ආණ්ඩු වෙනස් කිරීම සහ සිංහලයා බඩ ගෝස්තරවා&#3503

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ආණ්ඩු වෙනස් කිරීම සහ සිංහලයා බඩ ගෝස්තරවා&#3503

    ආණ්ඩු වෙනස් කිරීම සහ සිංහලයා බඩ ගෝස්තරවාදියෙකු සහ බිය සුල්ලෙකු බවට පත් කිරීමේ දේශපාලනය


    කුමුදු කුසුම් කුමාර ගේ ලිපියක් උපුටා ගැනීමකි

    http://kathika.wordpress.com/


    අද අප එළඹ සිටින්නේ ජීවිතයට කොතරම් උද්දීපනයක් ගෙන එන කාලයකටද? යැයි සේවා ස්ථානයේ මිතුරියක කීවේ ඇය ගමන් කළ ත්‍රී රෝද රථයේ රියදුරා ඇය කවුද යන්නවත් නොදැනම තොර තෝංචියක් නැතිව වත්මන් රජය ගෙදර යැවිය යුතු හේතු එක දිගට කියා ගෙන යනු අසා සිටීමෙන් ඇති වූ විමතියෙන් යුතුව කාර්යාලයට පැමිණ පසුය.

    විපක්ෂයේ ජනාධිපති පොදු අපේක්ෂකයා ප්‍රකාශයට පත් වීමේ ආරංචිය පැතිර යත්ම එබඳු ඉමහත් සැනසීමක් පිළිබඳ හැඟීමකින් සියලු තරා තිරම් වල ජනයා ඇළලී යනු දකින්නට ලැබුණි. සමස්ත සමාජය එය වසා සිරකොට සිටි මහා පීඩනයකින් එක් වරම නිදහස් වූවා වැනිය. දැන් යලිත් වරක් ආණ්ඩු මාරුවක් කළ හැකිය යන හැඟීම මෙයට පාදක වූ බව මගේ හැඟීමයි. පාලක රෙජීමය සමස්ත ලාංකේය දේශපාලන සමාජ ව්‍යුහ තම දැඩි ග්‍රහණයට ගෙන එහි නිදහස ගෙල මිරිකීමේ සර්වාධිකාරී තත්වය සමාජය තුළ දැඩි බියක් සහ එකිනෙකා කෙරෙහි අවිශ්වාසය සහ සැකය පතුරුවා හැර තිබුණි. ජනයා ඉවසාගෙන බලා සිටියේ ආණ්ඩු මාරුවක් සඳහා අවස්ථාව ලැබෙන තෙක් ය. ඒ අවස්ථාව ලැබෙන බවට උදාවූ පළමු ඉඟිය සමගින් ඇතිවූ බලවත් සැනසුම් සහගත හැඟීමත් උද්දීපනයත් එහෙයිනි.

    රටක වාරිකව සිදුවන ආණ්ඩු මාරුව අත්‍යවශ්‍ය වන්නේ එක් පාලක කල්ලියක් සමාජය සහ දේශපාලනය සමස්තය ග්‍රහණයට ගැනීමෙන් ඇතිවන කුණුවීම ක්ෂයවීම නවතා එයට නව ජීවයක් දෙන්නටය.

    ඊනියා සංවර්ධනයේ සහ ස්ථාවරභාවයේ නාමයෙන් එකම ආණ්ඩුව දිගටම පවත්වා ගෙන යාම සමාජය මත ඇති කරන සර්වාධිකාරය මානව යහ පැවැත්මට හිතකර නොවේ.

    මෙලෙස උදාවූ සර්වාධිකාරී රෙජීමයක් යටතේ ලාංකේය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස සදහටම අහෝසි වනු ඇතැයි යන බලාපොරොත්තු කඩ වීම සමාජය හාත්පස වෙලාගෙන පැතිර යමින් තිබූ අවස්ථාවේම ඉක්මන් ජනාධිපතිවරණයක් පැවැත්වීමට පාලක රෙජීමය ගත් තීරණයම යළිත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ගතිකය අවදි කරලීමට මුල් වීම අපට කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නූතන ලංකාවේ සැබෑ ‘ජාතික චින්තනය‘ බව යැයි යෝජනා කරන්නට කැමැත්තෙමි.

