ඇපල්_සමාගම ඔබෙන් වසන් කරන රහස් මෙන්න

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඇපල්_සමාගම ඔබෙන් වසන් කරන රහස් මෙන්න

    ඇපල් සමාගම ඔබෙන් වසන් කරන රහස් මෙන්න

    1.චීනයේ ලාබ ශ්‍රමය භාවිතා කිරීම

    සිය ලාභාන්තිකය වැඩි කරගැනීම සඳහා ඇපල් සමාගම විසින් චීනයේ ලාභ කම්කරු ශ්‍රමය භාවිතා කරනු ලබයි. ඇපල් විසින් තත්වයෙන් උසස් උපාංග සිය නිස්ග්පාදන සඳහා යොදාගන්නා අතර වෙනස වන්නේ ශ්‍රමයේ ඇති ලාභ බව පමණි. මෙයට පෙර ඇපල් සමාගමේ සැපයුම්කරුවෙකු වූ Foxconn සමාගමේ සේවකයන් හට පැය 12ක වැඩ මුරයක් සඳහා ගෙවා තිබුනේ ඩොලර් 22 ක මුදලක් පමණි. Foxconn සමාගමෙහි සේවකයන් දැඩි පීඩනයන් වැඩ කල බවට පසුගිය කාලය පුරා මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය වූ අතර එම සමාගමේ සේවකයන් මසකට සලකියුඅ යුතු ප්‍රමාණයක් සිය දිවි නසාගැනීමේ ප්‍රවනතාවයක්ද මතුවී තිබුණි. Foxconn ගොඩනැගිල්ලෙන් බිමට පැන සියදිවි හානි කරගන්නා පිරිස අවම කරගැනීම සඳහා Foxconn සමාගමට දැල් ආවරණ පවා දීමට සිදුවූ බව වාර්තා වේ.

    2.Foxconn සපයුම්කරුවාගෙන් ඉවත්වී ඊටත් ලාභ සැපයුම්කරුවෙකු සොයාගැනීම

    Foxconn සමාගමේ සේවකයන්ට සිදුකෙරන පීඩා මාධ්‍යය හමුවේ හෙළිවීමත් සමග ඔවුන්ගේ පඩි වැඩි කිරීමට Foxconn සමාගමට සිදුවූ අතර ඒ අනුව Foxconn සමාගමට ගෙවන මුදලද වැඩි කිරීමට ඇපල් සමාගමට සිදුව තිබේ. ඒ අනුව Foxconn සමාගම අතහරින ඇපල් සමාගම එයටත් වඩා ලාභ දායි සමාගමක් වන Pegatron සමාගම සිය නිෂ්පාදන සඳහා සැපයුම්කරුවෙකු ලෙස තෝරාගනී. Pegatron සමාගමට ඇපල් සමාගමේ ලාභයෙන් 0.8% හිමිවන අතර එම සමාගමද සේවක අයිතීන් උල්ලංඝනය කරමින් සිටින බව වාර්තා වේ.

    3. පරිසර දූෂණය​

    2011 වසරේ ඇපල් සමාගම ග්‍රීන් හවුස් ගෑස් මෙට්‍රික් ටොන් 23.1 පරිසරයට මුදාහැර තිබේ. මෙම පරිසර සූදාහනය අඩු කිරීමට ඇපල් සමාගම පොරොන්දු වුවත් 2012 වසරේදී එම ප්‍රතිශතය 34% දක්වා ඉහල ගොස් තිබේ.

    5.අවරුදු ගණනකින් අලුත් සොයාගැනීමක් නැහැ​

    2007 වසරේදී ඇපල් සමාගම අයි ෆෝන් දුරකථනය හඳුන්වාදෙනු ලැබුවේ නව සොයාගැනීම් රාශියක් සමගය. නමුත් පළමු අයි ෆෝන් දුරකථනය නිපදවා වසර හතක ගත වුවත් එහි හැඩය වේගය හැරුනුකොට නව වෙනසක් කිරීමට ඇපල් අපොහොසත්ව සිටී.

    6.රජයට ඔබේ තොරතුරු ඔත්තු බැලීමට සහය වෙයි​

    ඇමෙරිකානු රජයේ රහසිගත ලියවිල්ලක් ගාඩියන් පුවත් සේවය මගින් උපුටා දක්වමින් පෙන්වා සිටියේ "ප්‍රිසම්" නම් රහසිගත වැඩසටහන ඔස්සේ ඇමෙරිකානු රජය අයි ෆෝන් භාවිතා කරන පුද්ගලයන්ගේ දුරකථන පණිවුඩ, කෙටි පණිවුඩ, සැරිසරන වෙබ් පිටු, ලබාගනු ලබයි.

