​අනුරාධපුරයේ ​පිඩු සිඟා වැඩි හිමි නමක් ක&#3530

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,928
    10,062
    113
    ​අනුරාධපුරයේ ​පිඩු සිඟා වැඩි හිමි නමක් ක&#3530

    අනුරාධපුර නගරයට ආසන්නයේ පිහිටි තිඹිරිකඩවල ප්‍රදේශයේ උදෑසන කාලයේදී පිඬු සිඟා වැඩීමට පැමිණි භික්ෂූන් වහන්සේ නමක් දර්ශනය වී අතුරුදන් වන බවට මේ දිනවල අනුරාධපුර ප්‍රදේශයේ රාවයක් පැතිර යමින් තිබේ. උන්වහන්සේට දානය පිළිගැන්වූ තිඹිරිකඩවල ශ්‍රාවස්තිපුර ලිපිනයේ පදිංචි එස්.ඒ.ඩී. චන්දික නිලන්ත සමරතුංග (38) දෙදරු පියා මේ අත්දැකීමට පසුගිය 29 වනදා මුහුණ දී තිබේ.

    මම 29 වනදා උදේ මවට බෙහෙත් සාත්තුවක් කරලා ත්‍රී රෝද රථයෙන් නිවසට පැමිණියා. නිවසට පැමිණෙද්දි ඉතා ශාන්තවත් ගමනින් පිඬුසිඟාවඩින වඩින හිමිනමක් මා දුටුවා. මා නිවසට ගොස් බිරියගෙන් විමසුවා හිමිනමක් පිණ්ඩපාතයේ වැඩියා ද කියා.

    නමුත් බිරිය කිව්වා කවුරුත් නිවසට නොපැමිණි බව. මා ඒ අනුව උදෑසන සකසා තිබූ ආහාරවලින් උන්වහන්සේට දානය පිළිගැන්වීම සඳහා කොටසක් භාජනයට දමාගෙන ත්‍රී රෝද රථයෙන් උනවහන්සේ පසුපස ගමන් කළා. මාර්ගය ආසන්නයේ ඉදි කර තිබෙන බුදු පිළිමය ආසන්නයේදී මා උන් වහන්සේ නවතා මා දානය පිළිගැන්වූවා.

    උන්වහන්සේ ශරීරය වැසෙන ලෙස සිවුර පොරවාගෙන (දෙවුර පොරවා - පරිමණ්ඩලම්) සිටියේ. සිවුරෙන් වසා ගෙන සිටි පාත්‍රයට මා දානය බෙදන විට අද දිනයේ ලැබුණු දානය ප්‍රමාණවත් බව උන්වහන්සේ පැවැසූවා. මා මුදල් අවශ්‍යදැයි විමසූ විට මා මුදල් පරිහරණයක් නොමැති බව ශාන්ත හඬින් පැවසුවා. උන්වහන්සේ ඉතා ලස්සන සිරුරක් හිමි භික්ෂුවක්. පාවහන් පැළඳ සිටියේ නැහැ.

    අව්රශ්මියෙන් බේරිමට කුඩයක්වත් භාවිතා කළේ නැහැ. ඔබ වහන්සේ කොහි සිටද මෙහි වඩින්නේ යනුවෙන් මා ඇසූ විට උන්වහන්සේ මා රිටිගල කන්ද ප්‍රදේශයේ භාවනවේ යෙදෙන බව කියා සිටියා. හමුවීමට හැකි ස්ථානයක් මා හට පවසන ලෙස මා උන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. නමුත් ඔබට මාව දැකගන්න අමාරුයි යනුවෙන් පවසා, මනුෂ්‍යන් හට තවත් පණිවිඩයක් දෙන්න පුලුවන්දැයි විමසුවා.