    ලාංකේය සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අදහස මරාදමන්නට නොහැක. මර්ධනය කරන්නට කරන්නට එය යළි යළිත් කොපමණ කලක් හෝ ගත වී මතුව එයි. ප්‍රජාතන්ත්‍රවාදය කැටුව එන නිදහස සහ සමාජ සාධාරණත්වය පිළිබඳ අදහස් ලාංකේය සමාජය හිමි කම් කියන බෞද්ධ (ආගමික සංස්ථාව සමග නොව) ධර්මයේ දාර්ශනික සාමාජික සහ දේශපාලනික හරය සමග කදිමට පෑහෙන්නේය. බුදුදහම සහ සමාජවාදය අතර ඇති සම්බන්ධය ජාතික චින්තනය පිළිබඳ තම ප්‍රවාදය තුළ විමසා බැලූ ගුණදාස අමරසේකරයන්ට බුදුදහම සහ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස අතර ඇති සම්බන්ධය නොපෙනී ගියේ ඔහු ජාතික චින්තනය ඒකීය රාජ්‍යය නැතහොත් රටේ භූමිය රැක ගැනීම දක්වා ලඝු කිරීමෙන් ඇති වූ මතාන්ධභාවය හේතුවෙනි, බුදුදහමෙන් අනුදත් නිදහස් චින්තනය ජාතිය පිළිබඳ නූතන සංකල්පයට යට කොට පාගා දැමීමෙනි. ආචාර්ය නලින් ද සිල්වාද මේ එකම ව්‍යාධියට ගොදුරු වී සිටියි. රාජපක්ෂ රෙජීමයේ සර්වාධිකාරී ග්‍රහණය යටතේ නවලිබරල්වාදී සමාජ චින්තනය ලංකාවේ ස්ථාපිත කිරීමෙන් ලාංකේය සමාජයේ බෞද්ධ ශිෂ්ඨාචාරමය හරයන් සහමුලින් විනාශ කරමින් සිටින බව ඔවුනට පෙනෙන්නේ නැත.

    ලාංකේය ජනයා හැමදාමත් තම නිදහස වෙනුවෙන් සටන් කොට ඇත. ඔවුන් යටත් විජිත වාදයට එරෙහි සටන අත් නෑර ගෙන ගියා සේම නිදහසින් පසු ගිය සමයේ සමාජයක් ලෙසින් වමේ නායකත්වය යටතේ ප්‍රජාතන්ත්‍රවාදයට ඇදී අවුත් තම නිදහස රැක ගැනීම සඳහා දිගින් දිගටම සටන් කොට ඇත. මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සර්වාධිකාරී පාලනයට යට කිරීම ඇරඹූ ජේආර් ජයවර්ධන ගේ එක්සත් ජාතික පක්ෂ පාලනය අවුරුදු දහ හතක් ගතවී පෙරලා දමන්නට ජනතාව පියවර ගත්තේය. තවම ගෙවුණේ අවුරුදු නවයක් වුවත් ජේආර් ජයවර්ධනටවත් කරන්නට නොහැකි වූ ආකාරයට සර්වාධිකාරී පාලනය ජනතාව මත පැටවූ රාජපක්ෂ රෙජීමය පෙරලා දමා එබඳු තවත් අවස්ථාවක් අත්පත් කරගන්නට මෙරට ජනයා පෙරට එමින් සිටිති.

    අපට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය වන්නේ එය අපට විසම්මුතියේ නිදහස සහතික කරන නිසාය. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට සහභාගී වෙමින් අපේ ජීවිතවලට බලපාන කරුණු පිළිබඳ වෙනසක් ඇති කිරීමට මැදිහත් වීමේ අවස්ථාව එය පිරිනමන නිසාය. වැදගත් වන්නේ මේ වෙනස අප අපේක්ෂා කරන ආකාරයෙන්ම සැබෑවටම සිදුවෙනවාද යන්න නොව මෙම ව්‍යායාමයම සමාජයේ ඇති කරන නිදහස පිළිබඳ හැඟීමයි, අවකාශය යි. කලින් කලට ආණ්ඩු වෙනස් කිරීමට ඇති අවස්ථාව වැදගත් වන්නේද මේ නිසාය.

    විපක්ෂයේ පොදු අපේක්ෂකයා මුල් කරගත් දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලේ මූලික ඉල්ලීම් ඉටු කර ගැනීම සහතික කර ගැනීමත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් ඔබ්බට ත් ප්‍රජාතන්ත්‍රවාදය නිදහස සහ සමාජ සාධාරණත්වය සහතික කිරීම සඳහා අත් නොහැර කටයුතු කිරීමත් වත්මන් පාලනය වෙනස් කිරීමට යොමු වන සියලු දෙනාගේ වගකීම වෙයි.

    මෙහිදී අප හමුවේ ඇති අභියෝගය වන්නේ ද දැන් විවර වෙමින් පවත්නා ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය උපරිමයෙන් දිනා ගැනීම අවම කොන්දේසිය වශයෙන් පිළිගනිමින් ආණ්ඩු පෙරළියක් සඳහා සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා මෙම මොහොතේ උපරිමයෙන් කැප වෙනවාද? නැත්ද? යන්න තීරණය කිරීමයි. එබඳු ආණ්ඩු මාරුවකින් උදාවන අවකාශය ජනාධිපතිවරණයෙන් ඔබ්බට ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස සහ සමාජ සාධාරණත්වය සඳහා සටන් කිරීම ට යොදා ගැනීම ට අපට කැපවිය හැකිය. ආණ්ඩු පෙරළිය යළිත් වරක් මහජන අපේක්ෂා පාවා නොදීමක් බවට පත් කර ගත හැක්කේ එවිටය.

    ආණ්ඩු පෙරළියක් යටතේ ගෝලීය නව ලිබරල්වාදයේ දේශීය නියෝජිතයන් සහ ඒ සමග ගැට ගැහුණු ලංකාවේ කූට්ටාලි ධනවාදයේ ඒජන්තයන්ගේ මුහුණු පමණක් හුදෙක් මාරු වී පරණ ප්‍රතිපත්තිම ඒ හැටියටම ක්‍රියාත්මක වීමේ බරපතළ අවදානමක් තිබේ. පසුගිය වසර විස්සක් තිස්සේ ලංකාවේ සිදුවූයේ මෙයයි. එහෙයින් ආණ්ඩු මාරුව කෙරෙහි හුදෙක් විශ්වාසය තැබීමේ අනතුර පිළිබඳ ජනයා මතු කරන බිය සාධාරණය.

    නමුත් වැඩ කරන පන්තියේ සහ පීඩිත පන්තිවල ජනයාගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා තිබිය හැකි ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය ධනේශවර නිසාම වාමාංශික ව්‍යාපාරය විසින් කල් තබා ප්‍රතික්ෂේප කළේ නම් එම ජන කොටස් සඳහා දිනාගත් විවිධ සහනයන් ඔවුනට නොලැබෙනු ඇතිව තිබුණි. අද නව ලිබරල්වාදය යටතේ ඒවා බොහොමයක් අහිමි කොට තිබියදී ඒවා යළි දිනා ගැනීමට අරගල කිරීම සඳහා ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයවත් රැක ගැනීමට කටයුතු නොකිරීමත් අද අප සමාජවාදී අරගල අවධියකට පිවිස ඇතැයි කියා සිටීමත් සමපාත වීම අතිධාවනකාරී ආස්ථානයක් ගැනීමක් නොවේද? පීඩිත ජන කොටස් වලට ඇති දහසකුත් එකක් පීඩාවන්ට එරෙහිව ධනවාදය යටතේ ඉතිහාසය පුරා ලොව කම්කරු සහ පීඩිත ජනයා අරගල කර ඇති බව අපට අමතක කළ හැකිද? වම ගොඩ නඟා සමාජවාදය සඳහා විප්ලවීය අරගලය දියත් කරන තෙක් පීඩිත ජන කොටස් වල අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා වන අරගලය අත් හැර දැමීම තුළ පීඩිත ජනයාට අයහපතක් සිදු නොවනු ඇත්ද? පසුගිය කාලය පුරාම නව වම යෙදී සිට ඇති අරගල ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය තුළ ජනතා නිදහස සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් කළ අරගල නොවේද? ඉතින් මෙතැන් පටන් ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයෙන් පීඩිතයන්ට සෙතක් නැතැයි කියා ඔවුන් එම අරගල නවත්වා දමනවාද?

    සංවර්ධනය පිළිබඳ වත්මන් රජයේ කතිකාව සිංහලයන් තම කට-බඩ ගැන පමණක් සිතන බඩගෝස්තරවාදීන් බවට පත් කිරීම අරමුණු කොට ඇත. සංවර්ධනය සහ නිදහස යන දෙකින් එකක් තෝරා ගැනීමේ විකල්පය උතුරේ දෙමළ ජනයා හමුවේ ඉදිරිපත් කළ විට තමන් බඩ ගෝස්තරය වෙනුවෙන් නිදහස කැප කරන්නට සූදානම් නැති බව ඔවුහු ඒකමතිකවම පාහේ අවධාරණයෙන් ප්‍රකාශ කළහ. පසුගිය ඌව පළාත් සභා ඡන්දයේදී මොණරාගල වැනි අති දුෂ්කර පළාතක පවා ජනයා ඊනියා සංවර්ධනය තිබියදී රජයට එරෙහිව ඡන්දය දීමෙන් ප්‍රකාශ කළේද තමන් නිදහස වඩා අගයන බව නොවේද?

    වත්මන් රෙජීමය එල්ටීටීඊය, දෙමළ ඩයස්පෝරාව සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ පිළිබඳ බිල්ලෙක් මවා පා සිංහලයා බිය සුල්ලෙකු කොට ඡන්දය ලබා ගැනීමේ උත්සාහයක නිරත වී සිටියි. අද අවශ්‍යව ඇත්තේ එම බිය දෙමළ ජනයා මිලිටරීකරණයට යටත් කොට ගැනීම සාධාරණය කිරීම සඳහා අවස්ථාවක් කර ගැනීම නොව දෙමළ ජනයාගේ නිදහස සහ සමාජ සාධාරණත්වය සහතික වන පරිද්දෙන් දහතුන් වැනි සංශෝධනය බල ගන්වමින් බාධාවන්ගෙන් තොරව තම දේශපාලන නිදහස භුක්ති විදීමින් තම ජනජීවිතය යහපත් කර ගැනීම සඳහා අවකාශ ඔවුනට සළසා දීමයි.

    ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සඳහා වන මෙම සටනින් ජනාතාව පරාජය වුව හොත් නව ලිබරල්වාදයේ ඊ ළඟ පියවර වන ගෝලීය සහ කූට්ටාලි ධනවාදයේ පූර්ණ ග්‍රහණයට ලංකාවේ ආර්ථිකයේ දැනට රජය යටතේ පවත්නා සියලු අංග ගැනීම සිදුවීමට නියත අතර ගෝලීය ධනවාදයට අලෙවි කිරීම සඳහා තව තවත් පෞද්ගලික ඉඩම් ඩැහැ ගැනීම සමගින් මහා පරිමාණයේ විතැන් කිරීම් වලට සියලු සමාජ පංතීන් ලක් වීමට නියමිතය. පීඩිතයන් අදටත් වඩා දරුණු ලෙස පීඩාවට පත් කිරීමට නියමිතය. එයට එරෙහි වන සියලු විරෝධයන් උග්‍ර මිලිටරි මර්ධනය ට යටත් කෙරෙනු ඇත.

    කොළඹ සේවා ආර්ථීකයේ රැකියාවේ යෙදෙන ගැමි මිනිසෙකු වත්මන් දේශපාලන මොහොත ගැන කතා කරමින් මා සමග කීවේ මෙවර ආණ්ඩුව වෙනස් කිරීමේ උත්සාහය පරාජය වුව හොත් ඉන් පසු “කුරුල්ලෙකුට වත් කට අරින්න බැරි වෙයි“ කියාය. මේ ඇත්ත අපි හැමෝම තේරුම් ගත යුතුය.
     
    • Like
    Reactions: roma3547

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ''මෙවර ආණ්ඩුව වෙනස් කිරීමේ උත්සාහය පරාජය වුව හොත් ඉන් පසු “කුරුල්ලෙකුට වත් කට අරින්න බැරි වෙයි“ කියාය.''

    මේ කතාවනම් සහතික ඇත්ත බන්
    එක අතකින් ලංකාවේ උන්ට මෙහෙම වෙන්න ඕනි බන්
    තවමත් ඇත්ත තේරෙන්නේ නැහැ කියන්නේ
    කතාකරලා වැඩක් නැහැ ..

     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ''මෙවර ආණ්ඩුව වෙනස් කිරීමේ උත්සාහය පරාජය වුව හොත් ඉන් පසු “කුරුල්ලෙකුට වත් කට අරින්න බැරි වෙයි“ කියාය.''

    මේ කතාවනම් සහතික ඇත්ත බන්
    එක අතකින් ලංකාවේ උන්ට මෙහෙම වෙන්න ඕනි බන්
    තවමත් ඇත්ත තේරෙන්නේ නැහැ කියන්නේ
    කතාකරලා වැඩක් නැහැ ..


    යම් පුද්ගලයකු තමන්ගේ ආදායම් මාර්ග වැඩි කර ගන්නේ නැතිව ගේ දොර, වතුපිටි උගස්කර, ණයද ගෙන මහා විශාල ගෙයක් සාදා, මෝටර් රථයක්ද ගෙන මහා ප්‍රදර්ශනාත්මක, සෝබන ජිවිතයක් ගත කර අවසානයේ සියල්ලටම කෙලවා ගන්නා සේ වර්තමාන මහින්ද රාජපක්ෂ ආණ්ඩුවද අප රට පත් කර ඇත. අවසානයේ දැඩි බදු, දඩ ගසමින් ජනතාව ඉතාමත් පීඩනයට පත් කරනු ඇත. ඉතින් තව දුරටත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගැන යමෙකු සුබවාදීව හිතයි නම් ඔහු මන්ද බුද්දීකයකු විය යුතුමය
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    යම් පුද්ගලයකු තමන්ගේ ආදායම් මාර්ග වැඩි කර ගන්නේ නැතිව ගේ දොර, වතුපිටි උගස්කර, ණයද ගෙන මහා විශාල ගෙයක් සාදා, මෝටර් රථයක්ද ගෙන මහා ප්‍රදර්ශනාත්මක, සෝබන ජිවිතයක් ගත කර අවසානයේ සියල්ලටම කෙලවා ගන්නා සේ වර්තමාන මහින්ද රාජපක්ෂ ආණ්ඩුවද අප රට පත් කර ඇත. අවසානයේ දැඩි බදු, දඩ ගසමින් ජනතාව ඉතාමත් පීඩනයට පත් කරනු ඇත. ඉතින් තව දුරටත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගැන යමෙකු සුබවාදීව හිතයි නම් ඔහු මන්ද බුද්දීකයකු විය යුතුමය
    අපි මේ රෙද්දවල් මෙතන කතාකරන එක නවත්තමුද ගයියා
    මට නම් දැන් තිත්ත වෙලා බන් තියෙන්නේ
    මොන මගුලකටද බන් අපි අපේ කාලයයි ශ්‍රමයයි වැයකරගෙන මෙතන ඉන්න හරක්ගේ ඇස් පාදන්න හදන්නේ ...
    උබට මතකද බොදුබලේ නානසාරයා එන්නේ චන්දය ඉලන්න කියලා අපි දෙන්නා කියපු දවසේ
    මෙතන ඉන්න එවුන් අපිට කියපුවා ..
    දැන් මොකද වෙලා තියෙන්නේ
    වැඩක් නැහැනේ බන් කතාකරලා
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    අපි මේ රෙද්දවල් මෙතන කතාකරන එක නවත්තමුද ගයියා
    මට නම් දැන් තිත්ත වෙලා බන් තියෙන්නේ
    මොන මගුලකටද බන් අපි අපේ කාලයයි ශ්‍රමයයි වැයකරගෙන මෙතන ඉන්න හරක්ගේ ඇස් පාදන්න හදන්නේ ...
    උබට මතකද බොදුබලේ නානසාරයා එන්නේ චන්දය ඉලන්න කියලා අපි දෙන්නා කියපු දවසේ
    මෙතන ඉන්න එවුන් අපිට කියපුවා ..
    දැන් මොකද වෙලා තියෙන්නේ
    වැඩක් නැහැනේ බන් කතාකරලා

    ඒවා නම් එහම තමයි බන් එත්

    ඊයේ අපට ඇහුන්කන් නොදුන් කන්,
    අද ඇහුන්කන් දෙනවා...
    අද ඇහුන්කන් නොදුන් කන්,
    හෙට ඇහුන්කන් දෙනවා...
    හෙට ඇහුන්කන් නොදෙන කන්,
    එළබෙන දිනයේදී ඇහුන්කන් දෙනවා
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ප්‍රශ්නයක් මට. මේ පිට රටවල සුද්දන්ට හරි නැත්නම් තම්බින්ට හරි කඹුරන එක එක වෙ#ගේ පුතාලා මොකද ඒ රටවල ඉඳන් මහින්දට කඩේ යන්නේ? දන්න එකෙක් උත්තර දීප?
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අපි මේ රෙද්දවල් මෙතන කතාකරන එක නවත්තමුද ගයියා
    මට නම් දැන් තිත්ත වෙලා බන් තියෙන්නේ
    මොන මගුලකටද බන් අපි අපේ කාලයයි ශ්‍රමයයි වැයකරගෙන මෙතන ඉන්න හරක්ගේ ඇස් පාදන්න හදන්නේ ...
    උබට මතකද බොදුබලේ නානසාරයා එන්නේ චන්දය ඉලන්න කියලා අපි දෙන්නා කියපු දවසේ
    මෙතන ඉන්න එවුන් අපිට කියපුවා ..
    දැන් මොකද වෙලා තියෙන්නේ
    වැඩක් නැහැනේ බන් කතාකරලා

    උඹල අපි දන්නා සිංහලෙන් කිව්වා නානසාර ප්‍රමුක නඩය තවත් දේශපාලන ගුන්ඩුවක් විතරයි කියල. එත් අපේ සිංහල බෞද්ධ එළකිරි වීරයින් එදා අපිව හංවඩු ගැහුවේ හම්බයින්ට කඩේ යන උදවිය කියල. අන්තිමේ අද මොකද මේ වෙලා තියෙන්නේ??? අපේ මිනිස්සු හරි මෝඩයි මචන්. අපේ බහුතරයක් මිනිස්සුන්ට හෙට දවසේ මොකද වෙන්නේ කියල අවබෝධයක් නැහැ. රැල්ලට අහුවෙලා ගහගෙන යන සත්ව කොට්ටාශයක් විතරයි. මමනම් දැන් මගේ කාලේ වැය කරලා සත්‍ය තත්වය මේකයි කියල මුන්ට පහදන්න ලියන්නේ නැහැ මචන්. එව්වා තේරුමක් නැති වැඩ . ලංකාවේ තියන හැම පිකටින් එකකම, පෙලපාලියකම, උද්ගෝෂණ , උපවාස ඇතුළු සාම දෙයක් යටම පටු දේශපාලන අරමුණක් තියනවා කියල තේරුම් ගන්න තරම් අපේ ගොන් ජනතාවගේ ඔලු දියුණු නැහැ.

    මහින්ද එලවල මෛත්‍රී රජ උනත් වෙන්නේ මේ සෙල්ලමම විතරයි. මහින්දගේ ආණ්ඩුවේ ඉඳල අගමැතිකම ලැබුනේ නැති කේන්තියට මෛත්‍රී පොදු අපේක්ෂකයා උනා මිසක් රටේ ජනතාවට ආදරේට පොදු අපේක්ෂකයා උනේ නැහැ කියල තේරුම් ගන්න තරම් අපේ මිනිස්සුන්ට බුද්ධියක් නැහැ. ඒ වගේම මහින්ද තව රට අවුරුදු 100ක් රට පාලනය කරත් රට දියුණු වෙන්නේ නැහැ කියල තේරුම් ගන්න තරම්වත් අපේ මිනිස්සුන්ට බුද්ධියක් නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්නේ බහුතරයක් 8 වත් පාස් නැති ගොන් රැලක් කියල තෙරුම්ගන්නවත් අපේ මිනිස්සුන්ට බුද්ධියක් නැහැ. මහින්ද පරාද වෙලා මෛත්‍රී රජ උනායින් පස්සේ දැන් ආණ්ඩු පක්ෂේ ඉන්න හොර රැල නගුට වනාගෙන ඇවිත් නව ජනාධිපති තුමාගේ දෑත් ශක්තිමත් කරන්න එකතුවෙන බව තේරුම් ගන්නවත් අපේ මිනිස්සුන්ට බුද්ධියක් නැහැ.

    අද මම ලංකාවේ ඉන්න යාලුවෙකුට කතා කරා. ඌ වැඩ කරන්නේ ෆිනෑන්ස් එකක. ඌ කියනවා මිනිස්සු වාහනවල ෆිනෑන්ස් ගෙවාගන්න බැරුව වාහන ෆිනෑන්ස් වලට ගෙනත් දෙනවලු. ෆිනෑන්ස් කොම්පැනි වල යාර්ඩ් වල වාහන පිරිලා දාන්න අහන නැති තත්වයක්ලු රටේ තියෙන්නේ. මම ඇහුව ඒ ඇයි කියල. ඌ කියලාව හාල් කිලෝ එක රුපියල් 100 උඩ ලු.. ඉතින් කොහොමද අහනවා මිනිස්සු කාල බීල ව්‍යාපාර කරලා ෆිනෑන්ස් ගෙවන්නේ. ගෙදරකට ගියාම ඕනෑම ගෙදරකින් තේ එකක් දෙන අපේ රටේ ඉස්සරහට අමුත්තෙක් ගෙදරට ආවාම වතුර කෝප්පයක්වත් දෙන එකක් නැහැ මෙහෙම ගියොත්.

    කට්ටිය කියනවා රට දියුණු වෙලා කියල. මගෙත් බිස්නස් එකක් තියනවා මචන් ලකාවේ. ඉස්සර අපේ කඩේ උදේ ඇරපු වෙලාවේ ඉඳන් වාහන වෙලාව වෙනකම් තිබුනේ AC දාල ඇතුලේ ලයිට් දාල. එත් දැන් AC දාන එක නවත්තල අවුරුද්දකටත් වැඩියි. මොකද AC දැම්මොත් මාසෙට ලයිට් බිල 15.000 පනිනවා. එතකොට වැඩකරන අය‍ට පඩි ගෙව්වම අපිට කඩ කුලියවත් ඉතුරු වෙන්නේ නැහැ . ඕව හිතුවාම මචන් පට්ට කලකිරෙනවා අපේ රටේ පාලකයෝ ගැන. දැන් ටිකකට කලින් වීඩියෝ එකක් දැක්ක මර්වින් සිල්වා කියනවා මාද්යවෙදියෙකුට "කොයි පකයද කිව්වේ මම මෛත්‍රීට සහය දක්වනවා " කියල. මටත් අහන්න තියෙන්නේ කොයි පකයද කියන්නේ රට දියුණු වෙලා කියල විතරයි. මම මීට කලින් කවදාවත් එළකිරියේ අසභ්‍ය වචන ලියල නැහැ. මේක ලිව්වෙත් හිතේ අමාරුවටමයි. අපේ රටේ මිනිස්සු පව් මචන් ...

     
    Feb 3, 2014
    860
    125
    0

    කට්ටිය කියනවා රට දියුණු වෙලා කියල. මගෙත් බිස්නස් එකක් තියනවා මචන් ලකාවේ. ඉස්සර අපේ කඩේ උදේ ඇරපු වෙලාවේ ඉඳන් වාහන වෙලාව වෙනකම් තිබුනේ AC දාල ඇතුලේ ලයිට් දාල. එත් දැන් AC දාන එක නවත්තල අවුරුද්දකටත් වැඩියි. මොකද AC දැම්මොත් මාසෙට ලයිට් බිල 15.000 පනිනවා. එතකොට වැඩකරන අය‍ට පඩි ගෙව්වම අපිට කඩ කුලියවත් ඉතුරු වෙන්නේ නැහැ . ඕව හිතුවාම මචන් පට්ට කලකිරෙනවා අපේ රටේ පාලකයෝ ගැන. දැන් ටිකකට කලින් වීඩියෝ එකක් දැක්ක මර්වින් සිල්වා කියනවා මාද්යවෙදියෙකුට "කොයි පකයද කිව්වේ මම මෛත්‍රීට සහය දක්වනවා " කියල. මටත් අහන්න තියෙන්නේ කොයි පකයද කියන්නේ රට දියුණු වෙලා කියල විතරයි. මම මීට කලින් කවදාවත් එළකිරියේ අසභ්‍ය වචන ලියල නැහැ. මේක ලිව්වෙත් හිතේ අමාරුවටමයි. අපේ රටේ මිනිස්සු පව් මචන් ...

    පුතේ ඔයා වෙන රටක ඉන්න කොට දැනෙන හිතේ අමාරුව මට තේරෙනවා... පෙත්තක් රුපියලයි.... පැනඩෝල් 2ක් බීපන්!!!!!
    :rofl:
     

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    1655097_10152595325898040_4939011265929724172_o.jpg
     
    • Like
    Reactions: cybernalin
    Feb 3, 2014
    860
    125
    0
    ඒවා නම් එහම තමයි බන් එත්

    ඊයේ අපට ඇහුන්කන් නොදුන් කන්,
    අද ඇහුන්කන් දෙනවා...
    අද ඇහුන්කන් නොදුන් කන්,
    හෙට ඇහුන්කන් දෙනවා...
    හෙට ඇහුන්කන් නොදෙන කන්,
    එළබෙන දිනයේදී ඇහුන්කන් දෙනවා

    ඇහුන්කන් දෙනවා වැඩිකමට 8 වෙනිදා නැවතත් මහින්ද රජ වෙනවා!!! :yes: :yes: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,511
    113
    Inside Your Laptop ;)
    මේ ආණ්ඩුව අනිවාර්‍යයෙන් ගෙදර යැවිය යුතුය...... නැතහොත් ඊළග අවුරුදු 8තුල.... රට බිහිසුණු ආගාධයකට යනු ඈත.


    දින සීයෙන් පසු සිදු වන්නේ කුමක්දැයි බොහෝ දෙනෙකුට අපැහැදිලි බව පෙනී යයි. ඒ පිළිබද විස්තරාත්මකව ඉදිරිපත් කිරීම ඉදිරි සතිය තුල පොදු විපක්ෂය විසින් සිදු කරනු ඇත. එතෙක් මෙම කරුණු පැහැදිලි කර ගත යුතුව ඇත.

    දින සීයක් ඇතුලත සිදුවන්නේ විධායක ජනාධිපති දුරය අහෝසි කිරීමයි. මෙයින් වාසිය අත්වන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතාට හෝ රනිල් වික්‍රමසිංහ මහතාට නොව, සාමාන්‍ය ජනතාව වන ඔබටයි.

    මෛත්‍රිපාල මහතා ජනාධිපති දුරයට පත්වීමෙන් අනතුරුව නැවත මහා මැතිවරණයක් පවත්වන තුරු පමණක් වන පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය දූරය රනිල් වික්‍රමසිංහ මහතා දැරීමට එකග වී තිබේ. එයින් පසුව පවත්වනු ලබන මහා මැතිවරණයකදී පක්ෂ වෙන වෙනම හෝ එක්ව තරග කිරීමට ඉඩ ඇත.

    මෙම ජනාධිපතිවරණයේ සම්පුර්ණ අරමුණ ප්‍රජාතන්ත්‍රවාදය ශ්‍රී ලංකාවේ යලි ඇති කිරීමයි. එයින් එහා ගිය, බල තණ්හා පිරුණු කිසිදු අරමුණක් මෙහි නැත. කිසිදු රහස් ගිවිසුමක් නැත. අත්සන් කරනා සැම ලියවිල්ලක්ම, මහජනතාවට දැන ගන්නට සැලැස්වීමට අප බලාපොරොත්තු වන්නෙමු.

    මෙවර මැතිවරණයේදී,
    ඔබ එක්විය යුත්තේ එක්සත් ජාතික පක්ෂයට නොව,
    ඔබ එක්විය යුත්තේ එක්සත් ජනතා නිදහස් පක්ෂයට නොව,
    ඔබ එක්විය යුත්තේ ජනතා විමුක්ති පෙරමුණට නොව,
    ඔබ එක්විය යුත්තේ ජාතික හෙළ උරුමයට නොව,

    ඔබ එක්විය යුත්තේ ඔබෙත් ඔබේ දරුවන්ගේත් මාතෘභූමියේ ඉපදීමේ, අධ්‍යාපනය ලැබීමේ, නිදහස් කථනයේ, නිදහස් චන්දයේත් අයිතිය සුරැකීම සදහා වූ ඒ අභිමානවත් ගමනේ පෙර ගමන් කරුවන් සමගයි. තීරණය ඔබට බාරයි.


    10678780_711269762275033_1056547144914996630_n.jpg
     
    Feb 3, 2014
    860
    125
    0
    මේ ආණ්ඩුව අනිවාර්‍යයෙන් ගෙදර යැවිය යුතුය...... නැතහොත් ඊළග අවුරුදු 8තුල.... රට බිහිසුණු ආගාධයකට යනු ඈත. :P :P


    ඔබ එක්විය යුත්තේ ඔබෙත් ඔබේ දරුවන්ගේත් මාතෘභූමියේ ඉපදීමේ, අධ්‍යාපනය ලැබීමේ, නිදහස් කථනයේ, නිදහස් චන්දයේත් අයිතිය සුරැකීම සදහා වූ ඒ අභිමානවත් ගමනේ පෙර ගමන් කරුවන් සමගයි. තීරණය ඔබට බාරයි.


    10678780_711269762275033_1056547144914996630_n.jpg
    10734279_838353646215879_3715679902232843315_n.jpg
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    විපක්ෂයේ පොදු අපේක්ෂකයා මුල් කරගත් දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලේ මූලික ඉල්ලීම් ඉටු කර ගැනීම සහතික කර ගැනීමත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් ඔබ්බට ත් ප්‍රජාතන්ත්‍රවාදය නිදහස සහ සමාජ සාධාරණත්වය සහතික කිරීම සඳහා අත් නොහැර කටයුතු කිරීමත් වත්මන් පාලනය වෙනස් කිරීමට යොමු වන සියලු දෙනාගේ වගකීම වෙයි.

    menna meka nam sarva suba vadee sihinayak machan

    මෙවර ආණ්ඩුව වෙනස් කිරීමේ උත්සාහය පරාජය වුව හොත් ඉන් පසු “කුරුල්ලෙකුට වත් කට අරින්න බැරි වෙයි“

    sahathika aththa :yes:
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    උඹල අපි දන්නා සිංහලෙන් කිව්වා නානසාර ප්‍රමුක නඩය තවත් දේශපාලන ගුන්ඩුවක් විතරයි කියල. එත් අපේ සිංහල බෞද්ධ එළකිරි වීරයින් එදා අපිව හංවඩු ගැහුවේ හම්.......................................................... අපේ රටේ මිනිස්සු පව් මචන් ...


    Ape rate minussu pau nemei ban meke inna bahutharayak hari varadda terum ganna bari rs 2500 kata thamanva pavadena amanayo ralak...

    Oka issara raja kaleth ehemai danuth ehemai... Munta mehema vela madi ban... Onna balapan mahindaya me para dinnoth me rate inna beri venava tava 6 years valin vithara
    :sorry:
     

    Similar threads