කාටත් වැළදෙන පොදු ලෙඩක් (බය වෙන්න එපා ..සුවක&a

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada

    මේ නුල දාන්න හිතුවේ මට ඇහුන සිද්දි දෙකක් නිසා.

    (1) විශ්‍රාමලත් රජයේ කන්තෝරුවක වැඩකරපු මහත්තයෙක්, ගමේ හාමුදුනමක් හම්බවෙන්න ගියා පොඩි වැඩකට (පිරිත් නුල් ටිකක් ගන්න ද කොහෙ, මට හරියට මතක නැහැ ). ඉතින් හාමුදුරුවෝ කිව්වා මම මේ වෙලාවේ වෙන වැඩක යෙදීල ඉන්නේ, මහත්තය තව පැයකින් හරි හවස් වරුවේ හරි එන්න කියල. මහත්තයට මේකට හොදටම තදවෙලා හාමුදුරුවොයි එක්ක වාදයක් ගියා. මහත්තය ඇහුව "මේකට විනාඩි දහයක් යාවි. ඇයි ඔබ වහන්සේට ඕක කරලා දෙන්න බැරි කියල". එදායින් පස්සේ මහත්තයයි එයාගේ නැද පිරිසයි ගමේ පන්සලත් එක්ක තියෙන සම්බන්දෙ නැති වුන. දානයක් වත් දුන්නේ නැහැ. මේ කතාව අපිට කිව්වේ තව ස්වාමින්වහන්සේ නමක්.

    (2) දෙමව්පියන් එක්තරා උත්සවයකදී, මගේ යාලුවෙක්ගෙ තාත්ත කෙන්ක් (හමුදාවේ විශ්‍රාමලත් ඉහල නිලදාරියෙක් ) හම්බවෙලා අදුරගෙන සන්තෝසෙන් කිව්වා, ඔයයි අපේ පුතයි දෙන්න එක පන්තියේ ඉගෙන ගත්ත කියල. එය ඔලුව යන්තම් හරවල කිව්වා "හා ඇත්තද" කියල. කතාව එච්චරයි.

    පලවෙනි කරනේදී, අපිට කතාව කියපු හාමුදුරුවෝ කිව්වා අර හාමුදුරුවන් කරපු දේ අනුමත කරන්න බැහැ කියල. ඒ විතරක් නෙවි. රජයේ කන්තෝරුවක වැඩ කරලා පුරුද්දට සමාජයේ අනිත් අයට (කනිෂ්ට සේවකයන්ට වගේ), බල කරලා, නියෝග දීල වැඩ කරවගන්න එක වැරදියි කියල.

    දෙවෙනි කරණයේදී, ඒ මනුස්සයට අඩුමගානේ පොඩ්ඩක් දෙමව්පියන් එක්ක සුහදව කතා කරන්න තිබ්බ.

    මේ අපි හැමෝටම තියෙන ලෙඩක්.

    මේ ලෝකෙදි අපි "පොරක්" කියල හිතෙන අවස්ථා බොහොමයි. ආණ්ඩුවේ ඉහල තනතුරක් දැරීම, දොස්තර කෙනෙකු වීම, ඉංජිනේරුවෙක් වීම, ලක්ෂගණන් හම්බහරන වියපරිකයෙකු වීම, manager මහත්තයකු වීම, ආචාර්ය උපාදිය වගේ දේවල් තිබීම වගේ දේවල්.

    සාමාන්‍යයෙන් ජීවිතේ ලොකු ලොකු achievements ලබගත්තහම් සාමාන්‍ය මිනිස්සුත් එක්ක හොදින් වෙනදාටත් වැඩ සුහදව ඉන්න ඕන. මොකද ලෝකෙට පොරක් කියල අමුතුවෙන් පෙන්නන ඕන නැහැ. අපි කවුරුත් මිනිස්සු. එත් මම දැකපු ලොකු ලොකු අය සැලකිය යුතු පිරිසක් ඉන්නේ පුදුම මාන්නයෙන්. ඒ අයට අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.

    දොස්තර කෙනෙක් ලගට රෝගියෙක් එනව නම්, මතක තිය ගන්න ඕන දොස්තර ජීවත් වන්නේ රෝගියා නිසා කියල. රෝගියාත් එක්ක කට ඇරලා හොදින් සිනාසීම, සැහැල්ලුවෙන් කතා කිරීම, පොඩි විහිළුවක් කිරීම; රෝගියාත් එක්ක හොද සබදතාවයක් ඇති කරගන්න රුකුලක්. සමහර ලෝක ප්‍රසිද්ද professor ල, conference එහෙම ගිහාම පාරේ පොඩි දෙයක් අරගෙන (hotdog වගේ ) පාරේ අයිනේ වාඩි වෙලා කකා ඉන්නවා මම දැකල තියෙනවා. කතා කරන්නේ මුණ පුර හිනා වෙලා. බොහොම සැහැල්ලු සුන්දර මිනිස්සු.

