සාමාන්‍ය පුහුණුකිරීමේ න්‍යාය........

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    සාමාන්‍ය පුහුණුකිරීමේ න්‍යාය........

    PeopleTraining.jpg



    මම ඉගෙනගත්තු විෂයන් අතරින් ආශාවෙන්ම ඉගෙනගත්තෙ මේ විෂය. උගන්නපු සර්ගෙ දක්ශතාවයත් මේකට බලපෑව. සර්ගෙ ලග කට්ටි පැනිලි තිබ්බෙත් නෑ. අවංකවම වැඩ කලා අපි වෙනුවෙන්. කියල දුන්න දන්න හැමදේම. හිතුන ගමන් අපෙන් ප්‍රශ්න ඇහුව. ඒ කරපු සබ්ජෙක්ට්වලින් සර් කරපු විෂයන්වලට තමයි සම්පූර්ණම නෝට් එක අපේ ලඟ තියෙන්නෙත්.

    මේ ලඟකදි පොත් ටික ඇදල බලද්දි මේ පොත වේයො කාල. කොහෙන් ඇවිත්ද මන්ද? ආයෙම මුල ඉදලම අලුත් පොතක ලිවුව මම. හිතුන මේ ගැන එළකිරියෙ දාන්න. වැදගත් වෙන අයත් ඉන්නව ඇති කියල හිතුන නිසා. දැනුම කියනදේ අපතෙ යන්නෙ නෑනෙ මොනම දේකවත්.
    මුලින්ම මම මේකෙ විෂය නිර්දේශය දාන්නම්. කාටත් එතකොට දළ අවබෝධයක් ලබාගන්න පුලුවන්නෙ නේද?

    1. ක්‍රීඩා පුහුණුව හැදින්වීම.
    2. කාර්යඵලය. [Performance]
    3. පුහුණු විධි. [Training means]
    4. පුහුණු භාරය. [Training load]
    5. පුහුණු මූලධර්ම. [Training principle]
    6. මූලික පුහුණු ක්‍රම. [Basic training method]
    7. චක්‍රීය පුහුණුව. [Circuit training]
    8. ශක්තිය. [Power]
    9. වේගය. [Speed]
    10. දැරීමේ හැකියාව. [Endurance]
    11. සමායෝජන සාධක. [Co-ordinate ability]
    12. ශිල්පීය ක්‍රම. [Techniques]
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ක්‍රීඩා පුහුණුව

    පළමුවෙන්ම ක්‍රීඩාව කියන්නෙ මොකක්ද? කියල අපි අදහසක් ගොඩ නඟා ගන්න බලමු.

    ක්‍රීඩාව යනු ශාරීරිකව හෝ මානසිකව වෙහෙසෙමින් කිසියම් නීතිරීති මාලාවකට අනුකූලව ජය පරාජය තෘප්තිය සෞඛ්‍ය තත්වය ගැන සලකා තනි තනිව හෝ සාමූහිකව කිසියම් නිශ්චිත ස්ථානයක [ එළිමහන්/ ගෘහස්ථ] උපකරණ සහිතව හෝ රහිතව කරනු ලබන ක්‍රියාකාරකමක් වේ.


    දැන් පුහුණුව ගැන තියෙන අදහස් කීපයක් මුලින්ම බලමු.

    1. නිශ්චිත අරමුණක් සහිතව යම් අපේක්ෂාවක් ඉටුකර ගැනීම සඳහා සංවිධානාත්මකව කරනු ලබන කිසියම් වැඩ කොටසක් පුහුණුවක් ලෙස හැඳින්වේ.
    2. යම්කිසි කාර්යක් ක්‍රමවත්ව හා වඩාත් නිවැරදිව කිරීම සඳහා ලබාගන්නා එක්තරා ක්‍රියා නිපුණතාවක් පුහුණුවයි.
    3. උපරිම සාධන මට්ටමක් ලබා ගැනීම සඳහා ක්‍රීඩකයා සූදානම් කිරීම පුහුණුවයි.

