චේ විසින් රෝපනය කල ගස

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    චේ විසින් රෝපනය කල ගස

    10606599_362338277253959_6212999530330222114_n.jpg


    ආදරණීය යෞවනයිනි,

    ඔබ අමතන මා කවුදැයි ඔබ නොදන්නා බව මම දනිමි. මම යෞවනයට ආදරය කරන්නෙක්මි. සටන්කාමී යෞවනයට ආදරය කරන්නෙක්මි. ලෝකයම මා පිළිබඳ දැනගත යුතු වුවත් ලෝකයට හොරෙන් හුදෙකලාව වෙසෙමි.
    එහෙත් මා තාරුණ්‍යයට ප්‍රිය කරන්නේ කුමක් නිසාදැයි යන්න ඔබට ගැටළුවක් විය හැකිය. ලෝකයේම අවධානය දිනාගත් සටන්කාමී යෞවනයකු හා මා අතර ඇති බැඳීම එයට හේතුවයි. ඒ යෞවනයා අන් කිසිවෙකු නොව ‘‘චේ“ ය. “අර්නස්ටෝ චේ ගුවේරා“ නම් ජාත්‍යන්තර විප්ලවවාදියාය. දුක්විඳින මිනිසුන්ගේ විමුක්තිදායකයාය. තාරුණ්‍යයේ සදාකාලික සොඳුරු මිතුරාය.

    ඔහු පිළිබඳ ඔබ බොහෝ දේ දන්නා බව මම දනිමි. මන්ද ජීවත් වූ “චේ“ ට වඩා මියගිය “චේ“ ප්‍රබලව නැඟීසිටින බැවිනි. අනෙක් අතට විප්ලවවාදීන් මියයන්නේ නැත. අධිරාජ්‍යවාදීන් “චේ“ මරාදමා ඔහු සදාකාලික තරුණයෙක් කළේය. සාධාරණය අගයන, යුක්තිය අගයන, උතුම් හදවත් ඇති තරුණයින් මේ මිහිපිට වසන තුරු “චේ“ මරා දැමිය නොහැකිය. යෞවනයින් ඔහුට ආදරය කරන්නේ “කාඩ්බෝඩ්“ වීරයෙකු වූ නිසා නොවේ. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිනිසෙකි. මිනිසුන්ට ආදරය කළ මිනිසෙකි. ඔහු එම ආදරය පෙන්වූයේ කැමරා ඉදිරිපිට දී දරුවන් වඩාගැනීමෙන් හෝ සිපගැනීමෙන් හෝ නොවේ. අධිරාජ්‍ය විරෝධය පෙන්වූයේ ක්‍රියාවෙන් මිස කථාවෙන් නොවේ.

    ඔහු ජනතා නායකයෙකි. ගරිල්ලා සටන් නායකයෙකි. ඔහුගේ සටන දුප්පතුන් සූරා කෑම පිණිස නොවීය. ඔහුගේ දේශපාලනය ආදර්ශවත් එකකි. මත්පැන් බෝතලයකින්, ආහාර පාර්සලයකින් ඔහු තාරුණ්‍යයට හෙටක් හැදීමට උත්සාහ කළේ නැත. ඔහු කියුබාවේ කර්මාන්ත ඇමතිවරයා විය. මහජන මුදලින් නඩත්තු වන වායුසමීකරණය කරන ලද කාර්යාල, ලොව සුපිරිම ඝනයේ වාහන, තම හිතවතුන්ගෙන්, ඥාතීන්ගෙන් පිරී ගිය කාර්යමණ්ඩල ආදියෙන් පරිපූර්ණ වූ සුඛෝපභෝගී ජීවිතයක් ඔහු එයින් අපේක‍ෂා කළේ නැත. ඔහුගේ කාර්යාලය උක් වගා බිම්වල අටවා ගත් තාවකාලික කූඩාරමක් විය. දෑතේ කරගැට මතු වූයේ වැඩ කරන පන්තියේ මිනිසුන් සමඟ වැඩ කළ නිසාය. ඉතින් ඔහු ආදර්ශවත් ජනතා නායකයෙක් නොවන්නේ කෙසේද?

    ඔහු මානව දයාවෙන් පිරී ගිය මිනිසෙකි. වෛද්‍යවරයෙකි. වරක් අතැඟිලි අතරින් ලේ සැරව ගලා යන ලාදුරු රෝගියෙකු තම කෘතඥතාවය පෙන්වීම සඳහා චේ වෙත පිළිගැන්වූ තේ කෝප්පය ඔහු ඉදිරිපිටදීම පානය කිරීමට තරම් නිහතමානී වූ වෛද්‍යවරයෙකි. ඔහු ලොවට බොහෝ ආදර්ශයන් ලබා දුන්නේය.

