ලුණු දමන සුපිරි රථය නිපදවේ

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ලුණු දමන සුපිරි රථය නිපදවේ

    ජර්මනියෙන් ලුණු දමන සුපිරි රථය නිපදවේ














    ජර්මන් විද්‍යාඥයන් පිරිසක් විසින් නිපදවූ ලුනු වතුරෙන් ධාවනය වන කාරය ජර්මනිය ඇතුළු යුරෝපයේ මාර්ගවල ධාවනය සඳහා අවසර ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පැයට කිලෝ මීටර 350ක වේගයෙන් ධාවනය කළ හැකි මේ කාරය පණගන්වා තත්ත්පර 2.8 දී පැයට කිලෝ මීටර 100ක් වෙගයක් ලබාගත හැකිවීම විශේෂත්වයකි.

    ක්වොන්ට් ඊ ස්පෝට්ස් ලිමොසින් ලෙස නම්කැර ඇති මේ නව කාරයේ ඇති විදුලි මෝටර හතර ක්‍රියාත්මක වන්නේ විද්‍යුත් විච්ඡේදනයෙන් සැපයෙන බලයකිනි. ලවණ ජලය හෙවත් ලුණු වතුර ඉන්ධන ලෙස භාවිතාවන මෙහි ක්‍රියාකාරිත්වය හයිඩ්‍රජන් ඉන්ධන කෝෂවලට සමානය.

    මෙහි එක් ටැංකියක ලවණ ජලය පුරවා ඇත. ඒ ලවණ දියරය පෙරණ පටලයක් හරහා අනෙක් ටැංකියට මාරැ වෙයි. ඒ ක්‍රියාවලියේ දී විදුලි ආරෝපණයෙන් ඇතිව විදුලිය සුපිරි කැපෑසිටරයන් හෙවත් ධාරිතකයන් මගින් ගබඩාකර රථයේ රෝදවලට සවිකර ඇති මෝටර්වලට ඛෙදා හරියි.

    නිෂ්පාදකයන් පවසන්නේ කාරයේ ඇති ලීටර 200 ජල ටැංකියෙන් කිලෝ මීටර 600ක දුරක් ධාවනය කළ හැකි බවයි. 2014 වර්ෂයේ මහජනයා සඳහා මුල්වරට ප්‍රදර්ශනය කැරුණු මේ කාරයේ ඇති බැටරිවල බලශක්තිය එයට සමාන වූ ලිතියම් අයන් බැටරියක මෙන් පස්ගුණයක් වැඩි බව ද නිෂ්පාදකයෝ කියති.

    මේ මෝටර් රථය නිපදවූ ජර්මනියේ ලීචෙන්ස්ටීන් හී නැනෝෆ්ලෝසෙල් ඒජී සමාගමේ සභාපති මහාචාර්ය් පපීටර් එලර්මාන් පවසන්නේ මෝටර් රථ කර්මාන්තයට වඩා එහා ගිය සැළසුම් තම සමාගම සතුවන බවයි. ගෘහස්ථ බලශක්ති පද්ධතිවලටත්, දුම්රිය, නාවික, ගුවන්යානා ආදී අංශවලටත් මේ බලශක්තිය හඳුන්වාදීම ඔවුන්ගේ අපේක්ෂාව වී ඇත.






     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,264
    113
    මේක නම් සුපිරි. මුහුදු වතුර ඕනේ තරම් තියෙනවනේ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    Everybody knows that water can be split in to H and O2. You can burn H. that is true. The truth is that more energy is required to split the water than what we get from burning H.

    So does anybody know how this car works?
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    මෙහෙට එන්න තව කාලයක් යයි ........එළකිරි සොයාගැනීමක් :yes::yes:
     

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    meka dan maha lokuwata katha kalata lankawe kollek danata 20 years walata kalin lunu wathuren duwanna puluwan widiyata wahana wenas kala.
    ekata ape rate un kisima thanak dunne naha.
    ekata thanak dunna nam ada e tecnology eka nisama lankawe apita loke hoda tanaka inna thibuna.