    මේ සඳහා එක් කාර්යයක දීර්ඝ කාලයක් නිරත විය යුතු අතර ඒ තුලින් ලබාගන්නා අත්දැකීම් සමූහය පුහුණුව වඩාත් සාර්ථක වීමට ඉවහල් වේ. එසේම එක් එක් ක්‍රීඩාව සඳහා ඒවාට ආවේණික වූ න්‍යායික හා තාක්ෂණික ක්‍රමවේද අත්හදා බලමින් පුහුණුවේ යෙදීමෙන් සාර්ථක විය හැකිය. යහපත් කාර්යඵලයක් ලබා ගත හැකි අතරම යහපත් චර්යා රටාවක්ද ප්‍රගුණ කළ හැකිවෙයි.
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    කාර්යඵලය [Performance]

    චලනයක් හෝ චලන සමූහයක් ඉදිරිපත් කිරීමේදී එය මැනීමෙන් හෝ අගය කිරීමෙන් හෝ ලැබෙන ප්‍රතිඵලය කාර්යඵලය නම් වේ.

    කාර්යඵලය තීරණය වන සෘජු සාධක කිහිපයකි.

    1. ක්‍රීඩකයෙකුගේ චරිතය හා මානසික සාධක.
    [පෞරුෂය, විස්වාස හා අගය කරන දේවල්.]


    2. තාක්ෂණික හා සමායෝජනතාව.

    3. ව්‍යුහාත්මක සාධක.
    [උස මහත අත පය දිගුවීම එක් එක් ක්‍රියාවේදී ශරීරයේ පිහිටීම අනුව ක්‍රීඩාවේ දක්ෂතාවන්ට වාසි සැලසේ.
    ]

    4. තත්වාරෝපන සාධක.
    [ශක්තිය වේගය නම්‍යතාවය වැනි සාධක එක් එක් ක්‍රීඩාවට යොදවන ආකාරය.
    ]

    5. උපක්‍රම සාධක.
    [කණ්ඩායම් තරඟ සඳහා හැමවිටම උපක්‍රම යොදාගනී.
    ]

    කාර්යඵලය තීරණය කරන සාමාන්‍ය සාධක

    1. ක්‍රීඩා උපකරණ
    [නුසුදුසු තත්වයේ ක්‍රීඩා උපකරණ නිසා ආබාධ ඇතිවේ.]

    2. නරඹන්නන් හා විනිශ්චයකරුවන්.
    [පක්ෂග්‍රාහී නොවීම වැදගත්ය.]

    3. ක්‍රීඩා පිටියේ තත්වය, ප්‍රදේශය, දේශගුණය, ඇඳුම් පැළඳුම්.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    පුහුණු කිරීමේ විධි [Training Means]

    1. ශාරීරික විධි.
    2. මානසික විධි.
    3. සෞඛ්‍ය හා භෞතවේදීමය විධි.
    4. ස්වාභාවික විධි.



    1. ශාරීරික විධි.
    පුහුණුවේදී අවශ්‍යවන ප්‍රධාන විධි අතරින් මූලිකම වන්නේ ශාරීරික විධියයි. මෙය ප්‍රධාන ව්‍යායාම් වර්ග තුනකට බෙදේ.

    1. සාමාන්‍ය ව්‍යායාම.[general exercise]
    2. විශේෂ ව්‍යායාම.[special
    exercise]
    3. තරඟ ව්‍යායාම.[competition
    exercise]

    1. සාමාන්‍ය ව්‍යායාම.

    සැබෑ තරඟයේ තීව්‍රතාවය ව්‍යුහය නැති ඕනෑම ව්‍යායාමයක් සාමාන්‍ය ව්‍යායාම ලෙස හැඳින්වේ. තීව්‍රතාවය යනු වේගයයි. ව්‍යුහය යනු ක්‍රීඩාව සෑදී ඇති ආකාරයයි.

    2. විශේෂ ව්‍යායාම.

    සැබෑ තරඟයේ ඇති තීව්‍රතාවය සහ ව්‍යුහය මඳ වශයෙන් ඇති ව්‍යායාම විශේෂ ව්‍යායාම් වේ.

