ඖෂධීය ශාක වැදගත්
v
දෙහි :-
දෙහි සෑම නිඩසකම පාහේ භාවිතා කරනු ලබන ඖෂධයකි. පළතුරකි. රසවත් පානයකි. ආහාර රස ගන්වන්නකි. දෙහි ගසෙහි කොළ, පොතු සහ ඇට ඖෂධ සඳහා යොදා ගනී. එමෙන්ම දෙහි ඇඹුල් රසවත් පානයක් වන අතර ආහාර රස ගන්වනයකි.දෙහි ඇඹුල් තරබාරු බවින් මිදීමටත්, හෘද රෝග වළක්වාලීමටත්, උදර රෝග නැසීමටත්, ආහාර රුචිය වර්ධනය කිරීමටත් සමත්ය. එමෙන්ම දෙහි යුෂ අමු කහ සමඟ එකට අඹරා කුරුලෑ වැනි සමේ ආසාදන වලට යොදාගැනීම සාර්ථක අත් බෙහෙතකි. එමඟින් රුව වැඩීමට දෙහි උපකාරී වේ.
කරපිංචා :-
කරපිංචා ආහාර රස ගන්වන කුළු බඩුවකි. එමෙන්ම වඩිනා ඖෂධ ගුණ රාශියක් එහි ඇත. කොලෙස්ටරෝල් මට්ටම අඩු කර හෘද රෝග වලට ගුණදායක වේ.කරපිංචා වල විෂ නැසීමේ ගුණයක් ඇත. සමේ රෝග වලට ගුණදායකය. කෑම රුචිය වඩවයි. කරපිංචා කුළු බඩුවක් ලෙස මෙන්ම කොළ කැඳ සෑදීමේ දී හා කරපිංචා දළු සම්බෝලයක් ලෙස ද ආහාරයට එකතු කර ගනී.නමුත් කරපිංචා කැඳ දිනපතා භාවිතය එතරම් සුදුසු නොවන බව කියැවේ. Murraya koenigii යන විද්‍යාත්මක නාමයෙන් කරපිංචා හැඳින්වේ.කරපිංචා වලට ආහාර දිරවීමේ ශක්තියක් ඇති බැවින් ආහාර අරුචිය බඩ පිපුම යනාදියට කරපිංචා ඉතා හොඳ ඖෂධයකි.
එමෙන්ම සර්ප විෂට ( විශේෂයෙන්ම කරවලාගේ විෂට) කරපිංචා ගුණදායකය. තවද අක්මා රෝග මාන්දම අජීර්ණය පීනස් රෝගය යනාදියට කරපිංචා ඉතා හොඳ ඖෂධයකි.
හාතාවාරිය :-
Asparagus rasmosus wild යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන හාතාවාරිය ඉතා ප්‍රචලිත වටිනා ඖෂධයකි. මෙහි අල, මුල්, පත්‍ර යනාදී සියල්ල ඖෂධ ලෙස යොදා ගනී. හාතාවාරිය,
v වායු ගෙඩි v පීනස v කෙස් වැටීම v උළුක්කු හා කැඩුම් බිඳුම් වලට v මුත්‍ර අමාරුව v මල බද්ධය v වකුගඩු රෝග
v මී මැස්මොරය v ශරීර විෂ නැසීම v ශරීරය සිසිල් කිරීම
යනාදිය සඳහා ඖෂධ ලෙස යොදා ගන්නා බව කියැවේ.
කහ :-
අමුකහ, වදකහ යනාදී නම් වලින් හඳුන්වන කහ Curcruma domestica යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ. සමේ පැහැපත් බව ඇති කිරීමේ විශේෂ හැකියාවක් කහ සතුව ඇති බව කියැවේ. කහ,
v ගෙඩි වලට බඳින පත්තු v බඩේ ගෙඩි v වලිප්පුව v කුස පිළිකා v පණු රෝග v අධික ලෙස ඈනුම් යෑම v උගුරේ ආබාධ
v කැස්ස v වීෂ කටු ඇනීම v නයි විෂ, පොළොං විෂ v බල්ලන් සපා කෑම v උණට හා තැලීම් වලට
ඖෂධයක් ලෙස කහ යොදා ගනී.
