නායයෑම_ගැන

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    P04main_2.jpg


    කොස්‌ලන්ද හල්දුමුල්ල මීරියබැද්ද වතුයායේ සිදුවූ බිහිසුණු නායයැමේ සිද්ධියෙන් පසු රජයේ ඇමැතිවරයකු පැවසුවේ පදිංචිකරුවන් අනතුරුඇගවීම ගැන තැකීමක්‌ නැති බවයි. එහෙත් මෙරට ආණ්‌ඩු නාය යැම් වළක්‌වා ගැනීමට නිසි පියවර ගෙන තිබේද? නාය යැම් වලක්‌වා ගැනීමේ සිදුවීම් ස්‌විට්‌සර්ලන්තය, ජපානය ඇතුළු විවිධ රටවල ද සිදුවීමෙන් පසු එකී ආණ්‌ඩුවල බලධාරීහු නිසි පියවර ගෙන තිබිණි. මෑතකදී දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ වම්පස කන්දක නාය යැමක්‌ සිදු වුවත් එය අධිවේගී මාර්ගය වෙත කඩා නොවැටීම නිසා වාහනවල සහ පිරිස්‌ ගැලවුණි.

    IMG_0504.jpg

    අපේ රටේ විවිධ පාර්ශව නාය යැම් ගැන හඬ නගන්නේ යළි විපතක්‌ සිදුවීමෙන් පසුවය. ඉන්පසු සතියකින් එය අමතකවේ සුනාමි විපත ගැන වාර්තා වුවත් දකුණේ සිට පැමිණි දුම්රිය අම්බලන්ගොඩ පසුකිරීමෙන් පසු නතර කර ගැනීමේ ක්‍රියාමාර්ගයක්‌ නොතිබීමෙන් මගීහු විශාල පිරිසක්‌ මරුමුවට පත් වූහ. මේ පසුබිම මැද අපේ දේශපාලනඥයෝ විවිධ සම්මන්ත්‍රණ උදෙසා ස්‌විට්‌සර්ලන්තය ඇතුළු රටවලට යති එහෙත් ස්‌විස්‌ බලධාරීහු කඳු නාය යැමෙන් වලක්‌වා ගත හැකි රැකවරණ ව්‍යාපෘති හෙවත් බාධක කෙරේ අවධානය යොමුකර තිබුණි.

    ස්‌විට්‌සර්ලන්තය ස්‌වාභාවික විපත් වළක්‌වා ගැනීමේ ක්‍රමවේදයන් රැසක්‌ දියත් කර තිබේ. එහෙත් අපේ රටේ බුද්ධි ඒකකයක්‌ නැතිවීමෙන් අනාගතයේදී සිදුවිය හැකි විපත් වළක්‌වා ගැනීමට නොහැකි වී ඇත.

    ස්‌විස්‌ කඳුකර ප්‍රදේශ විමර්ශනය කරන විට අධික වර්ෂාවට සහ පස බුරුල්වීම යන කරුණු මත නාය යැම් සිදුවන බව ස්‌විස්‌ බලධාරීහු අවබෝධ කරගෙන තිබිණි. ඒ සඳහා කෘත්‍රිම බාධක ස්‌ථාපිත කිරීමට ස්‌විස්‌ ඉංජිනේරුවන් ක්‍රියාකර තිබේ. ඉන් විපත් අඩුකර ගැනීමට හැකි වී ඇත. ස්‌විස්‌ ඉංජිනේරුවන් කඳු නාය යැමෙන් වලක්‌වා ගැනීම සඳහා ශක්‌තිමත් වානේ බාධක ඉදිකර තිබේ. ඉන් නාය යැමේ වේගය අඩුවේ. ස්‌විට්‌සර්ලන්තයේ සංචාරය කරන විට උස්‌ කඳුවල සවිකර ඇති එවන් වානේ බාධක දක්‌නට ලැබේ. එහෙත් ශ්‍රී ලංකාවේ කඳුකරය එපමණ උසකින් යුක්‌ත නොවේ. නාය යැම් වලක්‌වා ගැනීම සඳහා වානේ බාධක ඉදිකිරීමේ කිසිදු ව්‍යාපෘතියක්‌ මේ දක්‌වා ආරම්භ කිරීමට ක්‍රියාකර නැත.

    මෙවන් පසුබිමක්‌ මැද ආපදා කළමනාකරණය විහිළුවකි. ස්‌වාභාවික විපත් වළක්‌වා ගත නොහැකි යෑයි යම් පාර්ශව තර්ක කිරීමට ඉඩ ඇත. එසේ නම් ස්‌විට්‌සර්ලන්තය ප්‍රමුඛ යුරෝපා රටවල් සහ ජපානය චීනය වැනි රටවල් නාය යැම් බොහෝ දුරට වළක්‌වා ගන්නේ කෙසේද?


