නිදහස් අධ්‍යාපනයේ පියා
අදවැනි දිනක ජාතියට පහළ වූ ආචාර්ය සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මැතිතුමා පිළිබඳ වූ සටහනක්.
ප්‍රෞඪ ඉතිහාසයක් උරුම වූ ජාතියක ස්‌වඅයිතිවාසිකම් යුග ගණනාවකට එනම් නූපන් පරපුරට පවා දායාද කිරීමේ අමිල මෙහෙවරක සමාරම්භක නිර්මාතෘවරයාණෝ දේශයේ පිනෙන් පහළ වූ නිදහස් අධ්‍යාපනයේ පියා යන විරුදාවලියෙන් පිදුම් ලත් ක්‍රිස්‌ටෝපර් විලියම් විඡේකෝන් කන්නන්ගර මැතිතුමා, අම්බලන්ගොඩ ප්‍රදේශයේ රන්දොඹේහිදී 1884 ඔක්‌තෝබර් 13 අද වැනි දිනක උපත ලදහ. ලාංකේය අධ්‍යාපනය පිළිබඳ කතා කරන බෝහෝ අවස්ථාවල මේ උදාර මිනිසාව අපට අමතක කළ නොහැක.
අම්බලන්ගොඩ වෙස්‌ලියන් උසස් විදුහලට ඇතුළත් කරන ලද කන්නන්ගර ශිෂ්‍යයා ඉගෙනීමෙහි අති විශිෂ්ටයකු බව කුඩා කල සිටම ප්‍රදර්ශනය කළේය. කන්නන්ගර ශිෂ්‍යයාගේ ජීවිතයේ ස්‌වර්ණමය අවස්‌ථාව 1897 වෙස්‌ලි විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයේදී උදා විය. මෙම ත්‍යාග ප්‍රදොaනෝත්සවයට ආරාධිත විශේෂ අමුත්තා වශයෙන් පැමිණි රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පති ඡේ. එච්. ඩැරල් මැතිතුමන්ගේ අවධානය ත්‍යාග රැසක් හිමිකරගත් දොළොස් වියෑති කළුපැහැති ළමයකු කෙරෙහි යොමු විය. ඒ ක්‍රිස්‌ටෝපර් විලියම් විඡේකෝන් කන්නන්ගර සිසු දරුවාය. ත්‍යාග ප්‍රදානය අවසානයේදී විදුහල්පති ඩැරල් මැතිතුමන් කන්නන්ගර ශිෂ්‍යයා රිච්මන්ඩ් විදුහලේ ශිෂ්‍යත්ව පරීක්‍ෂණයට ඉදිරිපත් කිරීමට උපදෙස් දුනි. මෙම ශිෂ්‍යත්ව පරීක්‍ෂණයෙන් ඉතා විශිෂ්ට ලෙස සමත් වූ ඔහුට රිච්මන්ඩ් විදුහලේ සියලු පහසුකම් සහිතව ගාස්‌තු ගෙවීමකින් තොරව අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්‌ථාව උදා විය.
කන්නන්ගර ශිෂ්‍යයා තුළ වූ උදාරතර පෝෂණයට එවකට රිච්මන්ඩ් විද්‍යාලයේ ඡේ. එච්. ඩැරල් මැතිතුමන් සෑම අතින්ම කාරුණික සහාය ලබාදීමෙන් ඔහු අධ්‍යාපනයේ විශිෂ්ටයකු වීමට අප්‍රතිහත ධෛර්යෙන් හා අධිෂ්ඨානයෙන් කටයුතු කළේය. ඒ අනුව කේම්බ්‍රිඡ් දේශීය කනිෂ්ඨ පරීක්‍ෂණයෙන් ගණිතයට විශිෂ්ට සාමාර්ථයක් ඇතුළුව දෙවැනි පන්තියේ ගෞරව සාමාර්ථයක් හෙතෙම ලබා ගත්තේය. සාමාර්ථය ලත් 106 දෙනා අතර කුසලතාව මත නව වැන්නා ලෙස ඔහු ස්‌ථාන ගත වූ බව සඳහන් වේ.
