වීසා නැති සංචාරකයෝ - 3(රජ සියක්කාරයා)

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    වීසා නැති සංචාරකයෝ - 3(රජ සියක්කාරයා)

    ශ්‍රී ලංකාවට පැමිණෙන නිහැරි කුරුල්ලන් සමූහයෙන් මෙරට වඩාත් ජනප්‍රිය කුරුල්ලකු වන්නේ සියක්කාරයාය. ෆ්ලෙමින්ගෝ යනුවෙන් ඉංග්‍රීසි බසින් හඳුන්වන සියක්කාරයන් ලෝකයේ විශේෂ හයක් දැකිය හැකිවෙයි. ප්‍රාග් ඓතිහාසික යුගයේ ද ලෝකයේ ෆ්ලෙමිංගෝ විශේෂ හතක් ජීවත්වී ඇතැයි සැළකේ. ඔවුන් වර්තමානයේ දක්නට ඇති ෆ්ලෙමිංගෝ විශේෂවලින් වෙනස් වූ ලක්ෂණ දැරූ බව ද පවසන විද්‍යාඥයන් එම විශේෂ හතට වෙනත් විද්‍යාත්මක නම් දී ඇත.
    දැනට ලොව වාර්තාවන ෆ්ලෙමිංගෝ විශේෂ හයෙන් විශේෂ දෙකක් ශීත සෘතුව එළඹීමත් සමග ශ්‍රී ලංකාවට ද පියඹා එති. ඉන් එක් විශේෂයක් වන්නේ Greater Flamingo යනුවෙන් ඉංග්‍රීසි බසින් හැඳින්වෙන රජ සියක්කාරයාය. සත්ත්ව විද්‍යාත්මකව ෆීනිකොප්ටෙරස් රොසේයුස් (Phoenicopterus roseus) ලෙස හැඳින්වේ.
    ලොව පුළුල්ව පැතිරී සිටින පක්ෂි විශේෂයක් ලෙස පිළිගැණේ.
    අප්‍රිකා මහද්වීපයේ කොටසක් නිජබිම් කැරගත් මේ පක්ෂියා දකුණු ආසියාවේ පකිස්ථානයේ හා ඉන්දියාවේ ද වාසය කරයි. ස්පාඤ්ඤය, ඇල්බේනියාව, තුර්කිය, ග්‍රීසිය, සයිප්‍රස්, පෘතුගාලය, ඉතාලිය හා ප්‍රංශයේ ද ජීවත් වෙති.
    විශාල රංචු වශයෙන් සියක්කාරයෝ වාසය කරති. එක් රංචුවකට 500ක් 1000ක් පමණ කුරුල්ලන් පිරිසක් අයත් වෙති. සුදු රෝස හා රතු මිශ්‍රිත සිරුරකට හිමිකම් කියන සියක්කාරය ඉතා අලංකාර පක්ෂියෙකි. සෙන්ටිමීටර 110ත් 150ත් අතර උසකට වැඩෙන සියක්කාරයකු අත්තටු විහිදූ විට දෙකෙලවර පරතරය මීටරයක් පමණ වේ.
    රතු පැහැයට හුරු දිගු කකුල් හේතුවෙන් කළපුවල, මඩගොහොරුවල සහ නොගැඹුරු ජලයේ ඇවිදිමින් ආහාර සොයා ගැනීමට හැකියාව ලැබී ඇත.
    උතුරු අර්ධගෝලයට ශීත සෘතුව එළඹීමත් සමග කිලෝ මීටර් දහස් ගණන් දුර ගෙවා උණුසුම් රටවලට පැමිණෙයි. සියක්කාරයා වරකට බිත්තර 3 - 4 දමයි.
    ෆ්ලෙමිංගෝ සතුන් සිය වාසස්ථාන කරගන්නා වගුරු බිම් හා කලපු විනාශය මොවුන්ගේ පැවැත්මට දැඩි තර්ජනයක් වී ඇත. මේ කුරුල්ලන් පියඹායන මාර්ගයේ තනන විදුලි කම්බි ද ඔවුන්ට මාරකයක් වී ඇත.



    migration-roots.gif


    Siyakkaraya-1.jpg


    Siyakkaraya-2.jpg


    Siyakkaraya-4.jpg


    Siyakkaraya-5.jpg

     
    • Like
    Reactions: Koalabanti

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මචන් මුන් කෑමට ගන්නේ ඇල්ගි,ප්ලවාන්ග වගේ දෙවල් නේද? මාලු නෙමෙයි කන්නේ මම දන්න තරමට
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන්.. පට්ට ත්‍රෙඩ් ටික.. මමත් වයිල්ඩ් ලයිෆ් ෆොටෝගැෆි කරනවා..
    මෙයාව දැකගන්න පුලුවන් කොහෙදිද? ආනවිලුන්දාව, කුමන, විල්පත්තු?????