ඇමරිකානු පවුල

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේ විදිහට සුද්ද කළොත්....?

    අපේ ගම නුවර. කාලයක සිට අපි රැකියාව කරමින් සිටින්නේ බහරේන්වල ඇමරිකානු කොම්පැණියක. ඒ කොම්පැණිය අයිතිකාර ඇමරිකානු පවුල අපට බොහෝම හිතවත්. ඒ වගේම අපේ රටටත් හරිම කැමතියි. ජීවත් වෙන්න හොඳම රට ලංකාව යෑයි ඔවුහු බොහෝ අවස්‌ථාවල අප සමග පවසා ඇත්තාහ. එමෙන්ම ලංකාව ගැන ලියෑවුණු පොත්පත් ආසාවෙන් කියවන්නාහ. නිවාඩු පාඩුවේ කතාබහ කරමින් සිටින බොහෝ අවස්‌ථාවල අපේ රටේ ඓතිහාසික තොරතුරු ගැන අපගෙන් විමසීහ. එවැනි අවස්‌ථාවල අපිත් අපේ රට ගැන අතිවඩමින් වර්ණනා කළෙමු. කාලයකින් ලංකාවේ සංචාරය කිරීමට අවස්‌ථාවක්‌ නොලැබීම ගැන ද ඒ ඇමැරිකානුවෝ දුක්‌ වූහ.

    පසුගිය කාලයේ ඔවුන්ට දීර්ඝ නිවාඩුවක්‌ ලැබිණි. හිතවත් ඇමැරිකානු පවුලේ සියලු සාමාජිකයන් එකහෙළා තීරණය කළේ ලද නිවාඩුවෙන් දින දහයක සංචාරයකට ලංකාවට යන බවය. කතිකා කරගත් අයුරින්ම ඔවුහු දින දහයක්‌ ලංකාවේ සංචාරය කරමින් නැවත බහරේන්වලට පැමිණියහ. පහුවෙනිදාම ඔවුන්ව අපට මුණගැසිනි. .'Sri Lanka is very bad' අපි පුදුමයෙන් ඔවුන් දෙස බලා සිටියෙමු. නැවත කිසිම දිනක ලංකාවේ සංචාරයක්‌ නොකරන ලෙසට ඔවුන්ට ලංකාව එපා වී තිබිණි. ලංකාව ගැන ඔවුන් කතා කළේ පුදුම කළකිරීමකිනි.

    'ලංකාව හරිම ලස්‌සනයි. බලන්න, ඉගෙනගන්න ගොඩක්‌ දේවල් තියෙනවා. ඒත් ලංකාවේ මිනිස්‌සු කැතයි. ස්‌වරූපයෙන් නෙමෙයි ගති පැවතුම්වලින්. ලංකාවේ මිනිස්‌සු ඉන්නේ සල්ලි බඩගින්නකින්. හැම මනුස්‌සයම අත දික්‌ කරගෙන සල්ලි ඉල්ලපු ගමන්...'

    නෑ... එහෙම සල්ලි ඉලන්නේ දුප්පත් මිනිස්‌සු...' රට අපවාදයෙන් බේරාගැනීමට අපි ඔවුන්ට එසේ කීවෙමු.

    'නෑ... නෑ... හැම කෙනාම ඉල්ලන්නේ සල්ලි... එහෙනම් ඔයාලගේ රටේ ඉන්නෙ ඔක්‌කොම මිනිස්‌සු දුප්පත්ද...' අපි නිරුත්තර වීමු. සත්තයි... මගේ මුහුණ දහඩියෙන් තෙත් විණි. මට ඉබේටම සැමියාගේ මුහුණ බැලිනි. ඔහුගේ මුහුණත් අඳුරු වී ගොසිනි. ශ්‍රී ලාංකීය පුරවැසියන් හැටියට ඒ මොහොතේ අප ඔවුන් ඉදිරියේ අන්ත අසරණ තත්ත්වයට පත් විය. ඒ සමගම මට ද මගේ රට ගැන පුදුම විදිහට දුකක්‌ දැනිනි.

    'අපි ලංකාවට ගියේ නිදහසේ නිවාඩුව ගත කරන්න. ඒත් ලංකාවේ මිනිස්‌සු අපට නිදහසේ ඇවිදින්න දුන්නේ නැහැ. බස්‌ එකෙන් බහින බහින තැන මිනිස්‌සු මොනවහරි දික්‌ කරලා සල්ලි ඉල්ලගෙන එනවා. වැසිකිළියකට ගියොත් වැසිකිළියට විතරක්‌ නෙමෙයි එතන ඉන්න සේරටම සල්ලි දෙන්න ඕනා. මිනිස්‌සු ඉල්ලන්නේම රුපියල් දාහක්‌...' ඔවුන්ගේ කතාවට නැවතීමක්‌ නැත. අපට කිසිවක්‌ කතා කිරීමට ඉඩක්‌ ද නැත.

    'ට්‍රැවල් ඒජන්සියෙන් ගයිඩ් කෙනෙක්‌ දුන්නා. ඒ කොල්ලට හරියට ඉංග්‍රීසි කතා කරන්න බැහැ. ඒ මදිවට කිසිම වැදගත් ස්‌ථානයක තොරතුරක්‌ දන්නෙත් නැහැ. දළදා මාළිගාවට ගිය වෙලාවේ අපි දළදා මාළිගාව ගැන තොරතුරු ඇහුවා. එතකොට කොල්ලා කතෝලික කියලා අපිව මගහැරියා. ගොඩක්‌ තැන්වලදී ඒ කොල්ලා අපිව මගහැරියා. සීගිරියේ දී වෙනත් ගයිඩ් කෙනෙක්‌ අපිට බලෙන්ම උදව් කරන්න ආවා. අපි එයාව ප්‍රතික්‌ෂේප කළා. ඒත් අපේ පස්‌සෙන්ම ඇවිත් යම් යම් දේ කියා දීලා සල්ලි ඉල්ලුවා. අන්තිමේ ඒ මනුස්‌සයගෙන් බේරුණේ ඩොලර් 100 ක්‌ දීලා. තැන් කිහිපයකදීම එහෙම සල්ලි දෙන්න වුණා. අන්තිමේ ට්‍රැවල් ඒජන්සියෙන් දුන්න ගයිඩ් ටිප් එකට කියලා ඩොලර් 250 ක්‌ ඉල්ලුවා...'

    කතාව තව ඉවර නැත. දින දෙකකට නවාතැන් ගැනීම සඳහා ඔවුන් හබරණ ප්‍රසිද්ධ හෝටලයකට ගොස්‌ ඇත. එහෙත් ඔවුන් එම හෝටලයේ රෑ පහන් කර ඇත්තේ එක්‌ රාත්‍රියක්‌ පමණි. ඔවුන් සඳහා වෙන් කර තිබූ කාමරය ඉතාම අපිරිසිදුය. කොට්‌ට මෙට්‌ටවත් හරි හැටි පිරිසිදුව තිබී නැත. ඒ මදිවට මුළු කාමරය පුරාම කැරපොත්තන් සහ හූනන්ය. එක්‌ වරක්‌ ඇඳක්‌ යට සිට පුංචි ගෙම්බෙක්‌ද පැන තිබිණි. පසුව ඔවුන් කැෂියර් එකට දන්වා වෙනත් කාමරයක්‌ ඉල්ලාගෙන තිබිණි. එයත් පෙර කාමරය පරිදිමය. ඇඳන් මත මැරුණු කැරපොත්තන්ය. නාන කාමරයේ බිත්ති මත කැරපොතු බිත්තරය. කාලයකින් ඒ කාමර පිරිසිදු කර නොතිබිණි. අවසානයේ ඔවුහු නිදි වර්ජිතව රැය පහන් කර හෝටල් පරිපාලනයට ද පැමිණිලි කර හිමිදිරියේම හෝටලයෙන් පිටව ගිය බව ද අපට පැවසූහ.

    පසුගිය වසරේදී මෙවැනිම අපගේ හිතවත් එංගලන්ත පවුලක්‌ ලංකාවේ සංචාරයකට ගියේය. ඔවුහු ද සංචාරය අතරතුර මෙවැනිම අපහසුතාවන්ට ලක්‌ වී තිබිණි. කිලෝමීටරයක ගමනකට ත්‍රිරෝද රථ රියෑදුරෙක්‌ ඩොලර් සියයක මුදලක්‌ ඉල්ලා තිබිණි. 'ස්‌පයිස්‌ ගාඩ්න් එකකදී ඇඟේ පතේ අමාරුවට මේක හොඳ බෙහෙතක්‌ කියා බාම් එකක්‌ දී ඩොලර් දෙසීයක මුදලක්‌ ගෙන තිබිණි. ඔවුන් ඒ බාම් එක අපට පෙන්වීය. ..... කුප්පියකි. එම කුප්පියේ අදාළ ලේබලය ගලවා වෙනත් ලේබලයක්‌ අලවා තිබිණි. (බාම් කුප්පියේ නම සදහන් කිරීමට නොහැකිය) තවත් එවැනිම තැනකදී හිසකෙස්‌ වැඩීමට හොඳ තෛලයක්‌ කියා පොල්තෙල් කුප්පියක්‌ ලබාදී ඩොලර් සීයක මුදලක්‌ අය කර තිබිණි. විවිධ වංචාකාරයන් බොහෝ තැන්වලදී ඔවුන්ව එසේ මුලා කර සලAලි ගත් බව ඔවුහු අපට කීහ.

    අවසානයේ මේ පවුල් දෙකම අපට කීවේ එකම කතාවකි. ඒ කිසිම දිනක නැවත ලංකාවට නොයන බවය. එමෙන්ම ලංකාවට ගොස්‌ අනවශ්‍ය පුද්ගලයන්ට වියදම් කරන මුදල්වලින් හොඳ රටවල් දෙකක සංචාරය කළ හැකි බවත් ඔවුහු අපට පැවසූහ. මේ තත්ත්වය ඉදිරියටත් පැවතියහොත් ලංකාවේ සංචාරක කර්මාන්තය නැත්තටම නැති වන බවද ඔවුහු පැවසූහ. ලෝකෙ කොහේ සිටියත් අපි අපේ රට ගැන ආඩම්බරයෙන් කතා කරන්නෙමු. ඒත් අපේ රටේ සමහර මිනිසුන්ගේ හිරිකිත වැඩ නිසා අපි විදේශිකයන් ඉදිරියේ හෑල්ලු වන අවස්‌ථා ද අනන්තය.

    බහරේන් රටේ රැකියාවක නිරතව සිටින ශ්‍රී ලාංකීය යුවළ අපට කීව කතාව අවසානය. ඒ කතාව තවදුරටත් සනාථ කරගැනීම සඳහා මෙරට සංචාරක හෝටලයක අයිතිකරුවකු සහ සංචාරකයන්ට මගපෙන්වන්නකු සම්බන්ධ කරගෙන ඒ කරුණු කාරණා ගැන නැවත අපි විමසා බැලුවෙමු. මේ සංචාරක කර්මාන්තයේ නියෑළෙන්නන් කියන කතාවය.

    ඒ සංචාරකයන් කියන කතාව සීයට සීයක්‌ විශ්වාස කරන්නට නොහැකිය. සමහර විට එසේ විය හැකිය. සංචාරකයන්ගේ ඉල්ලීම මත හෝ අපේ අභිමතය මත රබර් කිරි කපන, තේ දලු නෙළනවා පෙන්වීමට ඒ ඒ වතුවලට සංචාරකයන්ව ගෙන යන අවස්‌ථාවලදී එම වතුවල වැඩ කරන ද්‍රවිඩ කම්කරුවන් සල්ලි ඉල්ල ගෙන සංචාරකයන් පස්‌සෙන් එන අවස්‌ථා තිබේ. එමෙන්ම සංචාරක කලාපයක, අතරමග වාහන නතර කළ අවස්‌ථාවලදී සමහර යාචකයන් ඇවිත් සංචාරකයන්ට අත පාන බවත් සැබෑය. එක එක වෙළෙන්දෝ විවිධ අත්කම් භාණ්‌ඩ විකිණීමට සංචාරකයන්ට පෙරත්ත කරන අවස්‌ථාද තිබේ. එහෙත් ඒ මිනිසුන්ව සම්පූර්ණයෙන් අපට නතර කිරීමට නොහැකිය. එමෙන්ම අපිරිසිදුවට පවත්වාගෙන යන පුංචි පුංචි හෝටල් තිබේ. එහෙත් සංචාරක හෝටල්වල ඔය කියන අපිරිසිදුකම නැත.

