"කොළඹ ඩර්ඩන්ස් පෞද්ගලික රෝහල"
කොළඹ ඩර්ඩන්ස් පෞද්ගලික රෝහලේ - වැසිකිලි වල සබන් නැති කලේ.....
කොළඹ ඩර්ඩන්ස් පෞද්ගලික රෝහල සම්බන්දයෙන් මම දැක්ක දෙයක් කියන්න ඕනෙ කියල හිතුව. මොන තරම් හොඳයි කිව්වත් මම නම් කිසිම සැත්කමකට හෝ වෙනත් වැදගත් කටයුත්තකට (දරු උපතක් වැනි) දෙයකට ඩර්ඩන්ස් රෝහල අනුමත කරන්නෙ නැහැ. හේතුව එම රෝහලේ කිසිම වැසිකිළියක අත් සෝදන දියර හෝ සබන් හෝ නැහැ. මෙය මා මීට අවුරුද්දකට පමණ පෙර නිරීක්ෂණය කල දෙයක්. මේ සම්බන්ධයෙන් එහි සිටි හෙඳියකට පැවසුවා. ඇගේ පිළිතුර වූයේ "අපිත් කියනවා සර්, ඒත් දාන්නේ නැහැනෙ"
මා පසුගිය සතියෙත් වෛද්‍යවරයෙක් හමුවීමට එම රෝහලට ගියා. මට මේ වැසිකිලි වල අත් සෝදන දියර නැති ප්‍රශ්නය මතක් උන නිසා ඒ ගැන පොඩ්ඩක් හොයන්න හිතුව. මම බලපු කිසිම මහලක වැසිකිලි වල අත්සෝදන දියර නැහැ.
පොඩ්ඩක් හිතන්න....! වැසිකිලි යන කෙනෙක් සබන් යොදා අත් සේදුවේ නැත්නම්, ඔහු හෝ ඇය අල්ලන සෑම තැනකම අර අසූචි විසබීජ තවරමින් තමයි යන්නේ. සැත්කමක් වෙලාවේදී ඒක පිරිසිදුවට සිද්ධ උනත් ? ඊට පසු රෝගියාට කරන පසු ප්‍රතිකාර වලදී මෙලෙස රෝහල පුරා පැතිරී ඇති අසූචි විසබීජ එම රෝගියාට ශරීර ගත වන්නට තියෙන අවස්තාව ඉතාම වැඩියි. අලුත උපන් කුඩා දරුවෙකුට හෝ දැඩි සත්කාර ඒකකයේ ඉන්න කෙනෙකුගෙ හරි ශරීර ගත උනොත් විය හැකි දෙය ඉතාම භයානක විය හැකියි.
අත් සේදීමේ වැදගත් කම ගැන අනිත් සෑම රෝහලකම හැම තැනම පෝස්ටර් වලින් පවා දැනුවත් කිරීම් කරන වකවානුවක කොළඹ ඩර්ඩන්ස් පෞද්ගලික රෝහල මේ වගේ වගකීම් විරහිතව වැඩ කරන එක කිසිසේත් අනුමත කරන්න බැහැ. එම රෝහලට යන කෙනෙක් ඉන්නව නම් මේ ගැන සොයා බලන්න.

Last edited:

,එ කොහොම හරි නැත්තන් එක ලොකු අවුලක් තමා...