කොන්ඩම් පාවිච්චි කරන හැටි හරියටම දැන ගන්&#3505

sandunrulz.s

Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    කොන්ඩම් පාවිච්චි කරන හැටි හරියටම දැන ගන්&#3505

    1062-620x300.jpg

    ලංකාවෙත් දැන් එන්න එන්නම සමාජ රෝග වැඩි වෙන්න අරන්. ඒ වගේම නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථාන ගැන නිතරම අහන්නට ලැබෙනවා.

    මේ හැම දේම නොදැනුවත්කමින් පටන් අරගෙන නැති ලෙඩ දාගෙන කෙලවර වෙන ප්‍රශ්න. ලිංගික පද්ධතිය ආශ්‍රිත බෝ වෙන ලෙඩ හැම එකකටම වගේම අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වා ගන්නටත් හොඳම ක්‍රමය ලෙස හඳුන්වා දි තිබෙන ක්‍රමය තමයි උපත් පාලන කොපු එහෙමත් නැත්නම් කොන්ඩම් කියන්නේ.
    එත් කොන්ඩම් නිවැරදි ආකාරයට භාවිතා කලේ නැත්නම් මේ ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. බොහෝ දෙනා තුල මේ ගැන තිබෙන්නේ අවිධිමත් දැනුමක් නිසා අද අවධානය ඒ ගැන යොමු කරන්නට හිතුවා.

    කොන්ඩම් පිරිමි ඇය වෙනුවෙන් වගේම ගැහැණු ඇය වෙනුවෙනුත් තිබෙනවා. නමුත් වැඩිපුර භාවිතා වෙන්නේ පිරිමි කොන්ඩම්.

    මේවා හදලා තිබෙන්නේ තුනී ලේටෙක්ස් වර්ගයකින්. ලිංගික සංසර්ගයකදී පිටවන ලිංගික ශ්‍රාව හෝ රුධිරය අනෙකාගේ ශරීරය සමග ගැටෙන එක වැලැක්වීම තමා මෙහි කාර්යය.

    ගැබ් ගැනීමක් වෙන්න නම් පිරිමි කෙනාගේ ශුක්‍ර තරලය කාන්තාවගේ යෝනි මාර්ගයට ඇතුල් වීම අවශ්‍යයි නේ. කොන්ඩමය මගින් එය නවත්වනවා. ඒ වගේම ඕනෑම ලිංගාශ්‍රිත රෝගයක් බෝ වීම සිදු වන්නේ ලිංගික ශ්‍රාව මගින් වන නිසා කොන්ඩම් මගින් එය වළක්වනවා.

    නිවැරදිව උපත් පාලන කොපුවක් පාවිච්චි කරන්නේ මෙහෙමයි.

    *පැකට්ටුවෙන් එලියට ගැනීමේදී කිසි විටෙකත් ඔබේ නියපොතු මගින් හෝ වෙනත් ආභරණයක් මගින් හෝ කොපුවට හානි වෙන්නට දෙන්න එපා. ඒ වගේම කටින් අල්ලලා පැකට්ටුව විවෘත කරන දේ නොකළ යුතුමයි.

    *කොන්ඩමය අනිවාර්යෙන් ශිෂ්නයේ කෙලවර දක්වාම ආවරණය කල යුතු වන අතරම නිවැරදි ආකාරයට පළඳින්නට නොහැකි වුවහොත් එය ඉවත් කර අලුත් එකක් යොදා ගත යුතුයි. එම කොන්ඩමයම ගලවා නැවත භාවිතය නොකළ යුතුයි.

    *ශිෂ්ණය සෘජුව තිබියදීම කොන්ඩමය ඉවත් කල යුතු වනවා. එහිදී ශුක්‍ර තරලය පිටතට නොවිසරෙන්නට වග බලා ගන්නටත් ඕනෑ. ඉවත් කල කොන්ඩමය කසල බඳුනකට දමන්න.

    *ශුක්‍ර නාශක ද්‍රව්‍ය සහිත කොන්ඩම් දැන් වෙළඳපොලේ තිබුනත් සමීක්ෂණ වලින් සොයා ගෙන තිබෙනවා මේ මගින් ක්ලැමිඩියා, ඒඩ්ස් වගේ ආසාදන වලට අමතර ආරක්ෂාවක් නැති බව. මොකද ශුක්‍රානු විනාශ වුනත් ශුක්‍ර තරලය හෝ රුධිරය මගිනුත් ඒ ලෙඩවල් බෝ වෙනවා.

