මාලඹේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    :oo::oo::oo::oo::oo::oo::oo::oo:
    10675693_724414350940833_7758536848554152808_n.jpg
    මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ලික වෛද්‍ය උපාධි ආයතනයෙන් පිටවන කිසිදු උපාධිධරයෙකුට ලංකාවේ වෛද්‍යවරයෙක් වීමට නොහැකි බව ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවයේ වෛද්‍ය සේවා ව්‍යවස්ථා සංග්‍රහය සම්බන්ධයෙන් එළිදක්වන රජයේ අති විශේෂ ගැසට් පත්‍රය මගින් සනාථ කොට ඇත.

    2014 ඔක්තෝබර් 11 වන දින නිකුත් කරන ලද මෙම නිවේදනය මගින් දක්වා අති පරිදි වෛද්‍යවරුන් බදවා ගැනීමේ දී මෙතෙක් සිදුකළ බදවා ගැනීමේ පටිපාටියට අනුකූලව වෛද්‍යවරුන් බදවා ගැනීම සිදුවන බව දක්වා අැත.
    රජය මගින් ප්‍රකාශයට පත්කළ අති විශේෂ ගැසට් නිවේදනයේදැක්වෙන

    7.2. අ. 2 බදවා ගැනීම් සදහා වන අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් හා පළපුරුද්ද මැයෙන් වන ශීර්ෂය යටතේ

    ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙහි අනුමත කරන ලද පිළිගත් රාජ්‍ය විශ්වවිද්‍යාලයක හෝ විදේශීය විහ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයක වෛද්‍ය උපාධිය ලැබ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පිළිගනු ලබන රෝහලක වසරක අනිවාර්යය සීමාවාසික පුහුණුව සාර්ථක ලෙස නිමකරන ලදුව වෛද්‍යවරයෙකු ලෙස සේවාව කිරීම සදහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පුර්ණ ලියාපදිංචිය ලැබූ වෛද්‍ය නිලඛාරීහු බදවා ගැනීම් සදහා සුදුසුකම් ලබති. යනුවෙන් දක්වා ඇත.

    මේ අනුව මාලඹේ නෙවිල් ප්‍රනාන්දු විසින් පවත්වාගෙන යනු ලබන වෙද කඩය මගින් නිකුත් කරනු ලබන හෝ ඉන් අධ්‍යාපනය ලබා පිටවන එකදු සිසුවෙකුට හෝ සිසුවියකට ලංකාවේ වෛද්‍යවරයෙක් වීම සදහා සුදුසුකම් නොමැත.

    කෙසේ නමුත් සෞඛ්‍ය අමාත්‍යංශය මෙකී ආයතනයට පසුගියදා ලිපියක් මගින් එහි අධ්‍යාපනය හදාරණ සිසුන්ට සීමාවාසික පුහුණුව සදහා රජයේ රෝහල් වෙත අවසරය නිකුත් කරනු ලැබූවද එම සෞඛ්‍ය අමාත්‍යංශය විසින්ම නිකුත් කරනු ලබන මෙම ගැසට් නිවේදනය ප්‍රකාරව ඒ සියලු කොන්දේසි ඉවත දමා මාලඹේ පිළිගත් වෛද්‍ය උපාධි දෙනු ලබන ආයතනයක් නොවන බවට තහවුරු කොට ඇත
    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: c boy

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,985
    391
    83
    etakota ban pitarata gihin ganna digree pili gannawada ban..ewath ehenam reject karanna epaye.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    owa gana katha karana kota matath kata piyan inna baha, eka nisa meka kiyannam. BIO kalath Maths kalath Colombo, gamapaha, kaluthara, nuwara, galle, mathara, sinhala kollekuta kellekuta ABB 2k dammath yanna set wenne naha. eth kilinochchi, mulathiw, jeffana, vawniya wala ewun C3 ta mehe engineering, Medicine select wenawa... :angry::angry::angry:
    me campus wala district anuwa ganna eka wenas kale nathinam issarahata okkoma demalu tika thama me rate loku than wala inne. demalek kohe hari thanaka loku minihek unath u uge jathiyata adinawa misak sinhalayata thana denne naha. hambaya unath ehemayi..:angry:
    ithin ape yamak kamath thiyena ewun naya wela hari private campus walin degree gananwa, doctors la wenawa.. eka waradida? eka nisa private university ekakata kada kiyana epa. mehe karana eka labayi.. Georgia, Russia, india, nepal gihin karanna hamotama wath kama naha, :yes:
     
    දිස්ත්‍රික් කෝටා ක්‍රමය හදුන්වාදීමට පෙර පැවතියේ සමස්ත දිවයිනම නියෝජනය වන පරිදි ඉහලම ලකුණු ලැබූ ශිෂ්‍යයින් විශ්ව විද්‍යාල වලට ඇතුලත් කර ගැනීමයි. නමුත් ශ්‍රී ලංකාව වැනි බරපතල විෂමතාවක් ඇති රටක එම අනුපිලිවෙලට ඇතැම් දුෂ්කර දිස්ත්‍රික්ක වල කිසිඳු ශිෂ්‍යයෙක් වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව වැනි පාඨමාලා වලට ඇතුලත් නොවීමේ වාතාවරණයක් නිර්මාණය විය. තවද මුලතිව් , කිලිනොච්චි, මොණරාගල, වැනි දිස්ත්‍රික්ක වල දරුවන්ට කොළඹ, මාතර, මහනුවර ශිෂ්‍යයන් සමග තරග කිරීමට නොහැකි වූයේ ඔවුන්ගේ බුද්ධි මට්ටමේ වෙනසක් නිසා නොවන බවත් අධ්‍යාපන පහසුකම් වල,අධ්‍යාපන අවස්ථා වල ඇති ගැටළු නිසා බවත් අප අවධාරණය කල යුතුය.

    එබැවින් ගැටළු ඇතත් දැනට පවතින දිස්ත්‍රික් කෝටා ක්‍රමය සාපේක්ෂව සාධාරණ ක්‍රමයකි. මෙය විය යුත්තේ වඩාත් සාධාරණ ක්‍රමයකට මිස, දැනට පවතින ක්‍රමයටත් වඩා අයුක්ති සහගත අත්තනෝමතික ක්‍රමයකට නොවේ.
    පෞ.වෛ.විද්‍යාල හරහා අවස්ථාව ලැබෙන්නේ කොළඹ, මාතර වැනි දිස්ත්‍රික්ක වල AAB වැනි ප්‍රතිඵල ලබා වෛද්‍යවරයෙකු වීමේ අවස්ථාව අහිමි වන ශිෂ්‍යයන් හටද? ඔවුන්ගේ දෙමව්පියන්ට රුපියල් ලක්ෂ 120ක් නොමැති නම්?????

    එබැවින් මෙම ගැටලුවට විසඳුම් සැපයිය හැක්කේ පවතින බරපතල සම්පත් විෂමතාව ඉවත් කිරීමෙන්ම පමණක් වේ. පෞ.වෛ.විද්‍යාල යනු පවතින විෂමතාව තව කීප ගුණයකින් ඉහල දමන්නකි!
     
    • Like
    Reactions: janith.lakmina

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    මම නං ඉන්නේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ස්ථාපිත කලයුතුයි කියන මතයේ...

    eke weraddak na ban... habayi lamayinwa badaw ganna kalin okkaoma pahasukam thiyrna ekak hadanna onine... mun weda karala thiyenne sakwithi wagene...
    oke dan igena ganna ewunta harinam wandi denna oni
    godak ewun oka daala rata gihin igena gannawa ... aparade unge salli
    mewa maha balu weda ban
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    ඒ කවදද එතකොට රජරට වෛද්‍ය පීඨයෙ ඉගනගත්ත අයට වන්දි දෙන්නෙ?
    2007 ඕක අරිද්දි නිකම්මම බිත්ති හතරක් ඕක. ඊයෙ පෙරේදා හැදිච්චි Prof Unit එකක් එහෙමත් තියනවා දැං. ශික්ෂණ රෝහල් ගැන මර ලතෝනි දෙන බයියලා එදා කොහෙද හිටියෙ?
    කන්න ඕනෙ වෙනකොට කබරගොයා තලගොයා වෙනවා යාලු. කුහක වෙන්න එපා. මස් රාත්තලම ඔයාලට හම්බවෙන්නෙ නෑ. දැං මාසෙකට විතර කලින් හිරු එකේ බලය සංවාදෙට ඔයාලගෙ ඇවිත් කට්ටිය නෑවා හොඳට. කටු බල්ලෙක් වගේ පොඩි එකෙකුත් ඇවිත් පුක පලාගත්තා ඒකෙදි. ඒක බලන්න පොඩ්ඩක්.

    ඒවා හඳේ :rofl:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    lel එත් private hospital වල ඉන්න doctors ලට ඔය මුකුත් නැහැ නේ ,පොඩි පොඩි private hospital වලත් ඕන තරම් ලංකාවේ reg නැති doctors ල ඉන්නවා
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    පැටියා;17264120 said:
    ඒ කවදද එතකොට රජරට වෛද්‍ය පීඨයෙ ඉගනගත්ත අයට වන්දි දෙන්නෙ?
    2007 ඕක අරිද්දි නිකම්මම බිත්ති හතරක් ඕක. ඊයෙ පෙරේදා හැදිච්චි Prof Unit එකක් එහෙමත් තියනවා දැං. ශික්ෂණ රෝහල් ගැන මර ලතෝනි දෙන බයියලා එදා කොහෙද හිටියෙ?
    කන්න ඕනෙ වෙනකොට කබරගොයා තලගොයා වෙනවා යාලු. කුහක වෙන්න එපා. මස් රාත්තලම ඔයාලට හම්බවෙන්නෙ නෑ. දැං මාසෙකට විතර කලින් හිරු එකේ බලය සංවාදෙට ඔයාලගෙ ඇවිත් කට්ටිය නෑවා හොඳට. කටු බල්ලෙක් වගේ පොඩි එකෙකුත් ඇවිත් පුක පලාගත්තා ඒකෙදි. ඒක බලන්න පොඩ්ඩක්.

    ඒවා හඳේ :rofl:

    mama danna widiyata nam rajarata ewun lankawe rhiyena ahik hama hospital ekakatama yanawa training walata.... rajaya wisin patan ganna uni ekakkata lankawe thiyena wena oni rajya ayathanayaka adyapanaya laba denna puluwan...
    eth pudgalika ayathanayakata rajya depala parijaranaya karanna dena eka lesi na..
    ekaoathana thiyena prasne...........
    monawa unath oya dekama rajaya ganipu weradi theerana.. rajarata eka patan gaththeth AL wala Z score eka waraddagena wechcha weradda wahaganna serama lamai campus ganna thama e de karanna une ,,,, mewa ithin windawanna wenne owaye igena ganna ewuntama thama
     
    Aug 18, 2011
    6,147
    788
    0
    1. රජරට ප්‍රොෆ් යුනිට් එක පටන් අරන් දැං අවුරුදු 3කටත් වැඩියි. :rofl::rofl: අලුතින් මෙඩ් ෆැක් එකක් පටන් ගන්නකොට කොලඹ ප්‍රොෆාලා අනුරාධපුරේ ඩොටේ යන්න කැමති වුනේ නෑ. ( පාදෙනිය ලොක්කා ගියාට ) ඔය ප්‍රශ්නෙම Eastern Uni Med fac එක පටන් ගන්නකොටත් ආවා.
    2. ප්‍රොෆ් යුනිට් පටන් ගන්න පරක්කු වුන එකෙන් රජරට මුල් බැච් එක අවුට් වෙන්න පරක්කු වුනා. මාස 6ක් විතර කල් ගියා. එයාලට ක්ලිනිකල් ට්‍රේනිං නොලැබී තිබුනේ නෑ. 3rd year එකේ ඉඳලා හරියට clinical appointments ටික කෙරුනා. :rofl::rofl: මොකෝ ඉස්පිරිතාල වල අනිත් වාට්ටු වහලා නෑ නේ. :rofl::rofl: ෆැක් 8න්ම ෆ්‍රෙන්ඩ්ලිම ක්ලිනිකල් ස්ටාෆ් එක ඉන්නේ රජරට
    2.gif
    2.gif

