පිරිමින්ට පමණයි....කාන්තාවන්ට අති විශේෂයි!!!

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පිරිමින්ට පමණයි....කාන්තාවන්ට අති විශේෂයි!!!

    බැදපු අයට සහ බැදපු නැති අයටත් වටින ලිපියක් කියල හිතුන නිසා මේකේ දාන්න හිතුව...මේකේ සමහර කරුණු මට පැහැදිලි නෑ..ඒ ගැන ඔයාලගේ අදහසුත් දාන්න...


    ගැහැනිය ලකුණ නැවතත් කියවමු

    f9-2.jpg
    ගැහැනියක්‌ හැඬූ කඳුළින් නොසිටින සෑම දිනක්‌ම කාන්තා දිනයක්‌"

    වරක්‌ දුරකථන සංවාදයකදී මගේ යහළුවෙක්‌ පැවසුවා මතකය.

    වරක්‌ දෙවරක්‌ තෙවරක්‌ නොව සිය වාරයක්‌ සිතන්නට එම වදන මගේ සිතට බලකරන්නට විය.

    සත්‍ය වශයෙන්ම එම වදන් පෙළ මගේ සවණට යොමුකළ මගේ මිතුරා අතිශයින්ම කාන්තාවන්ට ගරු කරන, ආදරය කරන අයෙකි. ඔහු පැවසූ පරිදි සෑම අවස්‌ථාවකදීම ලෝකයේ කොතනක හෝ ගැහැනියක්‌ කඳුළු හෙළනවා ඇති බව මට හැඟෙයි.

    ශ්‍රී ලංකාද්වීපයේ රාජාවලිය ආරම්භ වන්නේ කාන්තාවකගේ ඇසින් හෙලූ කඳුළ මතිනි. සෙනෙහස, ආදරය, රැකවරණය, පතිභක්‌තිය වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවන්නට ඇයට සිදුවූ බව ඉතිහාසයේ පිටු අතර ඇගේ කඳුළු සැඟව ගිය අයුරුත් සිහිපත් වේ.

    වර්තමානයේ ද කුවේණිලා දහස්‌ ගණනක්‌ අප අතර ජීවත් වෙති. ඔවුන්ගේ ලේ, දහඩිය කඳුළුවලින් මේ දෙරණ කොතරම් තෙත් වී ඇත්ද?

    නෙතඟින් වෑහෙන උණුසුම් කඳුළු කැට සැබවින්ම සතුටු කඳුළු වන්නටත්, හෙළන දහඩිය රන් අස්‌වනු වන්නටත්, ගතෙහි රුධිරය බිළිඳු තොල් පෙති තෙමන කිරි සයුරක්‌ වන්නටත් ඇය සතුටින් සිටිය යුතුයි නේද? ඇගේ සිනහව සමාජයේ කුඩාම ඒකකය වූ පවුල නම් වූ ඒකකය තුළින් ප්‍රසාරණය වී සමස්‌ත සමාජයේම හසරැළි නංවනු ඇත.

    එක්‌ වහලක්‌ යට දිවි ගෙවන දම්පතීන්ගේ සිතුම් පැතුම් බොහෝ විට වෙනස්‌ය. ඒ ආදරණීය හදවත් කල්යත්ම ඉරි තැළුණ වියළි පොළවක්‌ සේ නොවන්නට ගැහැණිය සහ පිරිමියා වෙන් වෙන් වශයෙන් තේරුම් ගන්නට අපි පුංචි උත්සාහයක යෙදෙමු.

    සැමියා බිරිඳගෙන් බලාපොරොත්තුවන දේ පමණක්‌ නොව බිරිඳක්‌ සැමියකුගෙන් බලාපොරොත්තුවන දේවල්ද අප අවබෝධ කරගත යුතුය. මෙවර ලිපියෙන් අපි ගැහැනියකගේ අභිලාෂයන් යම් දුරකට හෝ සොයා බලන්නට තීරණය කළෙමු. මෙය තවමත් තම බිරිඳව තේරුම් ගත නොහැකිව රහසේ පසුතැවෙන සැමියන්ට හොඳ අවස්‌ථාවක්‌ වනු ඇතැයි අපි අපේක්‍ෂා කරමු.

    බොහෝ බිරින්දැවරුන් තම සැමියා වෙතින් එදිනෙදා ජීවිතයේ නීතිගරුක භාවය බලාපොරොත්තු වෙයි. සමාජය තුළ ඔහු ඉතා අවංක වීම සහ ප්‍රතිපත්තිගරුක වනවා දකින්නටද කාන්තාව කැමතිවන අතර එවිට තමා මුළු මහත් සමාජය තුළම සුරක්‍ෂිත වී ඇති බව ඇය එයින් වටහා ගනී.

