ඔබටත් පෙම්වතෙක්/පෙම්වතියක් ඉන්නවද එහෙනම
අද ලෝකේ ගත්තොතින් අවංකව ආදරේ කරන කියෙන කී දෙනෙක්ද ඉන්නේ.
ඒ අතරින් ගොඩක් හොරු ඉන්නේ.
තවත් කෙනෙක් ඉන්නේ තමන් කන්නෙත් නැහැ කන එකෙක්ට දෙන්නෙත් නැහැ.
තවත් එවුන් ඉන්නවා කන්නේ නැතිව රහ බලල මාරු වෙන එවුන්.
ඒ අතරින් ඉන්න එවුනුත් ඉන්නවා.
ඒ තමයි අනුන්ගේ යහපත වෙනුවෙන් තමන්ගේ ජීවිතය පුජා කරන.
මේ තියෙන්නෙත් ඒ වගේ සත්‍ය කතාවක්.
මේල් එකකින් ආවත්, සුළු සුළු වෙනස්කම් ටිකක් කරන්න උනා.
මේ කතාවත් පෙම්වතුන් යුවලක් ගැනයි. වෙන කතාවල් වල වගේම මේ කතාවෙත් පෙම්වතා තමන්ගේ පෙම්වතියට ගොඩක් ආදරේ කළා. ඒ වගේම පෙම්වතියත් තමන්ගේ පෙම්වතාට පන මෙන් ආදරේ කළා.

තමන්ගේ පෙම්වති ඉල්ලන්නේ නැතිව උනත් ගොඩක් දේ ගෙනත් දෙන්න මේ පෙම්වතා පසු බට උනේ නැහැ. ඒත් ඔහු එතරම් පොහොසත් කෙනෙක් නෙවි. සාමාන්‍ය කුලී වැඩ කරපු කෙනෙක්. ඔහුගේ කිසිම ඉතිරියක් පේන්නට තිබුනේ නැහැ. පෙම්වතිය ගොඩක් පොහොසත් පවුලක කෙනෙක්. ඇයගේ පවුලේ ඇයගෙන් ඔවුන්ගේ සම්බන්දෙට ඉඩක් ලැබුනේ නැහැ. පෙම්වතිය ගොඩක් ඔහුට අවවාද කරන්න හැදුවත් වැඩක් උනේ නැහැ.
ටිකෙන් ටික පෙම්වතිය පෙම්වතාව මග හරින්න ගත්ත. ඔහුගෙන් බොරු වැරදි හොයන්න ගත්ත. ඒත් පෙම්වතා ඇයට කිසි වෙනසක් පෙන්නුවේ නැහැ. ඒත් ඔවුන්ට එන්න එන්නම හිටි තැනින් ගොඩ එන්න පුලුවන් උනේ නැහැ.
අවසානයේදී දවසක් පෙම්වතිය තමන්ගේ පෙම්වතාට, තමන් පිටරට රැකියාවක් සඳහා යන බව කියා සිටියා. තමුන් දෙන්නගෙම යහපත වෙනුවෙන් යන බවයි ඇය කියා සිටියේ. පෙම්වතාගේ දැඩි විරෝධය මත ඇය නික්ම ගිය.
දින සති මාස ගෙවී ගියත් ඇයගෙන් කිසිම තොරතුරක් ලැබුනේ නැහැ. අන්තිමේදී ඔහු හිත ගොඩක් ශක්තිමත් කර ගත්ත. ඔහු හීන මවපුව ඇස් ඉස්සරහ බිඳී යනවා නේද කියලා හිතුනම ඔහුට තමන් ගැනම දුක හිතුන. සල්ලි නැති නිසා නේද මට ඇයව නොලැබුණේ කියලා හිතන්න ගත්ත.
ඔහු දවසින් දවස ඉතුරු කළා. ගොඩක් වෙහෙස මහන්සි උනා. කාලය ගෙවිල යත්ම ඔහු ගොඩක් පොහොසත් උනා. තමන්ගේම කියලා සමාගමක්, වාහනයක් තියෙන කෙනෙක් උනා. කම්මැලි කම නැති උනා. ඔහු ඒ අතරෙත් කල්පනා කලේම පෙම්වතියගේ දෙමවුපියෝ ඇයව වෙන කෙනෙක් හට බන්දවල දීලා රට යවන්න ඇති කියලා.