    සිදුවීම විස්තර කරන චන්දික නිලන්ත

    Anurapura.jpg

    සියලු මනුෂ්‍යයන් හට කිසිදු හිරිහැරයක් නොවී ගුණ ධර්මයේ යෙදුණ හොත් තමාගේ ජීවිතයම හාස්කමක් වේවි. අදහාගත නොහැකි ලෙස ජීවිතය ලස්සන වේවි යැයි උන්වහන්සේ මාහට පවසා නැවත ඉදිරියට වැඩම කළා.

    මා ත්‍රී රෝද රථයෙන් නිවසට ගොස් දානය රැගෙන ගිය භාජන නිවසේ තබා නැවතත් උන්වහන්සේ හමුවීමේ අරමුණෙන් උන්වහන්සේ පසුපස ගමන් කළා. මාහට ඉදිරියෙන් උන්වහන්සේ වඩින අයුරු මා හොඳින්ම දැක්කා. නමුත් උන්වහන්සේ ආසන්නයට ලංවනවාත් සමගම මා සමග කතා බස් කළ උන්වහන්සේ එක්වරම නොපෙනී අතුරුදන්වුණා. මා ප්‍ර දේශයේ සෑම තැනකම උන්වහන්සේ සෙව්වත් සොයා ගැනිමට නොහැකි වුණා.

    ප්‍රදේශයේ කිහිප දෙනෙකුගෙන්ම උදෑසන හිමිනමක් පිණ්ඩපාතයේ වැඩියේ දැයි විමසූ විට එවැනි හිමිනමක් පිණ්ඩපාතයේ නොවැඩි බව ඔවුන් කීවා . මා මීට වසරකට ඉහතදී රාත්‍රී සිහිනයකින් විශාල නුගරුකක් දැක්කා. සුළු වේලාවක් යන විට නුග රුකේ උඩසිට පොළොව දෙසට නුග වැළක් ඇදී ආවා. එහි අග කොටසින් එක්වරම අලංකාර බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය වුණා. යම් කෙනෙකු මා හට සිහිනෙන් පැවසුවා. නුග රුකකට පහන් දල්වා ආගමික වතාවත්වල යෙදෙන ලෙස.

    ඉන්පසු මා කිසිම දිනක මස් මාංශ , සුරා පානය, දුම්පානය , පරුෂ වචන භාවිතා කළේ නෑ. සෑම පෝයකදීම මා සිල් සමාදන් වූවා. මා හිතන්නේ මා හට දර්ශනයට වන්නට ඇත්තේ රහතන් වහන්සේ නමක් නමුත් මේ බව පැවසුවාට බොහෝ දෙනෙක් එය පිළිගන්නේ නැහැ. මගේ හිතවතුන් කිහිප දෙනෙකුට පමණයි මම මේ සිද්ධිය පැවසුවේ යැයි චන්දික නිලන්ත මහතා පැවසීය.

    මේ ආකාරයෙන්ම ඊට දින දෙකකට පමණ පසුව තිඹිරිගඩවල මාර්ගයේදී වෑන් රථයකින් ගමන් කළ පුද්ගලයකුට උදෑසන උන්වහන්සේ පිඬුසිඟාවඩිමින් සිටියදී හමුවී තිබේ. උන්වහන්සේව ප්‍රධන මාර්ගයට ඇරලවන ලෙස ඔහුගෙන් ඉල්ලීමක් කර තිබේ. උන්වහන්සේ වඩම්මවාගෙන යද්දී අනුරාධපුර බන්ධනාගාරය අසළදී තමන් වහන්සේව එම ස්ථානයෙන් බස්සවන ලෙස දන්වා තිබේ.

    වෑන් රථයේ පැමිණි පුද්ගලා උන්වහන්සේව වෑන් රථයෙන් බැස්සවීම සඳහා දොර විවෘත කර බලනවාත් සමගම වෑන් රථයේ පැමිණි උන්වහන්සේ අතුරුදන් වූ බව වාර්තා විය. මේ වන විට ප්‍රදේශයේ බොහෝ පිරිසක් උන්වහන්සේ දැක ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටියත් උන්වහන්සේ දැකබලා ගැනීමේ අවස්ථාව නැවතත් කිසිවෙකුටත් ලැබී නොමැත.

    ​විජය බුද්ධික - අනුරාධපුර

    source : http://offair.nethfm.com/article/5466
    - See more at: http://offair.nethfm.com/article/5466#sthash.lA8lL4dJ.dpuf
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol::lol::frown::no:
    බුදු දහමේ මිත්‍යාව නොමැත
    ඔය චන්දික කියනා හරකා වගේ එවුන් නිසා
    බුදු දහමේ පිරිහීම ඉක්මන් වෙනවා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    බුද්දාගමේ සැබෑ අරුත් ත්රුම් ගන්න. බුද්දාගම යනු මැජික් හා ඇස් බැන්දුම් නොවේ. ඒ බව ත්රුම් ගන්න. එවිට ඔබ වඩාත් බුදුන්වහන්සේට සමීප වනුඇත. බුද්දදර්මයට සමිපවනු ඇත.
     
    Last edited:

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    :lol::lol::frown::no:
    බුදු දහමේ මිත්‍යාව නොමැත
    ඔය චන්දික කියනා හරකා වගේ එවුන් නිසා
    බුදු දහමේ පිරිහීම ඉක්මන් වෙනවා

    බුද්දාගමේ සැබෑ අරුත් ත්රුම් ගන්න. බුද්දාගම යනු මැජික් හා ඇස් බැන්දුම් නොවේ ඒ බව ත්රුම් ගන්න එවිට ඔබ වඩාත් බුදුන්වහන්සේට සමීප වනුඇත.

    ඔව් බං...මටත් කියන්න ඕනෙ උනේ ඕක තමා.ප්‍රශ්න ඇති වෙයි කියල කිව්වෙ නෑ..බුද්දාගමේ විජ්ජා හෝ මැජික් නෑ..සම්පූර්නයෙන් තාර්කිකයි.ඒ මර්ගයේ ගමන් කරන්නාට අනිවාර්යෙන්ම නිවන ලැබෙනව.​
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් බං...මටත් කියන්න ඕනෙ උනේ ඕක තමා.ප්‍රශ්න ඇති වෙයි කියල කිව්වෙ නෑ..බුද්දාගමේ විජ්ජා හෝ මැජික් නෑ..සම්පූර්නයෙන් තාර්කිකයි.ඒ මර්ගයේ ගමන් කරන්නාට අනිවාර්යෙන්ම නිවන ලැබෙනව.​
    :):):yes:
    ඔව් මචෝ ,,,
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    න ජච්චා වසලෝ භෝති - න ජච්චා හෝති බ්‍රාහ්මනෝ
    මේ වගේම තමා උප්පැන්නේ බෞද්ධ උනාට හැමෝම ඇත්තටම බෞද්ධ වෙන්නෙත් නෑනේ. ඒ නිසා ගොඩක් මිනිස්සු මේවා හාස්කම් අරකයි මේකයි කියලා විස්වාස කරනවා. මතකනේ දැන් අවරුදු 10ක ට විතර කලින් බුදු පිළිම වල රැස් විහිදෙනවා කියලා උන සිඉන් එක.....
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :lol::lol::frown::no:
    බුදු දහමේ මිත්‍යාව නොමැත
    ඔය චන්දික කියනා හරකා වගේ එවුන් නිසා
    බුදු දහමේ පිරිහීම ඉක්මන් වෙනවා

    රහතන් වහන්සේලාට සෘධිපාන්න පුලුවන්, එතකොට ඒක මිත්‍යාවක් කියන්න බෑ හරියට හොයන්න බලන්නේ නැතුව. ආන්නද හිමිත් පළමු ධර්ම සංගායනාවේදි සෘධියක් පාපු හැටි ඉතිහාසයේ සදහන් වෙනවා.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    රහතන් වහන්සේලාට සෘධිපාන්න පුලුවන්, එතකොට ඒක මිත්‍යාවක් කියන්න බෑ හරියට හොයන්න බලන්නේ නැතුව. ආන්නද හිමිත් පළමු ධර්ම සංගායනාවේදි සෘධියක් පාපු හැටි ඉතිහාසයේ සදහන් වෙනවා.
    :yes:
    ඒක ඇත්ත යාළුවා ,,මම ඒක පිලිගන්නවා
    ඒත් බුදුන් හෝ රහතන්වහන්සේලා හේතුවක් නොමැතිව කිසිම විටක සෘධිපාන්න ගියේ නැහැ නේද..
    අනික ඒ අය සෘධිපෑවේ ජීවමානව වැඩසිටිමින් නේද
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    රහතන් වහන්සේලාට සෘධිපාන්න පුලුවන්, එතකොට ඒක මිත්‍යාවක් කියන්න බෑ හරියට හොයන්න බලන්නේ නැතුව. ආන්නද හිමිත් පළමු ධර්ම සංගායනාවේදි සෘධියක් පාපු හැටි ඉතිහාසයේ සදහන් වෙනවා.
    පුළුවන් මචං රහතන් වහන්සේලාට විතරක් නෙමෙයි සමාධියෙන් සිත දියුණු කල හැමෝටම පුළුවන්. එත් පිඬුසිඟා වඩින හාමුදුරු නමක් සමාධියේ ඇලෙයි කියලා මම හිතන්නේ නෑ
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :yes:
    ඒක ඇත්ත යාළුවා ,,මම ඒක පිලිගන්නවා
    ඒත් බුදුන් හෝ රහතන්වහන්සේලා හේතුවක් නොමැතිව කිසිම විටක සෘධිපාන්න ගියේ නැහැ නේද..
    අනික ඒ අය සෘධිපෑවේ ජීවමානව වැඩසිටිමින් නේද

    පුළුවන් මචං රහතන් වහන්සේලාට විතරක් නෙමෙයි සමාධියෙන් සිත දියුණු කල හැමෝටම පුළුවන්. එත් පිඬුසිඟා වඩින හාමුදුරු නමක් සමාධියේ ඇලෙයි කියලා මම හිතන්නේ නෑ

    මේ කථාවේ හැටියට සෘධිය පාලා තියෙන්නේ ඇඩ් එකට නෙවෙයි එතකොට එතන හේතුවක් ඇති.
    අපි දන්නේ නැතුව ඒක ෆේක් කියන්න බෑ එකපාරටම.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    බුදුදහම පන්ඩිතයොයි ගනයොයි පත්තර කඩමලු කරයොයි මෙහෙම ජොක් කරපු කාලයක් ඉතිහාසයෙ නැතිව ඇති.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බුදුදහම පන්ඩිතයොයි ගනයොයි පත්තර කඩමලු කරයොයි මෙහෙම ජොක් කරපු කාලයක් ඉතිහාසයෙ නැතිව ඇති.
    :(
    සිරාවට බන්
    මුන් හදන්නේ අපේ ආගමේ තියන අද්‍යාත්මික ගතිය නැත්තටම නැතිකරලා දාන්න.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ගොතපු කතා වෙන්න ඕනි බන්

    සින්න පොරි එයි දුවගෙන

    බුද්දාගමේ සැබෑ අරුත් ත්රුම් ගන්න. බුද්දාගම යනු මැජික් හා ඇස් බැන්දුම් නොවේ. ඒ බව ත්රුම් ගන්න. එවිට ඔබ වඩාත් බුදුන්වහන්සේට සමීප වනුඇත. බුද්දදර්මයට සමිපවනු ඇත.

    උබ දැකලා කිවුවොත් මන් විශ්වාශ කරන්නේ නැහැ