    7.පටිගත කල ගීත තැටි කර්මාන්තය බිඳ වැටීමට දායක වීම​

    අයි ටියුන්ස්වල ආරම්භයත් සමග රෙකෝඩ් බාර් වල ආදායම සැලකිය යුතු මට්ටමෙන් පහත වැටි ඇත. අයි ටියුන්ස් ආගමනය සමග අයි ටියුන් වෙත ගීතවල වටිනාකමින් 30% ක් ලබාදිය යුතු අතර රෙකෝඩ් සමාගමට 60% හිමිවන අතර 10% ගීතයේ හිමිකරුවට හිමිවේ.

    156bef15c31935ef5c761937d919c754.600x.jpg

    8.දුරකතනය ක්‍රියා විරහිත වුවත් සුරක්ෂිත නොවීම​

    අයි ෆෝන් දුරකථනය සම්පුර්ණයෙන් ක්‍රියාත්මක නොවන තත්වයට පත්වුවත් එම දුරකථනය පිලිබඳ දත්ත ලබාගත හැකි තාක්ෂණයකට අයිෆෝන් දුරකථනය නිඅපදවා තිබේ. වයි ෆයි, ජී.පී.එස් නොමැතිව M8 චිප් එක ඔස්සේ දුරකථනය පිලිබඳ දත්ත ලබාගැනීමේ හැකියාවක් පවතී.

    9.සමාජ සේවය අඩු කරයි
    ස්ටීව් ජෝබ්ස්ගේ ඇපල් මෙහෙයුම් කටයුතු බාරගනිමත් සමග ඔහු ඇපල් සමාජ සේවා අකටයුතු අවම කරනු ලැබුවේ එකළ මුල්‍යමය අගාධයකට වැටි සිටි සමාගම නැවත ලාභදායි වූ දිනක නැවතත් එම සමාජ සේවා කටයුතු ආරම්භ කරන බවට සපථා වෙමිනි. නමුත් මේවනවිට ඇපල් ලාභ දැයි සමාගමක් බවට පත්වුවත් සමාජ සේවා සඳහා යොදන මුදල් වැඩි කිරීමට ඔවුන් කටයුතුකොට නොමැත.

    Code:
    http://offair.nethfm.com/article/6309
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    ඔය ෆොක්ස්කොන් එකේ වැඩ කරන උන් සුසයිඩ් කරගන්න කතාව ඇත්ත.
    මට චීන කෙල්ලෙක් කිව්වේ සින් එක.. ඕවගේ වැඩ කරන උන් කම්පනියේම නවතින්නේ, කෑම දෙන්නෙත් කම්පනියෙන්. උන් නිකන් කුකුල් ෆාම් එකක කුකුල්ලු වගේ. උන්ට තියෙන්නේ එකම විදිහට රිපීට් වෙන ජිවන රටාවක්. උදේට කනවා, වැඩ, 12 ට දවල් කෑම, වැඩ,ඔෆ් උනා නෑවා 6 ට රෑ කෑම ඊට පස්සේ tv බැලුවා නිදා ගත්තා.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔය ෆොක්ස්කොන් එකේ වැඩ කරන උන් සුසයිඩ් කරගන්න කතාව ඇත්ත.
    මට චීන කෙල්ලෙක් කිව්වේ සින් එක.. ඕවගේ වැඩ කරන උන් කම්පනියේම නවතින්නේ, කෑම දෙන්නෙත් කම්පනියෙන්. උන් නිකන් කුකුල් ෆාම් එකක කුකුල්ලු වගේ. උන්ට තියෙන්නේ එකම විදිහට රිපීට් වෙන ජිවන රටාවක්. උදේට කනවා, වැඩ, 12 ට දවල් කෑම, වැඩ,ඔෆ් උනා නෑවා 6 ට රෑ කෑම ඊට පස්සේ tv බැලුවා නිදා ගත්තා.

