පුරාවිද්‍යාඥයන් හොයාගත්ත භයානක දේවල්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    පුරාවිද්‍යාඥයන් හොයාගත්ත භයානක දේවල්

    1. කපපු අත් විතරක් තියෙන වලවල්.

    ඊජිප්තුවේ අවුරුදු 3600කට වඩා පරණ මාලිගාවක් පරීක්ෂණය කරනකොට අමුතු වලවල් 4ක් හම්බවුනා. මේ වලවල් වල තිබ්බේ අත් වල ඇටකටු විතරයි. ඇඟවල්, හිස්කබල් මොනවත් නැහැ. කපලා දාපු අත් විතරයි.

    මේ වලවල් තිබ්බේ කායන් රජුගේ මාලිගාවේ. වලේ තිබ්බ අත් ගොඩක් ලොකුයි. ඒ නිසා පිරිමි අත් කියලා තමා හිතන්නේ. මේ අතර සාමාන්‍යය ප්‍රමාණයට වඩා ලොකු අතුත් හම්බවුනා. ඒවා ඉස්සර කාලේ හිටපු යෝධයන්ගේ වෙන්න පුලුවන් කියලත් විශ්වාස කරනවා.

    මේ වලවල් ඊජිප්තුවේ තිබ්බ පැරණි චාරිත්‍රයක් එක්ක බැඳුණ ඒවා කියලත් විශ්වාස කරනවා. මේ චාරිත්‍රයේදි සොල්දාදුවෝ හතුරන්ගේ අත් කපලා රජ්ජුරුවන්ට දෙනවා. රජ්ජුරුවෝ උත්සවයක් තියලා මේ අත් වලකට විසික් කරනවා. ඊට පස්සේ අත කපලා ගෙනාව සොල්දාදුවාට තෑග්ගක් හැටියට රත්තරන් කෑල්ලක් දෙන්වා.

    image2.jpg


    2. බිලිදුන්න ගල්ගැහුණ ළමා මමීස්ලා.

    ඉන්දියාවේ තිබ්බ අමුතු චාරිත්‍රයක් තමා කැපකෝචා කියන්නේ. මේකෙදි ගමේ ලස්සනම ළමයින්ව තෝරනවා. ඒ ළමයින්ව ආන්දියන් කන්ද උඩට යවලා සීතලට ගල් වෙලා මැරෙනකන් එතන තියනවා. මේක කරේ දෙවියන්ව සතුටු කරන්න.

    අදටත් මේ විදිහට ගල් ගැහුණු අයිස් මමීස්ලා ගොඩක් හොයාගෙන තියනවා. මේ බිලි පූජා පැවත්වුන තැනක් ආජන්ටීනාවේ ලලෙයිලාකෝ ගිණි කන්දේත් හම්බවෙලා තියනවා.

    මේ මමීලගේ කොණ්ඩේ පරීක්ෂා කරලා ඒ අයගේ ජීවිතේ ගැන අමුතු විස්තර ගොඩක් හොයාගෙන තියනවා.

    image3.jpg


    3. ජිග්සෝ ඇටසැකිල්ල.

    ස්කොට්ලන්තයේ අවුරුදු 3000ක් පරණ සම්පූර්ණ ඇටසැකිළි දෙකක් හම්බවුනා. එකක් ගැහැණු අනික් එක පිරිමි. කොහොමහරි මේ ඇටසැකිළි වල ඩී.එන්.ඒ පරීක්ෂණ කරනකොට අමුතුම දෙයක් හොයාගත්තා. ඒ මේවා ඇටසැකිළි දෙකක් වගේ පෙනුනට ඇත්තටම වෙනස්ම මිනිස්සු 6 දෙනෙකුගේ ඇටසැකිළි වලින් හැදිච්ච ඒවා කියලා. මේව ජිග්සෝ එකක් වගේ ලස්සනට හදලා තිබ්බා.

    image4.jpg


    4. මිනී මස් කාපු මිනිස්සු.

    1994 ස්පේන්වල එල් සිඩ්‍රොන් ගුහා වල නියැන්ඩතාල්ල 12 දෙනෙකුගේ ඇටසැකිළි ලැබුනා. මේ 12 දෙනාම එකම පවුලේ ළමයි 3යි, තරුණ අය 3යි, වැඩුණු මිනිස්සු 6යි. අමුතුම දේ තමයි මේ 12ස් දෙනාම එකම කාලේ හදිසියේම මැරිලා තියන එක. වැඩි දුර පරීකෂණ වලින් තමා හෙලි වුනේ මේ අය මැරිලා තියෙන්නේ වෙන ගෝත්‍රයක මිනිසුන්ගේ දඩයමක් වෙලා කියලා. මේ අයව මරලා ඊට පස්සේ කෑමට අරගෙන. මොළේයි, දිවයි, ඇටමිදුලුයි ගන්න මේ අයගේ ඇටකටු වෙන්කරපු තැන් පරීක්ෂණ වලින් හම්බවුනා.

    image5.jpg


    5. ගල් ගැහිච්ච මිනිස් කොටස්.

    ජිරොලාමෝ සෙගාටෝ කියන ඉතාලි ජාතිකයා මැරුණ මිනිස්සුන්ව ගල් කරන්න පුලුවන් අලුත් විදිහක් හොයාගත්තා. මේක මෙයා කලේ අවුරුදු 26දි ඊජිප්තුවේ මමීස්ලට සමාන දෙයක් තමා මේ. කාටවත් හොයාගන්න බැරි රසායනික ද්‍රව්‍යයක් මැරුණ කෙනාගේ රුධිරයට එකතු කරලා තමා මේක කරල තියෙන්නේ. ඒත් මේ ක්‍රමයෙන් කෙනෙක් ව ගල් කරන්න මැරුණ ගමන්ම වැඩේට බහින්න ඕනේ. කොහොමහරි සෙගාටෝ මැරෙන්න කලින් එයාගේ ඔක්කොම සොයාගැනීම් තියන පොත් ටික පිච්චුවා. ඒ නිසා එයත් එක්කම මේ අමුතු මිනිස්සු ගල් කරන ක්‍රමයත් මැරිලා ගියා.

    image6.jpg


    උපුටාගැනීම
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :love:
    මෙහෙම ත්‍රේඩ් එකක් දාපු එක ගැන සතුටුයි.. දේශපාලන මගුල් අස්සෙ..
    එල මචං.. ජය වේවා!
     
    • Like
    Reactions: XibitZ