    3. තරඟ ව්‍යායාම.

    තීව්‍රතාවය සහ ව්‍යුහය බොහෝ දුරට සැබෑ තරඟයට සමානව ඇති ව්‍යායාම තරඟ ව්‍යායාම් වේ.


    2. මානසික විධි.

    ක්‍රීඩකයා තුල ඇතිවන මානසික සූදානමයි. ශිල්පීය ක්‍රමවලට හා උපක්‍රමවලට බලපෑමක් දක්නට ඇත.


    3. සෞඛ්‍ය හා භෞතවේදීමය විධි.

    පෝෂණය, රෝගවලින් ආරක්ෂාවීම, ප්‍රකෘතියට පත්වීම ආදියයි.


    4. ස්වාභාවික විධි.

    වාතය, දේශගුණය, ප්‍රදේශය, හිරු එළිය, ආලෝකය.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    පුහුණු භාරය[Training Load]

    පුහුණු භාරය යනු කාර්යඵලය වැඩි දියුනු කරගැනීම හෝ එලෙසම පවත්වාගැනීම සඳහා චාලක උත්තේජ මගින් ශාරීරිකව හෝ මානසිකව ජීවියා වෙත එල්ල කරනු ලබන බලපෑමයි.

    මෙය කොටස් දෙකකි.

    1. බාහිර.
    2. අභ්‍යන්තර.

    බාහිර භාරය මත අභ්‍යන්තර භාරය රදා පවතී. ක්‍රීඩකයා කරනු ලබන වැඩ ප්‍රමාණය භාහිර භාරයයි. භාහිර භාරය නිසා ඇතිවන ප්‍රතිඵලය අභ්‍යන්තර භාරයයි.
    බරක් ඔසවන වාර ගණන, පනින වාර ගණන, දුවන දුර ප්‍රමාණය ආදිය භාහිර භාරය නම් වේ. මානසික හා භෞතවේදීයව සිදුවන වෙනස්කම් අභ්‍යන්තර භාරයයි. හෘද ස්පන්දනය ඉහළ යාම, ලැක්ටික් අම්ල සාන්ද්‍රනය ඉහළ යාම, ඔක්සිජන් පරිභෝජනය වැඩිවීම ආදියයි.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    අධි ඌණ පූරණය [Super Compensation]

    යම් ක්‍රියාකාරකම් රැසක් කරනවිට ශක්තිය සපයන පේශී තන්තුවල ගෙවීම් හා ශක්තිය වැයවීම් සිදු වේ. එහිදී ආහාර ගෙන විවේක ගත්විට ගෙවෙ ගිය එම තන්තු අලුත්වැඩියාවීම හා ශක්තිය නැවත ලැබීම ඌණ පූර්ණයයි.

    ප්‍රමාණවත් තීව්‍රතාවයෙන් යුත් පුහුණු භාරයක් කලහොත් වැඩි ශක්ති ප්‍රමාණයක් වැයවේ. එහිදී ආහාර ගෙන විවේක ගත්විට ඌණ පූර්ණය වැඩි වේ. එය අධි ඌණ පූර්ණයයි.

    මෙහි සෘජුවම ශක්තිය සපයන්නේ ATP මගිනි.අනෙකුත් ද්‍රව්‍ය මගින් ATP සෑදේ.

    කරනු ලබන ක්‍රියාකාරකම් මගින් හොඳ බලපෑමක් [ප්‍රශස්ථ- යහපත් ප්‍රමාණයක] එල්ල කලහොත් පද්ධතිවලට හොඳ තත්වයක් ඇතිවේ.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    භාරයෙහි සංඝටක [ Compenent Of Load]

    1. තීව්‍රතාවය. [Intensity]

    2. පරිමාව. [Volume]


    1. තීව්‍රතාවය.[Intensity]

    තීව්‍රතාවය යනු යමක් කරන ප්‍රමාණයයි. වාර ගණන තැනින් තැනට වෙනස් වේ.

