සිංහල කොල්ලන්ට මොකද වෙන්නේ

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සිංහල කොල්ලන්ට මොකද වෙන්නේ

    මේක ලියන්න හිතුනේ යම් සිද්දියක් නිසා.

    එක ඉලෙක්ට්‍රිකල් නිශ්පාදන සම්බන්ද අලුත් ආයතනයකට අලුතෙන් සේවකයෝ වගයක් ඕනේ වෙලා ඉන්ටවිව් එකක් තිබ්බ, මේ ආයතනය කරපු අය මුලින්ම තීරනේ කරල තිබ්බේ මේකට සිංහල බෞද්ද කොල්ලො විතරක් ගන්නව කියල. (කෙල්ලො ගත්තහම ලංකාවේ ලේබර් රූල් එකත් එක්ක ටිකක් අමාරුයිලු ). ඕකේ තනතුරු වර්ග දෙකකට ඉන්ටවිව් කලාලු. එකක් තමයි ඇසෙම්බල් කරන්න සාමාන්‍ය ප්‍රඩක්ශන් ලයින් එකට දාන්න නුපුහුනු සේවකයෝ(මේකට කෙල්ලොත් අරගත්තලු). සුදුසුකම ඕලෙවල් සමත්. පඩිය සාමාන්නෙන් 20000ක් වගේ. ඒකට සෑහෙන්න අයදුම්පත් ඇවිත් කිසි කරදරයක් නැතුව කට්ටිය සෙට් කරගත්තලු. ඔෆිස් වැඩ වලටත් හොද කෙල්ලෝ දෙන්නෙක් කිසි අව්ලක් නැතුව සුදුසුකම් එක්ක සෙට් උනාලු. ඊට පස්සේ සුපවයිසර් වැඩේ.කොල්ලෝ විතරයි, මේකෙදි සුපවයිසර් කිව්වට ඒ පුද්ගලය තමයි මැනේජර්ට රිපොර්ට් කරලා ප්‍රඩක්ශන් ලයින් එකේ සියලු වැඩ බලන්නේ සේවකයෝ පාලනය කරගෙන. ශිෆ්ට් දෙකට 6 ගානේ 12ක් ගන්න තමයි අදහස් කරන් ඉදල තියෙන්නේ. මේකෙදි සුදුසු කම තමා ඒ ලෙවල් ගනිත අංශයෙන් උසස්පෙල සමත්. ඒ වගේම හොද පෞරුශයක් "පිරිමි පෙනුමක්" තියෙන කොල්ලො තමයි හොයල තියෙන්නේ. අර පජාත දියනි එකේ ඉන්න කොරියන් කොල්ලෝ වගේ සෙවලයෝ නෙමේ. අනික ඉන්ටවිව් එකේදි අර කොමන් සෙන්ස් කියන ජාතිය පොඩ්ඩක් තියෙන ජාතියේ මනුස්ස පරාන තමයි තෝරන්න බලල තියෙන්නේ. පඩිය මුලු එකතුව එක්ක 35000ක් වගේ වැටෙනවා ආරම්භයෙදිම. උබලා විශ්වාස කරනවනම් විශ්වාස කරපල්ලා මාතලේ දිස්ත්‍රික්කෙන් පිරිමියෙක් කියන්න පුලුවන් ඇගේ පාංකාලක් කන්න මස් තියෙන පෙනුම සහිත උසස්පෙල ගනිත අංශයෙන් උසස්පෙල සබ්ජෙක්ට් තුන පාස් කොල්ලෝ 12ක් හොයාගන්න බැරිවෙලා තියෙනවා. මේකාලේ ආන්ඩුවේ ජොබ් වලට උපාදි කාරයෝ (උපාඩිකාරයෝ කිව්වට විජය කුමාරයා ලංකාවට ආපු එක, කුවේනිගේ බලා ටොමී හම්බ වෙච්ච එක පිලිබදව එහෙම උපාදි තියෙන අයනේ ආන්ඩුවේ පත්වීම් වලට වැඩිපුරම යන්නේ ) ගන්නෙත් 22000ස් ගානක පඩියකට ඒ නිසා ඒලෙවල් මැතෙන් පාස් එකෙක්ට 35ක් කියන්නේ සාදාරන ආරම්භක වැටුපක් කියලා හිතන්න පුලුවන්නේ. අනික මාතලේ වගේ දිස්ත්‍රික්කෙක. වැඩේ කියන්නේ ලැබිච්ච සොච්චම් CV වලින් එක කොල්ලෙක්ගෙන් CV එකක් එද්දි කෙල්ලෝ 4ක් 5ක් වගේ අනුපාතයකට CV එවල තිබ්බලු.ඕන් ඒකෙනුත් පනිවිඩයක් තියෙනවා හොද කෙල්ලෝ නෑ නෑ ගගා බස් හෝල්ට් ගානේ පාරවල් ගානේ ටෝක් කරගන්න හොද කෙල්ලො හොයන උන්ට කියන්න තියෙන්නේ කෙල්ලෝ නෙමේ නැත්තේ කෙල්ලන්ට බදින්න හරි හමන් කොල්ලොයි නැත්තේ කියල.

    මම අහල තියෙනවා අපේ සම්පත් බැංකුවේ අශෝක මහත්තය කියනවා සම්පත් බැංකුවේ අයදුම් පත් ගන්නකොටත් ඇඩෙනවලු


    සිංහල ජාතිය ගොඩදාන්නනම් අපි පුක ඉරාන කෑගහලා විතරක් හරියන්නේ නෑ බොලව්. ඉගෙනගනිල්ලා. නිකන් කාලකන්නි නොවී. අදටත් කව්රු කොහොම කිව්වත් නිදහස් අද්‍යාපනේ පිහිටෙන් දුප්පත් කොල්ලෙක්ට උඩට එන්න බැරිකමක් නෑ. මමනම් කියන්න ලැජ්ජ නෑ මට වියදම් කරන්න ලොකු සල්ලියක් ඒ කාලේ තිබ්බේ නෑ. මම ඉගෙනගත්තේ නිදහස් අද්‍යාපනෙන්. එතනින් එහාට මගේ මහන්සියෙන්. අද ඔලුව කෙලින් තියන් ඉන්නේ යමක් ඉගෙනගත්ත නිසා. නිදහස් අද්‍යාපනෙන් වැඩ ගනිල්ලා සල්ලි නැත්නම්. අදටත් ආසියාවේ තියා මේ ලෝකේ කොහෙවත් නැති චාන්ස් එකක් අපිට තියෙනවා.දෙමව්පියන්ට සල්ලි තියෙන උනුත් ඒවා විනාස කර කරා පොර ටෝක් දිදී ඉන්නේ නැතුව හොදට වියදම් කරලා ඉගෙනගනිල්ලා. ඉගෙනගත්තොත් ගොඩ. ඔය ජොබ් කරන අව්රුදු 20 ගනන් වල(20-30) ඉන්න උනුත් මොන මොනවා හරි කරපල්ලා නිමාඩු දවසට නිකන් බුල ගගහා ඉන්නේ නැතුව.නැත්නම් බැන්ද කාලේක ගෑනිට විතරක් නෙමේ දරුවෝ ඉපදුනාම උන්ටත් උබලට චාටර් වෙන්න වෙනවා. අපිට ලැබිච්ච මනුස්ස ජීවිතේ උපතින් ලැබිච්ච කරුම තියෙනවනම් ඒවත් කපල දාල පොලිශ් කරලා ඔපේ දාගන්න අපිට මේ ලෝකෙන් දෙන චාන්ස් එක තමයි අද්‍යාපනේ කියන්නේ. ඒ චාන්ස් එකෙන් වැඩක් ගනිල්ලා. මේ එලකිරියේ බහුතරයක් ඉන්නේ අව් රුදු 25ට 26ට අඩු අය, උබලා දැන්ම හිතට අරන් දැනටමත් ඉගෙනගන්න අය හොදට දිරිමත් වේවා කියල මම ප්‍රාර්තනා කරනවා. අනිත් උනුත් හරි පාරකට බැහැපල්ලා පරක්කු නොවී. මෙහෙම ගියොත්නම් ජාතියක් ඉතුරු වෙන්නේ නෑ. උබලා උදේ ඉදන් පතුරු අරින පාරේ බොක දාන උන් ඉන්න ඉන්දියාවේ උන් අද්‍යාපනෙන් යන දුර උබලට අපිට හිතාගන්නවත් බෑ බන්. අපේ රටේ කාලකන්නි දේශපාලනුත් පර්මිට් එකට, ටැක්ස් එකට, රුපියල් 100යේ 200යේ හිගන පඩි වැඩිවීම් වලට අපේ උන්ව කෙල හලෝනවා මිසක් කිසිම වැඩපිලිවෙලක් නෑ රටේ උන්ට හරියට උගන්නන්න, උගන්නලා තැනකට ගන්න. ටෙක් වේලෙනවා ලමයි නැතුව. මොකෝ අපේ සමහර උන්ට ඒලෙවල් ෆේල් උනත් ටෙක් එකකට ගිහින් මැකෑනි වැඩක් ඉගෙනගන්න ලැජ්ජයි. ඒ උනාට කතා කරන්නේ Bsc එක අතඇරලා Msc කෙලින්ම කරන විදිහ

    ඉගෙනගත්ත කාලේ ඒක බැරි උනානම් දැන් කරන්නත් බැරිනම් එක එකාවට වහල් ජොබ් කර කරා ඉන්නේ නැතුව හරි, ගෙදරට කාලකන්නි වෙවී ඉන්නේ නැතුව හරි තමන්ගේ බිස්නස් එකක් බින්දුවේ ඉදන් පටන් අරන් ගොඩදාගන්න බලපල්ලා. අද්‍යාපනේ කෙසේවෙතත් බුද්දිය තියෙනවනම් ව්‍යාපාරික ලෝකේ ඉහලටම නැග්ගහැකි. එහෙම කරපු සිද්දාලේප මුදලාලි ඕදිරිස් මුදලාලි වගේ මිනිස්සු ඕනේ තරම් ඉන්නව

    යුදෙව්වෝ බුද්දිය අද්‍යාපනේ පාවිච්චි කරලා උන්ගේ ජාතිය හැදුවා වගේ මෙහෙම ගියොත් ජාතිය විනාස කරන්නේ අපේ සිංහල කොල්ලොමයි... කාලකන්නි වෙන වෙන්ඩ හදන වෙච්ච සිංහල කොල්ලොමයි

    දැන් දැන් ඉන්න හුගක් උන්ගේ උත්සාහය උනන්දුව බින්දුවයි... හැබැයි එහෙම උන් අතරේ උබට පුලුවන් ලේසියෙන්ම පොරක් වෙන්න.. රියල් පොරක් වෙන්න. අවශ්‍ය වන්නේ උත්සාහය උනන්දුව පමනයි.... පමනමයි!!!!:yes::yes::yes:

    ගුණදාස කපුගේගේ "අල්ලට සිල්ප සිගා" කියන සින්දුවේ මෙහෙම කියනවා


    රන් අකුරින් නම ලියවුනු
    රංකැටි පුතුනට පමනයි
    සිංහාසන සැදුනේ... සිංහාසන සැදුනේ​



    එහෙම නැතුව අපතයන්ට නෙමේ
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    අනේ මන්දා මාතලේ පැත්තෙ ඔහොම උනා කිව්වාමත් පුදුමයි,කාලොචිත ත්‍රෙඩ් එකක්...

    You must spread some Reputation around before giving it to රත්තරං again.
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    sirawta.. MAMA nan O/L witharai pass. gedara idan wada. eth dan maseta 1.5 k wage hoyanawa suddanta puka dila. :D mole tiyenawan karanna dewal godak tiyenawa me loke
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනේ මන්දා මාතලේ පැත්තෙ ඔහොම උනා කිව්වාමත් පුදුමයි,කාලොචිත ත්‍රෙඩ් එකක්...

    You must spread some Reputation around before giving it to රත්තරං again.

    දීලා තියෙන සියලුම දත්ත හා විස්තර පිලිබදව 100ට 100ක් මට විශ්වාසයි.;)

    තියෙන තරමක් ටියුශන් ක්ලාස් තියෙන්නේ නුවර කුරුනෑගල පැත්තේ. ලමයි සූ ගාලා. මුන්ට හෙන ගැහිලද මන්ද බන්:no::no:
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,942
    10,083
    113
    සිංහලය කියන්නෙ වදවී යෑමේ තර්ජනයට ලක්වෙච්ච මිනිස්සු කොට්ටාසයක් :sorry:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    sirawta.. MAMA nan O/L witharai pass. gedara idan wada. eth dan maseta 1.5 k wage hoyanawa suddanta puka dila. :D mole tiyenawan karanna dewal godak tiyenawa me loke

    එල කොල්ලෙක්. පුලුවන් කාලේ හම්බකරපන්

    නැත්නම් අර බනට කියනවා වගේ අන්තිම කාලේ වතුර හිදිච්ච විලක ඉන්න තටු සිදුනු කොකෙක් වගේ වෙනවා
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    yako dan 90% lankawe lamai iskole yanawa, tuition wahi wahala. A/l hoo gala pass wenawa, ko ban ithin un? mokakda wela tiyenne? Kelloda wadiyen inne? :o mala magulak wenne issarahata.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරා කතාව බං..;)
    මං වැඩ කරන තැනත් මුස්ලිම් අය නෑ.. කොල්ලො හය දෙනයි ඉන්නෙ මාත් එක්ක..:yes:
    ඔක්කොම සිංහල..:love:
    මොකක්ද දන්නෑ ඉලෙක්ට්‍රික් කොම්පැණි එක..:baffled:

     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    රත්තරං;17349418 said:
    එල කොල්ලෙක්. පුලුවන් කාලේ හම්බකරපන්

    නැත්නම් අර බනට කියනවා වගේ අන්තිම කාලේ වතුර හිදිච්ච විලක ඉන්න තටු සිදුනු කොකෙක් වගේ වෙනවා

    ai aiye ehema kiyanne :dull::confused:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සිංහලය කියන්නෙ වදවී යෑමේ තර්ජනයට ලක්වෙච්ච මිනිස්සු කොට්ටාසයක් :sorry:

    හරියටම කිව්වොත්

    සිංහලය කියන්නෙ වදවී යෑමේ තර්ජනයට ලක්වෙච්ච පිරිමි කොට්ටාසයක්