    IMG_1484.JPG

    මෙයට කලකට පෙර ප්‍රංශයේ ඇල්ප්ස්‌ කඳුකරයේ හා මොන්ට්‌ බ්ලැන්ක්‌a කඳු ප්‍රදේශයේ නාය යැම් ඇතිවුවත් වානේ බාධක නිසා විපත් සිදුවී නැත.

    නාය යැම් ගැන අනතුරු ඇගවීම පමණක්‌ ප්‍රමාණවත් නැත. එකී නාය යැම් ඇතිවිය හැකි බවට සැකකෙරෙන කඳු ප්‍රදේශවල කෘත්‍රිම බාධක ස්‌ථාපිත කිරීම ද කළ යුතුවේ. මෙතෙක්‌ ශ්‍රී ලංකාවේ එවන් ව්‍යාපෘතියක්‌ දියත් වී නැති බව පැහැදිලිය.

    ස්‌විස්‌ ඉංජිනේරුවන් මෑතකදී මීටර් 12 බැගින් යුත් වනේ නල යොදවා නාය යැම වැළැක්‌වීමට අත්හදා බැලීම් සිදු කළ අතර එය සාර්ථක වී ඇත.

    creep5diagram.GIF

    එසේම නාය යැම් සිදුවන කඳුකර ප්‍රදේශ ශක්‌තිමත් වානෙ නලවලින් ආවරණය කිරීමද සිදුකර තිබේ. ඉන් නාය යැම්වල වේගවත් බව අඩු කරන බව ස්‌විස්‌ ඉංජිනේරුවන් පිරිසක්‌ පෙන්නුම් කර තිබේ.

    අධිවේගී මාර්ග ඉදිකරන ශ්‍රී ලංකාව නාය යැම් වළක්‌වා ගැනීම සඳහා වූ ව්‍යාපෘති ක්‍රියාත්මක නොකරන්නේ මන්ද යන්න ගැන දැන්වත් අවධානය යොමු කළ යුතුයි. එහෙත් එම ව්‍යාපෘති ගැන අවධානය යොමු වුවත් ඒ පිළිගත් විදේශ කොන්ත්‍රාත්කරුවන්ට මිසක්‌ අපේ රටේ බාල අමුද්‍රව්‍ය යොදා මුදල් ගසා කන පාර්ශවවලට එකී කාර්යභාරය නොදිය යුතුයි.

    මේ හැර කඳුකරයේ ගස්‌ කපන්නන් සහ කඳු කපා අවන්හල් ඉදිකරන්නන් ගැන ද විමර්ශනය කළ යුතු වේ. ස්‌විට්‌සර්ලන්තය වැනි කඳුවල ඇති ගස්‌ කැපීමට ඉඩදෙන්නේ නැත. ඉන් පස්‌ බුරුල්වන බව පාරිසරික විද්‍යාඥයන් පවසති. එහෙත් අපේ රටේ පරිසරය ගැන කිසිවකු තැකීමක්‌ කරන්නේ නැත. පරිසරය මතක්‌ වන්නේ විනාශකාරී විපත් සිදුවූ විටය. මෙයට වසර ගණනාවකට පෙර ඉංග්‍රීසීහු උඩරට දුම්රිය මාර්ගය ඉදිකරනු ලැබීය. එහෙත් නාය යැම් සිදු වූයේ නැත. වසර ගණනකට පසු නාය යැම් සිදුවුයේ අපේ විවිධ පාර්ශව ස්‌වභාවික පරිසරය විනාශ කිරීමේ ප්‍රතිඵලය නිසාය.

    ස්‌විට්‌සර්ලන්තයේ නාය යැම් නිසා වසරකට ස්‌විස්‌ ප්‍රෑන්ක්‌ මිලියන 30 ක අලාභයක්‌ සිදුවුවත් සිවිල් ජනතාව මිය යැම අඩු වී ඇත. එසේම සෑම වසර පහකට වතාවක්‌ම ස්‌විට්‌සර්ලන්තයේ නාය යැම් ඇතිවන ප්‍රදේශවල සිතියම අලුත් කෙරෙයි. සෑම ස්‌විස්‌ ප්‍රාන්තයකම නාය යැම්වලට ලක්‌වන ස්‌ථාන ගැන තොරතුරු දක්‌වන ලෙස ස්‌විස්‌ රජය නියෝග කර ඇත.

    එහෙත් ශ්‍රී ලංකාවේ එවැනි ක්‍රියාමාර්ග සිදුවන්නේද? නාය යැම් සිදුවන ප්‍රදේශ සඳහා රැකවරණ ක්‍රියාමාර්ග ගැනීමේ ක්‍රමවේදයක්‌ ක්‍රියාත්මක මෙරට තුළ ක්‍රියාත්මක නොවේ. විපතක්‌ සිදුවූ විට විද්යුත් මාධ්‍යවලින් මුහුණත් තහඩුව පෙන්නුම් කරනවාට වඩා අවශ්‍ය වී ඇත්තේ එවන් ක්‍රමවේදයකි.

    කීර්ති වර්ණකුලසූරිය

     
    • Like
    Reactions: isuru_feat

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    owa ape rate palakayanta wadak na ban...ochchara one na..balahan nikan parak diha...walak wadunoth eka wahanne itin ekek watila malata passe..moko marenne unge lamai nemeine......
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    patta mcn rep +

    owa ape rate palakayanta wadak na ban...ochchara one na..balahan nikan parak diha...walak wadunoth eka wahanne itin ekek watila malata passe..moko marenne unge lamai nemeine......

    ඕවා හදපුවාම 50% ක් කමිෂන් ගන්න පුලුවන්ද? එහෙනම් සලකල බලන්නම්

    good post.

    thanks
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ස්තුතියි මචන් කාලීන ලිපියක් බෙදාගත්තට.

    අපේ ඉතින් අවදානමට පෙර සුදානම නෙමෙයි පසු තමයි සුදානම් වෙන්නේ. අපේ රටේ ජනතාවත් මචන් වැඩිය තැකීමක් කරන්නේ නෑ ඕවා ගැන. අපි වුනත් හිතන් ඉන්නේ අපේ රට අනිත් රටවල් වගේ නෙමෙයි ස්වාභවික විපත් වෙන්නේ නෑ හරි හොඳ රට කියලනේ. ප්‍රශ්නේ තියෙන්නේ අපි අපිට තියන අවදානම් හඳුනාගෙන නෑ, නැතුව අපේ රටට අවදානම් නැතුව නෙමෙයි උදා: සුනාමි. එහෙමත් නැත්තම් අවදානම නිසියාකාරව කළමනාකරණය කරගෙන නෑ. උදා: කොස්ලන්ද නායයෑම. අනිත් එක දැන් පාසල් අධ්‍යාපනයේ වුනත් ස්වභාවික ව්‍යසන පිළිබඳව උගන්නනවද දන්නේ නෑ. අපේ කාලෙනම් එහෙම විශේෂ ඉගැන්වීමක් තිබ්බේ නෑ මතක හැටියට.

    මං දැක්කා ඔය ආපදා කළමනාකරණ ඇමතිතුමා කියනවා ඔය නායයෑම සිද්ධ වෙච්ච තැන මිනිස්සු එතනින් අයින් කරන්න බලතල නෑ හැබැයි අපි ඉඩම් දුන්නා කියලා. ඒ සමහර කට්ටිය පදිංචි වුනා. අනිත් අය ගියේ නෑ කියලා. අපේ රටේ වැඩ වර්ජන, උද්ගෝෂණ නවත්තන්න අධිකරණ නියෝග ගන්න පුළුවන්, හැබැයි ඔය වගේ තැනකින් මිනිස්සු අයින් කරන්න උසාවි නියෝග ගන්න බැරිද? අනිත් එක ආපදා කළමනාකරණය වගේ අමාත්‍යංශයකට පනතක් සම්මත කරලා ඔය වගේ බලතල ලබාගන්න බැරිද? මට ඔය ප්‍රශ්න තමයි හිතට ආවේ ඇමතිතුමාගේ කතාව අහලා. අනිත් එක ඉඩම් දුන්න පලියට මිනිස්සු ඔතනින් යන්නෙත් නෑ මොකද ගෙවල් හදන්නත් යම් මුදලක් අවශ්‍ය නිසා. ගෙවල් හදන්න සල්ලි දුන්න කියලනම් කියනවා ඇහුනේ නෑ මට.

    කොහොම වුනත් අපේ ජනතාව මිට වැඩිය අවධානම් පිළිබඳව සල්කිලිමත්වෙන්න පුරුදු වෙන්න ඕනේ. සිවිල් සංවිධාන බිහිවෙන්න ඕනේ. මොකද මොන පක්ෂය හිටියත් ජනතාව ගැන බොක්කෙන් හිතන්නේ නැති හින්දා.
     

    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    සිවිල් සංවිධාන බිහිවෙන්න ඕනේ. මොකද මොන පක්ෂය හිටියත් ජනතාව ගැන බොක්කෙන් හිතන්නේ නැති හින්දා.


    :yes::yes::yes:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මචං , මේකෙන් මුදල් ගසාකන ක්‍රමයක් ගැන කියල දුන්නොත් නම් බලධාරින්ගේ අවධානය ඔය පිළිබද යොමුවේවි..
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ඉස්සර ඉස්කෝලෙත් ඉගෙන ගත්තා පාංශු ඛාදනේ ගුටි ලේයර් ක්‍රමේ ගැන.
    වැඩේ තියෙන්නේ ඉස්ස්කොලේ ගිය උන් නෙමෙයිනේ අදාල ස්ථානවල ලොකු පුටු වල ඉන්නේ..