තලා :-
තලා මුල් පත්‍ර යනාදිය ඖෂධ සඳහා යොදාගනී. තලා වල දත් ශක්තිමත් කිරීමේ ගුණයක් ඇත.මේ නිසා මුඛ රෝග,දත් රෝග වලට ගුණදායකය.ඇට බිඳුම්, හිකනල් විෂට, උණට , අර්ශස් සඳහා ද තලා ඖෂධයක් ලෙස යොදාගනී.
උඳුපියළිය :-
මෙය ඇස් රෝග, කෙටීම් නිසා ඇති වන තුවාල, උණ, අතීසාරය යනා දී රෝග වලට වටිනා ඖෂධයක් වේ. උඳුපියළිය Desmodium triflorum යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වයි.
කලාඳුරු:-
බඩේ ගෙඩි. ඇස් රෝග, හිසරදය, උණ, අර්ශස් ,අතීසාරය යනාදියට කලාඳරු හොඳ ඖෂධයක් බව කියැවේ. ඖෂධ ලෙස බහුලව යොදා ගන්නේ කලාඳුරු අලයයි. මෙහි විද්‍යාත්මක නාමය Cyperus rotundus වේ.
අබ:-
Brassica juncea යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අබ මුළුතැන්ගෙයි ආහාර රස ගන්වනයකි. එමෙන්ම අබ,
v කුස පිළිකා සඳහා v ඇස් රෝග සඳහා v අජීර්ණයට v හිසරදයට v කන් ආශ්‍රිත රෝග සඳහා v අධික ලෙස ඈනුම් ඇරීමට v උණට ඇඟ ගෑම සඳහා
v දද කුෂ්ඨ වලට v අර්ශස් සඳහා v පිටගැස්ම සඳහා
ඖෂධ ලෙස යොදා ගනී.
ගොටුකොළ :-
මෙය ආහාරයක් ඖෂධයක් මෙන්ම ඇතැම් අය ආර්ථික භෝගයක් ලෙස ද වගා කරයි. මැල්ලුම්, සම්බෝල. ව්‍යංජනයක් ලෙස ද කොළ කැඳ සෑදීමේ දී ද ගොටු කොළ යොදා ගනී. ගොටුකොළ Centella asiatica (L) urban යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වයි. ගොටුකොළ ,
v බිළිඳුන්ගේ කැස්සට v ධාරණ ශක්තිය ඇති කිරීමට v පණු රෝග v පාණ්ඩු රෝග
v සෙම් රෝග v ශරීරයේ දැවිල්ල නැසීම v පීනස් රෝග
යනාදියට ඖෂධයක් ලෙස යොදා ගනී.
එමෙන්ම ගොටුකොළ ඇස් වලට මෙන්ම සම පැහැපත් කිරීමට ද හේතු වන වටිනා ඖෂධයකි.
මුගුණුවැන්න:-
ගොටුකොළ මෙන්ම මුගුණුවැන්න ද ආහාරයක්, ඖෂධයක් මෙන්ම ආර්ථික වටිනාකමක් ලබා දෙන බෝගයකි. මුගුණුවැන්න සම පැහැපත් කිරීමටත්, ලේ පිරිසිදු කිරීමටත්, වකුගඩු රෝග සඳහාත් සුදුසු බව කියැවේ. තවද
v ඇස් රෝග v හිසරදය v උළුක්කු v නයි විෂ v මාපිල් විෂ v කුෂ්ඨ
යනාදිය සඳහා ද මුගුණුවැන්න ඖෂධයක් ලෙස යොදා ගනී.
හිඟුරු පියළි:-
ඇස් රෝග, පීනස, උණ, හිසරදය වැනි අවස්ථා වල නැතිවම බැරි ඖෂධයකි. සාමාන්‍ය ජනයා අතර එතරම් ප්‍රචලිත ඖෂධයක් නොවේ.
සාරණ:-
වකුගඩු රෝග, ශරීරයේ ඉදිමුම්, මුත්‍ර රෝග වලට ඖෂධයක් ලෙස සාරණ බහුලව යොදා ගනී. තවද සාරණ,
v ලෙහෙයෙන් ඇති වන ගෙඩි v ගෙඩි වලට පත්තු බැඳීමට v බඩේ ගෙඩි වලට v මුඛ රෝග වලට (දත් සවි වීමට)
v උඟුරේ ලෙඩ සඳහා v නයි විෂට v හිකනලාගේ විෂට v අර්ශස් සඳහා
v සෙම් කැස්සට
ඖෂධයක් ලෙස භාවිතා කරයි.