    *ඒ වගේම ඔබ අවධානය යොමු කල යුතු තවත් කරුණක් වන්නේ මේවා හදලා තිබෙන ලේටෙක්ස් ඔබට Alergy වෙනවාද යන්න. එවැනි තත්ත්වයක් මතු වුනොත් වහාම වෛද්‍යවරයෙක් හමු වෙන්න පැකිලෙන්න එපා.

    උපත් පාලන කොපු භාවිතයේ වාසි

    1. ක්ලැමිඩියා, ඒඩ්ස්, ගොනෝරියා වැනි රෝග බෝ වීම වළක්වනවා.
    2. අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වනවා.
    3. ඕනෑම කෙනෙක්ට ඕනෑම අවස්තාවක භාවිතා කරන්නට පුළුවන්.
    4. වියදම අඩුයි වගේම පාවිච්චිය සරලයි.
    5. මේ මගින් ඇතිවන අතුරු ආබාධ නැහැ.

    නමුත් මේ කියන්නට යන අවස්ථා ගැන ඔබට සැලකිලිමත් වෙන්නට සිදු වෙනවා. මොකද මේවා මගින් කොන්ඩම් එකකින් කෙරෙන ආරක්ෂාව නැති කරලා දමන නිසා.

    කොන්ඩමය පළඳින්නට කලින් ශිෂ්ණය යෝනි ප්‍රදේශයේ ස්පර්ශ වීමක් වුනොත්.
    ලිංගික ක්‍රියාව අතර මැදදී කොන්ඩමය ලිස්සා යාමක් සිදු වුනොත්.
    ඔබ යම්ආකාරයක lubricant වර්ගයක් (lotion, baby oil හෝ petroleum jelly) පාවිච්චි කලොත්. (මොකද lubricant වර්ග වලින් කොන්ඩමයට හානි කරන නිසා)
    මේ වගේ දෙයක් සිදු වුනොත් සහ ඔබට යම් ආසාදනයක හෝ ගැබ් ගැනීමක සැකයක් ඇති වුනොත් වහාම වෛද්‍යවරයෙක් හමු වෙන්න.

    ඒ වගේම කිසිම අවස්තාවක කොන්ඩම් සමග lubricant භාවිතා කරන්නට එපා.

    භාවිතා කල කොන්ඩමයක් ඒ කියන්නේ කවර ආකාරයකින් හෝ ශිෂ්ණය සමග ස්පර්ශ වුනාට පස්සේ එය නැවත පාවිච්චි කරන්න එපා.

    පිරිමි කොන්ඩමයත් ගැහැණු කොන්ඩමයත් එක වර භාවිතා නොකළ යුතුයි. එහි අමතර ආරක්ෂාවක් නැහැ. ලිස්සා යාමේ අවදානම වැඩි කරනවා පමණයි.

    ගබඩා කර තැබීමේදී සිසිල් තැනක තබන්න. අධික රස්නය මගින් හානිවන නිසයි.

    අනිවාර්යෙන්ම පැකට්ටුවේ මුද්‍රිත කල් ඉකුත් වීමේ දිනය පරික්ශාකරන්න.

    rep නැතත් කමක් නෑ bump එකක් දාගෙන යන්න අනිත් අයටත් බලාගන්න.

    life.asianmirror.lk
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    life.asianmirror.lk සයිට් එකේම තියෙන ඒවා දානවද උඹ..:lol:
    ඔහොම ත්‍රේඩ් දාන්නෙපා බං.. එකක් දාලා ඒකෙ අගේ නැති උනාම තව එකක් දාපන්..
    ඔය විදියට ත්‍රේඩ් දාන්න ගියොත් උඹට මාසයක් යද්දි දාන්න ත්‍රේඩ් නැති වෙනවා..
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    life.asianmirror.lk සයිට් එකේම තියෙන ඒවා දානවද උඹ..:lol:
    ඔහොම ත්‍රේඩ් දාන්නෙපා බං.. එකක් දාලා ඒකෙ අගේ නැති උනාම තව එකක් දාපන්..
    ඔය විදියට ත්‍රේඩ් දාන්න ගියොත් උඹට මාසයක් යද්දි දාන්න ත්‍රේඩ් නැති වෙනවා..

    නෑ මචෝ මේක important එකයි. :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෑ මචෝ මේක important එකයි. :(
    උඹ දාපු ත්‍රේඩ් ටික නම් ඇත්තටම වැදගත්.. බ්ලොග් රීඩර් වල අප්ඩේට් කියවනවා ඇරෙන්න සයිට් වලින් දාන පෝස්ට් නම් ගොඩක් අඩුවෙන් කියවෙන්නෙ.. මං අදයි උඹ දාපු සයිට් එකට ගියෙත්.. කොණ්ඩම් ත්‍රේඩ් එක නම් වැදගත් තමා..

    හැබැයි මෙහෙම ත්‍රේඩ් දාන්නෙපා.. කිසිම තේරුමක් නැහැ.. අනික එළකිරියෙ මෙම්බර්ස්ලා බාගෙට බාගයක් නිදි.. උදේ, දවල් වරුවෙ ත්‍රේඩ් දාපන් දානවා නම්.. මේ මාස දෙකේ ත්‍රේඩ් දාලා වැඩක් නැහැ.. මම නවත්තලා තියෙන්නෙ.. දේශපාලන ත්‍රේඩ් බම්ප් වෙනකොට අනිත් ත්‍රේඩ් ඔක්කොම යට යනවා.. ජංගි කොට ඇරෙන්න..

    අනිත් දේ.. උඹ එක දිගට කොච්චර වැදගත් ත්‍රේඩ් දැම්මත් රෙප් ලැබෙන්නෙ නෑ.. මොකද එකම කෙනාට එක දිගට රෙප් දෙන්න බෑනෙ..
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    ගබඩා කර තැබීමේදී සිසිල් තැනක තබන්න. අධික රස්නය මගින් හානිවන නිසයි.
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    උඹ දාපු ත්‍රේඩ් ටික නම් ඇත්තටම වැදගත්.. බ්ලොග් රීඩර් වල අප්ඩේට් කියවනවා ඇරෙන්න සයිට් වලින් දාන පෝස්ට් නම් ගොඩක් අඩුවෙන් කියවෙන්නෙ.. මං අදයි උඹ දාපු සයිට් එකට ගියෙත්.. කොණ්ඩම් ත්‍රේඩ් එක නම් වැදගත් තමා..

    හැබැයි මෙහෙම ත්‍රේඩ් දාන්නෙපා.. කිසිම තේරුමක් නැහැ.. අනික එළකිරියෙ මෙම්බර්ස්ලා බාගෙට බාගයක් නිදි.. උදේ, දවල් වරුවෙ ත්‍රේඩ් දාපන් දානවා නම්.. මේ මාස දෙකේ ත්‍රේඩ් දාලා වැඩක් නැහැ.. මම නවත්තලා තියෙන්නෙ.. දේශපාලන ත්‍රේඩ් බම්ප් වෙනකොට අනිත් ත්‍රේඩ් ඔක්කොම යට යනවා.. ජංගි කොට ඇරෙන්න..

    අනිත් දේ.. උඹ එක දිගට කොච්චර වැදගත් ත්‍රේඩ් දැම්මත් රෙප් ලැබෙන්නෙ නෑ.. මොකද එකම කෙනාට එක දිගට රෙප් දෙන්න බෑනෙ..

    ::yes::yes::yes::yes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    උඹ දාපු ත්‍රේඩ් ටික නම් ඇත්තටම වැදගත්.. බ්ලොග් රීඩර් වල අප්ඩේට් කියවනවා ඇරෙන්න සයිට් වලින් දාන පෝස්ට් නම් ගොඩක් අඩුවෙන් කියවෙන්නෙ.. මං අදයි උඹ දාපු සයිට් එකට ගියෙත්.. කොණ්ඩම් ත්‍රේඩ් එක නම් වැදගත් තමා..

    හැබැයි මෙහෙම ත්‍රේඩ් දාන්නෙපා.. කිසිම තේරුමක් නැහැ.. අනික එළකිරියෙ මෙම්බර්ස්ලා බාගෙට බාගයක් නිදි.. උදේ, දවල් වරුවෙ ත්‍රේඩ් දාපන් දානවා නම්.. මේ මාස දෙකේ ත්‍රේඩ් දාලා වැඩක් නැහැ.. මම නවත්තලා තියෙන්නෙ.. දේශපාලන ත්‍රේඩ් බම්ප් වෙනකොට අනිත් ත්‍රේඩ් ඔක්කොම යට යනවා.. ජංගි කොට ඇරෙන්න..

    අනිත් දේ.. උඹ එක දිගට කොච්චර වැදගත් ත්‍රේඩ් දැම්මත් රෙප් ලැබෙන්නෙ නෑ.. මොකද එකම කෙනාට එක දිගට රෙප් දෙන්න බෑනෙ..a sd 35
    Ane pala wesi.me apith aharila inne:dull:
    TFS :)