වර්ෂ 1902 පවත්වන ලද කේම්බ්‍රිඡ් ජ්‍යෙෂ්ඨ පරීක්‍ෂණයෙන් අංක ගණිතය හා ගණිතය විෂයයන්ට විශිෂ්ට සාමාර්ථයන් සහිතව ලංකාවේ පමණක් නොව මුළු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය තුළ සමත් වූවන්ගේ ලේඛනයේ පළමුවන ස්‌ථානයට ඔහු පත්විය. මේ අනුව කේම්බ්‍රිඡ් දේශීය පරීක්‍ෂණයෙන් විශිෂ්ටතමයා ලෙස සමත් වීමේ භාග්‍යය ලත් කාන්නන්ගර ශිෂ්‍යයාට මහජන උපදේශක අධ්‍යක්‍ෂගේ ත්‍යාගයද හිමි විය. 1904 දී විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව පරීක්‍ෂණයට පෙනී සිටි ක්‍රිස්‌ටෝපර් කන්නන්ගර හත්වැනියා ලෙස සමත් වූ අතර ඉංග්‍රීසි රචනයට ඉහළම ලකුණු ලබා ගත්තේය. එහෙත් ඔහුට ශිෂ්‍යත්වය දිනා ගැනීමට නොහැකි විය.
යහපත් මනසකට නිරෝගී කාය ශක්‌තියක අවශ්‍යතාව ප්‍රදර්ශනය කරමින් එදා කන්නන්ගර ශිෂ්‍යයා රිච්මන්ඩ් විද්‍යාලයීය ක්‍රිකට් කණ්‌ඩායමේ සාමාජිකයකු ලෙස සක්‍රීයව සහභාගී විය. ඉතා විශිෂ්ට පන්දු රකින්නකු වූ ඔහු ආරම්භක පිතිකරුවාද විය. 1904 වර්ෂයේ පවත්වන ලද රිච්මන්ඩ් - මහින්ද ප්‍රථම විද්‍යාලයාන්තර ක්‍රිකට් ක්‍රීඩා තරගයේ රිච්මන්ඩ් කණ්‌ඩායමේ නායකත්වය දැරීමේ භාග්‍යයද ඔහුට උදා විය.
විද්‍යාලයීය සාහිත්‍ය සංගමයේ සක්‍රීය සාමාජිකයකු වූ කන්නන්ගර සමාජ විද්‍යා සංගමයේ සහ නේවාසික ශිෂ්‍ය සාහිත්‍ය සමාජයේද, සාමාජිකයකු ලෙස කටයුතු කළේය. ඉතා දක්‍ෂ විවාද ශක්‌තියකින් හෙබි ඔහු තර්කානුකූලව හා චිරාත්මකව කරුණු ඉදිරිපත් කිරීමේ අති දක්‍ෂයෙක් විය. එපමණක් නොව විදුහල්පති ඩැරල් යුගයේදී රිච්මන්ඩ් විද්‍යාලය නිෂ්පාදනය කළ "වැනීසියේ වෙළෙන්දා" ඉංග්‍රීසි නාටකයේ ප්‍රධාන චරිතය රඟපෑමෙන් කන්නන්ගර සිය රංගන කුසලතාවද එතුළින් එළි දැක්‌වීය.