    :yes:තිත්ත ඇත්ත.
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    1.චීනයේ ලාබ ශ්‍රමය භාවිතා කිරීම meka apple witharak nemei karanne , hugak reputed companies mey widiyata tamai yanne .. mama dakka article ekak dala tiynewa oya apple hadana Ipad eka Made in USA haduwoth denna wenne 15 thousand USD walata kiyala labor cost eka wadi nisa
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හොඳ කරුණු ටිකක් මචන්... :) (+5)

    අනිත් අයගේ කොහොමද මචන්? samsung, nokia, intel එහෙම? :)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    හොඳ කරුණු ටිකක් මචන්... :) (+5)

    අනිත් අයගේ කොහොමද මචන්? samsung, nokia, intel එහෙම? :)

    same

    නොකිආ බෝර්ඩ් එක හැදුවෙත් ෆොක්ස්කොන්. දැන් ඒවගේ කොහොමද දන්නේ නෑ
    ඉන්ටෙල් බෝර්ඩ් හදන්නෙත් වෙනම කම්පණියක්.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    same

    නොකිආ බෝර්ඩ් එක හැදුවෙත් ෆොක්ස්කොන්. දැන් ඒවගේ කොහොමද දන්නේ නෑ
    ඉන්ටෙල් බෝර්ඩ් හදන්නෙත් වෙනම කම්පණියක්.

    එහෙම වෙන්න ඕනේ මන් හිතන්නේ. මේ companies ගොඩක් අයට වැඩ කරනවා. Apple විතරක් නෙවේ මන් හිතන්නේ. අඩු මුදලට මිනිස් ශ්‍රමය ගන්න පුළුවන් නිසා ගොඩක් company වල production units තියෙන්නේ මන් දන්න විදිහට චීනයේ.

    Pg-02-splash-inside_381255t.jpg

    මේ තියෙන්නේ ඒ මිනිස්සු ජිවත් වෙන තැන්. ඔය දැල් ගහලා තියෙන්නේ අර පැනලා මැරෙන සිද්දියට මන් හිතන්නේ.

    foxconn-nets1.jpg

    4659251255_6e36a96f5a_z.jpg

    foxconn-dorms-e1293568001523.jpeg

    foxconns-hiring-lifestyle-and-safety-managers-to-make-sure-workers-dont-kill-themselves-while-making-your-iphone.jpg
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    1.චීනයේ ලාබ ශ්‍රමය භාවිතා කිරීම

    සිය ලාභාන්තිකය වැඩි කරගැනීම සඳහා ඇපල් සමාගම විසින් චීනයේ ලාභ කම්කරු ශ්‍රමය භාවිතා කරනු ලබයි. ඇපල් විසින් තත්වයෙන් උසස් උපාංග සිය නිස්ග්පාදන සඳහා යොදාගන්නා අතර වෙනස වන්නේ ශ්‍රමයේ ඇති ලාභ බව පමණි. මෙයට පෙර ඇපල් සමාගමේ සැපයුම්කරුවෙකු වූ Foxconn සමාගමේ සේවකයන් හට පැය 12ක වැඩ මුරයක් සඳහා ගෙවා තිබුනේ ඩොලර් 22 ක මුදලක් පමණි. Foxconn සමාගමෙහි සේවකයන් දැඩි පීඩනයන් වැඩ කල බවට පසුගිය කාලය පුරා මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය වූ අතර එම සමාගමේ සේවකයන් මසකට සලකියුඅ යුතු ප්‍රමාණයක් සිය දිවි නසාගැනීමේ ප්‍රවනතාවයක්ද මතුවී තිබුණි. Foxconn ගොඩනැගිල්ලෙන් බිමට පැන සියදිවි හානි කරගන්නා පිරිස අවම කරගැනීම සඳහා Foxconn සමාගමට දැල් ආවරණ පවා දීමට සිදුවූ බව වාර්තා වේ.

    Meka 100% True
    You tube eke mama dakala tiyenawa oke documentry eka.
    Patta widiyata wada ganne.
    Building eka watema dal gahala tiyenne,
    [/SIZE]
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    ඔය ෆොක්ස්කොන් එකේ වැඩ කරන උන් සුසයිඩ් කරගන්න කතාව ඇත්ත.
    මට චීන කෙල්ලෙක් කිව්වේ සින් එක.. ඕවගේ වැඩ කරන උන් කම්පනියේම නවතින්නේ, කෑම දෙන්නෙත් කම්පනියෙන්. උන් නිකන් කුකුල් ෆාම් එකක කුකුල්ලු වගේ. උන්ට තියෙන්නේ එකම විදිහට රිපීට් වෙන ජිවන රටාවක්. උදේට කනවා, වැඩ, 12 ට දවල් කෑම, වැඩ,ඔෆ් උනා නෑවා 6 ට රෑ කෑම ඊට පස්සේ tv බැලුවා නිදා ගත්තා.

    :dull: ඉතින් අපි කියලත් වෙනසක් නෑ නේ......... :baffled: