ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස්&#820

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස්&#820


    ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 1(කළු ඉරි රන්වන් හල්මල් දණ්ඩියා)

    කළු ඉරි රන්වන් හල්මල් දණ්ඩියා යනු මෙරට සිටින මිරිදිය මත්ස්‍යයන් අතර ඉතා දුර්ලභ එමෙන් ම වඳවීයාමේ දැඩි තර්ජනයකට ලක්ව සිටින මාළුවෙකි. වර්තමානයේ මතුගම අත්වැල්තොටින් පමණක් හමුවන මේ මත්ස්‍ය විශේෂය හඳුනාගැනීම සම්බන්ධයෙන් ඇත්තේ අපූරු කතාවකි.
    හල්මල් දණ්ඩියා නමැති සත්ත්ව විශේෂය මුල්වරට හඳුනාගෙන ඇත්තේ මෙරට ප්‍රකට සත්ත්ව විද්‍යා පර්යේෂකයකු වූ පී.ඊ.පී.දැරණියගල මහතා විසිනි. ඒ 1930 වර්ෂයේ ගිලීමලේ රක්ෂිතයේ ඇල මාර්ගයකිනි. එකළ රැස්බොරා වෙටරිෆ්ලෝරිස් (Rasbora vaterifloris) ලෙස හල්මල් දණ්ඩියා සත්ත්ව විද්‍යාත්මකව නම්කැර තිබිණි.
    ඉතා සුන්දර මාළුවකු වූ හල්මල් දණ්ඩින් එකළ ශ්‍රී ලංකාවෙන් විදේශ රටවලට අපනයනය කෙරුණි. මෙලස මෙරට සිට 1957 වර්ෂයේ දී ජර්මනියට ගෙන ගිය හල්මල් දණ්ඩි කිහිප දෙනකු අතර වෙනස් ස්වරූපයක් ගන්නා මාළුවකු සිටින බව දුටු ජර්මන් ජාතික සත්ත්ව විද්‍යා පර්යේෂක වින්කින් මහතා ඒ මාළුවා ගැන පර්යේෂණයක් කරමින් කියා සිටියේ එම මාළුවා මෙතෙක් හඳුනාගෙන සිටි රැස්බොරා වෙටරිෆ්ලෝරිස් Rasbora vaterifloris හෙවත් හල්මල් දණ්ඩියා යන මාළුවාගෙන් වෙනස් වූ සත්ත්ව විශේෂයක් බවයි.
    ඒ අනුව වින්කින් විසින් සොයාගත් මාළුවාට රැස්බොරා යන ඝන නාමය යටතේ ම රැස්බොරා නිග්‍රොමාජිනාටා Rasbora nigromarginata යන නම ලැබිණි. එසේ වුව ද මේ මාළුවා ශ්‍රී ලංකාවේ කවර ප්‍රදේශයකින් අල්ලාගත් සත්ත්වයකු ද යන්න පිළිබඳ සොයාගත නොහැකි වූ බැවින් වැඩි දත්ත ප්‍රමාණයක් හෙලිදරව්කැර ගත නොහැකි විය.
    පසු කළෙක සත්ත්ව විද්‍යාඥයෝ රැස්බොරා Rasbora යන ඝන නාමය රැස්බොරයිඩස් Rasborides ලෙස වෙනස් කැර තිබිණි. ශ්‍රී ලංකාවේ ස්ථාන රැසකින් මේ මත්ස්‍යයා ගැන සොයා බැලුව ද දශක ගණනාවක් යනතුරු එවැනි මාළුවකු හමු නොවූ බැවින් රැස්බොරයිඩස් නිග්‍රොමාජිනාටා Rasborides nigromarginata මෙරට සත්ත්ව නාමලේඛණයෙන් ඉවත් කැරිණි.
    ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය ශ්‍රී ලංකවේ මිරිදිය මසුන් පිළිබඳ දීප ව්‍යාප්ත ගවේෂණයක් ආරම්භ කරන ලදී. එහි පර්යේෂකයේ 2011 වර්ෂයේ දී මතුගම අත්වැල්තොට ගවේෂණයක නිරතවෙමින් සිටිය දී හමුවූ හල්මල් දණ්ඩි පරීක්ෂා කිරීමේ දී පෙනී ගියේ වසර 54ක කාලයක් ලෝකයෙන් වසන් වී සැඟවී සිටි රැස්බොරා නිග්‍රොමාජිනාටා ලෙස නම්කැර තිබී පසුව රැස්බොරයිඩස් නිග්‍රොමාජිනාටා ලෙස නම්කරන ලද මත්ස්‍ය විශේෂය එම ස්ථානයේ සිටින බවයි. ඒ වනවිට මේ මාළුවා මෙරට සත්ත්ව ලේඛණයෙන් ඉවත්කැර තිබීම ද විශේෂත්වයකි.
    අත්වැල්තොටින් හමුවූ හල්මල් දණ්ඩියා ගිලීමලෙන් හමුවූ හල්මල් දණ්ඩියා හෙවත් රැස්බොරයිඩය් වෙටරිෆ්ලෝරිස් Rasbora vaterifloris නමැති සත්ත්වයාට බොහෝ සෙයින් සමාන වුව ද වෙනත් විශේෂයකි. රැස්බොරයිඩස් නිග්‍රොමාජිනාටා ලෙස ජර්මනියේ වින්කින් මහතා විසින් මේ සත්ත්වයා හඳුන්වා ඇත්තේ වරළේ පිහිටි පැහැදිලි කළු පැහැති රේඛාවක් හේතුවෙනි. මේ මත්ස්‍යයා ගිලී මලේ ප්‍රදේශයෙන් හමුවන හල්මල් දණ්ඩියාට වඩා තරමක් රන්වන් පැහැතියි.
    ඒ හේතුවෙන් පර්යේෂකයෝ රැස්බොරයිඩස් නිග්‍රොමාජිනාටා නමැති මත්ස්‍යයාට කළු ඉරි රන්වන් හල්මල් දණ්ඩියා නමැති සිංහල නම යොදා ඇත. පරිසරවේදීන් පවසන්නේ කළු ඉරි රන්වන් හල්මල් දණ්ඩියා දැඩි සේ වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති සත්ත්ව විශේෂයක් බවයි.
    වනාන්තර විනාශ කිරීම්, ඇළ දොළ ගංඟා ඉවුරු විනාශ කිරීම හා කෘමි නාශක භාවිතය මේ සතුන්ගේ පැවැත්මට දැඩි තර්ජනයකි.


    Nigromarginata-001.jpg


    රැස්බොරයිඩස් නිග්‍රොමාජිනාටා හෙවත් කළු ඉරි රන්වන් හල්මල් දණ්ඩියා
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස̴්?:confused::rofl::P:baffled:

    යකඩො අදනෙ මම දන්නේ මතුගමයි,ගිලීමලෙයි මුහුදු බඩ තියෙන්නෙ කියල

    කොහොම නමුත් එලපොස්ට් එකක්...රෙප්+
     
    • Like
    Reactions: djjaya

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස̴්?:confused::rofl::P:baffled:

    යකඩො අදනෙ මම දන්නේ මතුගමයි,ගිලීමලෙයි මුහුදු බඩ තියෙන්නෙ කියල

    කොහොම නමුත් එලපොස්ට් එකක්...රෙප්+

    නෑ මචං title එක දැම්මෙ
    ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 1(
    කළු ඉරි රන්වන් හල්මල් දණ්ඩියා)
    විදියට ඉතුරැටික පේන්නෙ නෑ