    ලෝකේ කොච්චර ලස්සනද මිනිස්සු ලොකු කම් අතහැරලා එක වගේ ඉන්න පුළුවන් නම්. ඔයගොල්ලන්ටත් මේ ලෙඩේ තියෙනවද?
     
    Last edited:
    • Like
    Reactions: mldarshana

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    :lol:
    machan mama hondata dekapu deyak thamai bn godak igena gaththu minissu maara down to earth type eka bn
    B.Sc witharak thiyena samahara tuition mastersla thamun gaawata igena ganna ena lamainta ammath mathak karala banina athare a vishayan walinma Ph.D gaththu profala lecture eka iwara wela anthimata yanne apita "thank you" kiyalai :)
    dan ithin kiyanna epa A/L class waladi sirla ohoma karanne class eka control karagannai kiyala mokada mama giyapu sir kenek hitiya
    a sirge class eke lamai 1500+ hitiya... physics class ekak...a sir kisima widiyakin lamainta hitha ridenna mukuth kiyala ne...habai lamai pissu nathuweth nehe :love:
    a sirge nama thamai Asela ranasinghe..sakya ekei mama sirge class giye :)
     
    • Like
    Reactions: BINGU_PUTHA

    :yes::yes:
    සමහරු ඉන්නවා හරියට මුණ බලල කතා කරන්නේ නැහැ. සමහරු හොදයි. මේක ලිව්වේ කණගාටුවෙන්. ගොඩක් ඉගෙන ගත්තු අය අතර මේ රෝගය අඩුයි
     
    Last edited:

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    :yes::yes:
    සමහරු ඉන්නවා හරියට මුණ බලල කතා කරන්නේ නැහැ. සමහරු හොදයි. මේක ලිව්වේ කණගාටුවෙන්.

    api pita minissunta hondata selakuwata pita minissu apita hondin salakai kiyala kiyanna bene macho :rolleyes:
    owa ohoma thamai bn ;)
    ohoma katha kiyanawa nam bn pages gaanak daanna puluwan :baffled:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    api pita minissunta hondata selakuwata pita minissu apita hondin salakai kiyala kiyanna bene macho :rolleyes:
    owa ohoma thamai bn ;)
    ohoma katha kiyanawa nam bn pages gaanak daanna puluwan :baffled:

    ඔය කියන කතාවේ ඇත්තක් තියෙනවා. මේක සංස්කෘතිය හා බැදුණු දෙයක්. අපි හිතමු manager මහත්තය සේවකයන්ට සාමාන්‍ය විදියට කතා කල කියල. එතකොට සමහර සේවකයන් "කරේ ලගින්න" එන ගතියක් තියෙනවා. මේක දෙපාර්ශවයම තේරුම් ගත යුතයි
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මාත් අහල පහල එවුංව පඩේකට ගනං ගන්නෙ නෑ. :lol:
    අපේ තත්වෙට ගැලපෙන පිරිසක් ආශ්‍රය කරනවා එච්චරයි මොකද බල්ලොත් එක්ක බුදියගත්තොත් මැක්කොත් එක්ක තමා නැගිටින්න වෙන්නෙ. ඒක හීනමානයක් අධිමානයක් වෙන්නත් ඇති ඒත් කරන්න දෙයක් නෑ අපිට වටේ පිටේ හැමෝවම සතුටු කරගෙන ජීවත් වෙන්න බෑ මේ සමාජයේ :D
     
    • Like
    Reactions: BINGU_PUTHA

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ඔය කියන කතාවේ ඇත්තක් තියෙනවා. මේක සංස්කෘතිය හා බැදුණු දෙයක්. අපි හිතමු manager මහත්තය සේවකයන්ට සාමාන්‍ය විදියට කතා කල කියල. එතකොට සමහර සේවකයන් "කරේ ලගින්න" එන ගතියක් තියෙනවා. මේක දෙපාර්ශවයම තේරුම් ගත යුතයි

    aniwa aniwa
    11.gif

    adyapana mattama balapanawane bn hema dekatama :yes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පැටියා;17314827 said:
    මාත් අහල පහල එවුංව පඩේකට ගනං ගන්නෙ නෑ. :lol:
    අපේ තත්වෙට ගැලපෙන පිරිසක් ආශ්‍රය කරනවා එච්චරයි මොකද බල්ලොත් එක්ක බුදියගත්තොත් මැක්කොත් එක්ක තමා නැගිටින්න වෙන්නෙ. ඒක හීනමානයක් අධිමානයක් වෙන්නත් ඇති ඒත් කරන්න දෙයක් නෑ අපිට වටේ පිටේ හැමෝවම සතුටු කරගෙන ජීවත් වෙන්න බෑ මේ සමාජයේ :D

