හෙලිකොප්ටරයක එන්ජිමක් නැවතුනොත්

ravsfm

Well-known member
  • Mar 29, 2011
    558
    429
    63
    Piliyandala
    හෙලිකොප්ටරයක එන්ජිමක් නැවතුනොත්

    red-bull-helicopter.jpg

    හෙලිකොප්ටරයක එන්ජිම නැවතුනාට ක්‍රැශ් වෙන්නේ නැහැ





    හැමෝම හිතන්නේ හෙලිකොප්ටරයක එන්ජිමක් අහස මැද නැවතුනොත් ගලක් වගේ පොළොවට වැටෙනවා කියලා. ඒත් ඇත්තටම එන්ජිම නැවතුන හෙලිකොප්ටරයක ඉන්න එක්කෙනෙකුට ජීවිතය ගලවගන්න තියන චාන්ස් එක ප්ලෙන් එකක ඉන්න කෙනෙකුට වඩා වැඩියි.
    හෙලිකොප්ටරයක් ඩිසයින් කරලා තියෙන්නේ එන්ජිම නැවතුනොත් එකේ පයිලට්ට ටික වෙලාවක් හරි ඒක පාලනය කරලා හෙමින් ඒක ලෑන්ඩ් කරන්න පුලුවන් විදිහට. මේක කරන්නේ බ්‍රමක තටු වල පරිබ්‍රමණ වලින්.
    හෙලිකොප්ටර් පයිලට් කෙනෙක් ලයිසන්ස් එකක් ගන්නකොට මේ නෝ-පවර් ලෑන්ඩින් ක්‍රමය පුරුදු වෙන්න ඕනේ. ඒත් එතකොට එන්ජිම සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිත කරන්නේ නැහැ. බ්‍රමක වලට පවර් එන්නේ නැති ගානට විතරක් එන්ජිම අඩු කරනවා. එතකොට හදිස්සියකදී ආයිමත් හෙලිකොප්ටරය පණගන්වන්න පුලුවන්.
    hybridas350nw_2.jpg

    කොහොම වුනත් හැම හෙලිකොප්ටර් පයිලට්ම මේ නෝ-පවර් ලෑන්ඩින් ක්‍රමය දැනගන තියෙන එක වැදගත්.
    මේකේදි වෙන්නේ එන්ජිමේ මිනිත්තුවට පරිබ්‍රමණ ගාන (ආර්.පී.එම්), බ්‍රමකයේ ආර්.පී.එම් ගානට වඩා අඩුවුනාම “ෆ්‍රී වීලින්” කියන විශේෂ ක්‍රමයෙන්, එන්ජිම ප්‍රදාන බ්‍රමකයෙන් විසන්දි වෙනවා. එතකොට බ්‍රමකය එන්ජිමෙන් එන ප්‍රතිරෝදය මත යැපෙන එක නවතිනවා. එන්ජිම සම්පූර්ණයෙන්ම නැවතුන ගමන් පයිලට් ඉක්මනටම “පිච්” එක අඩු කරන්න ඕනේ. ඒ යන උසයි, දුරයි. එතකොට හෙලිකොප්ටරය සීරුවෙන් පල්ලෙහාට එනවා. ඒත් මේක කරන්න පරක්කු වුනොත් බ්‍රමකයේ ආර්.පී.එම් අගය ගොඩක් අඩුවෙලා හෙලිකොප්ටරය ගලක් වගේ වැටෙනවා.
    rchelobook_id29_c18_autorotation_3stages-j036-m007_j004-1024x768.jpg

    හෙලිකොප්ටරය බිමට ගන්න ඕනේ කෝණය මොඩ්ල් එක අනුව, සුලගේ වේගය, ආර්ද්‍රතාව වගේ කරුණු අනුව වෙනස් වෙන්වා.
    අන්තිමට පොලොවට ගොඩක් කිට්ටු වුනාම පයිලට් ඉදිරියට තියන චලනය ගොඩක් අඩු කරලා බ්‍රමක වල තියෙන චාලක ශක්තියෙන් හෙලිකොප්ටරය බස්සවගන්න ඕනේ.
    හරිම විදිහට මේ ලෑන්ඩින් එක කරන වීඩියෝ එකක් තමා මේ.











    http://www.yako.lk