ලිංගික උත්තේජනයට බොන ‘ව්‍යාග්‍රා’ ගැන දන්&#350

sandunrulz.s

Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    ලිංගික උත්තේජනයට බොන ‘ව්‍යාග්‍රා’ ගැන දන්&#350

    ”වියාග්‍රා” නැත්නම් ‘සිල්ඩනෆිල්’ කියන්නේ ලිංගික උත්තේජකයක් ලෙස භාවිතා වන ඖෂධයක්. ලිංගික උත්තේජනය සඳහා වන හැම බෙහෙතක්ම වගේ වියාග්‍රා පාවිච්චි කරද්දීත් ඔබ ඒ ගැන දැනුවත්ව සිටීම වැදගත්. මොකද හැම බෙහෙතක් වගේම මෙහි ඇති අතුරු පල ඔබ හිතන්නෙවත් නැති තරම් දරුණු විය හැකි නිසයි.
    Viagra.jpg

    වියාග්‍රා ලිංගික බෙලහිනතාවයට ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරනු ලබනවා. මෙහි ගැටලුව වන්නේ වෛද්‍ය වරයෙකුගේ උපදෙස් වලින් තොරවම තමන්ට ලිංගික බෙලහිනතාවය ඇති කියා සිතන්නටත් තමන්ට අවශ්‍ය ලෙස මෙවැනි ඖෂධ භාවිතා කරන්නටත් දැන් ගොඩක් අය යොමු වී තිබීම.

    බොහෝ දෙනා මෙය යොදා ගන්නේ ලිංගික උත්තේජනය වැඩි කාලයක් පවත්වා ගැනීම සඳහායි.

    මුලින්ම ඔබ දැනුවත් විය යුතුයි මෙය භාවිතා කරන්නට නුසුදුසු අවස්ථා ගැන.

    ඔබ හදවත් රෝගියෙක් නම් සහ ඒ සඳහා ඖෂධ භාවිතා කරමින් සිටිනවා නම් වියාග්‍රා ඔබට මාරු කැඳවිය හැකියි. මොකද ඔබට ලබා දෙන සමහර ඖෂධ (Nitrate drugs) මෙය සමග ප්‍රතික්‍රියා කරලා ඔබේ රෝගී තත්වය වැඩි කල හැකි වන නිසයි.
    2-2.jpg

    ඒ වගේම පහුගිය මාස 6ක කාලය තුල ඔබට heart attack එකක් හෝ අංශ භාග තත්ත්වයක් අත් වුනා නම් ඔබ වියාග්‍රා පාවිච්චි කරන්න එපා.

    රුධිර පීඩන වෙනස් වීමක් (high or low blood pressure) තිබෙනවා නම්.



    වකුගඩු හෝ අක්මාව සම්බන්ධ අසනීප තත්ත්වයක් ඔබට තිබෙනවානම්.

    හිමොෆිලියාව වැනි අසනීපයක් ඔබට තිබෙනවා නම්.



    ආමාශයේ තුවාල ඇති වී ඇත්නම්. දරුණු ගැස්ට්‍රයිටිස් තත්ත්වයක් ඔබට තිබෙනවා නම් ඔබ වියාග්‍රා භාවිතා නොකළ යුතුයි.

    ඒ වගේම ඖෂධය ලබා ගැනීමෙන් පසු පැය 4කට වඩා වැඩි කාලයක් පුරා ලිංගික උත්තේජනය පැවතුනොත් හෝ ක්ෂණික පෙනීමේ හෝ ඇසීමේ ගැටළුවක් මතු වුනොත් වහාම වෛද්‍ය වරයෙක් හමුවෙන්න.


    වෛද්‍යවරයෙකුගේ උපදෙස් නැතිව මෙය භාවිතා කිරීම නුසුදුසු බවත් සිහි තබා ගැනීම වටිනවා.



    ඒ වගේම මෙය ලබා ගත යුතු වන්නේ ඔබ ලිංගික ක්‍රියාවක නිරත වෙන්නට පැයකට පමණ කලින්.
    නියමිත මාත්‍රාවට වඩා ලබා ගැනීම නොකළ යුතුමයි. ඒ මගින් ඔබේ ලිංගික උත්තේජන කාලය වැඩි කරනවාය කියා ඔබ සිතුවත් එයින් ඔබේ ශිශ්නයට හානි පැමිණෙන බව මතක තබා ගන්න.



    ඒ වගේම මිදි හෝ මිදි යෙදු කිසිම ආහාරයක් මේ සමග ලබා ගන්නට එපා. ඒ මගින් දරුණු ප්‍රතික්‍රියා ඇති වනවා.

    එමෙන්ම වියාග්‍රා ලබා ගැනීම සමග මත්පැන් භාවිතයත් නුසුදුසුයි. මේ මගින් අතුරු ප්‍රතිපල ඇති කරනවා.

    ඇති විය හැකි අතුරු ප්‍රතිපල තමයි මේ.

    1. මුහුණ, තොල්, දිව ඉදිමීම.
    2. හුස්ම ගැනීමේ අපහසුතා.
    3. ක්ෂණිකව අන්ධ වීම හෝ පෙනීමේ අපහසුතා.
    4. ශ්‍රවන ආභාධ.
    5. පපුව කැක්කුම්.
    6. ඇත උරහිස හෝ බෙල්ලේ අපහසුතා.
    7. අත් පා ඉදිමීම.
    8. කලන්තය.
    9. ඔලුව කැක්කුම.


    මෙවැනි තත්වයකදී වෛද්‍යවරයෙකු හමුවීම සුදුසුයි.
    ඒ වගේම වෛද්‍ය වරයාට ඔබ ලබා ගන්නා අනෙක් ඖෂධ ගැන දැනුම් දෙන්න.

    අවසාන වශයෙන් ඔබ අවධාරණය කරගත යුතු වන්නේ ලිංගික බෙඅහිනතාවය ඔබට තනිවම තීරණය කරන්නට බැහැ. ඔබ වෛද්‍ය වරයෙක්ගේ උපදෙස් පතන්නට ඕනෑ. ඒ වගේම හිතුමතේට මෙවැනි ඖෂධ ගන්නට යොමු වෙන්නටත් එපා.

    life.asianmirror.lk
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ඒ කියන්නේ මේක ගත්තම පැය 4 මල්ලියා නැගිටලා ඉන්නවද? :shocked:
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,757
    3,343
    113
    ෆ්ලුජා නගරය
    >>ඒ වගේම ඖෂධය ලබා ගැනීමෙන් පසු පැය 4කට වඩා වැඩි කාලයක් පුරා ලිංගික උත්තේජනය පැවතුනො Without taking any tabs or anything, My sex drive sometimes last more than 6 hrs. However my gf likes very quick pleasure. I heard normally the opposite is true. But in my case this is true. Normally I need more time to get into that point.
     

    dina84

    Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala
    මචන්,
    phimosis තියෙන අයටත් මෙව ගන්න හොඳ නැහැ කියල මම අහල තියෙනවා :yes::yes::yes: