදි 10ට වඩා අඩුවෙන් තබන්න.
5.සිමෙන්ති කොට්ට පොලිතින් භාවිතයෙන් වසා තබන්න.
6.පොලවේ සිට අගල් 4ක් පමන උස වියලි ස්ථනයක(ලෑල්ලක වගේ) ගබඩා කරන්න.

ඔන්න ඉතින් පොරොන්දුව ඉශ්ඨ කලා.
.ඊලගට කියන්න බලාපොරොත්තු වෙන්නෙ කළුගල් ගැන.ඒකෙන් හම්බවෙමු එහෙනම්.....සුබ දවසක් ඔක්කොටම 

Last edited:
)