    එසේම එදිනෙදා ජීවිතයේදී බිරිඳක්‌ නියත වශයෙන්ම තම සැමියාගෙන් උදව් උපකාර බලාපොරොත්තු වන අතර ගෘහ ජීවිතය සහ දරුවන්ගේ කටයුතුත් තම රාජකාරී දිවිය උදෙසා ලබාදෙන සහයෝගයත් මෙහිදී අඩු වැඩි වශයෙන් බලාපොරොත්තු වෙයි. එසේම තමා අතින් වරදක්‌ සිදුවුවහොත් සැමියකු තමාගෙන් සමාව අයදිනවා දකින්නට බිරිඳකගේ හදවත ඇතුලාන්තයෙන් කැමැත්ත දක්‌වන බවද කිව යුතුයි.

    පවුල තුළ ජීවත් වන පිරිමියාගේ පෞරුෂය සෑම ගැහැනියක්‌ම අපේක්‍ෂා කරන අතර පවුලේ කටයුතුවලදී ළදරුවෙක්‌ මෙන් හීන පෞරුෂයකින් තීරණ ගැනීම මෙන්ම තමාව මවකගේ තත්ත්වයට පත්කොට සලකනවාටද බොහොමයක්‌ කාන්තාවන් කැමති වන්නේද නැත. :baffled::baffled::baffled: (බිරිද, මවක් මෙන්
    තම සැමියාට සලකයි කියල සිගාලෝවාද සූත්‍රයේ තියෙන එක වැරදි ද එහෙනම්?)
    මක්‌ නිසාද යත් එවැනි පෞරුෂ මට්‌ටමකින් පිරිමියා විසින් ගනු ලබන තීරණ වල විශ්වාසනීය භාවයක්‌ ඇයට ඇති නොවන බව ඇගේ හැඟීමයි. එමෙන්ම ඇය පුරුෂයා ඉදිරියේ බොළඳ ළදැරියක්‌ සේ හැසිරෙන්නට ඇගේ යටි සිත බලකරන බැවින් එම තත්ත්වයෙන් හැසිරීමට ඇය සිතයි.

    එසේම තමාට ගරු කරන බොහෝ සෙයින් ආදරය කරන කෘතවේදී වන සැමියෙකුට බිරිඳක්‌ ඉතා තදින් ආදරය කරනවා මෙන්ම ඔහු ආදරයේදී බොළඳ පෙම්වතෙකුගේ ස්‌වභාවයට පත්වනවාටත් ගෞරවාත්මක වනවාටත් බිරිඳක්‌ බොහෝ සේ කැමති වෙයි.

    වෙහෙසකාරී දවසකින් පසු ගැහැනියට බොහෝ වචන ප්‍රමාණයක්‌ එකතු වේ. හැඟීම් ආවේගයකින් බෙදාහදාගන්නට තම සැමියා නිවසට පැමිණෙන තෙක්‌ බිරිඳ මග බලා සිටී. එහෙත් ඇයට අවධානය යොමු නොකොට ඇගේ වචනවලට සවන් නොදී රූපවාහිනිය, පුවත්පත හෝ පරිගණකය තම බිරිඳ කරගන්නා පිරිමියා නිසා ගැහැනිය ඉතා කනස්‌සළු ස්‌වභාවයට පත්වේ. ලෝකයේ විද්වතුන් විසින් සොයාගෙන ඇති තොරතුරුවලට අනුව ගැහැනිය කතාවට දක්‍ෂ වී ඇත්තේ ඇගේ කතා කිරීම සඳහා පිහිටි විශේෂ ප්‍රදේශයක්‌ මොළයේ වම් අර්ධ ගෝලයේද ඒ සමගම කුඩා ප්‍රදේශයක්‌ දකුණු අර්ධගෝලයේද වශයෙන් මොළයේ දෙපසම කථන සඳහා විශේෂයෙන් නිර්මාණය වී ඇති නිසාය. එසේම ඇය කතාබහ කරමින් වෙනත් කාර්යයක යෙදීමට ඇයට හැකියාව ඇත්තේ මේ නිසාය. දිනකට කාන්තාවක ඉඟි බිඟි, විවිධ ශබ්ද ආදිය සමග වචන 20,000 ක්‌ පමණ කතා කරන බවත් :P:P සමාජයේ අන් කා සමගවත් හුවමාරු නොකොට අතිශය පෞද්ගලික ලෙස සිය සැමියා සමගම කතා කරන්නට ඇය වෙන්කොට ගෙන බලා සිටින වචන ප්‍රමාණයක්‌ ඇති බවත් කිව යුතුය. මෙහිදී ස්‌වභාවයෙන්ම නිහඬව තම සිතුවිලි සමග හුදකලා වන්නට සිහින මවන පිරිමියා හා දිවිගෙවන ඇගේ ඉරණම කෙබඳු විය හැකිද අප මතු කරගත යුතු වැදගත්ම කරුණ වන්නේ දෙදෙනකු ජීවත්වීමේදී එකිනෙකාගේ ආශාවන් හා අවශ්‍යතාවන්ට කැපවීම් කළ යුතු බව නොවේද?

    ගැහැනියක්‌ නිරතුරුවම තමාව සතුටුදායක ලෙස පුදුමයට පත් කරවීම්වලට ඇගේ යටි සිතෙන් කැමැත්තක්‌ දක්‌වයි. :yes::yes::yes: එවන් වූ ඉඟිවලින් ඔහු තමාට පෙර සේම ආදරය කරනවා යන්න ඇය වටහා ගනී. එසේම තමන්ගේ උපන් දිනය, විවාහ සංවත්සරය මතක තබාගන්නා සැමියාව භාර්යාව විසින් ඉතා අගය කරයි. එදිනට තමන් වෙනුවෙන් පුංචි ත්‍යාගයක්‌ ලබාදී තමාව අනපේaක්‍ෂිත ලෙස සතුටට පත්කරනවා නම් මතුපිටින් කුමක්‌ ප්‍රකාශ කළත් ඇගේ හදවතේ පතුලේ ඒ සුන්දර මතකය වඩාත් සුරක්‍ෂිත ලෙස ආදරණීය ලෙස තැන්පත් වේ.

    එසේම ඉඳහිට හෝ තම කාර්යය අවසන් වී සවසට නිවසට පැමිණෙන සැමියකුට ඇය වෙනුවෙන් ඇය ආශා කරන පුංචි යමක්‌ හෝ ගෙන යන්නට හැකි නම් එය ඉතා වටිනා කරුණකි. ඇයගේ කෘතවේදීභාවය ඇයගේ කැපවීම ඔහු නිරතුරුවම අගය කරනවා යන්න ඇයට වටහා ගැනීමට මෙය කදිම අවස්‌ථාවකි.

    කාන්තාවකගේ ලිංගික අවශ්‍යතාවයන් පිළිබඳව ලෝකයේ කර ඇති බොහෝ සමීක්‍ෂණ වලින් අධ්‍යයනවලින් පෙනී යන්නේ කාන්තාව ආදරය තුළින් රාගික බව අපේක්‍ෂා කරන බවයි. :yes::yes: සුමුදු ස්‌පර්ශ කිරීම් ආදරණීය සුරතල් කිරීම් හෘදයාංගම සිප වැළඳ ගැනීම්වලට ගැහැනිය වඩාත් සතුටු වන බවයි. එසේම පුරුෂයකුගේ පෞද්ගලික ස්‌වස්‌ථතාව මනා සෞඛ්‍ය පුරුදු සහ හැසිරීම් ඇය අපේක්‍ෂා කරයි. පිරිමියකුගේ වඩා ප්‍රචණ්‌ඩකාරී රාගික හැසිරීම්වලට වඩා ගෞරවාන්විතව හා ශෘංගාරාත්මකව බෙදා හදාගත් සෙනෙහස ඇය ඉතා තදින් අපේක්‍ෂා කරයි.

    නිදි යහනේදී ගත කරන ඒ දිවිය කාන්තාවකගේ ජීවිතයේ ඉතා සංවේදී අවස්‌ථාවකි. "එහිදී ගැහැනිය තම ආවේගයන් සිතුවිලි අවදිවන්නටත් පෙර පිරිමියා සියල්ල අවසන් කරයි." :rofl::rofl::rofl::rofl: යන්න ලෝකයේ ප්‍රචලිත කියමනකි. බොහෝ කාන්තාවන් ඉතා දිගු වේලාවක්‌ තමන්ගේ හදවත දිනාගත් තැනැත්තා සමග ආදරයෙන් වෙලෙන්නට ඔහුත් සමග සුරතල් වන්නට කැමති බව කාන්තාවන් පිළිබඳව අධ්‍යයනය කොට හෙළිකරගත් තොරතුරුවලට අනුව ප්‍රත්‍යක්‍ෂ වී තිබේ.

    එසේම ගැහැනිය ස්‌වභාවයෙන්ම සියුමැලි ශරීරයකට හිමිකම් කියයිs. පුරුෂයා සමග බද්ධ වීමේදී ඇගේ කාය ශක්‌තිය මත ඇය පුරුෂයාට දෙවැනි වේ. එහෙත් පිරිමියකුගේ මොළයට වඩා ගැහැනියකගේ මොළය 8% ක්‌ කුඩා වන නමුත් ඒ තුළ ඇති අභ්‍යන්තර සංවේදීතාවය හා සම්බන්ධතාව පිරිමියාට වඩා වැඩිය. පුරුෂයකුගේ දෘෂ්ඨිපථය ඉතා දිගු දුරක්‌ දක්‌වා විහිදී යන අතර ගැහැනියකගේ දෘෂ්ඨිපථය පුළුල් ලෙස විහිදී යයි. මේ තත්ත්වය මත කාන්තාවකට එකවර වැඩ කිහිපයකට සිය අවධානය යොමුකළ හැකි අතර පිරිමියකුට එක්‌වරක්‌ අවධානය යොමුකළ හැක්‌කේ එක්‌ කාර්යයක්‌ සඳහා පමණි. උදාහරණයක්‌ ලෙස දුරකථන සංවාදයක යෙදී සිටින පිරිමියකු වෙනත් වැඩක්‌ එම අවස්‌ථාවේදීම නොකරන අතර රූපවාහිනි යන්ත්‍රය ඒ මොහොතේ ක්‍රියාත්මක වන්නේ නම් එහි ශබ්දය පවා අඩුකළ යුතු තත්ත්වයක පවතී. එහෙත් ගැහැනිය දුරකථන සංවාද අතරතුර කෑම පිසිමින් දරුවන් ගැනද අවධානය යොමුකරයි. එමෙන්ම නිවස අවට ඇති ශබ්ද සහ ඉදිරිපස ඇති ගේට්‌ටුව පිළිබඳවත් ඇගේ අවධානයට එම මොහොතේ ලක්‌වේ.

    මෙහිදී අප විශේෂයෙන්ම දැක්‌විය යුතු කරුණ වන්නේ ගැහැනිය සහ පිරිමියාගේ මොළය සැකසී ඇති ආකාරය අනුව අප එම ක්‍රියාකාරකම් කරනවා විනා ජීවිතයේදී එකිනෙකා ගැන මැසිවිලි නගමින් යුග දිවිය අඳුරු කරගන්නට උත්සාහ කිරීම මෙවන් අවස්‌ථාවක්‌ මත නොකළ යුතු බවයි.

    කාන්තාවගේ අවශ්‍යතාවයන් සහ ආශාවන් මෙන්ම පිරිමියකුගෙන් ගැහැනිය අපේක්‍ෂා කරන බොහෝ දැ අතර සුළු කරුණු කිහිපයක්‌ මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නට යෙදුණි. මෙම කරුණු ඉතාමත්ම පොදු යෑයි හැඟෙන අතර එම සුළු කරුණු කිහිපය පවා යථාර්ථවාදීව වටහා ගෙන ජීවිතය තුළ සැරිසරන්නට පිරිමියකුට සහ ගැහැනියකට හැකි වෙනවා නම් එම ජීවිත සැරිසැරීම ඉතාම වින්දනීය චමත්කාර ජනක එකක්‌ බවට පත්වෙනු ඇත.

    සටහන - අමාලි මංගේෂ්කා


    source : http://www.divaina.com/2014/11/23/feature11.html
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේ කාලයේදී ගැහැනුන් ගැන සාදරනව ලියවෙච්ච ලිපියක් දකින්න ලැබුණු එක ගැන සතුටුයි...එහෙම නැත්තම් අපිට නිතරම දකින්න ලැබෙන්නේ ගැහැණිය මේ ලෝකයේ ඉන්න ශක්තිමත්ම, නිර්භීතම, පිරිමින් වැඩක් නැති ජීවි කොට්ටාශයක් කියන බොරුව පදනම් කරන ගැහැනුන් විසින්ම ගොතපුවනේ...ලොල්

    මේක ඇත්තටම හිතන්න හොද post එකක්...ගැහැණු අය ගැහැණු විදිහටත් පිරිමි අය පිරිමි විදිහටත් ඉන්න ඕන...එකයි මගේ අදහස...මේ වගේ දේවල් කියවන එකෙන් එහෙම ඉන්න කොට ඇති වෙන ප්‍රශ්න ගොඩක් විසදෙනවා.විසදගන්න පුළුවන්..මිනිස්සු දැන් ගොඩක් කාර්යබහුලයි...එකිනෙක තේරුම් ගන්න වෙන් කරන්න තිබුණු කාලය අඩු වෙලා..

    ගැහැණියට නියමිත ගෞරවය ඇයට හිමි විය යුතුයි...හැම කෙනෙක්ම ගැහැනියගේ වටිනාකම තේරුම් අරන් ඔවුන්ට නිසි තැන දෙනවනම් එක තමයි සමානාත්ම තාවය කියන්නේ මම දකින විදිහට,
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    වාරියපොල තත්වය නම් ඔයිට වඩා වෙනස් :D

    ගැහැණු තමන්ගේ තත්වය තේරුම් ගන්න ඕන වගේම පිරිමි තමන්ගේ පිරිමි කම තේරුම් ගන්න ඕන මචන්...වාරියපොළ තත්වය උනේ එහෙම නැති එකයි...අරුගේ පිරිමි කමක් තිබුනානම් උ ඒ කෙල්ලට ඒ වගේ කතාවක් කියන්නේ නෑ.මොකද පිරිමි කම කියන්නේ කෙල්ලොන්ට විහිලු කරන ඉන්න එක නෙමෙයි.....එක තේරුම් අරන් වැදගත් විදිහට කටයුතු කරනම් එදා උගේ පිරිමි කම හෑල්ලුවට ලක් වෙන්නෙත් නෑ...
     
    • Like
    Reactions: funkyguy89

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    hoda lipiyak :D ගැහැනියක්‌ හැඬූ කඳුළින් නොසිටින සෑම දිනක්‌ම කාන්තා දිනයක්‌ :D
     
    • Like
    Reactions: funkyguy89

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බොහොම වටිනා ලිපියක්...ගොඩක් දේවල් ඇත්ත..අනිත් දේවල් ගැන අත්දැකීම් නැත..රෙප්++
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කම්මැලියි කියවන්න, බැරිද කාටහරි රෙකෝර්ඩ් කොරල ඕඩියෝ එක දාන්ඩ....
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ කාලයේදී ගැහැනුන් ගැන සාදරනව ලියවෙච්ච ලිපියක් දකින්න ලැබුණු එක ගැන සතුටුයි...එහෙම නැත්තම් අපිට නිතරම දකින්න ලැබෙන්නේ ගැහැණිය මේ ලෝකයේ ඉන්න ශක්තිමත්ම, නිර්භීතම, පිරිමින් වැඩක් නැති ජීවි කොට්ටාශයක් කියන බොරුව පදනම් කරන ගැහැනුන් විසින්ම ගොතපුවනේ...ලොල්

    මේක ඇත්තටම හිතන්න හොද post එකක්...ගැහැණු අය ගැහැණු විදිහටත් පිරිමි අය පිරිමි විදිහටත් ඉන්න ඕන...එකයි මගේ අදහස...මේ වගේ දේවල් කියවන එකෙන් එහෙම ඉන්න කොට ඇති වෙන ප්‍රශ්න ගොඩක් විසදෙනවා.විසදගන්න පුළුවන්..මිනිස්සු දැන් ගොඩක් කාර්යබහුලයි...එකිනෙක තේරුම් ගන්න වෙන් කරන්න තිබුණු කාලය අඩු වෙලා..

    ගැහැණියට නියමිත ගෞරවය ඇයට හිමි විය යුතුයි...හැම කෙනෙක්ම ගැහැනියගේ වටිනාකම තේරුම් අරන් ඔවුන්ට නිසි තැන දෙනවනම් එක තමයි සමානාත්ම තාවය කියන්නේ මම දකින විදිහට,

    අනිවාර්යයෙන් මචන්...මටත් මේ ලිපිය share කරන්න හිතුනේ, හිතට වදින්න ලියල තියෙන නිසා..මේකේ ගැහැනියකගේ හැගීම් හරියට විස්තර කරලා තියෙනවා කියල මං හිතනවා...
     
    • Like
    Reactions: labu gediya

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    බොහොම වටිනා ලිපියක්...ගොඩක් දේවල් ඇත්ත..අනිත් දේවල් ගැන අත්දැකීම් නැත..රෙප්++

    බම්ප්


    niyamai machan :D

    good post.


    කම්මැලියි කියවන්න, බැරිද කාටහරි රෙකෝර්ඩ් කොරල ඕඩියෝ එක දාන්ඩ....

    thanks...repped
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    අනිවාර්යයෙන් මචන්...මටත් මේ ලිපිය share කරන්න හිතුනේ, හිතට වදින්න ලියල තියෙන නිසා..මේකේ ගැහැනියකගේ හැගීම් හරියට විස්තර කරලා තියෙනවා කියල මං හිතනවා...

    :yes::yes::yes: Yes Machan...++