සර්ප දශ්ඨනයකදී

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    සර්ප දශ්ඨනයකදී

    පොස්ට් එකක් දාල තියෙනො දැක්කා සර්ප දශ්ඨ කිරීමක් ගැන.අපේ අයට දශ්ඨ කිරීමකදි කරන්න ඕන දේවල් ගැන වැඩිය ඒ අවබෝදයක් නැති නිසා ඒ ගැන මම දන්න දේවල් ටික කියල දෙන්න හිතුව.
    ඕන කියල හිතනව නම් කියන්න. පුළුවන් විදියට ඉඩ තියෙන වෙලාවට ඒ ගැන දමන්නම්.
    මුලින්ම හැදින්වීමක් විදියට විශ සහිත සර්ප දශ්ඨ කිරීම් වල ප්‍රතිඵල කියන්නම්.

    අපේ රටේ ගොඩබිම වසන සර්ප විශේෂ 92ක් විතර ඉන්නවා. එයින් විශේෂ 8ක් විතරයි දරුණු විශ සහිත වෙන්නේ. එයිනුත් 6ක් විතරයි මරණ වලට හේතු වෙලා තියෙන්නේ.

    බලමු මොන මොන සර්පයන්ද අධික විශ සහිත කියලා.

    01 - තිත් පොලඟා/ කන්නාඩි පොලඟා (Daboia russelii)
    Corps-daboia.jpg

    02 - වැලි පොලඟා(Echis carinatus)
    Echis_carinatus_carinatus03.jpg

    03 - නයා(Naja naja naja)
    naja-naja--naja-naja-2.jpg

    04 - මුදු කරවලා(Bungarus ceylonicus)
    bungarus_ceylonicus_big.jpg

    05 - තෙල් කරවලා(Bungarus caeruleus)
    3702031472_83373f8da3.jpg

    06 - පොලොන්තෙලිස්සා/ කුනකටුවා(Hypnale hypnale)
    Hypnale-hypnale-03000027483_01.jpg

    07 - පලා පොලඟා(Trimeresurus trigonocephalus)
    Trimeresurus-trigonocephalus-03000032092_01.jpg

    08 - දෙපත් කළුවා(Calliophis melanurus)
    2133.jpeg

    පලවෙනි 5 දෙනාට විතරයි ප්‍රති විශ තියෙන්නෙ. අනිත් සර්ප දශ්ට කිරීමකදි කරන්නේ රෝග ලක්ශන වලට ප්‍රතිකාර කිරීම විතරයි.

    දැන් බලමු මෙයාල දශ්ඨ කරාම වෙන දේවල්.

    තිත් පොලඟා
    කාපු තැන ඉදිමෙනවා.
    ස්නායු පද්ධතිය අඩපන වෙනවා
    රුධිර කැටි ගැසෙන එක නවතින නිසා, මුත්‍රා සමග ලේ පිට වීම, ගුදමාර්ගයෙන් රුධිර වහනය වගේ දේවල් වෙලා අවසනයට මරනයට පත් වෙනවා.

    වැලි පොලඟා
    කාපු තැන ඉදිමෙනවා.
    කාපු ස්ථාන වල සෛල මිය යනවා (cell necrosis)
    රුධිර කැටි ගැසෙන එක නවතිනවා

    නයා
    කාපු තැන ඉදිමෙනවා.
    කාපු ස්ථාන වල සෛල මිය යනවා
    ස්නායු පද්ධතිය අඩපන වෙනවා, අත පය එහෙම වැඩ නොකර යනවා

    කරවලා
    ස්නායු පද්ධතිය අඩපන වෙනවා, අත පය එහෙම වැඩ නොකර යනවා
    වේදනාවක් ඉදිමුමක් නැති තරම්

    පොලොන්තෙලිස්සා
    කාපු තැන ඉදිමෙනවා.
    වකුගඩු අක්‍රිය වෙන්න පුලුවන්

    දෙපත් කළුවා
    හරිම දුර්ලභ සර්පයෙක්

    අදට මේ ඇති. තව දවසක කියන්නම් දශ්ඨ කරාම මොනවද කරන්න ඕන කියල ( කට්ටිය කැමති නම් විතරයි, නැත්නම් ඕන නැහැ නේ )

    දෙවන කොටසට
     
    Last edited:

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    dashtakarama mokada karanne kiyapan,,umba oka danakan inna ba bnz,,,ada nokek hari ekek gauwoth mokai karanne?
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Maxxa thread ekak,digatama daapan

    Me wisa wadi ewun wadipurama hambawena area monawada machan, first aid ehema monawada kiyalath daanna