    3. මුල් අවුරුද්දේ එහෙම පරක්කු වුනාට දැං එහෙම අවුලක් නෑ. කලට වෙලාවට ලමයි අවුට් වෙනවා.
    4. රජරට බුවාලා කොමන් mcq ලිව්වා. ලියලා මෙරිට් ලිස්ට් එකේ උඩිනුත් ඉන්නවා :rofl::rofl: උන් නියඟෙට අහුවෙලා නෑ :D:D
     
    • Like
    Reactions: Sri_Sampath

    :D ආඳා වගේ ලිස්සුවා. පහසුකම් කියන වචනෙ ගැන කතාකරපං මිනිහෝ නිකම්ම නිකං ගිරවෙක් වෙන්නෙ නැතුව. දැං රජරට පහසුකම් ඔක්කොම දීලද ඒක පටන්ගත්තෙ? උත්තරේ නෑ.

    A/L වලින් සුදුසුකම් ලබන ගොඩක් ලමයි Medical Faculty යන්න බැරුව කබ්බො වෙනවා. ඒකට විසඳුම කියලා ඔයාලගෙ කට්ටියම කියන්නෙ රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය දියුණු කරන්න ඕනෙ ඇතුල් කරගන්න සංඛ්‍යාව වැඩි කරන්න ඕනෙ කියලා. දැං ඔයා කියනවා රජරට Medical Faculty පටන්ගත්ත එක වැරදිලු. කිසි පදනමක් නෑ යාලු ඔයාලගෙ කතාවලට. මොකද තියන ප්‍රශ්නෙ මස් රාත්තල පිලිබඳ ප්‍රශ්නෙ.

    සියල්ල සර්ව සම්පූර්ණ වුනත් තව මොකක් හරි ඇදයක් අල්ලං කෑ ගහයි ඔයාලා.

    ප්‍රමිතිය පිලබඳ ප්‍රශ්න තියනවා ඔය මාලඹේ වෛද්‍ය උපාධියෙ. ඒවා ගැන කතාකරන්න. රටේ මිනිස්සු නොමග යවන්නෙ නැතුව.

    ඔයාලගෙ ගිරා ටෝක්ස් කීපයක් පහතින් දැක්වේ.

    1. පෞද්ගලික විශ්වවිද්‍යාලයක් පටන්ගැනීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය අවශ්‍ය වේ.

    මෙය අම්ම අමු පට්ටපල් බේගලයකි. පරන තැටිය වාදනව කිරීමකි. ලංකාවේ එවැනි නීතියක් නැත.

    2. සුදුසුකම් රහිත එවුන් බඳාවාගෙන ඇත.

    නඩු දාන්න.

    කතා කලයුතු දේවල්.

    1. ඔය උපාධිය සම්බන්ධ දේවල් අධීක්ෂණය කෙරෙන්න ආයතනයක් නෑ.
    2. පිට රටින් උපාදි ගහං එන අයට තියනවා මොකක්ද එක්සෑම් එකක් ලියන්න ලංකාවෙ වෛද්‍යවරයෙක් වෙන්න. ඒ ඒක්සෑම් එක ලියන්න ඕනෙ නෑ මාලඹේ කට්ටියට.
    3.නිසි සායනික පුහුණුව නෑ.