1904 වර්ෂය තරුණ කන්නන්ගරයන්ගේ ජීවිතයේ සන්ධිස්‌ථානයක් විය. ඔහුගේ දයාබර ගුරුතුමන් වූ ඩැරල් මැතිතුමන් ඔහු කැඳවා, දැනීම, චරිතය හා ප්‍රඥ වර්ධනයට රිච්මන්ඩ් විදුහල් මාතාව ඔහුට කළ සේවයට කෘතෝපකාරයක් වශයෙන් එහි ආචාර්ය මණ්‌ඩලයට බැඳෙන ලෙස ඇරයුම් කළේය. සිය ගුරුවරයාට දැක්‌වූ අසීමිත ගුරු භක්‌තිය නිසා එම ඇරයුම ප්‍රතික්‍ෂේප කිරීමට ඔහුට නොහැකි විය. රිච්මන්ඩ් විද්‍යාලයේ ගණිතය පිළිබඳ උපදේශක ආචාර්යවරයකු ලෙස පත් වූ කන්නන්ගර අතිදක්‍ෂ ගණිත ගුරුවරයකු වශයෙන් පිළිගැනිණ. ප්‍රවීණ විදුහල්පතිවරයකු වූ ඩැරල් යුගයේදී රිච්මන්ඩ් විද්‍යාලය විශිෂ්ට විදුහලක් බවට දිවයින පුරා ප්‍රසිද්ධියට පත්විය. ඒ සඳහා උපකාරී වූ ආදර්ශවත් ආචාර්යවරයකු වශයෙන් කන්නන්ගර නාමය රිච්මන්ඩ් විද්‍යාලයේ ඉතිහාසයට එක්‌විය. විදුහල්පති ඩැරල්ගේ හදිසි වියෝවින් පසු රිච්මන්ඩ් විදුහලින් සමුගත් කන්නන්ගර වේල්ස්‌කුමර, මෙතෝදිස්‌ත, වෙස්‌ලි විදුහල්වල ගණිත ගුරුවරයකු වශයෙන් සේවය කළ අතර නීති විද්‍යාලයට බැඳී නීතිය හැදැරීය. නීතිඥ විභාගයෙන් සමත් වූ ඔහු නීතිඥ වෘත්තිය ආරම්භ කළේය.
1917 දී ගාලු ප්‍රදේශයේ පළමු දේශපාලන සංවිධානය වූ ගාලු දේශපාලන සංගමය පිහිටු වූ එතුමන් එහි ආරම්භක ලේකම්වරයා ද විය. 38 වැනි වියට එළඹි තරුණ කන්නන්ගර මහතා මහනුවර විසූ වාසල මුදලි ඡේ. ඩී. වීරසූරිය මහතාගේ දියණිය වූ ඊඩිත් වීරසූරිය මෙනවිය හා 1922 දී විවාහ දිවියට එළඹියේය. තමාගේ චින්තාවලියට එකඟ සහකාරියක ලැබීම ඔහුගේ නොනිමි දිවිමඟට තවත් ආලෝකයක් විය. 1923 දී ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයට දකුණු පළාතේ නියෝජිතයා වශයෙන් තේරි පත් වූ කන්නන්තර මැතිතුමා සිය දේශපාලන ගමන් මගේ ඓතිහාසික පියවර ඇරඹීය. 1931 දක්‌වා ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලය විසුරුවා හරින තෙක් එහි සිටි කන්නන්ගර මැතිතුමන් 1931 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්විය. ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයේ සිටි කාලය තුළ, අමද්‍යප ව්‍යාපාරය දියත් කිරීමේ සටන මෙහෙයවා ජනාදරයට පත් වූ එතුමෝ මරණීය දණ්‌ඩනය අවලංගු කිරීම. බෞද්ධයන් සඳහා සාධාරණ නිවාඩු දින ගණනක් ඇති කිරීමේ අයිතීන් දිනාගැනීම සඳහා අභීතව සටන් කළහ. එසේම ආදායම් බදු හා ආණ්‌ඩුක්‍රම ප්‍රතිසංස්‌කරණ සඳහා සක්‍රීයව දායක වූ එතුමන් ප්‍රදර්ශනය කළ ආදර්ශවත් දේශපාලන චර්යාව පොදු ජන හෘදස්‌පන්දනයෙහි පිළිබිඹුවකි.
රාජ්‍ය මන්ත්‍රණ සභාවේ බහු වාර්ගික විධායක කමිටුවේ සභාපති වශයෙන් එතුමන් තෝරා පත් කර ගන්නා ලදී. අමාත්‍ය තනතුරක් හිමි මෙම පදවියට පත් කර ගැනීමෙන් හෙළිවන්නේ එතුමන් කෙරෙහි සියලු ජන වාර්ගික කොටස් දැක් වූ අචල විශ්වාසය හා භක්‌තියයි. 1930 දී ඉදිරිපත් කරන ලද අයබදු අයකර ගැනීමේ ආඥ පනතට සුදු අධිරාජ්‍යවාදීන්ගේ දැඩි විරෝධතා මැද කන්නන්ගර මැතිතුමන් ඡන්දය දීමෙන් පළකළේ තමන්ගේ වාසිය උදෙසා කටයුතු නොකරන අධිරාජ්‍යවාදී ගැත්තකු නොවන බවයි.