    ලංකාවේ නීතිමය අවසරය යටතේ ක්‍රියාත්මක 'ස්‌පයිස්‌ ගාඩ්න්' දෙකකි. ඒ මාවනැල්ලේ සහ මාතලේ 'ස්‌පයිස්‌ ගාඩ්න්' දෙකය. රට පුරා ඇති අනෙකුත් සියලුම ස්‌පයිස්‌ ගාඩ්න් නීතියට පිටින් ක්‍රියාත්මක 'හොර පොට්‌" ය. එමෙන්ම සංචාරක කලාප තුළ පිහිටි ඔසු උයන් තුළදී ද නිසැකයෙන්ම සංචාරකයන්ව සූරා කෑමකට ලක්‌ වන්නාහ. එවැනි තැන්වල සිටින ඇතැම්හු සංචාරකයන්ට පුළුන් ගස පෙන්වා සුදු හඳුන් ගස යෑයි කියන්නාහ. එක එක බෙහෙත් පැලෑටිවල නම් කියා වල් පැළෑටි පෙන්වන්නාහ. මේක මේ ලෙඩේට හොඳයි... අරක අර ලෙඩේට දිව්‍ය ඖෂධයක්‌ කියලා බොරු බේගල් ඇද බාමින් සංචාරකයන් රවටා ගුලි වර්ග, බාම් වර්ග තෙල් වර්ග ඇඟේ ගසන්නාහ. කටුවැල්බටු කියා තිබ්බොටු පැකට්‌ කර විකුණන අයද සිටින්නේය. ඒ දේවල් සිදු වන්නේ සංචාරක මගපෙන්වන්නාගේද අනු දැනුම පිටය. එමෙන්ම දැන් දැන් සංචාරක කලාපවල පිහිටි බෙහෙත් බඩු කඩ වෙළෙන්දෝද සංචාරකයන් රවටා අධික මිලට බෙහෙත් බඩු විකුණන්නාහ. මෙවැනි වංචනික තැන් සහ හොර වෙදමහත්වරු නම් සංචාරක ව්‍යාපාරයට දරුණු පිළලය. තවදුරටත් මේ පිළල රට පුරා ඇති සංචාරක කලාපවලට විහිදෙන්නට පෙර විනාශ කර දැමීම ආදළ බලධාරීන්ගේ යුතුකමකි.

    දැන් වැඩියෙන්ම ලංකාවේ සංචාරය කරන්නේ තායි, රුසියන්, චීන, ඉන්දියාව වැනි රටවල සංචාරකයෝය. ඔවුන් වියදම් කරන්නේ කිරා මැන බලාය. එහෙයින් ඔවුන්ව රැවටීම ද තරමක්‌ අසීරුය. යුරෝපීය සංචාරකයන්ගේ පැමිණීම දැන් බොහෝ දුරට අඩුය. ඉඳහිට හෝ එන යුරෝපීයන්ටත් රට එපාවෙන්නට වැඩ කිරීම සංචාරක ව්‍යාපාරයට තදබල අතුල් පහරක්‌ බව ද සංචාරක කර්මාන්තයේ නියෑලෙන්නෝ අපට කීහ.

    පෙළගැසෙන කතාවට මේ ටිකත් එකතු කර තැබීම අගනේ යෑයි අපි සිතමු. මෙරටට එන සංචාරකයන් පමණක්‌ නොව, ආයෝජකයන්ද 'ශ්‍රී ලංකාව නොපතන්' කියා යන අවස්‌ථා ඕනෑතරම් තිබේ. ඒ ඔවුන්ගේ ආයෝජන අවස්‌ථා සපුරාදීමට මෙන්ම පවත්වාගෙන යැමේදී දේශපාලනඥයන් ඉල්ලා සිටින ගාස්‌තුව දරාගැනීමට නොහැකි වීම සහ දේශපාලනයන්ට එසේ දොල නොදීමෙන් ආයෝජන කිරීමට ඉඩ ලබා නොදීම නිසාය. කප්පම්කාරයෝ, වංචාකාරයෝ සහ සිඟන්නෝ ලොකු පොඩි නැතිව කොහෙත් සිටින්නාහ. වැඩක්‌ පලක්‌ කර කියා ගැනීමට නොහැකි මිනිසුන් හොරකම් නොකර කෙනකුට අතපෑම වරදක්‌ ලෙස දැකිය නොහැකිය. එහෙත් මේ සංචාරකයන් කියන විදිහට ඇතැම් යාචක අපතයන් කරන්නේ සිඟමන් යෑදීමක්‌ නොව, කප්පම් ගැනීමකි. විලිලැඡ්ජාවක්‌ නැති මේ අපත හැත්තට විදේශීකයන් ඉදිරියේ දණින් වැටීම මහ ලොකු දෙයක්‌ නොවේ. එහෙත් මේ අපතයින්ගේ තිරිසන් වැඩ නිසා ලෝකය ඉදිරියේ නිරුවත් වන්නේ අපේ රටය. රටේ මිනිසුන්ගේ දිළිඳුකම තව තවත් ලෝකයට නිරුවත් කිරීමකි.

    විදෙස්‌ ආගන්තුකයකුගෙන් රටට යම් මුදලක්‌ උපයනවා නම් ඔවුන්ව උපරිමයෙන්ම තෘප්තිමත් කිරීම අපේ යුතුකමකි. එසේ නොමැතිව විශාල මුදලක්‌ වියදම් කරන සංචාරකයා මෙරටින් පිටව යන්නේ සිත් තැවුලෙන් නම් මෙරට සංචාරක කර්මාන්තයේ හෙට දවස අතිශය භයානකය...

    තරංග රත්නවීර - දිවයින
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මහා කකුළුවා ඇදේට යනකොට අනිත් උනුත් එහෙම තමයි බන් ....ඉස්සරහට අපිත් අර ගුනාදුව ගානට වැටෙයි මෙහෙම ගියොත් :dull::dull::dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,535
    17,548
    113
    Auckland
    මම දන්න පොරක් එක්ක මම ගියා කාර් එකේ ජපන් කෙල්ලෙක්ට සීගිය පෙන්නන, නිවාඩු දවසක් හින්ද එදා ටුවර් යන්න කාර් නෑ, මට කතා කරල කිව්ව ගිහින් එන්න ගානක් දෙන්නම් කියල, ඉතින් නිකන් දවසින් රවුමක් ගිහින් පොඩි ගානකුත් හම්බෙන එකේ මාත් ගියා. කෙල්ලව හොටෙල් එකෙන් දාගෙන ගමන ගිහින් කෙලින්ම සීගිරියෙ නැවැත්තුවෙ. ටිකට් ගන්න යනකොට ගහල තියනව සින්හලෙන් රුපියල් පනහයි කියල කඩ්ඩෙන් tickets $30 කියල, හරි ඒකත් ඔන්න අරන් ගියා ගල නගින්න, යන ගමන් මම ජපන් කෙල්ලට කිව්ව අර වතුර ඔටෝ එන වතුර මල් පෙන්නලා ඒව ගැන මෙන්න බොලේ අරූ මට සින්හලෙන් බනින්න පටන් ගත්ත කිසිම දෙයක් කියල දෙන්න එපා නිකන්වත් ඔහේ එක්කන් පලයන් ගයිඩ් කෙනෙක් කැමති නම් මේකි ගනි කියල, මාර සීන් එක. මාත් ගියා පාඩුවෙ

    ඔන්න ඔහොම ආයිත් ආව කියමු ගලත් නැගල.. ආපහු එනකොට දැන් කෑමට සීගිරියෙම හොටලේක නැවැත්තුවා, මෙන්න බොලේ බත් එකක් 900ක් !! ඒ කෑම එක අපිට දිරවගන්න බෑ ඔයා කන්න කිව්වම කෙල්ල බෑ බෑ ඔයගොල්ලො කන තැනක්ටම යමු කිව්ව, ආය කාර් එක ස්ටාට් කරන් ආව පොඩි කෑම කඩයක් සෙට් උනා, මෙන්න බොලේ මේකෙත් ඒ ගානම කෑම. අන්තිමේ එතනින් කන්න පටන් ගත්ත බුෆේ එකක්. මෙලෝ රහක් නෑ.. ඒකෙ බිල දානකොට ඔන්න අර කෙල්ල අපිටත් ගෙවන්නම් කිව්ව, කඩේ හිටපු එවුන් අපිටත් ටිප් එකක් සෙට් කරල ගෑනිගෙන් දතක් ගලවලා දුන්න 1500ක් පස්ස දොරෙන් මගේ අතට, හරි ඔන්න ආය ඇවිත් නැග්ග දබුල්ල, ඒකෙත් දොරෙන් ටිකට් වලට කෙල්ලගෙන් කීයක්දො ගැලෙව්ව, කිසි දෙයක් ගැන කියල දෙන්න එපා කිව්ව, අන්තිමට නියම සීන් එක අර මාතලේ වෙදෙක් ගාවට එක්කන් ගියා, මේ යකා මොනවද හොර බෙහෙත් ටිකක් දීල ගැලෙව්ව 50000ක් විතර මට ඒ වෙනකොටම මේ ජරා වැඩේ ඇති වෙලා හිටියෙ කාර් එකටම වෙලා හිටිය.. මම හිතන්නෙ අරූට එතනත් ගානක්කොමිස් වෙන්න ඇති මම අහන්න කරන්න ගියේ නෑ නුවර එන්න පිටත් උනා. අන්තිමට මට සොච්චමක් හම්බ උනා ඩීල් කරපු පොර අර බත් කඩේ ටිප් එකෙන් 2/3කුත් ඉල්ල ගත්ත හොටෙල් එකේ එකාට 1/3ක් දෙන්න ඕනෙ කියල, ඒකත් දුන්න මම ගෙදර ආව ආය නම් මේ බලු ෆීල්ඩ් එක පැත්තවත් බලන්නෙ නෑ කියල :no:
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අසාදාරණ වැඩ

    ඉතිං හිත්පන්කෝ ආය එයිද මිනිහෙක් එයිද මෙහෙම කලාම
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga

    untamane ban kelawela yanne ohoma kalama .
     
    Oct 30, 2014
    306
    9
    0
    ලොකු තැනේ ඉඳලා පොඩි එකා දක්වා ගොඩක් එවුන් දැන් දත ගලවන්න තමයි බලන්නේ. ආර්ථිකයේ හරි හමන් රැකියා නැති වුනාම, රටේ නීතිය සහ ජනතාවගේ ආධ්‍යාත්මය වල් වැදුනම, ජිවන වියදම කවර් කරගන්න බැරි වුනාම මේ වගේ තමයි සමහර මිනිස්සු සල්ලි හොයන්න බලන්නේ. මෙහෙම ගියොත්නම් රටට අබසරණයි.
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    එකපාරක් මම මගෙ යාලුවෙක් එක්ක ගියා සීගිරිය දබුල්ල කන්ඩලම පොලොන්නරුව අනුරාදපුර ට්‍රිප් එකක්... මගෙ යාලුව ලාංකිකකයෙක් ඒත් ඉපදිලා තියෙන්නෙ එංගලන්තෙ... ඒකිට සිංහල වචනයක්වත් බෑ... පෙනුමත් සුද්දියෙක් වගේමයි... වැඩක් නෑ කතාකරල අපේ මිනිස්සු සහ හිගන අය.... ඇගේ එල්ලි එල්ලි පස්සෙන් එනව... සල්ලි ඉල්ල ඉල්ල... හෝටල්වල අපිට වගේ ඩබල් ඒයාට...
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ලෝකෙන් උතුම් රට! කිස් මයි ඩාක් හෙයාරි ඈස්!!
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඇයි බන් මේකේ ඉන්නවා සුරංග කියලා එකෙක් ඌ කරන්නෙත් අපේ එවුන්ව නොමග යවලා ඌගේ ad links click කරගන්න එකයි, youtube views අරගෙන adsense ගොඩ දාගන්න එකයි.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මේ සීන් එක ම සිරාම කේස් එකක්....හැම එකාම සුද්දන්ට කිට්ටු කරන්නේ කීයක් හරි කඩා ගන්න..මම ලගදි ගියා බේරුවල් පාම්ස් එකට ඇතුලෙ සුද්දො කරදරයක් නැතුව ඉන්නවා බීච් එකට බහින්න බෑ ගෑනු මිනිස්සු එක එක මගුල් කියාගෙන සුද්දො පස්සේ එනවා..මට චික් කියල හිතුනා..අපි මෙහෙම හිගන ජාතියක් වුනේ කොහොමද කියල. පාරෙ හිගාකන එකයි සුද්දන්ගෙන් හිගාකන එකයි දෙකක් කියල මුන් හිතන්නේ:angry:
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    මේ විදිහට සුද්ද කළොත්....?

    අපේ ගම නුවර. කාලයක සිට අපි රැකියාව කරමින් සිටින්නේ බහරේන්වල ඇමරිකානු කොම්පැණියක. ඒ කොම්පැණිය අයිතිකාර ඇමරිකානු පවුල අපට බොහෝම හිතවත්. ඒ වගේම අපේ රටටත් හරිම කැමතියි. ජීවත් වෙන්න හොඳම රට ලංකාව යෑයි ඔවුහු බොහෝ අවස්‌ථාවල අප සමග පවසා ඇත්තාහ. එමෙන්ම ලංකාව ගැන ලියෑවුණු පොත්පත් ආසාවෙන් කියවන්නාහ. නිවාඩු පාඩුවේ කතාබහ කරමින් සිටින බොහෝ අවස්‌ථාවල අපේ රටේ ඓතිහාසික තොරතුරු ගැන අපගෙන් විමසීහ. එවැනි අවස්‌ථාවල අපිත් අපේ රට ගැන අතිවඩමින් වර්ණනා කළෙමු. කාලයකින් ලංකාවේ සංචාරය කිරීමට අවස්‌ථාවක්‌ නොලැබීම ගැන ද ඒ ඇමැරිකානුවෝ දුක්‌ වූහ.

    පසුගිය කාලයේ ඔවුන්ට දීර්ඝ නිවාඩුවක්‌ ලැබිණි. හිතවත් ඇමැරිකානු පවුලේ සියලු සාමාජිකයන් එකහෙළා තීරණය කළේ ලද නිවාඩුවෙන් දින දහයක සංචාරයකට ලංකාවට යන බවය. කතිකා කරගත් අයුරින්ම ඔවුහු දින දහයක්‌ ලංකාවේ සංචාරය කරමින් නැවත බහරේන්වලට පැමිණියහ. පහුවෙනිදාම ඔවුන්ව අපට මුණගැසිනි. .'Sri Lanka is very bad' අපි පුදුමයෙන් ඔවුන් දෙස බලා සිටියෙමු. නැවත කිසිම දිනක ලංකාවේ සංචාරයක්‌ නොකරන ලෙසට ඔවුන්ට ලංකාව එපා වී තිබිණි. ලංකාව ගැන ඔවුන් කතා කළේ පුදුම කළකිරීමකිනි.

    'ලංකාව හරිම ලස්‌සනයි. බලන්න, ඉගෙනගන්න ගොඩක්‌ දේවල් තියෙනවා. ඒත් ලංකාවේ මිනිස්‌සු කැතයි. ස්‌වරූපයෙන් නෙමෙයි ගති පැවතුම්වලින්. ලංකාවේ මිනිස්‌සු ඉන්නේ සල්ලි බඩගින්නකින්. හැම මනුස්‌සයම අත දික්‌ කරගෙන සල්ලි ඉල්ලපු ගමන්...'

    නෑ... එහෙම සල්ලි ඉලන්නේ දුප්පත් මිනිස්‌සු...' රට අපවාදයෙන් බේරාගැනීමට අපි ඔවුන්ට එසේ කීවෙමු.

    'නෑ... නෑ... හැම කෙනාම ඉල්ලන්නේ සල්ලි... එහෙනම් ඔයාලගේ රටේ ඉන්නෙ ඔක්‌කොම මිනිස්‌සු දුප්පත්ද...' අපි නිරුත්තර වීමු. සත්තයි... මගේ මුහුණ දහඩියෙන් තෙත් විණි. මට ඉබේටම සැමියාගේ මුහුණ බැලිනි. ඔහුගේ මුහුණත් අඳුරු වී ගොසිනි. ශ්‍රී ලාංකීය පුරවැසියන් හැටියට ඒ මොහොතේ අප ඔවුන් ඉදිරියේ අන්ත අසරණ තත්ත්වයට පත් විය. ඒ සමගම මට ද මගේ රට ගැන පුදුම විදිහට දුකක්‌ දැනිනි.

    'අපි ලංකාවට ගියේ නිදහසේ නිවාඩුව ගත කරන්න. ඒත් ලංකාවේ මිනිස්‌සු අපට නිදහසේ ඇවිදින්න දුන්නේ නැහැ. බස්‌ එකෙන් බහින බහින තැන මිනිස්‌සු මොනවහරි දික්‌ කරලා සල්ලි ඉල්ලගෙන එනවා. වැසිකිළියකට ගියොත් වැසිකිළියට විතරක්‌ නෙමෙයි එතන ඉන්න සේරටම සල්ලි දෙන්න ඕනා. මිනිස්‌සු ඉල්ලන්නේම රුපියල් දාහක්‌...' ඔවුන්ගේ කතාවට නැවතීමක්‌ නැත. අපට කිසිවක්‌ කතා කිරීමට ඉඩක්‌ ද නැත.

    'ට්‍රැවල් ඒජන්සියෙන් ගයිඩ් කෙනෙක්‌ දුන්නා. ඒ කොල්ලට හරියට ඉංග්‍රීසි කතා කරන්න බැහැ. ඒ මදිවට කිසිම වැදගත් ස්‌ථානයක තොරතුරක්‌ දන්නෙත් නැහැ. දළදා මාළිගාවට ගිය වෙලාවේ අපි දළදා මාළිගාව ගැන තොරතුරු ඇහුවා. එතකොට කොල්ලා කතෝලික කියලා අපිව මගහැරියා. ගොඩක්‌ තැන්වලදී ඒ කොල්ලා අපිව මගහැරියා. සීගිරියේ දී වෙනත් ගයිඩ් කෙනෙක්‌ අපිට බලෙන්ම උදව් කරන්න ආවා. අපි එයාව ප්‍රතික්‌ෂේප කළා. ඒත් අපේ පස්‌සෙන්ම ඇවිත් යම් යම් දේ කියා දීලා සල්ලි ඉල්ලුවා. අන්තිමේ ඒ මනුස්‌සයගෙන් බේරුණේ ඩොලර් 100 ක්‌ දීලා. තැන් කිහිපයකදීම එහෙම සල්ලි දෙන්න වුණා. අන්තිමේ ට්‍රැවල් ඒජන්සියෙන් දුන්න ගයිඩ් ටිප් එකට කියලා ඩොලර් 250 ක්‌ ඉල්ලුවා...'

    කතාව තව ඉවර නැත. දින දෙකකට නවාතැන් ගැනීම සඳහා ඔවුන් හබරණ ප්‍රසිද්ධ හෝටලයකට ගොස්‌ ඇත. එහෙත් ඔවුන් එම හෝටලයේ රෑ පහන් කර ඇත්තේ එක්‌ රාත්‍රියක්‌ පමණි. ඔවුන් සඳහා වෙන් කර තිබූ කාමරය ඉතාම අපිරිසිදුය. කොට්‌ට මෙට්‌ටවත් හරි හැටි පිරිසිදුව තිබී නැත. ඒ මදිවට මුළු කාමරය පුරාම කැරපොත්තන් සහ හූනන්ය. එක්‌ වරක්‌ ඇඳක්‌ යට සිට පුංචි ගෙම්බෙක්‌ද පැන තිබිණි. පසුව ඔවුන් කැෂියර් එකට දන්වා වෙනත් කාමරයක්‌ ඉල්ලාගෙන තිබිණි. එයත් පෙර කාමරය පරිදිමය. ඇඳන් මත මැරුණු කැරපොත්තන්ය. නාන කාමරයේ බිත්ති මත කැරපොතු බිත්තරය. කාලයකින් ඒ කාමර පිරිසිදු කර නොතිබිණි. අවසානයේ ඔවුහු නිදි වර්ජිතව රැය පහන් කර හෝටල් පරිපාලනයට ද පැමිණිලි කර හිමිදිරියේම හෝටලයෙන් පිටව ගිය බව ද අපට පැවසූහ.

    පසුගිය වසරේදී මෙවැනිම අපගේ හිතවත් එංගලන්ත පවුලක්‌ ලංකාවේ සංචාරයකට ගියේය. ඔවුහු ද සංචාරය අතරතුර මෙවැනිම අපහසුතාවන්ට ලක්‌ වී තිබිණි. කිලෝමීටරයක ගමනකට ත්‍රිරෝද රථ රියෑදුරෙක්‌ ඩොලර් සියයක මුදලක්‌ ඉල්ලා තිබිණි. 'ස්‌පයිස්‌ ගාඩ්න් එකකදී ඇඟේ පතේ අමාරුවට මේක හොඳ බෙහෙතක්‌ කියා බාම් එකක්‌ දී ඩොලර් දෙසීයක මුදලක්‌ ගෙන තිබිණි. ඔවුන් ඒ බාම් එක අපට පෙන්වීය. ..... කුප්පියකි. එම කුප්පියේ අදාළ ලේබලය ගලවා වෙනත් ලේබලයක්‌ අලවා තිබිණි. (බාම් කුප්පියේ නම සදහන් කිරීමට නොහැකිය) තවත් එවැනිම තැනකදී හිසකෙස්‌ වැඩීමට හොඳ තෛලයක්‌ කියා පොල්තෙල් කුප්පියක්‌ ලබාදී ඩොලර් සීයක මුදලක්‌ අය කර තිබිණි. විවිධ වංචාකාරයන් බොහෝ තැන්වලදී ඔවුන්ව එසේ මුලා කර සලAලි ගත් බව ඔවුහු අපට කීහ.

    අවසානයේ මේ පවුල් දෙකම අපට කීවේ එකම කතාවකි. ඒ කිසිම දිනක නැවත ලංකාවට නොයන බවය. එමෙන්ම ලංකාවට ගොස්‌ අනවශ්‍ය පුද්ගලයන්ට වියදම් කරන මුදල්වලින් හොඳ රටවල් දෙකක සංචාරය කළ හැකි බවත් ඔවුහු අපට පැවසූහ. මේ තත්ත්වය ඉදිරියටත් පැවතියහොත් ලංකාවේ සංචාරක කර්මාන්තය නැත්තටම නැති වන බවද ඔවුහු පැවසූහ. ලෝකෙ කොහේ සිටියත් අපි අපේ රට ගැන ආඩම්බරයෙන් කතා කරන්නෙමු. ඒත් අපේ රටේ සමහර මිනිසුන්ගේ හිරිකිත වැඩ නිසා අපි විදේශිකයන් ඉදිරියේ හෑල්ලු වන අවස්‌ථා ද අනන්තය.

    බහරේන් රටේ රැකියාවක නිරතව සිටින ශ්‍රී ලාංකීය යුවළ අපට කීව කතාව අවසානය. ඒ කතාව තවදුරටත් සනාථ කරගැනීම සඳහා මෙරට සංචාරක හෝටලයක අයිතිකරුවකු සහ සංචාරකයන්ට මගපෙන්වන්නකු සම්බන්ධ කරගෙන ඒ කරුණු කාරණා ගැන නැවත අපි විමසා බැලුවෙමු. මේ සංචාරක කර්මාන්තයේ නියෑළෙන්නන් කියන කතාවය.

    ඒ සංචාරකයන් කියන කතාව සීයට සීයක්‌ විශ්වාස කරන්නට නොහැකිය. සමහර විට එසේ විය හැකිය. සංචාරකයන්ගේ ඉල්ලීම මත හෝ අපේ අභිමතය මත රබර් කිරි කපන, තේ දලු නෙළනවා පෙන්වීමට ඒ ඒ වතුවලට සංචාරකයන්ව ගෙන යන අවස්‌ථාවලදී එම වතුවල වැඩ කරන ද්‍රවිඩ කම්කරුවන් සල්ලි ඉල්ල ගෙන සංචාරකයන් පස්‌සෙන් එන අවස්‌ථා තිබේ. එමෙන්ම සංචාරක කලාපයක, අතරමග වාහන නතර කළ අවස්‌ථාවලදී සමහර යාචකයන් ඇවිත් සංචාරකයන්ට අත පාන බවත් සැබෑය. එක එක වෙළෙන්දෝ විවිධ අත්කම් භාණ්‌ඩ විකිණීමට සංචාරකයන්ට පෙරත්ත කරන අවස්‌ථාද තිබේ. එහෙත් ඒ මිනිසුන්ව සම්පූර්ණයෙන් අපට නතර කිරීමට නොහැකිය. එමෙන්ම අපිරිසිදුවට පවත්වාගෙන යන පුංචි පුංචි හෝටල් තිබේ. එහෙත් සංචාරක හෝටල්වල ඔය කියන අපිරිසිදුකම නැත.

    ලංකාවේ නීතිමය අවසරය යටතේ ක්‍රියාත්මක 'ස්‌පයිස්‌ ගාඩ්න්' දෙකකි. ඒ මාවනැල්ලේ සහ මාතලේ 'ස්‌පයිස්‌ ගාඩ්න්' දෙකය. රට පුරා ඇති අනෙකුත් සියලුම ස්‌පයිස්‌ ගාඩ්න් නීතියට පිටින් ක්‍රියාත්මක 'හොර පොට්‌" ය. එමෙන්ම සංචාරක කලාප තුළ පිහිටි ඔසු උයන් තුළදී ද නිසැකයෙන්ම සංචාරකයන්ව සූරා කෑමකට ලක්‌ වන්නාහ. එවැනි තැන්වල සිටින ඇතැම්හු සංචාරකයන්ට පුළුන් ගස පෙන්වා සුදු හඳුන් ගස යෑයි කියන්නාහ. එක එක බෙහෙත් පැලෑටිවල නම් කියා වල් පැළෑටි පෙන්වන්නාහ. මේක මේ ලෙඩේට හොඳයි... අරක අර ලෙඩේට දිව්‍ය ඖෂධයක්‌ කියලා බොරු බේගල් ඇද බාමින් සංචාරකයන් රවටා ගුලි වර්ග, බාම් වර්ග තෙල් වර්ග ඇඟේ ගසන්නාහ. කටුවැල්බටු කියා තිබ්බොටු පැකට්‌ කර විකුණන අයද සිටින්නේය. ඒ දේවල් සිදු වන්නේ සංචාරක මගපෙන්වන්නාගේද අනු දැනුම පිටය. එමෙන්ම දැන් දැන් සංචාරක කලාපවල පිහිටි බෙහෙත් බඩු කඩ වෙළෙන්දෝද සංචාරකයන් රවටා අධික මිලට බෙහෙත් බඩු විකුණන්නාහ. මෙවැනි වංචනික තැන් සහ හොර වෙදමහත්වරු නම් සංචාරක ව්‍යාපාරයට දරුණු පිළලය. තවදුරටත් මේ පිළල රට පුරා ඇති සංචාරක කලාපවලට විහිදෙන්නට පෙර විනාශ කර දැමීම ආදළ බලධාරීන්ගේ යුතුකමකි.

    දැන් වැඩියෙන්ම ලංකාවේ සංචාරය කරන්නේ තායි, රුසියන්, චීන, ඉන්දියාව වැනි රටවල සංචාරකයෝය. ඔවුන් වියදම් කරන්නේ කිරා මැන බලාය. එහෙයින් ඔවුන්ව රැවටීම ද තරමක්‌ අසීරුය. යුරෝපීය සංචාරකයන්ගේ පැමිණීම දැන් බොහෝ දුරට අඩුය. ඉඳහිට හෝ එන යුරෝපීයන්ටත් රට එපාවෙන්නට වැඩ කිරීම සංචාරක ව්‍යාපාරයට තදබල අතුල් පහරක්‌ බව ද සංචාරක කර්මාන්තයේ නියෑලෙන්නෝ අපට කීහ.

    පෙළගැසෙන කතාවට මේ ටිකත් එකතු කර තැබීම අගනේ යෑයි අපි සිතමු. මෙරටට එන සංචාරකයන් පමණක්‌ නොව, ආයෝජකයන්ද 'ශ්‍රී ලංකාව නොපතන්' කියා යන අවස්‌ථා ඕනෑතරම් තිබේ. ඒ ඔවුන්ගේ ආයෝජන අවස්‌ථා සපුරාදීමට මෙන්ම පවත්වාගෙන යැමේදී දේශපාලනඥයන් ඉල්ලා සිටින ගාස්‌තුව දරාගැනීමට නොහැකි වීම සහ දේශපාලනයන්ට එසේ දොල නොදීමෙන් ආයෝජන කිරීමට ඉඩ ලබා නොදීම නිසාය. කප්පම්කාරයෝ, වංචාකාරයෝ සහ සිඟන්නෝ ලොකු පොඩි නැතිව කොහෙත් සිටින්නාහ. වැඩක්‌ පලක්‌ කර කියා ගැනීමට නොහැකි මිනිසුන් හොරකම් නොකර කෙනකුට අතපෑම වරදක්‌ ලෙස දැකිය නොහැකිය. එහෙත් මේ සංචාරකයන් කියන විදිහට ඇතැම් යාචක අපතයන් කරන්නේ සිඟමන් යෑදීමක්‌ නොව, කප්පම් ගැනීමකි. විලිලැඡ්ජාවක්‌ නැති මේ අපත හැත්තට විදේශීකයන් ඉදිරියේ දණින් වැටීම මහ ලොකු දෙයක්‌ නොවේ. එහෙත් මේ අපතයින්ගේ තිරිසන් වැඩ නිසා ලෝකය ඉදිරියේ නිරුවත් වන්නේ අපේ රටය. රටේ මිනිසුන්ගේ දිළිඳුකම තව තවත් ලෝකයට නිරුවත් කිරීමකි.

    විදෙස්‌ ආගන්තුකයකුගෙන් රටට යම් මුදලක්‌ උපයනවා නම් ඔවුන්ව උපරිමයෙන්ම තෘප්තිමත් කිරීම අපේ යුතුකමකි. එසේ නොමැතිව විශාල මුදලක්‌ වියදම් කරන සංචාරකයා මෙරටින් පිටව යන්නේ සිත් තැවුලෙන් නම් මෙරට සංචාරක කර්මාන්තයේ හෙට දවස අතිශය භයානකය...

    තරංග රත්නවීර - දිවයින

    Bump
     
    Nov 6, 2014
    161
    35
    0
    ලක් මාතාව අපහසුතාවයට පත් කිරීමට ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණයක් තිබෙන බව සැවොම දන්නා සත්‍යක්. එබැවින් අප හට පෙනෙන පරිදි ඔය සුදු ජාතික සංචාරකයින් එම ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණයේ කොටස් කරුවන් බව සිතිය හැකිය. එම කුමන්ත්‍රණ කාරී විදේශීය පවුල විසින්, ඇමරිකාවේ නිෂ්පාදිත brain signal transmitter යන්ත්‍රයක් තමන්ගේ ශරීරයේ සවි කරගෙන , ලංකාවේ සිටින අහිංසක , නිහතමානී දරු දැරිවියන් හට තමන්ගෙන් මුදල් ඉලා පස්සෙන් එන ලෙස එම signals මගින් ඔවුන්ව පොළඹවයි. :angry:

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    මම දන්න පොරක් එක්ක මම ගියා කාර් එකේ ජපන් කෙල්ලෙක්ට සීගිය පෙන්නන, නිවාඩු දවසක් හින්ද එදා ටුවර් යන්න කාර් නෑ, මට කතා කරල කිව්ව ගිහින් එන්න ගානක් දෙන්නම් කියල, ඉතින් නිකන් දවසින් රවුමක් ගිහින් පොඩි ගානකුත් හම්බෙන එකේ මාත් ගියා. කෙල්ලව හොටෙල් එකෙන් දාගෙන ගමන ගිහින් කෙලින්ම සීගිරියෙ නැවැත්තුවෙ. ටිකට් ගන්න යනකොට ගහල තියනව සින්හලෙන් රුපියල් පනහයි කියල කඩ්ඩෙන් tickets $30 කියල, හරි ඒකත් ඔන්න අරන් ගියා ගල නගින්න, යන ගමන් මම ජපන් කෙල්ලට කිව්ව අර වතුර ඔටෝ එන වතුර මල් පෙන්නලා ඒව ගැන මෙන්න බොලේ අරූ මට සින්හලෙන් බනින්න පටන් ගත්ත කිසිම දෙයක් කියල දෙන්න එපා නිකන්වත් ඔහේ එක්කන් පලයන් ගයිඩ් කෙනෙක් කැමති නම් මේකි ගනි කියල, මාර සීන් එක. මාත් ගියා පාඩුවෙ

    මචෝ උබ වගේ එඋන් ඉන්න එක ගැන සතුටුයි. ලංකාවේ හැම එකම ඔහොම තමා මන් factry එකක වැඩ කලා එකේ උන් බන් එකට ආදරෙන් නෙමේ weda කරන්නේ තමන්ගේ තත්වේ බෙර ගන්න තමා දගලන්නේ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    Mage X mehe awith mata nam kiyala giye Money is talking here kiyala. Kollo ehema balanne hariyata kanna wageth kiwwa ;) denata wedakarana clients la magen ahanawa kohomada lankawe geewath wena eka kiyala.. enna asai kiyanawa.. mama ithin hodai lassanai kiyala lassana then okkogema wistra yawanawa.. eth awa dawasaka apita aye weda wath dei da man danne na.. ane manda appa..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    මේ සීන් එක ම සිරාම කේස් එකක්....හැම එකාම සුද්දන්ට කිට්ටු කරන්නේ කීයක් හරි කඩා ගන්න..මම ලගදි ගියා බේරුවල් පාම්ස් එකට ඇතුලෙ සුද්දො කරදරයක් නැතුව ඉන්නවා බීච් එකට බහින්න බෑ ගෑනු මිනිස්සු එක එක මගුල් කියාගෙන සුද්දො පස්සේ එනවා..මට චික් කියල හිතුනා..අපි මෙහෙම හිගන ජාතියක් වුනේ කොහොමද කියල. පාරෙ හිගාකන එකයි සුද්දන්ගෙන් හිගාකන එකයි දෙකක් කියල මුන් හිතන්නේ:angry:
    Geewath wenna salli one.. rate arthika thathwe thama me okkotoma mula.. man hithana widihata..
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඇයි බන් මේකේ ඉන්නවා සුරංග කියලා එකෙක් ඌ කරන්නෙත් අපේ එවුන්ව නොමග යවලා ඌගේ ad links click කරගන්න එකයි, youtube views අරගෙන adsense ගොඩ දාගන්න එකයි.

    Sira ooi... mama dan masa dekak withara uge threads balanawa. Kalayak PTCircle magulak badagena EK eke inna ewun apathayo kara. rep denna giye wate bedala ennalu issaralama.