    උඹේ comments දැක්කම මේකට ආපු කළෙම ඒක හිතුන මට. :yes::yes:
    රිදෙයි දැන්..:rofl::rofl:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    පැටියා;17314827 said:
    මාත් අහල පහල එවුංව පඩේකට ගනං ගන්නෙ නෑ. :lol:
    අපේ තත්වෙට ගැලපෙන පිරිසක් ආශ්‍රය කරනවා එච්චරයි මොකද බල්ලොත් එක්ක බුදියගත්තොත් මැක්කොත් එක්ක තමා නැගිටින්න වෙන්නෙ. ඒක හීනමානයක් අධිමානයක් වෙන්නත් ඇති ඒත් කරන්න දෙයක් නෑ අපිට වටේ පිටේ හැමෝවම සතුටු කරගෙන ජීවත් වෙන්න බෑ මේ සමාජයේ :D

    එහෙම ඉන්න එපා :no:. අපි හැමදාම මේ තත්වයේ ඉන්නේ නැහැ. ජීවිතේ කොයි මොහොතක බිද වැටෙද දන්නේ නැහැ.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    පැටියා;17314827 said:
    මාත් අහල පහල එවුංව පඩේකට ගනං ගන්නෙ නෑ. :lol:
    අපේ තත්වෙට ගැලපෙන පිරිසක් ආශ්‍රය කරනවා එච්චරයි මොකද බල්ලොත් එක්ක බුදියගත්තොත් මැක්කොත් එක්ක තමා නැගිටින්න වෙන්නෙ. ඒක හීනමානයක් අධිමානයක් වෙන්නත් ඇති ඒත් කරන්න දෙයක් නෑ අපිට වටේ පිටේ හැමෝවම සතුටු කරගෙන ජීවත් වෙන්න බෑ මේ සමාජයේ :D

    kawuruwath sathu karanna yanna ona ne ban..
    taman moka unath kocchara salli tibunath,haraka baana tibunath ...taman ta tiyena de anunta ne kiyala awatakseru karanna epa.ehema kaloth e dewal ubatath dawasaka ath widinna wenawa...
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පැටියා;17314827 said:
    මාත් අහල පහල එවුංව පඩේකට ගනං ගන්නෙ නෑ. :lol:
    අපේ තත්වෙට ගැලපෙන පිරිසක් ආශ්‍රය කරනවා එච්චරයි මොකද බල්ලොත් එක්ක බුදියගත්තොත් මැක්කොත් එක්ක තමා නැගිටින්න වෙන්නෙ. ඒක හීනමානයක් අධිමානයක් වෙන්නත් ඇති ඒත් කරන්න දෙයක් නෑ අපිට වටේ පිටේ හැමෝවම සතුටු කරගෙන ජීවත් වෙන්න බෑ මේ සමාජයේ :D

    :yes::yes::yes::yes:
    හිතන්න අවට ඉන්න කුඩ්ඩෝ, කසිප්පු කාරයෝ, රස්තියාදු කාරයෝ අයියා, මල්ලි ගගා පස්සෙන් එන්න ගත්තම තියෙන කරදරය. එතකොට අනෙක් මිනිස්සු වුනත් අපි දිහා බලන්නේ වැරැදි විදියටයි. මම නම් කියන්නේ අපි ඕනවට වඩා පොරක් වෙන්න ඕනේ නෑ නමුත් තමන්ගේ තත්වේ තියාගන්නත් දැනගන්න ඕනේ, තමන්ට කියලා ගෞරවයක් තියෙන්න ඕනේ, ඒ ගෞරවය ලැබෙන විදියට මිනිස්සු ආශ්‍රය කරන්න ඕනේ.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :yes::yes::yes::yes:
    හිතන්න අවට ඉන්න කුඩ්ඩෝ, කසිප්පු කාරයෝ, රස්තියාදු කාරයෝ අයියා, මල්ලි ගගා පස්සෙන් එන්න ගත්තම තියෙන කරදරය. එතකොට අනෙක් මිනිස්සු වුනත් අපි දිහා බලන්නේ වැරැදි විදියටයි. මම නම් කියන්නේ අපි ඕනවට වඩා පොරක් වෙන්න ඕනේ නෑ නමුත් තමන්ගේ තත්වේ තියාගන්නත් දැනගන්න ඕනේ, තමන්ට කියලා ගෞරවයක් තියෙන්න ඕනේ, ඒ ගෞරවය ලැබෙන විදියට මිනිස්සු ආශ්‍රය කරන්න ඕනේ.

    අඩෝ අනේ මන්ද බන්.. මට මිනිස්සු එක්ක කථා කරන්න දෙයක් නැහැ බන්. :baffled::baffled:මිනිහෙක් මුනට මුණ හම්බුනාම පොඩි හිනාවක් දාල මගේ ගමන යනවා මිසක් මට කථා කරන්න මුකුත් මතක් වෙන්නේ නැහැනේ බන්.
    අන්තිමට අර මිනිස්සු මට බැන බැන යනවා හම්බුනාම කථා කරන්නේ නැහැ හෙන ලොකු කම කියල :( :(
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අඩෝ අනේ මන්ද බන්.. මට මිනිස්සු එක්ක කථා කරන්න දෙයක් නැහැ බන්. :baffled::baffled:මිනිහෙක් මුනට මුණ හම්බුනාම පොඩි හිනාවක් දාල මගේ ගමන යනවා මිසක් මට කථා කරන්න මුකුත් මතක් වෙන්නේ නැහැනේ බන්.
    අන්තිමට අර මිනිස්සු මට බැන බැන යනවා හම්බුනාම කථා කරන්නේ නැහැ හෙන ලොකු කම කියල :( :(

    එහෙම කථා කරන්න ඕනේ නෑ බන්, පොඩ්ඩක් හිනාවෙන්න ඒ ඇති. මිනිස්සුන්ටද කියන්න දේවල් නැත්තේ. ණයට ඉල්ලුවම බෑ කිව්වම ඒකට බැන බැන යයි ණය දුන්නේ නෑ කියලා, ගෙදර මොනවා හරි ඉල්ලුවම නෑ කිව්වම බෑ කිව්ව ඒකට බැන බැන යයි දුන්නේ නෑ කියලා, උදව්වක් ඉල්ලුවාම ඒක කරන්න බැරි වුනාම ඒකට බැන බැන යයි, මිනිස්සුන්ට බනින්න දේවල් කෝටියයි.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එහෙම කථා කරන්න ඕනේ නෑ බන්, පොඩ්ඩක් හිනාවෙන්න ඒ ඇති. මිනිස්සුන්ටද කියන්න දේවල් නැත්තේ. ණයට ඉල්ලුවම බෑ කිව්වම ඒකට බැන බැන යයි ණය දුන්නේ නෑ කියලා, ගෙදර මොනවා හරි ඉල්ලුවම නෑ කිව්වම බෑ කිව්ව ඒකට බැන බැන යයි දුන්නේ නෑ කියලා, උදව්වක් ඉල්ලුවාම ඒක කරන්න බැරි වුනාම ඒකට බැන බැන යයි, මිනිස්සුන්ට බනින්න දේවල් කෝටියයි.

    අඩේ සිරා.. නැති හින්ද නැහැ කිව්වත් බැන බැන යනවා ලෝබයා කියල. යකෝ නැති හින්දනේ නැහැ කියන්නේ රෙද්ද. :angry::angry:
    තිබිල දුන්නත් අන්තිමට අපි අමාරුවේ.
    එකෙක්ට පවුම් 20ක් දුන්න, හෙට දෙන්නම් කියල ගත්තේ. දැන් මාස 2දෙකකුත් පහුවෙලා. :baffled:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    අඩේ සිරා.. නැති හින්ද නැහැ කිව්වත් බැන බැන යනවා ලෝබයා කියල. යකෝ නැති හින්දනේ නැහැ කියන්නේ රෙද්ද. :angry::angry:
    තිබිල දුන්නත් අන්තිමට අපි අමාරුවේ.
    එකෙක්ට පවුම් 20ක් දුන්න, හෙට දෙන්නම් කියල ගත්තේ. දැන් මාස 2දෙකකුත් පහුවෙලා. :baffled:

    uk wala heta kiyanne mehe heta kiyana ekata nemei wenna athi bn :P
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    අඩේ සිරා.. නැති හින්ද නැහැ කිව්වත් බැන බැන යනවා ලෝබයා කියල. යකෝ නැති හින්දනේ නැහැ කියන්නේ රෙද්ද. :angry::angry:
    තිබිල දුන්නත් අන්තිමට අපි අමාරුවේ.
    එකෙක්ට පවුම් 20ක් දුන්න, හෙට දෙන්නම් කියල ගත්තේ. දැන් මාස 2දෙකකුත් පහුවෙලා. :baffled:

    ඕක සුහදත්වය misuse කිරීමක් විදියට තමයි මට පෙන්නේ. සුහදත්වයෙන් එනකොට අනිත් එක්කෙනා බලනවා, මුව අන්දලා කියක් හරි කඩා ගන්න.