වීසා නැති සංචාරකයෝ - 2 (අටු වැහිලිහිණියා)

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    වීසා නැති සංචාරකයෝ - 2 (අටු වැහිලිහිණියා)

    ශ්‍රී ලංකාවට පැමිණෙන නිහැරි කුරුල්ලන් අතරින් බහුලවම දැකිය හැකි කුරුල්ලකු වන්නේ අටු වැහිලිහිණියාය. සංචාරක පක්ෂි සමය උදාවූ බව හඟවමින් මුලින් ම මෙරටට පැමිණෙන්නේ ද මොවුන්ය. ඉංග්‍රීසි බසින් බාන් ස්වොලෝව් යනුවෙන් හඳුන්වන අටු වැහිලිහිණියා සත්ත්ව විද්‍යාත්මකව හිරුන්ඩො රුස්ටිකා (Hirundo rustica) ලෙස හඳුන්වයි.
    ලෝකයේ වැඩිම ව්‍යාප්තියක් නේවන වැහිලිහිණි විශේෂයයි. මේ පක්ෂියාගේ සිරුරේ උඩුපැත්ත නිල් පැහැතිය. උදරය ඇතුළු යටි පැත්ත සුදු පැහැතිය. පපු පෙදෙසේ තද නිල් පැහැති දාරයක් දක්නට ලැබෙයි. හොටයට ඉහළින් සහ ගෙල යට තද දුඹුරු පැහැතිය. වකුටු වී දෙකට බෙදුණු දිගැති වලිගයකි. උල් පියාපත් දරයි. යුරෝපය නිජබිම කැරගත් මේ පක්ෂියා ආසියාව, අප්‍රිකාව හා ඇමෙරිකාව ඇතුළු විශාල ප්‍රදේශයක පැතිර සිටියි.
    යුරෝපයේ මේ පක්ෂියා පොදුවේ ලිහිණියන් ලෙස හැඳින්වුව ද ඔවුන්ගේ උප විශේෂ හයක් දක්නට ඇත. උතුරු අර්ධගෝලයට ශීත සෘතුව පැමිණීමත් සමග ඉතා දුෂ්කර මඟ ගෙවා විශාල දුරක් පියඹා යන මේ පක්ෂීහු දකුණු අර්ධගෝලයේ රටවල් කරා පැමිණෙති.
    ඉතා විශාල ව්‍යාප්තියක් දක්නට ලැබීම නිසා ම සුලබ පක්ෂියකු ලෙස හැඳින්වෙන අටු වැහිලිහිණියා අන්තරායකර සත්ත්වයකු නොවූව ද ඔවුන් ප්‍රාදේශීය වශයෙන් ඇතැම් ස්ථානවල දී තර්ජනයට ලක්වූවන් ලෙස හඳුනාගෙන ඇත.
    විශාලත්වයෙන් සෙන්ටිමීටර 17ක් 19ක් පමණ වන මොවුන් පියාපත් දිග හැරිය විට පියාපත් කෙළවර අතර දිග සෙන්ටිමීටර 32ක් හෝ 34.5ක් වෙයි. බර ග්‍රෑම් 16ත් 22 ත් අතර වූ කුඩා පක්ෂියෙකි.
    මේ පක්ෂීන්ගේ විශේෂත්වයක් වන්නේ ඔවුන් මිනිසා විසින් නිමැවූ ස්ථානයන්හි ලැගුම් ගැනීමට වැඩි ප්‍රියතාවක් දැක්වීමයි. මෙහි ප්‍රතිඵලයක් වන්නේ මිනිසාගේ ව්‍යාප්තියත් සමග මේ කුරුල්ලන්ගේ අභිජනනය ද ව්‍යාප්ත වීමයි. මිනිසුන් ගැවසෙන ස්ථානයන්හි ජීවත්වීමට ප්‍රිය කරන මේ කුරුල්ලෝ ගොඩනැගිලි ආශ්‍රිත අඳුරු ස්ථානයන්හි මඩ ගුලි උපයෝගීකරගෙන කැදලි තනිති.
    අටු වැහිලිහිණියා ඕස්ට්‍රේලියාවේ හා එස්ටෝනියා රාජ්‍යයේ ජාතික පක්ෂියාය.
    නිහැරි කුරුල්ලන්ගේ පැමිණීම සනිටුහන් කරමින් මෙරටට පැමිණෙන අටු වැහිලිහිණියා රාත්‍රී කාලයේ දී රත්නපුරය නගරයේ විදුලි කම්බි මත එකිනෙකාට ලංවී සිය දහස් ගණනින් ලැගුම් ගෙන සිටින ආකාරය සුලබ දසුනකි.


    1024px-Landsvale.jpg



    124462867.QfHbHBo3.rondine.jpg


    barn-swallow-29732.jpg


    47997191_3578fb3b95_o.jpg
     
    • Like
    Reactions: rcccc

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    එල මචන් සත්තුන්ට ආදරේ කරන මිනිස්සුන් හරි අඩුයි බන් මේ කාලේ :yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ කුරුල්ලෝ ලක්ශ ගානක් කරන්ට් වයර් වල වහල ඉන්නවා රත්නපුර ටවුමේ. පාරෙ යන අය කුඩ ඉහලගෙන යන්නේ නැත්නම් කුරුලු බෙටි නාන්න වෙන්නේ. පාර අයිනේ වාහනයක් පාක් කරොත් සොරිම තමයි. වාහනේ වැහෙන්න වැඩේ දෙනවා. ඉයේ රෑ 8 ට විතර ටවුමට ගිහින් ඇවිත් වාහනේ හෝදන්න වුනා.:baffled:
    අද හවසට පුලුවන් වුනොත් පොටෝ ටිකක් අරන් දාන්නම්.:yes:
     
    Last edited:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ලස්සන කුරුල්ලේක්...

    ඔයාගේ ත්‍රෙඩ් හරිම වැදගත්..බොහොම ස්තුතියි අපි වෙනුවෙන් කියවන්න යමක් දෙනවට මෙහෙම මහන්සි වෙලා....:):)