අන්ධ_සොයුරියන්_දෙදෙනා_මුල්වරට_ලෝකය_දකින_&#3520

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,209
    25,966
    113
    29
    ලොවෙත් නැති තැනක
    අන්ධ_සොයුරියන්_දෙදෙනා_මුල්වරට_ලෝකය_දකින_&#3520

    මේ ලෝකේ සුන්දරත්වය අපේ ඇස් දෙකෙන් දකින්න, දැකලා ඒ සුන්දරත්වය විඳින්න අපි හැමෝම කැමතියි. ඒ වගේම අපේ දෙමාපියන්ගේ ආදරය, කරුණාව විඳින්න වගේම ඒ අය එක්ක එකතුවෙලා සෙල්ලම් කරන්න, හුරතල් වෙන්නත් අපි හැමෝම කැමතියි.

    ඒත් ඒ හැමදේම දකින්න අපේ ඇස් දෙක පේන්නේ නැති වුනත් ? ඇත්තටම ඒ විදියට තමන්ගේ අම්මා, තාත්තා එක්ක ඇස් නොපෙනී ජීවත් වෙන ළමයි ඕනිතරම් මේ ලෝකේ ඉන්නවා. ස්පර්ශයෙන් විතරක් අම්මා, තාත්තා ගැන දැනගන්න ඒ අය මොන තරම් ආසාවෙන් ඇතිද තමන්ගේ
    ඇස්වලින්ම තමන්ට පණවගේ ආදරය කරන අයව දැකගන්න.
    මේ විදියට තමන්ගේ ඇස් නොපෙනී, ඒත් ආදරයෙන් තමන්ගේ පවුලත් එක්ක ජීවත්වෙන සහෝදරියෝ දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්නා හැමදේම අතින් අල්ලලා හදුනගත්තත්, ඇස් වලින් බලන්න හරිම ආසාවෙන් තමයි ඉන්නේ. හැබැයි අම්මටයි තාත්තටයි මෙයාලාගේ ඇස්දෙක හොඳ කරලා පෙනීම ලබාදෙන්න තරම් වත්කමක් නෑ.

    ඒත් දවසක් මේ සහෝදරියෝ දෙන්නා ලෝකේ දකින්න ආසාවෙන් ඉන්න අහිංසක බලාපොරොත්තුව ඉෂ්ට වෙනවා. මේ දෙන්නාට විනාඩි 15ක සැත්කමක් කරන්න වෛද්‍යවරු කටයුතු කරනවා. උපතින්ම අන්ධවෙලා හිටිය මේ දෙන්නට දෙන්නා කවදාවත් දැකලා නොතිබුණු නිසා ඒ අපූරු මොහොත එනකම් සහෝදරියෝ දෙන්නා ඉවසිල්ලක් නැතිව බලන් හිටියා.

    අන්තිමට ඒ දවස උදාවුනා. කියාගන්න බැරි සතුටු මුහුණකින් දෙන්නට දෙන්නා බලාගෙන හිටියා. මේ දෙන්නාගේ ඇස් පෙනීම ගැන හැමෝටම වඩා සතුටු වුනේ එයාලගේ අම්මයි තාත්තයි. ඔවුන්ගේ ජීවිත කතාව කැටිකොට වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට නිකුත්වී අවසානයි. භ්එසදබ්ක ඨැදටර්චයසජ හි පළවුනු මේ වීඩියෝව නරඹන ඔබගේ දෑසටත් කඳුලක් එක්වන නොඅනුමානයි.