ඩ්‍රයිවර් උන්නැහේලාගේ පුත්තු

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඩ්‍රයිවර් උන්නැහේලාගේ පුත්තු

    10675703_10202070142029971_4653311684857902170_n.jpg



    ඩ්‍රයිවර් උන්නැහේලාගේ පුත්තු
    අපේ තාත්තාගේ රස්සාව වාහන පැදවීමය. කතා කරන බාසාවෙන් කියනවා නම් තාත්තා ඩ්‍රයිවර් කෙනෙකි. අම්මා සාමාන්‍ය ගෘහණියකි. අපි පුංචි කාලයේ ගන්දර ජීවත් වෙද්දී, මාතර සාන්ත සර්වේෂසයේ ඉගෙන ගනිද්දී, අපේ අම්මා හෝ තාත්තා, සමාජයේ මෙවැනි තැනකට අද අපි ඒවි යයි කිසිදා හිතන්නට නැත. කලාවට කිසිම සම්බන්ධයක් නැති ඩ්‍රයිවර් කෙනෙකුගේ පුතකු වුවත්, පුංචි සන්දියේ සිට මගේ රස්සාව පිළිබඳ සිහිනය වූයේ කවදා හෝ පත්තර කන්තෝරුවක හෝ ගුවන් විදුලියේ රැකියාවක් කිරීමය.
    එහෙත් මගේ ජීවිතයේ කිසිම දවසක මේ එකම තැනක හෝ රස්සාවක් නොලැබිණ. අනියම් ලිපිකාරයෙක් ලෙස උපාධියකුත් සහිතව පළමු රස්සාව පටන් ගත් මට, පත්තර, ගුවන් විදුලිය පමණක් නොව, ටෙලිවිෂනය සමඟද ඉතාම ළඟ සම්බන්ධයක් පවත්වන්නට, නිර්මාණ දායකත්වයකින් එකතු වන්නට වාසනාව ලැබීම එවැනි තැන රස්සාවක් ලැබීමට වඩා දෛවයේ අපූරු සිදුවීමක් ලෙස මට දැන් හිතෙනවා පමණක් නොව සතුටක් ද නිරහංකාර ආඩම්බරයක් ද ගෙන දේ. රියදුරු රස්සාවට අමතරව අපේ තාත්තාට ඇඳුම් මැසීමට ද දක්ෂකමක් තිබිණ. ලංගමයේ රියැදුරකු ලෙස විශ්‍රාම ගිය ඔහු අප හදා වඩා අපට උගන්වා, හොඳ මිනිසුන් කිරීමට අම්මා සමඟ එක් වී කළේ යුද්ධයක් යයි මට දැන් සිතේ. රේඩියෝව, පත්තර සමඟ තාත්තා අම්මා පිළිබඳ මතක මාවතේ යන්නට සිතුණේ, ලියනගේ අමරකීර්තිගේ කුරුලු හදවත කියවීමෙන් පසු ම‍ගේ මතකය යළි අලුත් වීමෙනි.
    කුරුලු හදවතේ කථානායක දිනසිරිගේ ගම වළංගම්ගොඩය. එගම බොහෝ දෙනාගේ රස්සාව වළං තැනීමය. දිනසිරි පෝස්ට් කාඩ් යවමින් රේඩියෝවෙන් සිංදු ඉල්ලු නමුත් ඔහුට ගුවන් විදුලි ආයතනයක වැඩසටහන් ප්‍රධානියෙකු වීමේ සිහිනයක් විණැයි නොසිතේ. එහෙත් ඔහු තම ගමට අලුත් නමක් එකතු කර ගත්තේය. වළංගම්ගොඩ කුරුලුගම්ගොඩ බවට පත් කර ගත් දිනසිරි ගුවන් විදුලි මාධ්‍ය ජාලයක ජනප්‍රිය හා ඉහළම චරිතයක් බවට පත්ව ආ ගමන පිළිබඳ කියවන කල, පුංචි සන්දියේ වත්තේ පොල්ගසක ඉහළම තැනක බැඳුණු ඒරියලයක් හා වරින්වර බැටරි බැස්ස කල්හි අව්වේ තබා රත්කර ගත්, බෙරෙක් බැටරියකින්, කෙටි තරංග හෝ මධ්‍යම තරංග (SW / MW) ඔස්සේ ප්‍රොස්ෆර් ෆනෑන්ඩුගේ ඉරිදා උදේ ඔබේ තීරයේ ඉදිරිපත් වූ ගීත හෝ ලලිත් එස් මෛත්‍රිපාලගේ වාසනා උදාව, කරුණාරත්න අබේසේකරගේ ළමා මණ්ඩපය ඇසු අන්දම සිතෙහි ඇඳී මැකී යයි.
    අම්මා බදාදා ධර්ම දේශනාව අසා අවසන් වනතෙක් අප නොඉවසිල්ලෙන් බලා සිටියේ රාත්‍රී දහයට පෙර ප්‍රචාරය වන විනෝද සමයත් අසන්නට‍ හෝ වෙනත් සංගීතමය වැඩසටහනකට සවන්දීමටය. ඉරිදා වන තෙක් බලා සිටි සිළුමිණහි කමලා ළමා සමාජය කියවන්නටත්, කවදා හෝ එහි කොතැනක හෝ මගේ නම ගමද තිබුණොත් යන සිහිනයේ ජීවත් වූ මා දිනපතා, සතිපතා පුවත්පතක ලිපියකින්, තීරුවකින්, විශේෂාංගයකින් දහස් සංඛ්‍යාත පාඨකයන් අතරට යන්නට ‘වාසනාව ලැබීමටත්, ගුවන් විදුලියේ මී වදයක් බඳු මයික්‍ර‍ෆෝනයක් ඉදිරියේ සිට ශ්‍රාවකයන් අමතන්නට ලද වාසනාවත්, ජීවන මගෙයි අසිරිමත් අත්දැකීම් අතර නොමැකෙන සේ සටහන්ව තිබීමත් අමතක කළ නොහේ. එහෙත් වරින්වර මසිතට පිවිසෙන ප්‍රශ්නයක් වන්නේ රියැදුරකුගේ පුතකු වූ මා මේ කලාංශ වෙත නැඹුරු වූයේ කෙසේද කියායි.
