Android Lollipop නිකුත්_වෙයි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    Android Lollipop නිකුත්_වෙයි

    Android Lollipop නිකුත් වෙයි සිංහල භාෂාවත් ඇතුලත් !

    Kyez5W1.jpg


    Android L ලෙස කේත නාමයෙන් නිකුත් වුනු මීළඟ Android මෙහෙයුම් පද්ධති සංස්කරණය Android 5.0 ඊයේ දිනයේදී නිළ වශයෙන්එළිදැක්වුණා. Android Lollipop නමින් හඳුන් වන මේ මෙහෙයුම් පද්ධතිය සමඟ තවත් Nexus උපකරණ ත්‍රිත්වයක් නිකුත් වුණා. ඒ අනුව Nexus 6 නමින් නිකුත් වන විශාල ජංගම දුරකථනයක්, Nexus 9 නමින් නිකුත් වන ටැබ්ලට් උපකරණක් හා Nexus Player නම් streaming media device එකක් මේ නව මෙහෙයුම් පද්ධතිය සහිතව වෙළඳපලට නිකුත් වීමට නියමිතයි. මීට අමතරව Nexus 4, Nexus 5, Nexus 7, Nexus 10 හා අනෙකුත් Google Play Edition ජංගම දුරකථන සඳහා නව ඇන්ඩ්‍රොයිඩ් ලොලිපොප් මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දෙනු ඇත.

    මේ නව මෙහෙයුම් පද්ධතියේ කැපී පෙනෙනම වෙනස වන්නේ Material Design නමින් හඳුන්වන අලුත් මුහුණුවරයි. අලුත් ඇනිමේෂන් හා වඩා පැහැදිලි මෙම නව අතුරුමුහුණත සමඟ multitasking මෙනුව නව මුහුණුවරක් ගෙන අැති අතර කටහඬට ප්‍රතිචාර දැක්වීම සඳහාද පහසුකම් පුළුල් කර ඇත.



    අලුත් දෘශ්‍ය මුහුණුවරට අමතරව අලුතින් APIs 5000කට අධික ප්‍රමාණයක් හඳුන්වා දී ඇති අතර ඒ හරහා විවිධ ප්‍රමාණ වලින් යුත් devices සඳහා Apps නිර්මාණය කිරීමට පහසුකම් සැපයෙනු ඇත. අලුත් Notification පහසුකම මඟින් ඔබට ලැබෙන notification සීමා කර ඇති අතර ඒ හරහා අනවශ්‍ය පරිදි ජංගම දුරකථනය බාධාවක් වීම අවමවනු ඇත. තවද අලුතෙන් හඳුන්වාදුන් බැටරි ආයුකාලය වැඩි කිරීමේ පහසුකම මඟින් අමතර අත්‍යවශම වේලවෙකදී අමතර මිනිත්තු 90ක් දක්වා ජංගම දුරකථනය භාවිත කරන්නට ඔබට හැකියාව ලැබේවි. එකම උපරකණයක් කිහිප දෙනෙකු භාවිත කරන විට ඒ ඒ පුද්ගලයාට විවිධ profile සාදා භාවිත කරන්නට පුළුවන් ආකාරයේ පහසුකම් වගේම දුරකථනය නැතිවූ විට හෝ සොරකම් කර විට factory reset කිරීම අපහසු කිරීමත් විශේෂ හඳුන්වා දීමක්.

    මේ සියල්ලටම අමතරව ලංකාවේ අපිට වැදගත්ම දේ තමයි නව Android Lollipop මෙහෙයුම් පද්ධතියට සිංහල භාෂාවත් ඇතුලත් කර ඇත. ඒ කියන්නේ මින් පසුව Android Lollipop මෙහෙයුම් පද්ධතිය සහිතව නිකුත්වන ජංගම දුරකථන වල කිසිදු අපහසුවකින් තොරව සිංහල අකුරු දර්ශණය කිරීමේ හැකියාව ඇත.




    techguru
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    cynagenmod walata kawdda out karanne

    elaZzzzzzz!!! rep++++

    TFS BRO

    You must spread some Reputation around before giving it to deanXX again.


    Good name lolipop, cos Android Sucks :P:rofl::rofl::rofl::rofl::rofl::rofl:

    iporn සොන්න්යට රිදිලා....

    දැන් මේකට රිදිලා විකාර කියවයි,.,..

    patta..pata pata.
    nexus 6 :love:

    rep+ ඔන්න මගෙන්...

    dan harida?:Pduka adu unada?:P:rofl:

    kawada da ban CM la out krnne
    hutta

    patta wageeeee

    Battery**
    3220mAh

    :D
     

    Similar threads