    මා යන්තම් දෙපෙති විහිදුවා හිරුගේ රැස්වලින් පෝෂණය වන්නට වරම් යදිමින් සිටි කාලයේ දී මා දෙපයින් පොළවේ සිටවූයේ ඒ සටන්කාමී යෞවනයාය. ඔහුට ගරු කරමි. ඔහුගේ නාමයෙන් ජීවත් වෙමි.

    ඉතින් දයාබර යෞවනයිනි, “චේ“ වැනි මිනිසුන් නිර්මාණය වෙනවා නම් මේ ලෝකය කොපමණ සුන්දර වේවිද? පටු ආත්මාර්ථයෙන් පිරී ගිය, බඩගෝස්තරවාදී සමාජ ක්‍රමයක් වෙනුවට, මනුෂ්‍යත්වය පිරී, මිනිසුන් ගැහැණුන් එකිනකාට ආදරය කරන, ගරු කරන නිදහස් හා සාධාරණ ලෝකයක් කොච්චර සුන්දර වේවිද? “චේ“ ගේ පින්තූරයක් පැළඳ ගත් පමණින් ඔහු වගේ වෙන්න බෑ. ඔහුව හදවතින් වැළඳගත් යෞවනය “චේ“ දිනය සමරනවා. “චේ“ වෙනුවෙන් එක ධජයක සෙවණට එකතු වෙනවා. “සමාජවාදී තරුණ සංගමය“ මේ සඳහා නායකත්වය ලබා දෙනවා. අයාලේ ගිය යෞවනය වෙනුවට ජීවයෙන් පිරී ගිය යෞවනයක් උදෙසා “චේ“ අනුගමනය කරනවා. ඒ සැමරුමට එකතු වෙන්න මමත් හරි ආසයි ඒත්.... මම වෘක්ෂයක්. ඉතින් මම ඇරයුම් කරනවා මෙවර “චේ“ දිනය සමරන්න එන්න, මගේ සෙවණ යටට. සමාජවාදී තරුණ සංගමය ඔබට මඟ පෙන්වාවි.

    මම
    “චේ“ අතින් රෝපණය වූ “මහෝගනී“ ගස.



    10480228_710161812409471_3259218832244627913_n.jpg


    උපුටා ගැනීම fb
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ප්‍රබන්ධ දේශපාලකයින් අතර චේ ගවේරා යනු සැබෑ විප්ලවවාදියෙකි..

    10646712_708898162535836_6647763062569149571_n.jpg



    අපේ රටේ ප්‍රබන්ධ දේශපාලකයන් මෙන් නොව චේ ගවේරා යනු සැබෑ විප්ලවවාදී දේශපාලඥයෙකු යැයි සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක සහෝදරයා විසින් අද (06) බත්තරමුල්ල, පැලවත්ත පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී පැවසීය.

    ඔක්තොම්බර් 08 වෙනිදාට යෙදෙන 47වන චේ දිනය වෙනුවෙන් සමාජවාදී තරුණ සංගමය විසින් මෙවරත් සංවිධානය කර ඇති චේ සමරු වැඩසටහන් ගැන මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මෙම විශේෂ මාධ්‍ය හමුව පැවති අතර එහිදී තවදුරටත් අදහස් දැක්වූ බිමල් රත්නායක සහෝදරයා.