    ඩ්‍රයිවර් උන්නැහේලගේ පුතුන් පිළිබඳ සිහිවන මොහොතක උප දිසාපතිවරයෙකු වූ ඩ්‍රයිවර් පුතකුගේ චරිතයක් මතකයට ඒ. මේ උප දිසාපති චරිතය හමුවන්නේ නවකතාවකය. නවකතාව ගැහැනු ළමයි වේ. කර්තෘ කරුණාසේන ජයලත්ය. උප දිසාපති චරිතය නිමල් හතුරුසිංහයි. එනමින් වූ චිත්‍රපටයේ, එම චරිතය නිරූපණය කළේ එවකට දැලි රැවුලවත් වැවී නොතිබූ යෞවනයා අජිත් ජිනදාසයි. ඩ්‍රයිවර් උන්නැහේ කෙනකුගේ පුතකුට පරිපාලන සේවයට යන්නට නොහැකිද? මගේ සන්මිත්‍ර ජයලත් මනෝරත්න, පරිපාලන සේවා තරග විභාගයෙන් සමත්ව, සම්මුඛ පරීක්ෂණයෙන් ඉදිරියට යාමට නොහැකි වූ අවාසනාවන්ත මොහොත සිහිපත් කරමි.
    ඔහු එදා ඉදිරියට ගොස් පරිපාලන සේවයට පිවිස උප දිසාපති හෝ දිසාපතිවරයෙක් වී නම් ඔහුට ද ජයලත්ගේ ගැහැනු ළමයි චරිතයේ මෙන් නිමල් හතුරුසිංහ කෙනෙක් වන්නට ඉඩ තිබිණ. මන්දයත් ජයලත් මනෝරත්න යනු ද ඩ්‍රයිවර් උන්නැහේ කෙනකුගේ පුත්‍රයෙක් වීමයි. අපේ තාත්තා ලංගමයේ රියැදුරෙකු ලෙස සේවය නිමා කොට නුගේගොඩ අප ජීවත් වූ කුලි ගෙදරට පැමිණෙන මොහොතක පළමුවරට මනෝට අපේ තාත්තා දකින්නට ලැබේ. මනෝ මට පවසන්නේ “ බුද්ධි අපේ තාත්තත් ලොරි ඩ්‍රයිවර් කෙනෙක්” කියායි. අපි ඩ්‍රයිවර් උන්නැහේලාගේ පුතුන් බව කියන්නේ ආඩම්බරයෙනි. එහෙත් ඇතැම් ප්‍රකට චරිත තම මාපියන්ට කිසිදා නොතිබූ මුදලි මුහන්දිරම් පට්ටම් ලබා දී ඒවා සමඟ ගත් ඡායාරූප පළකොට තිබෙනු ද අපි දැක ඇත්තෙමු. එහෙත් අප අපගේ මාපියන් පිළිබඳ ආඩම්බර වීම, මා සන්මිත්‍ර මනෝ, ලොවටම හඬගා පැවසු මොහොත ඔබේ මතකයට එක් කරන්නට මේ අවස්ථාවක් කර ගනිමි.
    ස්ථානය : බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
    උත්සවය : 2002 සුමති ටෙලි නාට්‍ය සම්මාන ප්‍රදාන රාත්‍රිය
    නිවේදිකා : ඉඳුනිල් දිසානායක
    ඉඳුනිල් : හොඳම නළුවාට හිමි සම්මානය සඳ අමාවකයි නාට්‍යයේ රඟපෑම් වෙනුවෙන් ජයලත් මනොරත්නට.
    මනෝ සම්මානය ලබාගෙන ප්‍රේක්ෂකයන්ට ආචාර කොට වේදිකාවෙන් බසින්නට සැරසෙයි.
    ඉඳුනිල් : මනෝ අවුරුදු විසි ගණනක් ටෙලිනාට්‍යවල රඟපෑවත් ඇයි මෙච්චර පමා වුණේ මේ වගේ සම්මානයක් දිනන්න?
    මනෝ : (ඉතා සැහැල්ලුවෙන්) ඒක ඉතින් මගේ රඟපෑම්වල හොඳකම වෙන්න ඕන,
    ඉඳුනිල් : සඳ අමාවකයි ටෙලිනාට්‍යයේ රියැදුරු චරිතය ඒ තරම් හොඳින් රඟපාන්න පුළුවන් වුණේ කොහොමද?
    මනෝ (මඳක් සිනාසී) මම පුංචි කාලේ ඉඳල අපේ තාත්තා දැකල තියෙනවා. අපේ තාත්තා හොඳ ලොරි ඩ්‍රයිවර් කෙනෙක්.
    මනෝ පිළිබඳ මේ කතාව මතක් වූ මේ මොහොතේ එනම් (අද 24 වනදා මේ තීරුව ලියන මොහොත) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ම ආචාර්ය ජයලත් මනෝරත්න විසින් ඉදිරිපත් කරන ලද සිංහල නාට්‍යයේ ප්‍රාසාංගික කලාත්මක වර්ධනය 1970 – 2000 නම් වූ නිබන්ධනයට විශ්වවිද්‍යාලය මඟින් පිරිනැමෙන ආචාර්ය උපාධිය ලබා ගත්තේය. ඔහු ශිල්ප හැදෑරූ පේරාදෙණිය සරසවියෙන් පිරිනැමුණ සාහිත්‍ය සූරි සම්මාන ආචාර්ය උපාධිය සමඟ ඩ්‍රයිවර් උන්නැහේ කෙනෙකුගේ පුතකු වූ ජයලත් මනෝරත්න ද්විත්ව ආචාර්ය උපාධිලාභියෙකු වන්නේය. කුරුලු හදවත නවකතාව විසින් අලුත් කරන ලද අපගේ මතකය, දිනසිරි කුරුලුගංගොඩගේ චරිතයත්, ඔහුගේ ගුවන් විදුලි මාධ්‍යය හා වූ ක්‍රියාකාරකම්ද ඔස්සේ විකාශය වූ වෘතාන්තය, අපගේ එබඳුම මතක සැමරුම් සමුදායක, සොඳුරු වූත් අඳුරු වූත්, මිහිරි වූත් අමිහිරි වූත් අත්දැකීම් රැසක් ස්මරණය කිරීමට අවස්ථාවක් උදා කර දී ඇතැයි මට දැනේ. ඒ බොහෝ මතක පෞද්ගලික අත්දැකීම් සේ පෙනුණ ද, ඒ තුළින් ජීවිතය පිළිබඳ අලුත් අරුතක් දැකීමට, පැමිණි මතකයෙන් යමක් උකහා ගන්නට අවස්ථාවක් ලැබේ යයි විශ්වාස කරමි.
    බුද්ධදාස ගලප්පත්ති
    උපුටා ගැනීමකි
    දිනමිණ බද්දරමල්ල අතිරේකය 30 09 2014

    කියවන්න මචන්ලා රේප් ගන්න නෙවෙයි දැම්මේ
    රේප් එපා මේ සොදුරු මිනිසා ඇගයීමට දැම්මේ :yes::yes::love:

     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මගේ කලින් බොඩිමේ පිටිපස්සේ ගෙදර හිටියේ හරිම හොද කෙනේක් ලොකු කම් නැ දැක්ක තැන හිනාවෙලා කතාබහ කරලා යනවා
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    රංගනශිල්පියා කියන වචනේ එක තේරුමක් තමයි ජයලත් මනෝරත්න කියන්නේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මගේ කලින් බොඩිමේ පිටිපස්සේ ගෙදර හිටියේ හරිම හොද කෙනේක් ලොකු කම් නැ දැක්ක තැන හිනාවෙලා කතාබහ කරලා යනවා

    ඔයවෙගේ මිනිසුන්ගෙන් බැනුමක් අහන්නත් පින් කරන්න ඕනි බන්
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    දැන් ඉන්න පියර් නා ගත්ත බොලද නළුවන්ට වැඩ මේ මිනිස්සු වටිනවා නේද මචන්ලා
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha
    රංගනශිල්පියා කියන වචනේ එක තේරුමක් තමයි ජයලත් මනෝරත්න කියන්නේ
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අති දක්ෂයන්ගේත් අති දක්ෂයෙක් සහ පොළොවේ පය ගහල ඉන්න සුන්දර මිනිසෙක් ..:yes::yes::yes:

    අලුත් නළු නිළියන්ට ගන්න පුළුවන් හොදම ආදර්ශවත් චරිතයක් .:love::love:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඉතතාම නිහතමානී මහත්මයෙක්. මගේ සීමිත නලු ලයිස්තවෙ ජෝ අබේවික්රම මහත්තයට පස්සෙ ඉහලින්ම ඉන්න කෙනා.
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර

    මෙවන් පුතුන් වැදු මව වාසනාවන්.
    මෙවන් පුතුන් හැදු පිය වාසනාවන්.
    මෙවන් පුතුන් ලද රට වාසනාවන්.
    මෙවන් පුතුන් ඇති කල ඉපදුන අප වාසනාවන්.


    rep 5+