පිටවක්කා :-
Phyllanthus debills යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන පිටවක්කා ඇස් රෝග, උළුක්කු , පොළොං විෂ සඳහා ඖෂධයක් ලෙස යොදා ගන්නා අතර රතු පිටවක්කා ලේ මැඩිල්ලාගේ විෂට ඖෂධයකි.
ඉරමුසු:-
Hemidesmus indicus Linn නම් විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ඉරමුසු වටිනා ඖෂධයකි. කොළ කැඳ සෑදීම සදහා ද භාවිතා කරයි. හිසකෙස් වැඩීමට, වකුගඩු ආබාධ වලට මෙන්ම මුත්‍රගල් වලට ,
* හිසරදයට * අධික ලෙස ඈනුම් යෑමට * පීනසට *උණට
යනාදියට ද ඉරමුසු ඖෂධයක් ලෙස ප්‍රචලිතය.
පොල්පලා:-
මුත්‍ර අමාරු වලට තමිබා බීමට, මල බද්ධය, අර්ශස් වැනි ගුද මාර්ගය ආශ්‍රිත රෝග වලට මාන්දමට ඖෂධයක් ලෙස පොල්පලා යොදා ගනී.පැරණි පොත පත වල පොල්පලා පොල් කුඩු පලා ලෙසින් හැඳින්වූ බව කියවෙන අතර එහි විද්‍යාත්මක නාමය Aerva lanata (L) juss ex, schult ලෙස ආයුර්වේදයේ දැක්වේ.පොල්පලා කොළ කැඳ, කලවම් මැල්ලුම්, ලෙස මෙන්ම තම්බා පානයක් ලෙස ද භාවිතා කරයි.
වැල්පෙනෙල:-
මේවා ශරීර ශක්තිය වඩවන ඖෂධයක් ලෙස ප්‍රචලිතය. Cardiospermum microcarpum යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන වැල්පෙනෙල,
* උගුරේ ඇති වන ගෙඩි * උළුක්කු හා ඇට බිඳුම් * කැපුම් කෙටුම් තුවාල * සර්ප විෂ (නයි විෂ)
* දියවැඩියාව * වකුගඩු රෝගය * දහ අට සන්නිය
ආදියට ඖෂධයක් ලෙස මෙන්ම අමුද්‍රව්‍යයක් ලෙස ද වැල්පෙනෙල භාවිතා කරයි.
ඉඟුරු :-
Zingiber officinale යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ඉඟුරු බොහෝමයක් රෝග වලට ඖෂධයක් ලෙසත් සෑම නිවසකම පාහේ අත් බෙහෙතක් ලෙසත් භාවිතා කරයි. ඉඟුරු,
* වායු ගෙඩි හා බඩේ ගෙඩි * කුස පිළිකා * වලිප්පුව * බිළිඳු කැස්ස/කැස්ස * ඇස් රෝග
* කන් රෝග * වණ * ඇට බිඳුම් * බඩ යෑම * කුෂ්ඨ රෝග * ක්ෂය රෝගය * කුරුලෑ
යනාදියට ඖෂධ ලෙස භාවිතා කරයි.
කොවක්කා :-
විශේෂයෙන්ම ලේ වඩන සහ ලේ පිරිසිදු කරන ඖෂධයක් වේ. විශේෂම කරුණක් වන්නේ කෝවක්කා දියවැඩියා රෝගයටත් ඉතා හොඳ ඖෂධයක් වන බවයි.තවද මුත්‍ර අමාරුවට, බල්ලන් සපා කෑ විට, කරවිලාගේ විෂට යනාදියට ද කෝවක්කා ඖෂධයක් ලෙස භාවිතා කරයි.නිවෙස් වල කෝවක්කා මැල්ලුම් ලෙස ආහාරයට ද එක් කර ගනී.
කුප්පමේනියා:-
Acalypha indica linn යන උද්භිත නාමයෙන් කුප්පමේනියා හඳුන්වා දෙයි. කුප්පමේනියා හිසරදයට, සෙම් රෝග වලට, මුත්‍රා අමාරු වලට, බළල් විෂට ඉතා හොඳ ඖෂධයකි.

පික්ස් ට්ක පේනවා නේද ?