    හරවත්ව ඕව ගැන කතාකලොත් වටියි. :D

    මම වෛද්‍ය ක්ෂේත්‍රයට කිසිඳු සම්බන්ධයක් නැති අතර රටේ සාමාන්‍ය පුරවැසියෙක් ලෙස අදහස් දැක්වූ බව කරුණාවෙන් සලකන්න :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බින්දු;17264146 said:
    1. රජරට ප්‍රොෆ් යුනිට් එක පටන් අරන් දැං අවුරුදු 3කටත් වැඩියි. :rofl::rofl: අලුතින් මෙඩ් ෆැක් එකක් පටන් ගන්නකොට කොලඹ ප්‍රොෆාලා අනුරාධපුරේ ඩොටේ යන්න කැමති වුනේ නෑ. ( පාදෙනිය ලොක්කා ගියාට ) ඔය ප්‍රශ්නෙම Eastern Uni Med fac එක පටන් ගන්නකොටත් ආවා.
    2. ප්‍රොෆ් යුනිට් පටන් ගන්න පරක්කු වුන එකෙන් රජරට මුල් බැච් එක අවුට් වෙන්න පරක්කු වුනා. මාස 6ක් විතර කල් ගියා. එයාලට ක්ලිනිකල් ට්‍රේනිං නොලැබී තිබුනේ නෑ. 3rd year එකේ ඉඳලා හරියට clinical appointments ටික කෙරුනා. :rofl::rofl: මොකෝ ඉස්පිරිතාල වල අනිත් වාට්ටු වහලා නෑ නේ. :rofl::rofl: ෆැක් 8න්ම ෆ්‍රෙන්ඩ්ලිම ක්ලිනිකල් ස්ටාෆ් එක ඉන්නේ රජරට
    2.gif
    2.gif

    3. මුල් අවුරුද්දේ එහෙම පරක්කු වුනාට දැං එහෙම අවුලක් නෑ. කලට වෙලාවට ලමයි අවුට් වෙනවා.
    4. රජරට බුවාලා කොමන් mcq ලිව්වා. ලියලා මෙරිට් ලිස්ට් එකේ උඩිනුත් ඉන්නවා :rofl::rofl: උන් නියඟෙට අහුවෙලා නෑ :D:D
    මගෙ එක කුස උපන් සහෝදරියත් රජරට මෙඩිකල් ෆැකල්ටි. මස්සිනත් එහෙ. :D
     
    Aug 18, 2011
    6,147
    788
    0
    පැටියා;17264180 said:
    මගෙ එක කුස උපන් සහෝදරියත් රජරට මෙඩිකල් ෆැකල්ටි. මස්සිනත් එහෙ. :D

    සහෝදරී බැච් මේට් කෙනෙක් එක්ක යාලු වෙලා වගේ :P:P

    මම දැකපු අවුල් දෙක.
    1. වතුර අවුල :baffled::baffled:
    2. මිහින්තලේ ඉඳලා අනුරාධපුරේට කාශ්ඨක අව්වේ බඩගාන්න ගියාම සසර කලකිරෙන එක :baffled::baffled:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බින්දු;17264186 said:
    සහෝදරී බැච් මේට් කෙනෙක් එක්ක යාලු වෙලා වගේ :P:P

    මම දැකපු අවුල් දෙක.
    1. වතුර අවුල :baffled::baffled:
    2. මිහින්තලේ ඉඳලා අනුරාධපුරේට කාශ්ඨක අව්වේ බඩගාන්න ගියාම සසර කලකිරෙන එක :baffled::baffled:
    :D නෑ නෑ ජේෂ්ඨ උත්තමයෙක් එක්ක හාද වෙලා තමා කරකාර බැන්දෙ :D
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    eke weraddak na ban... habayi lamayinwa badaw ganna kalin okkaoma pahasukam thiyrna ekak hadanna onine... mun weda karala thiyenne sakwithi wagene...
    oke dan igena ganna ewunta harinam wandi denna oni
    godak ewun oka daala rata gihin igena gannawa ... aparade unge salli
    mewa maha balu weda ban

    ඔව් ඔයා කියන එකෙත් ඇත්තක් තියනවා,ඔකේ මෙඩ් ෆැක් එකේ බැජස් මම හිතන්නෙ 7 හෝ ඉට වඩා තියනවා,මම දැකලා තියනවා ලෙක්චර් හොල්ස් වල ළමයි ඉන්නෙ එකට එක ඇලිලා එ තරම් ඉඩ මදි,ඔකේ ඉඩ කඩ මදි කමක් ලොකුවටම දැන් තියනවා,දැන් මම දන්න විදියට නඩු 3 ක් දාල තියනවා,එකක් දෙමාපියන් 70 ගානක් එකතු වෙලා දාපු එකක් කියලා ආරංචි,දාල තියෙන්නෙ කියපු විදියට වැඩ සිදුවන්නෙ නැ කියලා.

    මම පෞද්ගලිකව වෛද්‍ය විද්‍යල වලට විරුද්ධ නැ,සයිටම් එකට විරුද්ධව කතා කරන්නෙත් නැ :no:
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මචන් මේක off topic වෙන්න පුළුවන් නමුත් උඹලට ලංකාව කියන්නේ මොනවගේ රටක්ද කියන එක කියල දෙන්න ඕන නැනේ . මුලින්ම මේ අරගලය ගියේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරනවට විරුද්දව. නමුත් දැන් පටන් අරන් ඉවරයි. අන්තිමට වෛද්‍ය විද්‍යාල පටන් ගන්නවාට විරුද්දව අරගලයක් ගියා. දැන් පටන් අරන් ඉවරයි. ඉස්සරහට ඉතුරු වැඩ ටිකත් කොහොම හරි සම්පුර්ණ කරගනීවි. මගේ මතය නම් සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවා පෞද්ගලික ක්ෂේත්‍රයට ඉහලින් පවත්වාගෙන යා යුතුයි. මේක මම කියන්නේ ඉරිසියාවකින් වත් පෞද්ගලික ක්ෂේත්‍රයට පහලට ඇද දැමිමෙන් මේ තත්වය පවත්වාගෙන යා යුතුයි යන අදහසින් නෙවෙයි. සාධාරණ ආකාරය එයයි.

    මේ වෙනකොට ලංකාවේ පළමු තැන තියෙන්නෙ නිදහස් අධ්‍යාපනයෙන් ලබන උපාධියක්, ඒ කියන්නේ කිසිම භේදයකින් තොරව සියලු දෙනාටම සමාන අවස්ථා (දල වශයෙන්) තියෙනව ලංකාව තුල හොඳම අධ්‍යාපනය ලබන්න. අවස්ථාව තීරණය වන්නේ උසස් පෙළ සාපේක්ෂව හොඳින් සමත් වීම. නමුත් අනාගතයේදී එය සාපේක්ෂව හොඳින් මුදල් තිබීම බවට පත් වෙනවා නේද? ජාතික විශ්වවිද්‍යාල වලට පෞද්ගලික විශ්වවිද්‍යාල එක්ක තරඟයක් දෙන්න පුලුවන්ද ප්‍රතිපාදන කප්පදුවත් එක්ක? හොඳම භෞතික වගේම මානව සම්පත් පෞද්ගලික විශ්වවිද්‍යාල වලට ලබා ගැනීමේ හැකියාව වැඩියි. රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය වරයෙක් මාලබේ පෞද්ගලික විශ්වවිද්‍යාලයේ ඉගැන්වීමට යාම නිසා රාගම වෛද්‍ය පීඨයේ එම දේශන කඩාකප්පල් වීම ආරම්භයක් පමණයි (අවුරුදු කිහිපයකට කලින් සිදු වූ සිද්ධියකි). පෞද්ගලික විශ්වවිද්‍යාල වල තත්වය ජාතික විශ්වවිද්‍යාල වලට වඩා ඉහල යාමත් සමඟ ලංකාවේ තිබෙන නිදහස් අධ්‍යාපනය පිනට අධ්‍යාපනය ලෙස වෙනස් විය යුතුයි මන්ද සෑම දෙමාපියෙක්ම කැමති තම දරුවාට හොඳම දේ දීම බැවින් ජාතික විශ්වවිද්‍යාල යනු නැති බැරි අයගේ පමණක් විශ්වවිද්‍යාල වනු ඇති.