එදා වැසි දිනයක්. පෙම්වතා ඔහු මිලදීගත් අලුත්ම කාර් ඒකෙන ගමනක් යමින් හිටියා. ඒ යන අතරේ තමන්ගේ ඉස්සරහින් එක කුඩයක් යටින් නොතෙමි ඉන්නට මග බලමින් ගමනක් යන්නේ පෙම්වතියගේ දෙමවුපියන් බව ඔහුට තේරුම ගන්නට පුළුවන් උනා. ගොඩක් වැරහැලි වී ගිය ඇඳුම් ඔවුන් ඇඳලා හිටියේ. ඔවුන්ගේ ලඟින් යද්දී මුහුණ එලියට දාගෙන ඔවුන් දිහා බැලුවේ තමන්ගේ තත්වේ පෙන්වන්නටයි. කලින් හිටියා හිඟන්න නෙවි දැන් ඉන්නේ කියලා පෙන්වන්නටයි ඔහුට ඕන උනේ.
එහෙත් ඒ දෙමවුපියන් ඔහුව තැකීමකට ලක් කලේ නැහැ. ඔවුන් වෙනමම කල්පනාවක ගියේ. ඔවුන්ට පාරේ යන්නේ කවුද ඉන්නේ කවුද වගක් ඕන උනේ නැහැ. පෙම්වතා කාර් එක නවත්වල බලං හිටියා ඔවුන් යන දිහාව. ඔවුන් කෙලින්ම ගියේ කනත්ත දෙසට. පෙම්වතා කාර් ඒකෙන බැහැල, ඔවුන් පසු පස ගියා. තමන් පන වගේ ආදරේ කරපු පෙම්වතියගේ සිනහ මුසු මුහුණ සොහොන කොතක දුටු ඔහුට සිතාගන්න බැරි උනා.
එම සොහොන කොතෙ පැත්තක ඔහු විසින් ඇයට තෑගී කරන ලද සියලු දේ නොදිරන ලෙස තැම්පත් කර තිබුන. ඔහුගේ දෑසට කඳුළු ආව. ඇයට උනේ කුමක්දැයි ඔහු දෙමවුපියන්ගෙන් ඇහුව. අසරණ දෙමවුපියෝ ඒ මොහොතේ තමයි ඔහුව දුටුවේ. ඒ අය ඇයට සිදුවූ දේ සියල්ලම කිවුවා.
ඇය පිටරටකට ගිහින් තිබුනේ නැහැ. ඔහුව හම්බ වෙන්න එන්නට මාසෙකට කලින් තමයි ඇය දැනගෙන තියෙන්නේ ඇයගේ සිරුරේ පිළිකාවක් ඇති බව. ඔහුගේ ජිවිතේ කාලකන්නි කරන්න බැරි නිසා තමයි ඔහුගෙන් ඈත් වෙලා තියෙන්නේ. ඇය ඔහුව දන්නවා නිසා තමයි කිවුවේ රට යනවා කියලා. ඒ නිසයි ඔහුට බලාපොරොත්තු තියා නොගන්න ලියුම් වතු එවුවේ නැත්තේ. ඒ වගේම ඇය නොලැබුන නිසා ඔහු දියුණු වෙයි යනුවෙනුත් ඇය කියා තිබෙනවා. ඇයගේ එකම ආශාව උනේ පෙම්වතා තමන්ට දුන් තෑගී සොහොන කොතෙ තැන්පත් කර තියෙනවා දකින්නයි. ඇයගේ ආදරේ ඔහු තේරුම ගනු ඇතැයිද ඇය සිතුවා. ඇස් දෙකෙන් නොනවත්වා වැටෙන කඳුළු එක්කම පෙම්වතාගේ ලෝකය තමන් වටේට කැරකෙනවා සේ දැනෙනවත් සමගම පෙම්වතියගේ දෙමවුපියන් ඔහුව වත්තන් කරගන්නවා ඔහුට දැනෙන්නට උනා..
ආදරේ කරන්නේ පුජාවක් මිසක් පලිගැනීමක් නොවේ. වැරද්දක් නම් කවුරු කලත් එකයි. එපා නම් යන්න. ඇයට/ඔහුට කරදරයක් නොකර. වයිර කරන්න එපා. මේ කතාව හැමෝටම හොඳ ආදර්ශයක් වේවි කියලා හිතෙනවා. සුබ දවසක්.
අද ලෝකේ ගත්තොතින් අවංකව ආදරේ කරන කියෙන කී දෙනෙක්ද ඉන්නේ.
ඒ අතරින් ගොඩක් හොරු ඉන්නේ.
තවත් කෙනෙක් ඉන්නේ තමන් කන්නෙත් නැහැ කන එකෙක්ට දෙන්නෙත් නැහැ.
තවත් එවුන් ඉන්නවා කන්නේ නැතිව රහ බලල මාරු වෙන එවුන්.
ඒ අතරින් ඉන්න එවුනුත් ඉන්නවා.
ඒ තමයි අනුන්ගේ යහපත වෙනුවෙන් තමන්ගේ ජීවිතය පුජා කරන.
මේ තියෙන්නෙත් ඒ වගේ සත්‍ය කතාවක්. මේල් එකකින් ආවත්, සුළු සුළු වෙනස්කම් ටිකක් කරන්න උනා.