    "සමාජවාදී තරුණ සංගමය ලෙස අපි 2008 වසරේ සිට කියුබානු විප්ලවයේ නායකයෙක් මෙන්ම මුළුමහත් ලෝක ජනතාවගේම නිදහස වෙනුවෙන් සටන් කළ දේශපාලන නායකයෙකුද වූ චේ පිළිබඳව වත්මන් තරුණ පරපුරට අලුත් වටයකින් පණිවුඩයක් ගෙන ඒමට උත්සාහ දරමින් සිටිනවා. චේ දිනය සමරමින් වසරක් පාසා විවිධ වැඩසටහන් සංවිධානය කරමින් තිබෙනවා.
    චේ ගවේරා සහෝදරයා එක රටකට අයිති පුද්ගලයෙක් නොවේ. ඔහු ගෝලීය වශයෙන් වැදගත් වන දේශපාලන නායකයෙක්. ඔහුව මරා දැමුවත් ඔහුගේ දේශපාලනය ගැන සමාජවාදය අගයන පුද්ගලයන් පමණක් නොව ධනේශ්වර දේශපාලකයින් වැඩි පිරිසක්ද අවධානය යොමු කරමින් තිබෙනවා. මාධ්‍යවේදීන්, පරිසරවේදීන්, දේශපාලඥයින්, කලාකරුවන් ඇතුලු සියලු දෙනාටම චේ ගවේරා විශාල බලපෑමක් සිදුකරලා තිබෙනවා. ඔහුව මරා දමා වසර 47ක් ගත වෙලත් ඔහු පිළිබඳ මතකය යළි යළිත් අලුත් වෙමින් තිබෙනවා. ටයිම්ස් සඟරාව මගින් කරන ලද සමීක්ෂණයකට අනුව ලෝකයට වඩාත්ම බලපෑමක් සහිත පුද්ගලයින් 100 දෙනා අතරට චේ ගවේරා ඇතුළත් බව තහවුරු වුණා. එමෙන්ම මෙම සමීක්ෂයණයේදී ටයිම්ස් සඟරාව විශේෂයෙන් සඳහන් කළ කරුණක් තිබෙනවා. බොහෝ අය මියගියාට පසුව ඔවුන්ගේ ජනප්‍රියත්වය අඩුවෙමින් තිබෙන නමුත් චේ ගවේරාගේ මරණයෙන් පසුවත් සමාජය කෙරෙහි ඔහුගේ බලපෑම දිනෙන් දින වැඩි වෙමින් තිබෙන බව ටයිම්ස් සඟරාව සඳහන් කළා.

    ඒ වගේම අපේ රටේ වත්මන් දේශපාලනය තුළ බොහෝ නායකයින් ප්‍රබන්ධයන් පමණයි.

    ජනමාධ්‍ය මගින් ඔසවා තබන ලද ඇතැම් පුද්ගලයින්ට මුදල් ගෙවා ප්‍රශස්ති ලියාගන්නා ලද ප්‍රබන්ධවලින් ගොඩනැඟුණු නායකයින් අද අපේ දේශපාලනයේ බහුල වෙමින් තිබෙනවා. එමෙන්ම අපේ රටේ තිබෙන්නේ ප්‍රභූ වන්දනාවක් පමණයි. අපේ රටේ ජනාධිපති තනතුරට සහ අගමැති තනතුරුවලට පත්වූ බොහොමයක් පුද්ගලයින්ගේ ප්‍රබන්ධයන් ඔවුන් මිය ගිය පසු අවසන් වී තිබෙනවා. මේ දිනවල ජනාධිපතිවරණයක් ගැන කතාබහ වෙමින් තිබෙන නිසාම ප්‍රබන්ධකරණය වැඩිවෙමින් තිබෙනවා. අපේ රටේ නායකයින් දරුවන් වඩා ගන්නේ දරුවන්ට තිබෙන ආදරය නිසා නොව, ප්‍රබන්ධයක් ගොඩනඟන්නයි. අපේ රටේ අධ්‍යාපනයට වෙන්කරන මුදල් දිනෙන් දින අඩුවෙමින් තිබෙනවා. දරුවන්ට ඇත්තටම ආදරය කරන නායකයින්ට අධ්‍යාපනයට වෙන්කරන මුදල් කප්පාදු කරන්න පුළුවන්ද? ධනේශ්වර දේශපාලනය තුළ බහුතරයක් දක්නට ලැබෙන්නේ ප්‍රබන්ධ නායකයින් පමණයි. දකුණු අප්‍රිකානු කියමනක් තිබෙනවා "ඇතැම් කුඩාවට පෙනෙන දේ ළඟට ගිය පසුව ලොකු වී පෙනෙන බව සත්‍ය නමුත් ඇතැම් ලොකු මිනිසුන් පිළිබඳව සත්‍ය එය නොවේ" කියලා. ඒ වගේ තමයි මේ ප්‍රබන්ධ චරිත ලොකු ප්‍රතිරූපයක් මවාගෙන හිටියත් ඔවුන් තුළ දක්නට තිබෙන්නේ හිස්කමක් පමණයි.

    මෙවැනි ප්‍රභූ දේශපාලන වන්දනාවක් සහිත ප්‍රබන්ධයන්ගෙන් තොර චේ ගවේරා වැනි සැබෑ විප්ලවවාදී දේශපාලන නායකත්වයක් සහිත මිනිසෙකු අපේ රටේ තරුණ පරම්පරාවට අලුත් වටයකින් හඳුන්වා දීම අපේ මේ උත්සාහයයි. චේට තිබෙන්නේ මාධ්‍යවලින් උළුප්පන ලද ප්‍රබන්ධ චරිතයක් නොවේ. ඔහු සැබෑ ලෙසම ජනතාව අතර ජීවත් වුණා. කියුබානු විප්ලවයෙන් පසු කියුබාව ගොඩනැගීම සඳහා දියත් කළ ස්වේච්ඡා ශ්‍රම දින වැඩසටහනට චේ ගවේරා උපරිම ලෙස මැදිහත් වුණා. උක් වතුවල වැඩකළා. ඔහු වැඩකළේ පින්තූරය ගන්න තුරු පමණක් නොවේ. ඔහු ජනතාවට පේන්න පීත්ත පටි කපන නායකයෙක් වුණේ නැහැ. තමන්ට ලැබෙන ඇමති තනතුරු පවා අත්හරිමින් කොංගෝව වැනි ඉතා දුෂ්කර රටවල්වල ජනතාවගේ නිදහස වෙනුවෙන් කැප වී වැඩකළා. එනිසා අපි තාරුණ්‍යයෙන් ඉල්ලා සිටින්නේ ප්‍රබන්ධ චරිතවලට නොව චේ ගවේරා වැනි සැබෑ නායකයින්ට ආකර්ෂණය වෙන්න කියලා.

    චේ සමරුවට සමගාමීව අප කියුබානු සහෝදරත්වයද සමරනු ලබනවා. සමාජවාදී රාජ්‍යයක් ලෙස කියුබාව ලෝකයට විශාල ආදර්ශයක් ලබාදෙමින් සිටිනවා. රටක නායකයින් කොතරම් නිහතමානී විය යුතුදැයි කියුබාවේ නායකයින් ආදර්ශ සපයමින් ඉන්නවා. කියුබානු රාජ්‍යය ඉතා විශිෂ්ඨ අන්දමින් ජාත්‍යන්තර සම්බන්ධතා පුළුල් කරගනිමින් රටවල් සමඟ මනා සම්බන්ධතාවයක් ගොඩනඟා ගනිමින් විශාල වැඩකොටසක් කරමින් තිබෙන රටක්. කියුබාව තමන්ට එරෙහිව ඇමරිකාව විසින් පනවන ලද සම්බාධකවලට එරෙහිව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය තුළ වසර 22ක් තිස්සේ අඛණ්ඩව අභියෝගයක් එල්ල කොට තිබෙනවා. ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයක් සමඟ රාජ්‍යතාන්ත්‍රිකව ගණුදෙනු කරමින් ඇමරිකාව පරාජයට ලක් කරන්න කියුබාවට හැකිවෙලා තිබෙනවා. වසර පනස් ගණනක සිට ඇමරිකාව විසින් කියුබාවට පනවා තිබෙන සම්බාධකවලට එරෙහිව 1992 සිට බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ඉතාලිය වැනි ධනේශ්වර රටවල්වල පවා සහාය ලබාගන්න කියුබාවට හැකියාව තිබුණා. 2013 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී කියුබාවට පක්ෂව රටවල් 188ක ඡන්දය ලැබෙනවා. කියුබාවට එරෙහිව ඡන්දය දෙන්නේ ඇමරිකාව සහ ඊශ්‍රායලය පමණයි. නමුත් අපේ රටේ ආණ්ඩුව මෙතරම් ඇමරිකාවට ගැති ආණ්ඩුවක් වෙලත් අපේ රටේ පාලනය කරන පුද්ගලයින් බොහෝ පිරිසක් ඇමරිකානු පුරවැසියන් වෙලත් සාමාන්‍ය මානව හිමිකම් සමුළුවකදි ඡන්ද දහයක් පහළොවක් ගන්න පුළුවන් වෙලා නැහැ.

    1959 අගෝස්තු 07 වැනිදා චේ ගවේරා කියුබාව නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස ලංකාවට පැමිණෙනවා. රටවල් 16 සංචාරයක් අතරතුර තමයි ඔහු ලංකාවට එන්නේ. ලංකාවෙදි දවස් දෙකහමාරක පමණ කාලයක් තුළ ඉතා විශාල වැඩකොටසක නියැලී තිබුණා. එවකට සිටි ඇමතිවරුන්, විශාල ප්‍රමාණයක් හමු වී ආර්ථික ගිවිසුම් කිහිපයක් සාකච්ඡා කරමින් සහ රබර් කර්මාන්තය පිළිබඳව අධ්‍යයනය කිරීම් වැනි දේ පිළිබඳව ඔහු අවධානය යොමුකර තිබුණා.

    ඔක්තෝබර් 08 වැනිදා චේ ගවේරා සමරමින් වැඩසටහන් ගණනාවක් අප විසින් සංවිධානය කර තිබෙනවා. චේ සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර හොරණ, මොරගහහේන, යහලකැලේ රබර් වතුයාය නිරීක්ෂණයට ගිය අවස්ථාවේදී සිටුවන ලද මහෝගනී වෘක්ෂය තිබෙන උද්‍යානය ආශ්‍රිතව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා. චේ ස්මරණය කරමින් ඉදිකරන ලද චේ පිළිරුවක් විවෘත කිරීම එදිනට සිදුකරනවා. එම උද්‍යානය චේ උද්‍යානය ලෙස නම් කරමින් ගොඩනැඟීම සඳහා අප මූලික පියවර තැබීමටත් බලාපොරොත්තු වෙනවා. මෙම උත්සවය කියුබානු තානාපතිනියගේ මැදිහත්වීමෙන් සිදුකිරීමට නියමිත අතර එදිනට චේට ආදරය කරන තරුණ තරුණියන් සංවිධාන, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතයි. එමෙන්ම එදිනට චේ පිළිබඳව ගැයෙන ගීතයක් එළිදැක්වීමටත් කටයුතු සංවිධානය කර තිබෙනවා."


    10606599_362338277253959_6212999530330222114_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: chamali2009

    waligamaya

    Well-known member
  • චෙව පපුවේ ගහ ගත්තට, බොබ් මලේ වගේ කොන්ඩේ ගැදුවට, ඔවුන් බලා පොරොත්තුවු ලොකය නිර්මනය කරන්න බැ, ඔවුන්ගේ සැබැ මනව හිතවදුවු අකල්ප හිතේ දාරගමු, මතකයේ තබාගමු, ක්‍රියවට නංවමු.

    ස්තුතියි මචන් මෙක බෙදාගත්තට.
     
    • Like
    Reactions: maxboysl

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    චෙව පපුවේ ගහ ගත්තට, බොබ් මලේ වගේ කොන්ඩේ ගැදුවට, ඔවුන් බලා පොරොත්තුවු ලොකය නිර්මනය කරන්න බැ, ඔවුන්ගේ සැබැ මනව හිතවදුවු අකල්ප හිතේ දාරගමු, මතකයේ තබාගමු, ක්‍රියවට නංවමු.

    ස්තුතියි මචන් මෙක බෙදාගත්තට.:)
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ගොඩක් දිගයි නේ මම වෙලාවක් සෙට් උනාම කියවන්නම් හොඳේ..:yes::yes::yes:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    අනිවා හමොම කියවන්නම ඕනේ පරමාදර්ශී චරිතයකට හිමිකම් කියන පුද්ගලයෙක්...
    මගේ favourite ම චරිතේ තමයි ඉතිං...

    මමත් කැමතිම චරිතයක්....:yes:
    (හැම එකාම එහෙමද දන්නෙ නෑ.:oo::dull:)
     

    thanujaka

    Well-known member


  • මමත් කැමතිම චරිතයක්....:yes:
    (හැම එකාම එහෙමද දන්නෙ නෑ.:oo::dull:)

    නැ බන් හැම එකාම කැමති නෑ..
    ලංකාවේ නං ගොඩක් මිනිස්සු කැමති නැත්තේ මිනිහගේ චරිතේ JVP උන් නිසා විනාස වෙච්ච නිසා...
    ඒ දවස් වල JVP උන්ට කියන්නෙත් චේ ගුවේරා කාරයෝ කියලනේ...:dull:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    නැ බන් හැම එකාම කැමති නෑ..
    ලංකාවේ නං ගොඩක් මිනිස්සු කැමති නැත්තේ මිනිහගේ චරිතේ JVP උන් නිසා විනාස වෙච්ච නිසා...
    ඒ දවස් වල JVP උන්ට කියන්නෙත් චේ ගුවේරා කාරයෝ කියලනේ...:dull:

    හ්ම්ම්...උබ කියන එකෙත් ඇත්තක් තියෙනවා...:yes:
    ජවිපෙ කරපු ලොකුම මෝඩ වැඩේ.:dull: