යක්‌කුන්ට පෙරේතයින්ට මුහුණ දෙන්නේ මෙහෙම

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    යක්‌කුන්ට පෙරේතයින්ට මුහුණ දෙන්නේ මෙහෙම

    යක්‌කුන්ට පෙරේතයින්ට
    මුහුණ දෙන්නේ මෙහෙමයි!

    හිටපු ගමන් අපට අනපේක්‌ෂිත කරදර බාධකවලට මුහුණ දෙන්න සිදුවෙනවා. කරන කියන කිසිම දෙයකින් ප්‍රතිඵලයක්‌ හටගන්නේ නැහැ. එකිනෙකා රුස්‌සන්නේ නැතිව යනවා. නිතරම නිවැසියන් ලෙඩ වෙනවා. අපට හිතාගන්න බැරිවෙනවා මොකද මේ වෙන්නේ කියලා. සමහරවිට මෙවැනි දේ ග්‍රහ දෝෂ නිසා වන්නට පුලුවන්. ඒරාෂ්ටක අපල කාලවලදී මෙවැනි දේ බොහෝදුරට දක්‌නට ලැබෙනවා. නමුත් ඒ කිසිවක්‌ නැතිව අපට මේ කරදර බාධක ඇතිවු විට අප කරන්නේ ශාස්‌ත්‍රකරුවකුගේ එහෙම නැත්නම් පේනකරුවකුගේ පිහිට පැතීමයි.

    එවිට සමහර විට අපට දැනගන්නට ලැබෙනවා, අප තුළ හෝ අප නිවස තුළ මළගිය ප්‍රාණකරුවෙකු හෝ කීප දෙනෙකුගේ බැල්ම තිබෙන බව මෙහි සත්‍ය අසත්‍යතාවය කෙසේ වුවත් අමනුෂ්‍ය බලවේගවලට අපේ ජීවිතවලට යම් යම් බලපෑම් කළ හැකි බව අප පිළිගත යුතු වනවා. කව්ද මේ අමනුෂ්‍ය බලවේග? මේ අන් කිසිවෙකුත් නොව මිය පරලොව ගිය අපේ ඥාති මිත්‍රාදීන් මයි. බෞද්ධ අප දන්නවා කෙනෙක්‌ මියයනවිට ඔවුන්ගේ චුති චිත්තය මෙන්ම අවසාන මොහොතේ ඇති වන සිතුවිල්ල අනුව ඒ ඒ ලෝකයන්හි උත්පත්තිය ලබන බව. මෙහිදී තන්හාව, ආශාව, බැඳීම ණය ගැනීම වැනි හැඟීම් ඇතිව මිය යන්නත් බොහෝ දෙනෙක්‌ මෙම කාලයේම ප්‍රේත, භූත, යක්‌ෂ වැනි ආත්මවල නැවත උත්පත්තිය ලබනවා. මෙහිදී මේ ප්‍රේත ආත්මයන් ගෙන් පරදත්තුපජීව කියන ආත්මවලට පමණයි පින් ලබාගැනීමේ හැකියාව තිබෙන්නේ ඔවුන්ට තම ඥාතීන් විසින් අනුමෝදන් කරන පිං ලබාගෙන එම ආත්මයේම තරමක්‌ උසස්‌ තලයකට පත්වීමට හැකියාවක්‌ තිබෙනවා. නමුත් එම ආත්මයෙන් මිදීමට නම් හැකියාවක්‌ නැහැ. එම නිසාම එම ප්‍රේතයන් පින් බලාපොරොත්තුවෙන් තම ඥාතියා සොයා පැමිණ ඔවුන්ගේ නිවෙස්‌වල ඉඩකඩම් වල සැරිසරමින් සිටිනවා. එසේම ඔවුන්ට පින් අනුමෝදන් නොකරන තම ඥාතීන් සමඟ කෝපයෙන් සහ වෛරයෙන් පසුවෙනවා. මේ ආත්මවලට මනුෂ්‍යයාට වැඩිය ආයුෂ තිබෙනවා. වර්ෂ සිය ගණන් තම කර්මය ගෙවෙන කම_ එලෙසම ගතකරනවා. මෙසේ සෑහෙන කාලයක්‌ ගතවන විට ඔවුන් බලවත් භාවයට පත්වෙනවා. එවිට ඔවුන් තමන්ගේ දේපල භුක්‌ති විඳිමින් තමනට නොසලකන ඥාති මිත්‍රාදීන්ට නොයෙකුත් අයහපත් බලපෑම් කිරීමට පෙළඹෙනවා. මේ බලවත් ආත්මයන්ට සිරුරු මවා ගැනීමට හැකියාවක්‌ ඇතිවෙනවා. එවැනි අය තමයි මිනිසුන්ට සමහර අවස්‌ථාවල දර්ශනය වන්නේ.

    අප නමින් මෙම ආත්මයේ මියගිය කෙනකු නොසිටියද මීට කලකට පෙර මියගිය අපට ඥාති සම්බන්ධතා ඇති අය පින් බලාපොරොත්තුවෙන් සිටින්නට පුළුවන්. බොහෝ ප්‍රේත ආත්ම මිනිසුන් සමඟ ජීවත්වීමට ඉතා කැමැතියි. එයට හේතුව මිනිසුන්ගේ සිරුරුවලින් නිකුත් වන රින ශක්‌තිය ඔවුන් පෝෂණයකර ඔවුන්ට අවශ්‍ය ශක්‌තිය ලබාදෙන නිසා. අප දැඩි සන්තාපයට ලක්‌වූ විට කෝප වූවිට වෛර සිත් දල්වනවිට අප තුළින් නිකුත් වන්නේ මෙම රින ශක්‌තියයි. ඒ නිසා ඔවුන් අප නිවෙස්‌වල එකිනෙකා අතර ප්‍රශ්න ඇතිකොට මෙවැනි හැඟීම් ජනිත කරවනවා. මිනිසුන්ගේ සිරුරෙන් නිකුත් වෙන ගන්දයට සහ කෙල, සෙම්, සොටු ලේ අසූචි ආදිය ආහාරයට ගන්න කොටසක්‌ද මේ අතර සිටිනවා. ඒ වගේම තමයි සුරා ලොල් නැත්නම් ස්‌ත්‍රී ලෝල මෙවැනි ආත්මයන් අපේ සිරුරුවලට ඇතුල්වී අපේ හැඟීම් අවදිකොට ඔවුනගේ ආශාවන් ඉටුකරගන්නවා. මෙලෙස මෙම ආත්මයන් සිරුරට ඇතුල්වූ අය දේවාල භූමිවලදී බෙර හඬවල් ශ්‍රවණය වූ විට ප්‍රලය වී හැසිරෙනු අයුරු ඔබ අනන්තවත් දැක ඇති.

    පිරිසිදුකම මෙම ආත්මයන් පලවා හරිනවා. ඔබේ නිවස, ගෙවත්ත නිතරම අතු පතු හා පිරිසිදුව තබන්නේ නම් මොවුන්ගේ බලපෑම් අවම වෙනවා. ඔබේ නිවසේ බඩු මුට්‌ටු තැන්පත් කිරීමේදී සෑම තැනම අතුගෑමට හැකිවන සේ ඉඩකඩ තැබීම ඉතා වැදගත්, අඳුරු, අහුමුලුවලට මොවුන් ආකර්ශනය වනවා. නිවසට දිනපතා සුවඳ දුම් ඇල්ලීම, ආලෝකමත් කිරීම ඉතා වැදගත්. ඒ වගේම පිලුනු ආහාර මෙන්ම ආවරණය නොකරන ලද ආහාර ද ඔවුන් ආකර්ශනය කරනවා. තවද හිස්‌ බෝතල්, බෝනික්‌කන්, පරණ ඔරලෝසු ඔවුන් ආකර්ශනය කරනවා. හිරුඑළියට නිරාවරණය නොවී වාතය පල්වෙමින් තිබෙන තැන්ද මෙම ආත්ම ආකර්ශනය කරනවා. සෑම දිනකම උදේ දොර ජනෙල් මොහොතකට හෝ සම්පූර්ණයෙන් විවෘත කර හිරුඑළිය පිරිසිදු වාතය නිවෙස තුළට එන්නට ඉඩ හරින්න. අනෙක නිවසේ හෝ ඉඩමේ පාලු ගෙවල් ලිං වැනි දෑ තිබිම අහිතකරයි. ඔබ ඔබේ ගෙවත්තේ ඉඩමේ නිතරම ඇවිදිය යුතු වෙනවා. පරිහරණය නොකිරීම මෙම ආත්මවලට අවස්‌ථාවක්‌ උදාකරනවා. කම්මැලි අලස පුද්ගලයන් මේ ආත්මයන් ආකර්ශනය කරනවා. කම්මැලි පුද්ගලයා සිතින් මෙනම ගතින්ද අපිsරිසිදුයි. ඒ වගේමයි කුඩා බිළිඳුන්, ඔවුන් කිසිවිටෙක තනි කරන්න එපා. අපේ පැරැන්නන් බිළිඳුන් අසල නිතරම යකඩ කෑල්ලක්‌ තබා තිබෙනවා ඔබ දැක ඇති. මස්‌ පිණිස සතෙක්‌ ඝාතනය කරනවිට එම ස්‌ථානයට ලේ ප්‍රියකරන භූත කොටස්‌ වහ වැටෙනවා. එපමණක්‌ නොව ඝාතනයට ලක්‌වූ සතුන්ගේ ආත්මයන්ද එම මාංශ අසල සැරිසරනවා. ඔබ නිවසට රැගෙන එන මස්‌ මාංශ සමඟ සමහර විට මෙම භූතයන්ද පැමිණෙනවා. පුලුටු සුවඳට ඔවුන් ඉතා ප්‍රියකරනවා. එබැවින් පැරැන්නන් පුලුටු කෑමෙන් පසු තනියෙන් නොයන ලෙසත් සොහොන් බිම් අසලින් නොයන ලෙසත් උපදෙස්‌ දී ඇත්තේ.

    රෝග පීඩා ඇතිවීමට භූත බලපෑම් ක්‍රියාකරන්නේද යන්න අද සමාජයේ විශාල සංවාදයකට තුඩු දී ඇති කරුණක්‌. සමහර අයට වැළඳෙන රෝගාබාධ වෛද්‍යවරුන්ට විනිශ්චය කිරීමට අපහසු වෙනවා. බොහෝ විට මෙවැනි රෝගාබාධ මෙවැනි ආත්මයන් විසින් ඇති කර ඇතැයි විශ්වාස කර හැක්‌කේ එවැනි දෑ බොහෝවිට ශාන්තිකර්ම මගින් සුව කළ හැකි වන නිසාමයි. විශේෂයෙන්ම කෑම අප්‍රිය කරන රෝගය අප සමහරවිට කෙළ ගැල්මක්‌ ලෙස හඳුන්වන රෝගය තමන් ආහාර ගැනීමේදී ප්‍රේත බැල්මක්‌ වැටීම නිසා සිදුවන්නට පුලුවන්. ඉතා සුළු ශාන්තිකර්ම වලින් මෙවැනි දෑ සුවවෙනවා. පස්‌ ඇඹුල් මතුරා දීම මෙයට නොවරදින ශාන්ති කර්මයකි. තවත් බොහෝ රෝගාබාධ මෙම නිරි සතුන්ට මිනිස්‌ සිරුර තුල ජනිත කළහැකි වෙනවා. මේවා බොහෝ විට හඳුනාගත හැක්‌කේ වෛද්‍යවරු සියලුම පරීක්‍ෂණකර කිසිම රෝගයක්‌ නැතැයි තීරණය කලත් එම රෝගය සුවනොවී පැවැතීම නිසයි. අධිමානසික ශක්‌තියකින් යුත් කෙනකුට හෝ මන්ත්‍රාචාර්යවරයකුට මොවුන් ප්‍රලයක භූත දෝෂය හඳුනාගත එයට නිසි ප්‍රතිකර්ම කළ හැකි වෙනවා. සාමාන්‍ය භූත දෝෂයක්‌ නම් දෙහි කැපීම් හෝ භූත දෝෂ හරණ මන්ත්‍රයකින් තෙල් ස්‌වල්පයක්‌ ජීවම් කර දීමෙන් නතර කළ හැකිවෙනවා. ප්‍රශ්නය වන්නේ මෙවැනි දේ අවංකව කරන මන්ත්‍රාචාර්යවරුන් සොයා ගැනීම අසීරු වීමයි. අද සමාජයේ බොහෝ දෙදෙනෙක්‌ මෙවැන්නන් හමුවීමට පවා බියක්‌ දක්‌වන්නේ මොවුන්ගේ සට කපටිකම්වලට බොහෝ දෙනෙක්‌ අසුවී අමාරුවේ වැටී ඇති බැවිනි.

    අප අසා තිබෙනවා. තොටගමුවේ රාහුල හිමියන් පවා යකුන් බැඳ වැඩ ගත් බව. අද බොහෝ කට්‌ටඩියන් මන්ත්‍ර බලයෙන් මෙම භූතාත්ම අවනත කරගෙන නොයෙකුත් අවැඩ සඳහා යොදා ගන්නවා. බොහෝ ප්‍රේතයන් සහ භූතයන් තමන්ට දොල පිදේනි දෙන ගරු කරන යකැදුරන්ට දැඩි කැමැත්තක්‌ දක්‌වනවා. එවිට ඔවුන්ට උදව් පදව් කිරීමට ශාස්‌ත්‍ර කීමට ආරූඪ වීමෙන් පිහිට වෙනවා. සමහරවිට දේවාරූඪ ලෙස හඟවමින් ඔවුන් රවටනවා. කිසිම මිනිස්‌ සිරුරකට දෙවියන් ඇතුල් වන්නේ නැහැ. දෙවියන් බව පවසමින් ඇතුල්වන්නේ මෙම නිරිසතුන්. ඒ වගේම තමයි ඔවුන් කියන දේ නොකළ විට දැඩි ලෙස පලිගන්නවා. හිsරිහැර කරනවා. නමුත් මොවුන්ගෙන් බලවත් සමහරක්‌ දෙව්වරුන් ළඟ ආවතේව කරමින් කටයුතු කරනවා. එවැනි අයට යම් දෙයක්‌ කිරීමේ හැකියාවක්‌ තිබෙනවා.

    පෙර කාලයේ තරම් අද ජනයා තුල යන්ත්‍ර මන්ත්‍ර පිළිබඳ විශ්වාසය අඩුවීම සහ ඒවාට කාලය සහ මුදල් වැය කිරීමට නොපෙළඹිම වාසනාවක්‌ ලෙස සැලකිය හැකියි. නැත්නම් අනවින, කොඩවින කිරීමේ සහ කැපීමේ ඉවරයක්‌ නැතිවනු ඇත. මන්ත්‍ර ශාස්‌ත්‍රය යනු ඉතා බලවත් ශාස්‌ත්‍රයකි. එයින් කල හැකි දේ බොහෝමයි. හොඳ මෙන්ම නරකද කළ හැකියි. නමුත් ලෝකයේ ඇති අදෘෂ්‍යමාන සියලු බලවේග මිනිසෙකුගේ චිත්ත බලවේගයට යටත් වෙනවා. ප්‍රබල චිත්ත ශක්‌තියක්‌ ඇති කෙනකුට අවහිරයක්‌ කිරීමට කිසිම බලවේගයකට නොහැකියි. අප මහා බුදුරජාණන් වහන්සේ, යේසුස්‌ ස්‌වාමීන් වහන්සේ ශාන්තුවරයන්, යෝගිවරුන් යන අය තම චිත්ත බලයෙන් දමනය කිරීමේ ශක්‌තියෙන් යුක්‌ත වන්නෝ බවට පත්වෙනවා. ඒ වගේමයි පිරිත් බලයට යාඥාවන්වලට මේ සමහර ආත්මයන් දමනය කළ හැකියි. එසේ අවනත නොවන භයානක ආත්මයන්ද මේ අතර සිටිනවා. එවිට ඒ සඳහා මන්ත්‍ර බලය භාවිතා කළ යුතු වෙනවා.

    ඔබේ නිවසේ භූත දෝෂයක්‌ තිබෙන්නේ නම් මෙවැනි ලක්‌ෂණ ඇතිවිය හැකියි. නිවසෙහි පවතින අඳුරු ස්‌වභාවය නිතරම දුඟඳක්‌ හැමීම නිතරම නිවසෙහි එකිනෙකා නුරුස්‌සන ගතිය. කුඩා දරුවන් කිසිම හේතුවක්‌ නැතිව හැŽම, විවිධ ශබ්ද ඇසීම ගෙවත්තේ ගස්‌ පල රහිතවීම ගෙවැසියන් නිතරම ලෙඩවීම, කෙතරම් පිරිසිදු කළත් අපිරිසිදුවීම විය හැකියි. ඒ වගේම ඔබට භූත දෝෂයක්‌ ඇත්දැයි හඳුනා ගත හැක්‌කේ ඔබගේ මනස අවුල් ස්‌වභාවයක්‌ ඇත්නම් හිසේ බර ගතියක්‌, නිතර හිසේ කැක්‌කුමක්‌, තදින් කේන්ති යැම, දුක, බිය සැකය ඇතිවීම, මෑලි ගතිය ඇතිවීම, අමුතු ශබ්ද ඇසීම, තමන්ට කෙනෙක්‌ කථා කරනවා මෙන් ඇසීම, සිරුරේ බර ගතියක්‌ දැනීම මේ ආදී ලක්‌ෂණයන් ඇතිවී ඇත්නම් එය භූත දෝෂයක්‌ විය හැකියි. භූතයන් පිළිබඳ බිය ඇතිවිමද ඔවුන්ගේ බලය පැතිරීමට රුකුල් දෙනවා. බිය ඔවුන්ට ආකර්ශනයකි. උසස්‌ මානසික ශක්‌තියක්‌ අධ්‍යාත්මික ශක්‌තියක්‌ ඇති අයට ඔවුන් බියයි. අවනතයි. දුර්වල මානසිකත්වය ඔවුන් ආකර්ශනය කරනවා.

    මිනිස්‌ සිරුරකට නිකරුනේ භූත ආත්ම ආරූඪ වන්නේ නැහැ.එයට යම් කිසි හේතුවක්‌ තිබෙනවා. සමහරවිට වෛරය, පලිගැනීම, රාගිකත්වය, ආලය, ණයක්‌ ගැනීම, සුරලෝලිත්වය වැනි දේ වගේම කෙනකුට උපකාර කිරීමටත් මෙවැනි භූත ආවේගයන් ඇතිවන්න පුළුවන්. සමහර භූතයන් තම ඥාතීන්ට ආවේශ වී ශාස්‌තර කීමට වරම් දී ඒ මගින් ඔවුන්ට හොඳ ආර්ථික තත්ත්වයක්‌ ලබාදීමට කටයුතු කරනවා. බොහෝ ආත්මයන්ට සිත් කියවීමේ හැකියාවක්‌ තිබෙනවා. ඒ වගේම සැරි සැරීමේ හැකියාව ඇති බැවින් බොහෝ විට නිවැරදිව අප ගේ ස්‌ථානය පිළිබඳ සලකුණු කියහැකි වෙනවා. ඒ වගේම භූත ලෝකයේ තිබෙන සම්බන්ධතා මගින් තවත් ස්‌ථානයක භූතයන් ඉවත්කිරීමටද හැකියාවක්‌ තිබෙනවා. නමුත් අනාගතය පිළිබඳ අනාවැකි කීමේදී ඔවුන් බොරු දේවල් පවසන්න පුළුවන්. එයට එම ශාස්‌තර කියන අයට බැන වැදීමෙන් පලක්‌ නැහැ. ඔවුන් පවසන්නේ මෙම භූතයන් පවසන දෙයයි.

    භූතාත්මයන් භාවනාවල යෙදෙන අධ්‍යාත්මික වශයෙන් දියුණු පුද්ගලයන්ට කැමැති නැහැ. සමහරවිට ඔවුන්ට හිරිහැර කිරීමට මෙන්ම නොමඟ යෑවීමටද කටයුතු කරනවා. මෙම ආත්මයන් ගෙන් කරදර ඇතිවූ විට බොහෝ දෙදෙනක්‌ කරන්නේ ඔවුන් මන්ත්‍ර බලයෙන් බැඳ බෝතලයකට දමා ගැඹුරු මුහුදට දැමීමයි. මේ නිසා ඔවුන් දැඩි පීඩනයකට ලක්‌වෙනවා. ආත්ම සිරවීමකට ලක්‌වෙනවා. මෙය මහා පාපකාරී ක්‍රියාවක්‌ ලෙස සැලකෙනවා. මෙලස සිර කරන ලද භූතාත්මයක්‌ හදිසියේ නිදහස ලැබුවහොත් ඉතා භයානක ලෙස පලිගන්නවා. සමහර බලවත් ආත්මයන්ට මිනිස්‌ ජීවිත පවා විනාශ කරන්නට පුළුවන්. බොහෝ හදිසි අනතුරුවලදී මෙවැනි බලපෑම් දක්‌නට ලැබෙනවා.

    ඇස්‌වහ කටවහ යනු භූත දෝෂයන් නොවේ.

    සමහරු සිතාගෙන සිටින්නේ ඇස්‌වහ, කටවහ යනු භූත දෝෂයක්‌ ලෙසයි. ඇස්‌වහ කටවහ යනු මිනිස්‌ සිරුරෙන් පිටවන ඉතා විෂ කිරණ සමූහයක්‌. මිනිස්‌ සිත තුළ ඇතිවන ඉරිසියාව, ක්‍රෝධය, වෛරය වැනි හැඟීම් නිසා දෑසින් නිකුත්වන රින කිරණ සහ මුඛයෙන් පිටවන ශබ්ද තරංග මේ සඳහා බලපානවා. නමුත් සියලු දෙනාගේම මුවින් පිටවෙන වචන කටවහ වන්නේ නැත. සමහර අයගේ කටින් වචනය පිටවී මොහොතක්‌ ගතවනවිටම එහි ප්‍රතිඵල දක්‌නට ලැබෙනවා. කෙසෙල් ගස්‌ කැන් පිටින් කඩා වැටෙනවා. කුඩා දරුවන්ගේ සිරුරුවල බිබිලි දමනවා. ගොවිපල සතුන් විනාශ වෙනවා. මේවා විද්‍යාත්මකව ඔප්පු කළ නොහැකි වුවද ඒවා අත්දැකීමෙන් ඔප්පු වී තිබෙනවා.මේ විෂ නැසීමට විෂක්‌ම අවශ්‍ය වෙනවා. එබැවින් ඇස්‌වහ කටවහ දුරු කිරීම සඳහා මිරිස්‌, ගම්මිරිස්‌, අබ,

    ලුණු යනාදියද පොල්කටු අඟුරු වැනි දේද යොදා ගැනෙනවා. මේ සඳහා කෙම් ක්‍රමද භාවිතයේ තිබෙනවා. කටවහක්‌ ඇසුනු විගස තෙවක්‌ කෙල ගසන්නේ ඒ නිසයි. ශාප කිරීමද එසේමයි. අප කෝපයට පත්වූ විට දරු මල්ලන්ට පවා ශාප කරනවා. නමුත් එය හදවතින්ම කෙරෙන ශාපයක්‌ නොවුණත් එම කිරණවලින් පිටවන්නේ රින ශක්‌තියක්‌. සමහරු හදවතින්ම ශාප කරනවා. මෙය චිත්ත ඒකාග්‍රතාවයෙන් කෙරෙන්නක්‌ නිසා ඉතා බලවත් සෙත් කවියෙන්, පිරිත් දේශනයකින් යහපත උදා කරනවා වගේම වස්‌ කවියෙන් අණ වින බන්ධනවලින් අයහපත උදාකරනවා. අණ වින කොඩි වින කිරීම ආත්ම ගණනාවක්‌ පඩිසන් දෙන අකුසල කර්මයක්‌ වෙනවා. ඒ වගේම මෙවැනි දේ ආපිට කැරකෙන අවස්‌ථාද එමටයි.

    ප්‍රේත භූත ආත්මයන් අප්‍රිය කරන බිය වන දේවල් අතර ගින්දර, ගිනි අඟුරු, දුම්මල, සුවඳ දුම්, පිරිත් පැන්, කහ දියර, ලුණු, කපුරු, සුදුලූනු වැනි දේට අමතරව දෙහි, යක්‌නාරං, ඇඹුල්දොඩම් වැනි පැගිරි ශාකත් රුක්‌අගුණ, ඉරිවේරිය, ඉඟුරු, අරත්ත, කලු අත්තන, තුල්සි වැනි ශාකද අයත් වෙනවා. මෙවැනි ශාක ඔබේ ගෙවත්තේ වවා ගැනීම සුදුසු වෙනවා. එමෙන්ම ගිරය, පංචායුධ, කුරුසය, ස්‌වස්‌ථිකය, යකඩ යනාදියට ඔවුන් බියක්‌ දක්‌වනවා. අඳුරට ප්‍රියකරන ඔවුන්ට පැතිරෙන විදුලි ආලෝකයද අවහිර කරනවා. අද ගමක දෙහි කැපීමක්‌ හෝ ඇස්‌වහ, කටවහ මැතිරීමට වත් සුදුසු කෙනෙක්‌ සොයාගත නොහැකි තත්ත්වයක්‌ උදාවී තිබෙනවා. යන්ත්‍රවල බල මහිමය මහත් වුවද අවංකව යන්ත්‍රයක්‌ ජීවම් කර ගැනීමට වත් කෙනෙක්‌ සොයා ගන්නට බැරිවී තිබෙනවා. මස්‌, මාලු වැනි පුලුටු දේ ආහාරයට ගෙන සුරා පානය කර කරන යන්ත්‍ර මන්ත්‍රවලින් කිසිම සෙතක්‌ සිදුවන්නේ නැහැ. ඒ වගේම ඒවා සඳහා නියමිත ක්‍රමයට සුදුසු දින නැකත්, හෝරා සහ අදාළ දිෂ්ටි ගැන්වීSම්, පලිප්පු ගැන්වීම්, පූජෝපහාර නිවැරදි උච්චාරණය, ජප කිරීමේ වාර ගණන වැනි දේ කර හරියාකාරව සිද්ධ කිරීම කළ යුතු වෙනවා. අද මෙවැනි දේ නිවැරදිව කරන පුද්ගලයන් සොයා ගැනීම ඉතා අසීරු කරුණක්‌.

    නිවෙස්‌වල අමනුෂ්‍ය බලවේග පලවා හැරීමට පිරිත් දේශනාද යොදා ගන්නවා. පිරිත් දේශනාවක ඇති බලය නම් අර්ථ සහ ශබ්ද බලයයි. මෙහිදීද නිවැරදි උච්ඡාරණයද ඉතා වැදගත්. එමෙන්ම ඒ වගේම වැදගත් ශ්‍රවණය කරන්නන්ගේ චිත්ත ඒකාග්‍රතාවය. එම නිවසද ඉතා පිරිසිදුව පුලුටුවලින් තොරව තිබිය යුතුය. එවිට පිරිත් දේශනයක උපරිම ඵල නෙලා ගන්නට පුලුවන්. නමුත් අද අපේ රටේ බොහෝ දෙනෙක්‌ පිරිතට එන හිතවතුනට සංග්‍රහ කරන්නේ මස්‌, මාලු සහ මත්පැන්වලින්. එවිට එයින් නිසි ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ.

    අද විදුලි ආලෝකය නිසා නූතන පරිසරය ආලෝකමත්ය. ජනතාව දැනුවත්. මානසිකව ශක්‌තිමත්. එවිට මෙම බලවේගයන්ට හිස එසවිය නොහැකි තත්ත්වයක්‌ උදාවෙනවා. අද සමාජයේ ඇතිවී තිබෙන නව තාක්‌ෂණික මෙවලම් මෙම නිරි සත්ත්වයන්ගේ පැවැත්මට අවහිර කරනවා. විශේෂයෙන්ම දුරකථන සහ වෙනත් සන්නිවේදන මෙවලම්වලින් නිකුත් කරන කිරණ ඔවුන්ගේ සියුම් ශරීරවලට හානි කරනවා.

    ඇත්තෙන්ම අප මෙම ප්‍රේත භූතාත්ම වලට මෛත්‍රීය කළ යුතු වෙනවා. ඔවුන් දුකින් අසතුටෙන් කල් ගෙවන අසරණ නිරි සතුන් කොටසක්‌. සමහරවිට අප මියගිය විට ද ෙමැවනි ආත්මයක ඉපදෙන්න පුළුවන්. අනෙක මොවුන් අප සැමගේ ඥාති මිත්‍රාදීන්. සමහරවිට අද අප ජීවත් වන්නේ ඔවුන් හරි හම්බ කළ දේවලින් වන්නට පුළුවන්. ඔවුන්ට කළගුණ සැලකීම අපේ යුතුකමක්‌ වෙනවා. අප මහා බුදුරජාණන් වහන්සේ මළගිය අය වෙනුවෙන් කළහැකි යුතුකම් ලෙස වදාරා තිබෙන්නේ ඔවුන්ට පින් පෙත්දී පින් අනුමෝදන් කළයුතු බවයි. එවිට ඔවුන්ගෙන් අපට හිරිහැර වන්නේ නැහැ. එබැවින් හැකි සෑම අවස්‌ථාවකම ඔවුන් සිහිපත් කොට පින් පෙත්දී පින් අනුමෝදන්කර ඔවුන්ට යම් සහනයක්‌ සැලසිය යුතු වෙනවා. එය අපට කරගත හැකි මහා කුසලකර්මයක්‌ මෙන්ම ඔවුන්ට සිදුකරන විශාල සෙතක්‌ වෙනවා.

    ශ්‍රියානි ද සේරම්

    http://www.divaina.com/2014/10/19/naka06.html

    මේ කරුණු ගැන මගේ අත්දැකීම් බොහොම අඩුයි.හැබැයි අපේ එළකිරි සාමාජිකයන් මීට වඩා අත්දැකීම් ලබලා ඇති.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    බුදුරජාණන් වහන්සේ, යේසුස්‌ ස්‌වාමීන් වහන්සේ කියලා දැම්මේ ඇයි බන්? උබ කොහොමද බුදුන්ට ජේසුව සමාන කරේ? ජේසු කියන්නේ සාමාන්‍යය මිනිහෙක් , ගෞතම බුදුන් කියන්නේ බුදු කෙනෙක්. බුදු කෙනෙක්ට කිසිම කෙනෙක්ව සමාන කරන්න බෑ. මේ ලිපිය හොදයි නමුත් මට මේ කොටස දැක්ක හැටියේ කණගාටුවක් ඇතිවුනා.
     
    • Like
    Reactions: bohokal

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    අප මහා බුදුරජාණන් වහන්සේ, යේසුස්‌ ස්‌වාමීන් වහන්සේ ,ශාන්තුවරයන්, යෝගිවරුන් යන අය තම චිත්ත බලයෙන් දමනය කිරීමේ ශක්‌තියෙන් යුක්‌ත වන්නෝ බවට පත්වෙනවා.

    මේක මම edit කරේ නෑ මචන් .තිබ්බ විදියටම දැම්මා .හැබැයි ඒකෙන් සමාන කිරීමක් වෙනවා කියලා මටනම් හිතෙන්නේ නෑ.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    බුදුරජාණන් වහන්සේ, යේසුස්‌ ස්‌වාමීන් වහන්සේ කියලා දැම්මේ ඇයි බන්? උබ කොහොමද බුදුන්ට ජේසුව සමාන කරේ? ජේසු කියන්නේ සාමාන්‍යය මිනිහෙක් , ගෞතම බුදුන් කියන්නේ බුදු කෙනෙක්. බුදු කෙනෙක්ට කිසිම කෙනෙක්ව සමාන කරන්න බෑ. මේ ලිපිය හොදයි නමුත් මට මේ කොටස දැක්ක හැටියේ කණගාටුවක් ඇතිවුනා.

    ජේසුට සාමාන්යෙන් කියන්නේ යේසුස්‌ ස්‌වාමීන් වහන්සේ කියලා තමයි . අනික ජේසුස් කියන්නේ ඔයා කියන විදියේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. ඒ ගැන මම මෙතන වැඩිදුර පැහැදිලි කරන එක තේරුමක් නැතිවෙයි මොකද ඔයාට ක්‍රිස්තුධර්මය ගැන අන්‍යාගමිකයෙක් තුල තිබිය යුතු සාමාන්‍ය දැනිමවත් ඔයාට නැති බවක් පෙනෙන නිසා ...:yes: එක නිසා මම මේක විතරක් කියන්නම් අපි හැම ආගමකම ඉන්න ගරුකළ යුත්තන්ට ගරු කරමු.. මොකද ඒ හැමෝම අපිට වඩා උසස් නිසා :D
     
    • Like
    Reactions: jayalalitha

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුදුරජාණන් වහන්සේ, යේසුස්‌ ස්‌වාමීන් වහන්සේ කියලා දැම්මේ ඇයි බන්? උබ කොහොමද බුදුන්ට ජේසුව සමාන කරේ? ජේසු කියන්නේ සාමාන්‍යය මිනිහෙක් , ගෞතම බුදුන් කියන්නේ බුදු කෙනෙක්. බුදු කෙනෙක්ට කිසිම කෙනෙක්ව සමාන කරන්න බෑ. මේ ලිපිය හොදයි නමුත් මට මේ කොටස දැක්ක හැටියේ කණගාටුවක් ඇතිවුනා.
    :yes::yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජේසුට සාමාන්යෙන් කියන්නේ යේසුස්‌ ස්‌වාමීන් වහන්සේ කියලා තමයි . අනික ජේසුස් කියන්නේ ඔයා කියන විදියේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. ඒ ගැන මම මෙතන වැඩිදුර පැහැදිලි කරන එක තේරුමක් නැතිවෙයි මොකද ඔයාට ක්‍රිස්තුධර්මය ගැන අන්‍යාගමිකයෙක් තුල තිබිය යුතු සාමාන්‍ය දැනිමවත් ඔයාට නැති බවක් පෙනෙන නිසා ...:yes: එක නිසා මම මේක විතරක් කියන්නම් අපි හැම ආගමකම ඉන්න ගරුකළ යුත්තන්ට ගරු කරමු.. මොකද ඒ හැමෝම අපිට වඩා උසස් නිසා :D
    ජේසුස් කියන්නේ ඔයා කියන විදියේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි තමයි, ඒකනෙ මැවුම්වාදය දේශනා කරේ.:lol::lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ජේසුට සාමාන්යෙන් කියන්නේ යේසුස්‌ ස්‌වාමීන් වහන්සේ කියලා තමයි . අනික ජේසුස් කියන්නේ ඔයා කියන විදියේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. ඒ ගැන මම මෙතන වැඩිදුර පැහැදිලි කරන එක තේරුමක් නැතිවෙයි මොකද ඔයාට ක්‍රිස්තුධර්මය ගැන අන්‍යාගමිකයෙක් තුල තිබිය යුතු සාමාන්‍ය දැනිමවත් ඔයාට නැති බවක් පෙනෙන නිසා ...:yes: එක නිසා මම මේක විතරක් කියන්නම් අපි හැම ආගමකම ඉන්න ගරුකළ යුත්තන්ට ගරු කරමු.. මොකද ඒ හැමෝම අපිට වඩා උසස් නිසා :D

    ජේසු කියන්නේ BBC එකට අනුව නම් සාමාන්‍යය කෙනෙක් ,පස්සේ බුදු සරණ ගිය කෙනෙක් එතකොට ජේසුට බුදුන්ට සමකරන්න බෑ කොහොමත්ම.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අප මහා බුදුරජාණන් වහන්සේ, යේසුස්‌ ස්‌වාමීන් වහන්සේ ,ශාන්තුවරයන්, යෝගිවරුන් යන අය තම චිත්ත බලයෙන් දමනය කිරීමේ ශක්‌තියෙන් යුක්‌ත වන්නෝ බවට පත්වෙනවා.

    මේක මම edit කරේ නෑ මචන් .තිබ්බ විදියටම දැම්මා .හැබැයි ඒකෙන් සමාන කිරීමක් වෙනවා කියලා මටනම් හිතෙන්නේ නෑ.

    මෙහෙම හිතන්න උබ ලිපියක් ලියනවා ගණිතය ගැන එතකොට එකේ දානවා .
    මාහාචාර්‍යය වරුන්, එකවසරේ ළමයින්, බාලාංශේ ළමයින් යන අය තම ගණිත හැකියාවෙන් ගැටලු විසදීමට සමත් වූහ කියලා. ඔව් බාලාංශේ ළමයින්ටත් ගණිත ගැටලු විසදන්න පුලුවන් නමුත් බාලාංශේ ළමයින්, එකවසරේ ළමයින් යන අය අතරේ මාහාචාර්‍යය වරුන්ව සදහන් කිරිම , මාහාචාර්‍යය වරුන්ගේ බුද්ධියට අපහාසකිරිමක් ,මදිපුංචි කිරිමක් මේ වගේම තමයි බුදු කෙනෙක්ව මේ යෝගි වරුන්, ජේසු වගේ යන මිනිස්සු සමග එක ගොඩ දාලා ඔවුන්ගේ බල සමකරලා කථා කිරිම විහිළුවක් මචන්.
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    බුදුරජාණන් වහන්සේ, යේසුස්‌ ස්‌වාමීන් වහන්සේ කියලා දැම්මේ ඇයි බන්? උබ කොහොමද බුදුන්ට ජේසුව සමාන කරේ? ජේසු කියන්නේ සාමාන්‍යය මිනිහෙක් , ගෞතම බුදුන් කියන්නේ බුදු කෙනෙක්. බුදු කෙනෙක්ට කිසිම කෙනෙක්ව සමාන කරන්න බෑ. මේ ලිපිය හොදයි නමුත් මට මේ කොටස දැක්ක හැටියේ කණගාටුවක් ඇතිවුනා.

    උබ කොහොමද කියන්නේ සමාන කරන්න බෑ කියල.හරි ඇත්තටම සමාන කරන්න බෑ කියල හිතමු.එත් උබට බුදුරජාණන් වහන්සේ ගැනවත් , යේසුස් ස්වාමින් වහන්සේ ගැනවත් ඇත්ත අත්දැකීම් නැහැනේ බන්.උබ ඒ කලේ හිටියද ඕවයේ ඇත්ත නැත්ත ගැන කතා කරන්න.උබත් මමත් මේ කියවන්නේ වෙන කෙනෙක් කියල තියෙන , වෙනකෙනේක්ගෙන් ඉගනගත්තු දේවල් නෙ.උබට මේකගැන ඕනේ දෙයක් කියන්න තිබ්බ උබ ඒ කලේ හිටිය නම්..මන් කියන්නද මචන් අපි 100% දන්නේ නැති දෙවල් ගැන කතා නොකර ඉමු.වෙන එකක් නිසා නෙවෙයි මචන්.උබ කරලා කියල තියෙන දෙයින් ආගමකට අගෞරව වෙලා තියෙන නිසා..
    කියෙව්වට ස්තුතියි
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ජේසුට සාමාන්යෙන් කියන්නේ යේසුස්‌ ස්‌වාමීන් වහන්සේ කියලා තමයි . අනික ජේසුස් කියන්නේ ඔයා කියන විදියේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. ඒ ගැන මම මෙතන වැඩිදුර පැහැදිලි කරන එක තේරුමක් නැතිවෙයි මොකද ඔයාට ක්‍රිස්තුධර්මය ගැන අන්‍යාගමිකයෙක් තුල තිබිය යුතු සාමාන්‍ය දැනිමවත් ඔයාට නැති බවක් පෙනෙන නිසා ...:yes: එක නිසා මම මේක විතරක් කියන්නම් අපි හැම ආගමකම ඉන්න ගරුකළ යුත්තන්ට ගරු කරමු.. මොකද ඒ හැමෝම අපිට වඩා උසස් නිසා :D

    අනිවා මචෝ. :D:D
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    යක්‌කුන්ට පෙරේතයින්ට ... 10-23-2014 03:58 PM -18 uba nathi wele awith mama ube ganitai ammata hikuwe...eee maru bn huththa niyamai amma dahaparakata wada gahuwa bn..mage yaluwoth anna kagahennama...anala anala anthimata chu kala bn huththata....iya ewa thamai dan uba pawichchi karanne

    කාටද රිදුනේ :P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබ කොහොමද කියන්නේ සමාන කරන්න බෑ කියල.හරි ඇත්තටම සමාන කරන්න බෑ කියල හිතමු.එත් උබට බුදුරජාණන් වහන්සේ ගැනවත් , යේසුස් ස්වාමින් වහන්සේ ගැනවත් ඇත්ත අත්දැකීම් නැහැනේ බන්.උබ ඒ කලේ හිටියද ඕවයේ ඇත්ත නැත්ත ගැන කතා කරන්න.උබත් මමත් මේ කියවන්නේ වෙන කෙනෙක් කියල තියෙන , වෙනකෙනේක්ගෙන් ඉගනගත්තු දේවල් නෙ.උබට මේකගැන ඕනේ දෙයක් කියන්න තිබ්බ උබ ඒ කලේ හිටිය නම්..මන් කියන්නද මචන් අපි 100% දන්නේ නැති දෙවල් ගැන කතා නොකර ඉමු.වෙන එකක් නිසා නෙවෙයි මචන්.උබ කරලා කියල තියෙන දෙයින් ආගමකට අගෞරව වෙලා තියෙන නිසා..
    කියෙව්වට ස්තුතියි

    උබ කොහොමද කියන්නේ සමාන කරන්න බෑ කියල.

    :yes: ජේසු කියන්නේ සාමාන්‍යය මනුෂ්‍යයෙක්, බුදුන් කියන්නේ බුදු කෙනෙක්, එතකොට සමාන කරන්න බෑ. දැන්වත් පුක නොදි පල.

    උබ කරලා කියල තියෙන දෙයින් ආගමකට අගෞරව වෙලා තියෙන නිසා..

    කොහේද මම ආගමකට අගෞරව කරලා තියෙන්නේ? පෙන්වපන් බලන්න තැනක්? :rolleyes:
     
    Last edited:

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මචන්ලා මම මේ thread එක දැම්මේ ආගම් බේද ඇති කරගන්න නෙමේ ,මේ වගේම එකක් මම කලිනුත් දැම්මා,කට්ටියගේ අත්දැකීම් බෙදාගන්න දැනගන්න දැම්මේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,675
    40,260
    113
    මෙහෙම හිතන්න උබ ලිපියක් ලියනවා ගණිතය ගැන එතකොට එකේ දානවා .
    මාහාචාර්‍යය වරුන්, එකවසරේ ළමයින්, බාලාංශේ ළමයින් යන අය තම ගණිත හැකියාවෙන් ගැටලු විසදීමට සමත් වූහ කියලා. ඔව් බාලාංශේ ළමයින්ටත් ගණිත ගැටලු විසදන්න පුලුවන් නමුත් බාලාංශේ ළමයින්, එකවසරේ ළමයින් යන අය අතරේ මාහාචාර්‍යය වරුන්ව සදහන් කිරිම , මාහාචාර්‍යය වරුන්ගේ බුද්ධියට අපහාසකිරිමක් ,මදිපුංචි කිරිමක් මේ වගේම තමයි බුදු කෙනෙක්ව මේ යෝගි වරුන්, ජේසු වගේ යන මිනිස්සු සමග එක ගොඩ දාලා ඔවුන්ගේ බල සමකරලා කථා කිරිම විහිළුවක් මචන්.

    මචන් මමත් සිංහල බෞද්ධ කොල්ලෙක්. මාත් කැමති නෑ බුදු රජාණන් වහන්සේව තවත් සම්මා සම්බුදු නොවෙන උත්තමයෙක් එක්ක සම කරනවට. හැබැයි මෙතන වෙලා තියෙන්නේ වෙන සීන් එකක්.

    සිත දමනය කල හා සිත දමනය නොකල.
    ඉතිං සිත දමනය කල කියන ගොඩට බුදු රජාණන් වහන්සේව දාපු එකේ මම වරදක් දකින්නේ නෑ. සිතේ උසස් ස්වභාවයේ මට්ටම් වල අනිවා වෙනසක් තියෙනවා.

    උබ ඔය කියපු උදාහරණය මට තෙරුනේ මෙන්න මෙහෙම,

    කුලකයක් වශයෙන් කියනව නම්. ඔය කට්ටිට අයිතිවෙන්නේ අධ්‍යාපනය ලබපු ගොඩට. අනිත් ගොඩ තමයි. කිසිම විදියකින් ආධ්‍යාපනයක් නොලබපු අය.
     
    Jun 6, 2014
    227
    8
    0
    බුදුරජාණන් වහන්සේ, යේසුස්‌ ස්‌වාමීන් වහන්සේ කියලා දැම්මේ ඇයි බන්? උබ කොහොමද බුදුන්ට ජේසුව සමාන කරේ? ජේසු කියන්නේ සාමාන්‍යය මිනිහෙක් , ගෞතම බුදුන් කියන්නේ බුදු කෙනෙක්. බුදු කෙනෙක්ට කිසිම කෙනෙක්ව සමාන කරන්න බෑ. මේ ලිපිය හොදයි නමුත් මට මේ කොටස දැක්ක හැටියේ කණගාටුවක් ඇතිවුනා.

    මචන් කවදාවත් වෙනත් අාගමකට නිගරු කරන්නෙප‍ා. උබ බ‍ෙඋද්දනම්..:no::no: