මෙහෙම ළමයි ගැන දන්නවද?

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
මෙහෙම ළමයි ගැන දන්නවද?

ඈත පිටිසර, දුප්පත්, යන්න එන්න හරි හමන් පාරක් තොටක් නැති, ඉතාම අමාරුවෙන් ජීවිතේ ගැට ගහගෙන යන පවුල් වල පාසල් යන නංගිලා මල්ලිලාට නව පාසල් වාරයට අවශ්‍ය පොත් පත් හා පාසල් උපකරණ ලබා දෙන්න කඩවත තරුණ සංගමය සූදානමින් ඉන්නවා.

අපි ගොඩක් වෙලාවට විවිධ මාධ්‍යන් ඔස්සේ දැකලා තියෙනවා ගොඩාක් දුශ්කරතා සහිත පාසල්. ඒ වගේම ගොඩක් අඟ හිඟකම් මැද ජීවත් වෙන පවුල්. කුසට අහරක් නැතුව, ඉරුණු දුර්වර්ණ ඇඳුම් ඇඳගෙන, ගස් වැල් වල එල්ලිලා බඩවැටි දිගේ පාසල් යන අපේම පුංචි නංගිලා මල්ලිලා.

අන්න ඒ වගේ ඇත්තටම උදව අවශ්‍ය අය වෙනුවෙන් මේ සත්කාරය කරන්න කඩවත තරුණ සංගමය බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ගමක් හෝ පාසලක් ගැන තොරතුරු දන්න කවුරු හරි ඉන්නවා නම් අපිව තොරතුරු ලබා දෙන්න.

ස්තූතියි


සභාපති
සුරේෂ් නන්දන - 071 3 867034

ලේකම්
තරංග ලක්මාල් - 077 5 306097


headerImage


ඊ තැපෑල: [email protected]
 
Last edited:

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
අනේ කවුරු හරි මට හොයලා දෙනවද අපේ එළකිරි යාළුවො සෙට් එකක් බොහොම අමාරුවෙන් ටයිල්ස් කරේ තියාගෙන කඳු බඩගාගෙන ගිහින් පන්සලකට පූජා කරලා ගමේ ලමයින්ටත් පොඩි පොඩි තෑගි වගයක් දීපු ත්‍රෙඩ් එක?