කාටත් වැළදෙන පොදු ලෙඩක් (බය වෙන්න එපා ..සුවක&a
මේ නුල දාන්න හිතුවේ මට ඇහුන සිද්දි දෙකක් නිසා.
(1) විශ්‍රාමලත් රජයේ කන්තෝරුවක වැඩකරපු මහත්තයෙක්, ගමේ හාමුදුනමක් හම්බවෙන්න ගියා පොඩි වැඩකට (පිරිත් නුල් ටිකක් ගන්න ද කොහෙ, මට හරියට මතක නැහැ ). ඉතින් හාමුදුරුවෝ කිව්වා මම මේ වෙලාවේ වෙන වැඩක යෙදීල ඉන්නේ, මහත්තය තව පැයකින් හරි හවස් වරුවේ හරි එන්න කියල. මහත්තයට මේකට හොදටම තදවෙලා හාමුදුරුවොයි එක්ක වාදයක් ගියා. මහත්තය ඇහුව "මේකට විනාඩි දහයක් යාවි. ඇයි ඔබ වහන්සේට ඕක කරලා දෙන්න බැරි කියල". එදායින් පස්සේ මහත්තයයි එයාගේ නැද පිරිසයි ගමේ පන්සලත් එක්ක තියෙන සම්බන්දෙ නැති වුන. දානයක් වත් දුන්නේ නැහැ. මේ කතාව අපිට කිව්වේ තව ස්වාමින්වහන්සේ නමක්.
(2) දෙමව්පියන් එක්තරා උත්සවයකදී, මගේ යාලුවෙක්ගෙ තාත්ත කෙන්ක් (හමුදාවේ විශ්‍රාමලත් ඉහල නිලදාරියෙක් ) හම්බවෙලා අදුරගෙන සන්තෝසෙන් කිව්වා, ඔයයි අපේ පුතයි දෙන්න එක පන්තියේ ඉගෙන ගත්ත කියල. එය ඔලුව යන්තම් හරවල කිව්වා "හා ඇත්තද" කියල. කතාව එච්චරයි.
පලවෙනි කරනේදී, අපිට කතාව කියපු හාමුදුරුවෝ කිව්වා අර හාමුදුරුවන් කරපු දේ අනුමත කරන්න බැහැ කියල. ඒ විතරක් නෙවි. රජයේ කන්තෝරුවක වැඩ කරලා පුරුද්දට සමාජයේ අනිත් අයට (කනිෂ්ට සේවකයන්ට වගේ), බල කරලා, නියෝග දීල වැඩ කරවගන්න එක වැරදියි කියල.
දෙවෙනි කරණයේදී, ඒ මනුස්සයට අඩුමගානේ පොඩ්ඩක් දෙමව්පියන් එක්ක සුහදව කතා කරන්න තිබ්බ.
මේ අපි හැමෝටම තියෙන ලෙඩක්.
මේ ලෝකෙදි අපි "පොරක්" කියල හිතෙන අවස්ථා බොහොමයි. ආණ්ඩුවේ ඉහල තනතුරක් දැරීම, දොස්තර කෙනෙකු වීම, ඉංජිනේරුවෙක් වීම, ලක්ෂගණන් හම්බහරන වියපරිකයෙකු වීම, manager මහත්තයකු වීම, ආචාර්ය උපාදිය වගේ දේවල් තිබීම වගේ දේවල්.
සාමාන්‍යයෙන් ජීවිතේ ලොකු ලොකු achievements ලබගත්තහම් සාමාන්‍ය මිනිස්සුත් එක්ක හොදින් වෙනදාටත් වැඩ සුහදව ඉන්න ඕන. මොකද ලෝකෙට පොරක් කියල අමුතුවෙන් පෙන්නන ඕන නැහැ. අපි කවුරුත් මිනිස්සු. එත් මම දැකපු ලොකු ලොකු අය සැලකිය යුතු පිරිසක් ඉන්නේ පුදුම මාන්නයෙන්. ඒ අයට අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.
දොස්තර කෙනෙක් ලගට රෝගියෙක් එනව නම්, මතක තිය ගන්න ඕන දොස්තර ජීවත් වන්නේ රෝගියා නිසා කියල. රෝගියාත් එක්ක කට ඇරලා හොදින් සිනාසීම, සැහැල්ලුවෙන් කතා කිරීම, පොඩි විහිළුවක් කිරීම; රෝගියාත් එක්ක හොද සබදතාවයක් ඇති කරගන්න රුකුලක්. සමහර ලෝක ප්‍රසිද්ද professor ල, conference එහෙම ගිහාම පාරේ පොඩි දෙයක් අරගෙන (hotdog වගේ ) පාරේ අයිනේ වාඩි වෙලා කකා ඉන්නවා මම දැකල තියෙනවා. කතා කරන්නේ මුණ පුර හිනා වෙලා. බොහොම සැහැල්ලු සුන්දර මිනිස්සු.
ලෝකේ කොච්චර ලස්සනද මිනිස්සු ලොකු කම් අතහැරලා එක වගේ ඉන්න පුළුවන් නම්. ඔයගොල්ලන්ටත් මේ ලෙඩේ තියෙනවද?

Last edited:

. අපි හැමදාම මේ තත්වයේ ඉන්නේ නැහැ. ජීවිතේ කොයි මොහොතක බිද වැටෙද දන්නේ නැහැ.