    1. දිවීමේදී [සෙමින්/ වේගයෙන්]
    2. බර ඉසිලීමේදී [යොදන බර]
    3. උස [පනින් උස]
    4. දුර [පණින දුර]
    5. උඩ පැනීමේදී [වාර ගණන]



    මී100 තත්. 15න් දුවන ක්‍රීඩකයෙකුට 90% ක වේගයෙන් දිවීමට ගතවන කාලය කොපමණද?


    = 15 * 100/90

    = 50/3

    = ත.16.66



    ක්‍රියාකාරක**** තීව්‍රතාවය**********මනින ඒකකය

    දිවීම පිහිණීම***
    *
    වේගය *********** තත්පර/මීටර්
    ඇවිදීම ******* ****************පැයට/කිලෝමීටර්

    බර ඉසිලීම ***** ප්‍රතිරෝධයේප්‍රමාණය*** kg
    පැනීම
    ******** දුර/උස *********** මීටර්/සෙ.මීටර්

    විසිකිරීම
    ******* ක්‍රීඩා තරඟ වේගය******නිශ්චිත නැත
    කණ්ඩායම් ක්‍රීඩා ** Tempo
    සටන් ක්‍රීඩා
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    හෘදය වස්තුවේ උපරිම ස්ඵන්දනය

    220-වයස අඩුකළවිට ලැබෙන පිළිතුර හෘදය වස්තුවේ උපරිම ස්ඵන්දන වේගය ලෙස හැඳින්වේ.

    උදා; අවු 23

    220-23 = 197

    [එනම් අවු 23ක් වන කෙනෙකුගේ උපරිම ස්ඵන්දන වේගය වන්නේ 197යි.]

    කිසියම් ක්‍රීඩකයෙකුට/ක්‍රීඩිකාවකට යම් ධාරිතාවක් ලබා දීමේදී වයස මෙන්ම හෘද ස්ඵන්දන වේගය පිළිබදවද සැළකිලිමත් විය යුතුය.



    2. පරිමාව. [Volume]

    පුහුණු වාරයකදී කරනු ලබන වැඩ ප්‍රමාණය පරිමාව නම් වේ.

    ප.ව. 4ට පුහුණුව ආරම්භ කර එය ප.ව. 5ට අවසන් කලේනම් ඒ අතරතුර කාලය තුලදී කරන වැඩ ප්‍රමාණය පරිමාව නම් වේ.

    මෙම කාලය තුල කරන උෂ්ණවෘද්ධි [Worm up] ඇඟ ලිහිල් කිරීම [Worm Down] ව්‍යායාම් අනිවාර්යෙන් කල යුතු නිසා එය පරිමාවට බලපානු නොලැබේ.

    මෙහිදී පුහුණුව කල යුත්තේ තීව්‍රතාව වැඩිවන අවස්ථාවක පරිමාව අඩුවන ආකාරයටය.

    උදා; පරිමාව***********තීව්‍රතාව


    40m*4................60%
    60m...................70%
    20m...................90
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    භාරයෙහි ඝණත්වය [Density of Load]

    ක්‍රියාකාරකම් දෙකක් අතර ඇති සම්බන්ධතාවය
    භාරයෙහි ඝණත්වය නම් වේ.

    උදා; 1000m*4 - [10R]

    මෙහිදී සිදුවන්නේ 1000m අවසානයේදී විනාඩි 10ක විවේකයක් ලැබීමයි.

    1000m [වි. 10 විවේකය], 1000m [වි. 10
    විවේකය].......

    දෙනු ලබන විවේකය මත එනම් ක්‍රියාකාරකම් දෙකක් අතර කාල පරතරය අඩුවීමේදී ඝණත්වය වැඩිවන අතර කාල පරතරය වැඩිවීමේදී ඝණත්වය අඩු වේ.

    උත්තේජනයට ගතවන කාලය

    1000m [වි.06 තත්. 30]

    උත්තේජනයට ගතවූ කාලය වි. 6 තත්. 30ක් වේ. උත්තේජනය වූයේ 1000m කි.



    උත්තේජන සංඛ්‍යානය

    යමක් කල යුතු වාර ගණන උත්තේජන සංඛ්‍යානයයි.

    1000m*4

    එනම් 1000m ඒවා 4කි. එම නිසා උත්තේජන සංඛ්‍යානය = 4
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    පුහුණු මූලධර්ම[Training Principle]


    වැදගත්කම;

    1. විද්‍යාත්මක මූලධර්ම මත පදනම්ව තිබීම.
    2. සියල්ල එක්කොට සමස්ථයක් ලෙස යෙදිය යුතුවීම.
    3.
    පුහුණුවීමේ සෑම අංශයක් කරාම මෙම මූලධර්ම විහිදී තිබීම.
    4.
    සාර්ථක පුහුණුවීම්වල අත්දැකීම් මෙම මූලධර්මවලට පදනම්ව තිබීම.


    මෙහිදී.....

    1. අඛන්ඩ බව.
    2. පුහුණු භාරය ක්‍රමිකව වර්ධනය කිරීම.
    3. පුද්ගලයා අනුව වෙනස් කිරීම.
    4. ක්‍රියාකාරී සහභාගීත්වය.
    5. සැළසුම්ගත ක්‍රමානුකූල පුහුණුව.
    6. සාමාන්‍ය හා විශේෂ සූදානම.
    7. දැනුවත් කිරීම.
    8. චක්‍රීය බව.

    ආදී කරුණු පිළිබඳව සාකච්ජා කරනු ලබයි.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    1. අඛන්ඩ බව

    කාර්යඵලය වැඩි දියුණු කර යම් සාධන මට්ටමකට ක්‍රීඩකයා ගෙන යාම සඳහා නොකඩවා කරන පුහුණුවයි.

    මෙහිදී කාර්යඵලය ක්‍රමයෙන් වැඩිවේ. ස්ථාවර කාලයක් තිබෙන අතර එම ස්ථාවර කාලයෙන් පසුව වැඩි කාර්යඵලයක් ලබාගනී.


    පුහුණුවේදී;

    ශක්තිය, වේගය, දැරීමේ හැකියාව, නම්‍යතාවය, සමායෝජනය, ශිල්පීය ක්‍රම අඛන්ඩව ගෙන යා යුතුය.
    එක් ක්‍රමයක් හෝ අත් හැරීමෙන් එම පුහුණුවේ ප්‍රතිථල අඩු විය හැකිය.එම නිසා අවශ්‍ය මට්ටමට ගෙන ඒමටනම් පුහුණුව අඛන්ඩව සියලු කොටස් ඇතුලත්ව කල යුතුය.



    * ශක්තිය, වේගය, දැරීමේ හැකියාව කෙරෙහි මුල් කාලයේදී අවධානය යොමු කෙරේ.

    * ක්‍රම ක්‍රමයෙන් එක් එක් ක්‍රමවේදවල ඉහළට ගෙන යාම සිදු කරයි.



    සති 6 තුලදී එක් ක්‍රමයක් හෝ දෙකක් පුහුණු කරවීම. අනෙක් ඒවාද ප්‍රමාණාත්මකව යොදා ගත යුතුය.

    උදා;

    ශ 0 0 0 0
    0 වේ 0 0 0.............



    වැදගත්වේ..........

    1. අඛන්ඩ බව නැති කර ගැනීමේ ප්‍රතිඵල වටහා දීම.

    2. අඛන්ඩ බව රැක ගැනීමට අවශ්‍ය උපදෙස් දීම.

    3. යම් ආබාධිත අවස්තාවකදී කල හැකි ව්‍යායාම් කරවීම.

    4. ශක්තිය, වේගය හා දරාගැනීම යන කාර්යය සාධන දිගටම පවත්වා ගැනීම.

    5. පුහුණුභාරය අනුව ආකෘතිය සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දිය යුතුය.
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    2. පුහුණු භාරය ක්‍රමිකව වර්ධනය කිරීම.

    පියවරෙන් පියවර භාරය[Load] වර්ධනය කිරීම වඩාත් ප්‍රතිඵලදායි වන අතර ප්‍රශස්ථ මට්ටමකට ක්‍රීඩකයා ගෙන ඒමටද හැකි වේ. ඉන්ද්‍රියන්ට ඒ සඳහා හුරුවීමට කාලයක් ලැබෙන බැවින් පියවරෙන් පියවර භාරය වැඩි කිරීම වැදගත් වේ.

    මුල් අවදියේදී කුඩා භාරයකදී වුවද කාර්යඵලය වැඩි වේ. පසුකාලීනව කාර්යඵලය වැඩි කිරීමට වඩා වැඩි භාරයක් ලබා දීමට සිදු වේ.



    භාරයේ වර්ධනයට

    1. Technique වල Drills ක්‍රමයෙන් අමාරු කිරීම.

    2. තරඟ ප්‍රමාණය වැඩි කිරීම.

    3. බාහිර බලපෑම් වැඩිවීමට ඉඩ සැළැස්වීම.

    4. විවිධ කාළගුණ/දේශගුණ තත්වයන් යටතේ පුහුණුව.

    5. පුහුණුවේදී භාරය වැඩි කිරීම.

    6. පුහුණු සැසි ප්‍රමාණය වැඩි කිරීම.

    7. සීග්‍රතාවය වැඩි කිරීම.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    03. පුද්ගලයා අනුව වෙනස් කිරීම.

    පරිසරය, පෝෂණය, වටහා ගැනීමේ ශක්තිය, පදිංචි ස්ථානය, දක්ශතා සැළකිල්ලට ගෙන ප්‍රබලතා දුබලතා විශ්ලේෂණය කර ඒ අනුව පුහුණුව ලබා දීම.
    මුල් කාලයේදී පොදුවේ පුහුණු කිරීම. පසුව ඒ ඒ ලක්ෂණ අනුව පුහුණුව ලබා දීම.


    මෙහිදී,

    1. ජීව විද්‍යාත්මක වයස හා කැළැන්ඩර් වයස බැලීම.
    2. ස්ත්‍රී පුරුෂ බව.
    3. පුහුණු අදියර සහ පුහුණු වයස.
    4. ශූර බව.
    5. පෞරුෂය, බුද්ධිය.
    6. සාමාජික හා ආර්ථික තත්වය.
    7. දරාගත හැකි පුහුණු භාරය හා නැවත යථා තත්වයට පත්වීමට ගතවන කාලය.


    ආදිය පිළිබඳව සැළකිලිමත් විය යුතුය.



    04. ක්‍රියාකාරී සහභාගීත්වය

    1. සාකච්ජා කර වැඩසටහන් කිරීම.
    2. අභිප්‍රේරණය සිදු වේ.
    3. කරන වැඩ පිළිබඳව අවබෝධයක් සහිත නිසා දැනුවත් වේ.
    4. ගැටලු විසඳා ගැනීමට හැකි වේ.
    5. වගකීමෙන් යුතුව වැඩ කිරීම.
    6. තමන් කල යුතු වැඩ කොටස තනිවම හෝ කිරීමට හැකියාවක් ලබා ගැනීම.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    5. සැළසුම් සහගත ක්‍රමානුකූල පුහුණුව

    5. සැළසුම් සහගත ක්‍රමානුකූල පුහුණුව



    * කලින්ම සැළසුම් කිරීම.
    * සැළසුමට අනුව කටයුතු කිරීම.
    * ක්‍රමානුකූලවීම.
    * ක්‍රීඩාවට අදාල කර්යඵල ව්‍යුහය සළකා බැලීම.
    * කාර්යඵලය දියුණු කරන ක්‍රම.
    * දීර්ඝකාලීනව සැළසුම් කරන ආකාරය දැන සිටීම.
    * අපේක්ෂාවන් තබා ගත යුතු ආකාරය.
    * ඉළක්කය හා සැළසුම් කිරීම එකක්ම බවට පත්කර ගත් යුතුය.