1938 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට නව අධ්‍යාපන ආඥ පනතක් සඳහා වූ යෝජනාව ඉදිරිපත් කළ කන්නන්ගර මැතිතුමා ව්‍යවස්‌ථා ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ බලය සහිත අධ්‍යාපන විධායක කාරක සභාවකට මග පෑදීය.
1939 - 1947 දක්‌වා වූ යුගය තුළ කන්නන්ගර මැතිතුමා යම් යම් පාලන බලපෑම්වලට යටත්ව, එහෙත් විධායක බලය සහිත අධ්‍යාපන කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළහ. මේ යුගය තුළ, අධ්‍යාපන පද්ධතියේ දුර්වලතා නැතිකොට සියලු දෙනාටම සම අධ්‍යාපනයක් ලබාදීමේ පරමාර්ථයෙන් කටයුතු කළ එතුමා ගාස්‌තු අයකිරීමකින් තොරව නිදහස් අධ්‍යාපනයක් ලබාදීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. එවකට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදුන් ගාස්‌තු අය කරන විදුහල්වලට යැමට අවස්‌ථාව ලැබුණේ වරප්‍රසාද ලත් පන්තියේ දරුවන්ට පමණි. එසේම, රැකියා අවස්‌ථා ලබාගැනීමේ දොරටුව විවෘත වූයේද එම දරුවන්ට පමණි. මන්ද, ඉංග්‍රීසි භාෂාව පිළිබඳ අවබෝධයක් හා පරිචයක් නොමැතිව එදා රැකියාවක් ලබාගැනීමට නොහැකි වූ බැවිනි. මේ සමජ අසාධාරණය අවබෝධ කරගත් කන්නන්ගර මැතිතුමන් සියලු දරුවන්ට සම අධ්‍යාපනයක් ලබාදීමේ උත්තරීතර ආධ්‍යාශයෙන් දියත් කළ "නිදහස් අධ්‍යාපන සටන" නොවන්නට, කැලේ පිපුණු මල් කැලේම පරවී යන්නට ඉඩ තිබිණ.
සියලු දෙනාටම සම අධ්‍යාපන අවස්‌ථා සලසාදීමේ සත් ආධ්‍යාශයෙන් ඉදිරිපත් කළ නිදහස් අධ්‍යාපන යෝජනා විවිධ දුෂ්කරතා මැද සම්මත කරවා ගැනීමට සමත් වූ එතුමන්ට, එය ක්‍රියාත්මක කිරීමේ අභියෝගයටද මුහුණ දීමට සිදු විය. මේ සඳහා උපක්‍රමයක් වශයෙන් ශ්‍රී ලංකාවේ මධ්‍ය මහා විද්‍යාල ආරම්භ කිරීමේ ඓතිහාසික ප්‍රයත්නය දියත් කෙරිණ. ගම්බද ළමුන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාගැනීමේ අවස්‌ථාව මේ නිසාම උදාවිය.
මෙය හුදෙක්‌ම කන්නන්ගර මැතිතුමන්ගේම සංකල්පයක් වශයෙන් පිළිගැනෙන අතර, අධ්‍යාපනය ප්‍රජාතන්ත්‍රීකරණයේ දොරටුව විවෘත වූයේ මේ ක්‍රියාදාමය තුළිනි.
ඉතා දක්‍ෂ ගුරුවරුන් හා විදුහල්පතිවරුන් මධ්‍ය මහා විද්‍යාලයට පත්කොට ශිෂ්‍යත්ව පරිපාටියක් තුළින් ගම්බද දක්‍ෂතම දරුවන්ට විශ්ව විද්‍යාලය දක්‌වාම නිදහස් අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්‌ථාව මේ නිසා උදාවිය. කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපන පරිසරයට සෑම අතින්ම සමාන පහසුකම් මධ්‍ය මහා විද්‍යාලවලට ලබාදීමට හේ උත්සුක විය.
මෙසේ ආරම්භයේදී නියාමක ව්‍යාපෘතියක් වශයෙන් මධ්‍ය මහා විද්‍යාල 4 කින් ඇරඹි ගුණාත්මක නිදහස් අධ්‍යාපනයක් ලබාදීමේ සත් ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ගම්බද දක්‍ෂ දරුවන්ගේ හැකියා පෝෂණය කළ "තක්‍ෂිලාවන්" බිහි කිරීමට මඟ පෑදීය.
ප්‍රාථමික විදුහල්වල මවුබසින් අධ්‍යාපනය ලබාදීමටත්, පශ්චාත් ප්‍රාථමික විදුහල්වල පහළ අංශයන්හි අධ්‍යාපනය මවුබසින් හෝ ද්විභාෂාවන්ගෙන් සිදු කළ යුතු බවටත්, ඉහළ ප්‍රාථමික පන්ති සහිත විදුහල්වල අධ්‍යාපන කටයුතු ඉංග්‍රීසි, සිංහල හෝ දෙමළ භාෂාවෙන් හෝ ද්විභාෂාවෙන් සිදුකළ යුතු බවටත් 1944 වර්ෂය තුළ කන්නන්ගර මැතිතුමන් ගෙන ආ යෝජනා අධ්‍යාපනය තවදුරටත් ප්‍රජාතන්ත්‍රීකරණයට මඟ පෑදුනහ. එසේම මේ ප්‍රයත්නය නිසාවෙන් ඉංග්‍රීසි බසින් අධ්‍යාපනය ලත් වරප්‍රසාද ලත් සමාජ පන්තියත් ස්‌වභාෂාවෙන් අධ්‍යාපනය ලත් වරප්‍රසාද රහිත සමාජ පන්තියත් අතර පරතරය නැති කිරීමට මඟ පෑදිණ.
සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මැතිතුමන්ගේ ශිෂ්‍ය භූමිකාව වෘත්තීය භූමිකාව හා දේශපාලන භූමිකාව පසුබිම් කොට ඉහත ඉදිරිපත් කළ කරුණු වලින් පැහැදිලි වන්නේ එතුමන්ගේ චරිතාපදානය වර්තමාන සිසු පරපුරට, ගුරු පරපුරට හා දේශපාලකයන්ට ආදර්ශයක් කරගත හැකි බවයි. තම අරුතට වඩා පොදු අරුතට මුල් තැන දීම එතුමන් ප්‍රදර්ශනය කළ උත්තරීතර චරිතාංගයකි. තම හෘදසාක්‍ෂියට අනුව කටයුතු කිරීම, සැපතේදී මෙන්ම විපතේදී නොසැලී සිටීම, තමන් අධිෂ්ඨාන කරගත් අරමුණු කොතරම් බාධක හමුවේ වුවත් නොසැලී සාධනය කරගැනීම සහ අන්තවාදී දේශානුරාගී ආකල්පයන්ගෙන් තොරව ස්‌වාධීන චිත්ත සංයමයකින් කටයුතු කිරීම කන්නන්ගර මැතිතුමන්ගේ චරිතාපදානයෙන් හෙළිවන උත්තරීතර ගති ලක්‍ෂණයන්ගෙන් කිහිපයකි.
හෙතෙම විශිෂ්ට දක්‍ෂතා හෙළි කළ ශිෂ්‍යයකු විය. අග්‍රගණ්‍ය ගණිත ගුරුවරයකු විය. විශිෂ්ට ගණයේ නීතිඥයෙකු විය. පොදු ජන හෘදස්‌පන්දනය හඳුනාගත්, තණපෙත් මට්‌ටමෙන් මතුවූ කෘතහස්‌ත දේශපාලනඥයකු විය. ප්‍රබුද්ධ අධ්‍යාපනඥයකු විය. ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයට දොර විවෘත කළ නියමුවා විය.
1969 සැප්තැම්බර් 23 දින නිදහස් අධ්‍යාපනය යුග ගණනාවකට මෙන්ම නූපන් හෙට දවසට ද දායාද කළ ආචාර්ය කන්නන්ගර මැතිතුමා සදහටම දෙනෙත් පියාගත්තේය.
***
උපුටා ගැනීම face book

Last edited:
palaweni pic eka nam mage langa thibila Wikipedia ekata scan karala dapu ekak,oka thibbe අධ්‍යපන ක්‍රමය kiyana pothe 1930 withara print karapu..