Area 51 ගැන ඇත්ත හෙළි වෙයි.

Area 51 ගැන ඇත්ත හෙළි වෙයි.

1.jpg

2.jpg

3.jpg

4.jpg



හැත්තෑඅට වියැති බොයිඩ් බුෂ්මන් (Boyd Bushman) කියන්නේ ඇමෙරිකාවේ කීර්තිමත් විද්‍යාඥයෙකු වගේම ඉංජිනේරුවරයෙක්.51 කලාපයේ පිහිටි ලොක්හීඩ් මාටින් ගුවන් හමුදා කඳවුරේ ඔහු කාලයක් තිස්සේ සේවය කර තිබුනා.පසුගිය අගෝස්තු හත් වෙනිදා ඔහු මියයන විට ඇමෙරිකාව වෙනුවෙන් ඔහු ඉටු කර තිබුණු සේවය අති මහත්.ඔහු මිය ගිය විගසම ඔහු විසින් පටිගත කල වීඩියෝවක් අන්තර්ජාලය වෙත මුදා හැර තිබුනා.විනාඩි 33ක් පුරා දිවෙන මේ වීඩියෝවේදී ඔහු පිටසක්වලයින්,පිටසක්වල යානා ආදිය ගැන වගේම රොස්වෙල් සිදුවීම ගැනත් හෙළිදරව් කිරීම් රැසක් සිදුකරනු ලබනවා.

ඔහු කියන විදියට 51 කලාපය තුල පිටසක්වල යානා සහ ප්‍රති ගුරුත්ව තාක්ෂනය පිළිබඳව සෑහෙන පරීක්ෂණ සිදුවෙනවා.මේ පරීක්ෂණ රැසකටම ඔහු විසින් මූලිකත්වය දී තිබෙනවා.ඒ වගේම මෙහිදී ඔහු පිටසක්වල තාක්ෂනය සහිත පෘතුවි ගුවන්යානා නිර්මාණය කිරීමත් කර තිබෙනවා.

ඔහු හෙළිදරව් කරන විදියට පිටසක්වල ජීවින් ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් ඉන්නවා.පළමු කොටස වෙන්නේ Wranglers හෙවත් කේන්ති කාරයන්.ඔවුන් වඩාත් මිත්‍රශීලී බව ඔහු කියනවා.අනික් වර්ගය වන්නේ Rustlers හෙවත් හරක් හොරුන්.(පිටසක්වලයින් පරීක්ෂණ සඳහා හරකුන් පැහැර ගන්නා බව ඇමෙරිකාවේ ප්‍රකට මතයක්).මෙම ජීවින් දෙවර්ගයම අඩි පහක් පමණ උසැති බවත්, ඔවුන්ට මිනිසුන්ට මෙන්ම ඇඟිලි පහ බැගින් පවතින අත් සහ කකුල් පවතින බවත් ඔහුගේ හෙළිදරව්වේ සඳහන්.ඔහු වැඩි දුරටත් සඳහන් කරන විදියට ඔවුන්ගෙන් සමහරෙකු අවුරුදු 230ක් පමණ වයසැතියි.

ඔහුගේ හෙළිදරව් කිරීම් අනුව මේ පිටසක්වලයින් පැමිණෙන්නේ ක්වින්ටම්නියා (Quintumnia) කියන ලෝකයෙන්.එය පිහිටන්නේ පෘතුවියේ සිට ආලෝකවර්ෂ 48ක් දුරින්.මේවාට සාක්ෂි වශයෙන් ඔහු එම ලෝකයේ ඡායාරූප පවා ඉදිරිපත් කරනවා.ඒවගේම ඔහු කියන විදියට 1947 වසරේදී රොස්වෙල් ප්‍රදේශයට කඩා වැටෙන්නෙත් 51 කලාපයේදී ඔවුන් විසින් නැවත සකස්කළ පිටසක්වල යානාවක්.

2008 වසරේදී ඔහුව සත්‍ය අසත්‍ය පවසන්නේදැයි දැන ගැනීමේ පොලිග්‍රාප් (Polygraph) පරීක්ෂණයකට ලක් කල අතර එහිදී ඔහු 51 කලාපය තුල සිදුවන ප්‍රති ගුරුත්ව තාක්ෂණයේ පරීක්ෂණ,පිටසක්වල ජීවින් සම්බන්ධ පරීක්ෂණ පිළිබඳව වගේම ඔහු එකිනෙකට වෙනස් පිටසක්වල යානා වර්ග අටක් පිළිබඳව පර්යේෂණ කල බවත් කියනවා.වඩාත් විශ්මයජනක කාරණය වන්නේ ඔහු මේ සියලු කරුණු පවසන්නේ පොලිග්‍රාප් යන්ත්‍රයට සම්බන්ධව සිටියදී වීමත්, ඔහු පැවසු සියලු කරුණු විද්‍යාත්මකව සත්‍ය බව ඔප්පු වීමත්ය.

නමුත් මේ සම්බන්ධයෙන් වෙනත් පැහැදිලි කිරීමකුත් තිබෙනවා.ඒ තමයි ඔහු වයසත් සමග සිදු වන අමතක වීමේ රෝගයන්ට ගොදුරු වුණු බව.මේ අමතකවීම් නිසා මතකයේ ඇති වන හිදැස් පිරවීම සඳහා මනස යොදා ගන්නේ අපූරු උපක්‍රමයක්.ඒ තමයි අපිට අහන්න දකින්න ලැබෙන දේවල් එකතු කරලා නිර්මාණය කරගන්න දේවල් වලින් මතකයේ හිස්තැන් පිරවීම.බොයිඩ් මහතාගේ මෙම හෙළිදරව්වත් මෙවන් වූ මනසේ නිර්මාණයක් විය හැකියි.මානසික විද්‍යාඥයන් පෙන්වා දෙන විදියට මෙසේ නිර්මාණය කර ගන්නා කරුණු පොලිග්‍රාප් පරීක්ෂනයකදී අසත්‍ය කරුණු ලෙස හඳුනා ගන්නේ නැහැ.

ඒ වගේම බොයිඩ් මහතාට එරෙහිව ඇති තවත් කරුණක් වන්නේ ඔහු ඡායාරූප වල පෙන්වන පිටසක්වල ජීවියාට අතිශයින් සමාන ප්ලාස්ටික් සෙල්ලම් බඩුවක් ඇමෙරිකානු වෙළඳපොලේ පැවතීමයි.කොහොම වුනත් මේ කිසිම දෙයක් ගැන වැඩිදුර තොරතුරු විමසීමට බොයිඩ් මහතා මේ වනවිට ජීවතුන් අතර නැහැ.අඟහරු ජීවින් ගැන නාසා ආයතනය හෙළිදරව් කරලා වැඩිකාලයක් යන්නට කලින් නැවතත් මෙවන් හෙළිදරව්වක් සිදුවීම තමයි අපූරුම කාරණය.

මේ ගැන ඔයාලට හිතෙන දේවල් පහලින් සටහන් කරලා යන්නත් අමතක කරන්න එපා.



අඟහරු මත තියෙන මානවරූපී හිස්කබල ගැන දන්නවද? රේඩියෝ පණිවිඩ නිකුත් කරන වල්ගා තරුව මොකක්ද? පිටසවල ජීවින්, පියාඹන පීරිසි ගැන අලුත් විස්තර හැම එකක්ම මෙතනින්. - http://www.ufonewzlanka.blogspot.com



මේ විෂය ගැන උනන්දු යාලුවෝ ඉන්නවා නම් බම්ප් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. :):)
 
Last edited:
අනේ මන්ද..කාලයක් මාත් මේ මේවා ගැන හෙවුවා පණ දාගෙන:(:(

එහෙමද? මම නම් තවම හොයනවා.හොයලා දැන ගන්න දේවල් අනිත් අයටත් කියලා දෙනවා.
කැමති නම් අපේ FB පේජ් එකට ලයික්කුවක් දාගෙනම යන්න.මම සාමාන්‍යයෙන් හැමදාම අලුත් ලිපියක් ලියනවා.


https://www.facebook.com/pages/අසිරිමත්-විශ්වයේ-නිමක්-නැති-අභිරහස්/332293976920552
 

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    අනේ මන්ද..කාලයක් මාත් මේ මේවා ගැන හෙවුවා පණ දාගෙන:(:(

    මමත්. :yes: ඉස්සර මම x files පිස්සෙක් :rolleyes: . හැබැයි පස්සේ කාලෙක තේරුණා ඕවායේ වෙන දෙයක් තියෙනවා කියල ;)
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පිටසක්වලයා සැරි;17425807 said:
    උබේ ප්‍රෝෆයිල් පික් එකේ ඉන්නේ අර ෆිල්ම් එකේ ඉන්න පිටසක්වලය නේද? :eek::eek:

    ඔවු බන්.. Alien :D
    මම ඔය වගේ කතා වලට කැමති.. :yes: :D

    alien4.jpg
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔය film එකේ Aliens ල ගෙන් ලෝකය බෙරගන්න නේද predators ල ඉන්නේ ?

    Aliens කතා 4ක් තියනවා බන්.
    1979, 1986, 1992, 1997

    predator කතාත් ඒ කාලේ 2ක් හැදිලා තිබ්බා..
    1987, 1990

    මේ ඔක්කොම නියම කතා.. බලපු අයනම් දන්නවා ඇති.. නැති අය හොයාගෙන බලන්න.

    පස්සේ ඔය දෙකම එකට අරන් තමා 2004 alien vs predator හැදෙන්නේ.

    මම ඕක බලලා ගොඩක් කල් බන්.. දැන් කතාව හරියටම මතක නැහැ.. මතක විදිහට predators ලා ඒගොල්ලන්ට අයිති යමක් අරගෙන යන්න එන්නේ. ඒ කාලෙම මිනිස්සුත් ඒ පිරමිඩේ හොයාගෙන යනවා. වැරදීමකින්, හිර කරලා තියන alien රැජින නිදහස් වෙනවා. ඊට පස්සේ වැඩේ ඇවිලෙනවා.. ඕකයි කතාව.

    පස්සේ Aliens vs Predator - Requiem කියලා එකක් 2007 ආවා. ඒක ගොන් පාර්ට් එකක්.

    අන්තිමට 2010 ආපු Predators එක හොඳයි.. :)

    පරණ කතා අපහු බලන්න ඕනේ! :D
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    පිටසක්වලයා සැරි;17426535 said:
    වෙන දෙයක් කිව්වේ මචෝ???

    Roswell සිද්ධිය ගත්තම, ඇමරිකාව ඔත්තු බලන balloon එකක් test කළා Rosewell , new mexico වල . ඒකට මිනිස්සු හැඩයට dummies දාලා තිබුනා :baffled:. ඒ බැලූන් එක කඩා වැටුනම මිනිස්සු ඒක බලන්න ගියා , ඒත් ඒ මිනිස්සු dummies දැකලා හිතුවේ ඒ පිටසක්වල ජීවීන් කියල. පස්සේ පත්තරවල news එක ගියේ පිටසක්වල යානාවක් කඩාගෙන වැටිලා එකේ පිටසක්වල ජීවීන් හොයාගත්තා කියල :eek:.

    ඇත්තටම area 51 එකේ වෙන්නේ ඔත්තු බලන යානා හදන එකයි. ඇමරිකානු රජය කරන්නේ ඔත්තු බලන යානා හදල ඒවා test කරන එකයි. මිනිස්සු හිතන්නේ ඒවා UFO කියලයි, හැබැයි ඇමරිකානු ආණ්ඩුව මිනිස්සු ඒවා UFOs කියල හිතනවට කැමතියි, මොකද ඒ අය කැමති නෑ කවුරුවත් area 51 ඔත්තුබලන යානා ගැන දැනගන්නවට .
    :angry:

    x files වැනි tv series හැදුනම මිනිස්සු තව තවත් ඒවා ගැන විශ්වාශ කරන්න පටන් ගත්තා. :yes:

    අනික පිටසක්වල ජීවීන් ඉන්නවනම් උන් ඇමරිකාවත් එක්ක ගනුදෙනු කර කර ඉඳියිද? කෙලින්ම ඇවිල්ලා ලෝකයම අල්ලාගනියි :shocked:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Aliens කතා 4ක් තියනවා බන්.
    1979, 1986, 1992, 1997

    predator කතාත් ඒ කාලේ 2ක් හැදිලා තිබ්බා..
    1987, 1990

    මේ ඔක්කොම නියම කතා.. බලපු අයනම් දන්නවා ඇති.. නැති අය හොයාගෙන බලන්න.

    පස්සේ ඔය දෙකම එකට අරන් තමා 2004 alien vs predator හැදෙන්නේ.

    මම ඕක බලලා ගොඩක් කල් බන්.. දැන් කතාව හරියටම මතක නැහැ.. මතක විදිහට predators ලා ඒගොල්ලන්ට අයිති යමක් අරගෙන යන්න එන්නේ. ඒ කාලෙම මිනිස්සුත් ඒ පිරමිඩේ හොයාගෙන යනවා. වැරදීමකින්, හිර කරලා තියන alien රැජින නිදහස් වෙනවා. ඊට පස්සේ වැඩේ ඇවිලෙනවා.. ඕකයි කතාව.

    පස්සේ Aliens vs Predator - Requiem කියලා එකක් 2007 ආවා. ඒක ගොන් පාර්ට් එකක්.

    අන්තිමට 2010 ආපු Predators එක හොඳයි.. :)

    පරණ කතා අපහු බලන්න ඕනේ! :D

    Alien 1 thama maruma kathawa. 2 th hoda... anith wa chartar....
     
    Aliens කතා 4ක් තියනවා බන්.
    1979, 1986, 1992, 1997

    predator කතාත් ඒ කාලේ 2ක් හැදිලා තිබ්බා..
    1987, 1990

    මේ ඔක්කොම නියම කතා.. බලපු අයනම් දන්නවා ඇති.. නැති අය හොයාගෙන බලන්න.

    පස්සේ ඔය දෙකම එකට අරන් තමා 2004 alien vs predator හැදෙන්නේ.

    මම ඕක බලලා ගොඩක් කල් බන්.. දැන් කතාව හරියටම මතක නැහැ.. මතක විදිහට predators ලා ඒගොල්ලන්ට අයිති යමක් අරගෙන යන්න එන්නේ. ඒ කාලෙම මිනිස්සුත් ඒ පිරමිඩේ හොයාගෙන යනවා. වැරදීමකින්, හිර කරලා තියන alien රැජින නිදහස් වෙනවා. ඊට පස්සේ වැඩේ ඇවිලෙනවා.. ඕකයි කතාව.

    පස්සේ Aliens vs Predator - Requiem කියලා එකක් 2007 ආවා. ඒක ගොන් පාර්ට් එකක්.

    අන්තිමට 2010 ආපු Predators එක හොඳයි.. :)

    පරණ කතා අපහු බලන්න ඕනේ! :D

    math set ekama balala thiyenawa. AvP 2 eka nam cha.
    alien set eka nam maru.mama wadiyama asa eke last ekata.
    predators ekath supiri