සිංහල වෙදකම ගැන දැනුවත්ද
නෙට් එකේ බලාගෙන බලාගෙන යද්දී දැක්කේ තියෙනවා මේ විස්තරේ....
කලින් කවුරු හරි දාල තියේ නම් සොරි හොඳේ.....
නොබලපු කෙනෙක් ඉන්නවා නම් බුක් මාක් එකක් දාගත්තට වරදක් නැහැ...
කළං 01 - මංචාඩි 20
කළං 01 - ග්‍රෑම් 05
මංචාඩි 01 - මිලිග්‍රෑම් 250
පත 02 - මනා 01
මනා 02 - නැළි 01
නැළි 04 - ලාස් (කුරුණි) 01
මනාවක් යනු - අඬු කෝප්ප 02කි
පතක් යනු - අඬු කෝප්ප 01කි
නැළියක් යනු - අඬු කෝප්ප 02කි
නොයෙක් ඇට වර්ග අනුවද මිනුම් ක්‍රම තිබේ. එය මෙසේය.
තල ඇට 03ක් යනු අමු ඇට 01කි.
අමු ඇට තුනක් යනු - වී ඇට 01කි
වී ඇට 04ක් යනු - ගුංජා (ඔලිඳ) ඇට 01කි
රත්තිකා (ගුංජා) 02ක් යනු මංචාඩි
(මදටිය ඇට) 01කි. වී ඇට 08කි.
ආයුර්වේද විද්‍යාවේ යම් ඔසු එහෙමත් නැතිනම් බෙහෙත් වර්ගයන් හඳුන්වන්නේද වෙනත් නාමයන්ගෙනි. ඒ පිළිබඳ දැන සිටීම වැදගත් යැයි ඔබට සිතෙනවා නම් මේ පැහැදිලි කිරීම ඒ සඳහාමය.
දෙසඳුන් යනු - රත් හඳුන් සහ සුදු හඳුන් වේ.
දෙදුරු යනු - සූදුරු සහ කළුදුරුය.
ත්‍රිපලා යනු - අරළු, බුළු සහ නෙල්ලිය.
ත්‍රිමධුර - ගිතෙල්, මීපැණි, උක් හකුරුය.
පංච මධුර - කිරි, උක් හකුරු, ගිතෙල්, දධි, මී පැණි.
පංචාංගය - මුල්, මල්, කොළ, පොතු, ගෙඩි
පස්ගෝරස - කිරි, දීකිරි, මෝරු, ගිතෙල්, වෙඬරු
පස්තෙල් - ගිතෙල්, තලතෙල්, එඬරු තෙල්, කොහොඹ තෙල්, මී තෙල්
පස් පැඟිරි - දෙහි, ෙදාඩම්, නාරං, යකි නාරං, පූ¼ඩලු දෙහි
පස්මල් - විළඳ, සමන් කැකුළු, හෙළ අබ, හී තණ, (ලද පස් මල්) සුදු මල් කැකුළු
නවරත්න - රතු කැට, මුතු, පබළු, මරකත, පුෂ්පරාග, දියමන්ති, නිල්කැට, ගෝමේද, වෛදූර්යය.
දසමූල - බෙලි, මිදි, තොටිල, පලොල්, ඇත්දෙමට, අස්වැන්න, පොල්පලා, හීන්නෙරෙංචි, එළබටු මුල්, කටුවැල් බටු
ස්වරස කෂාය - නැවුම්ව ලබාගත් අමුද්‍රව්‍යය එම මොහොතේම හොඳින් සෝදා මෘදුව කොටා පිරිසුදු රෙදි කඩක හොවා අතින් එහි යුෂ මිරිකා ගැනීම ස්වරස කෂාය ලෙස හැඳින්වේ. (බ්ලෙන්ඩරයක් භාවිතයෙන් වුවද මෙය පිළියෙල කරගත හැකිය)
කල්ක කෂාය - අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ල ගෙන සෝදා ජලය හෝ යම් ඔෟෂධීය ද්‍රව්‍යයකින් අඹරා ගැනීමය.
ක්වාථ කෂාය - පිරිසුදු කොටගත් ඔෟෂධ සිහින් වනතුරු කපා හෝ කොටා ගැනීමෙන් පසුව වතුර කෝප්ප 8ක් පමණ දමා එක් කෝප්පයකට සිඳ ගැනීමය.
ශීත කෂාය - හොඳින් චූර්ණ කරගත් ඔෟෂධ මැටි හෝ වීදුරු බඳුනක බහා එක් රැයක් තබා පසුදින උදෑසන මිරිකා පෙරා බීමට ගැනීම ශීත කෂාය වේ.
ඵාණ්ට කෂාය - සිහින්ව චූර්ණ කොට ගත් ඔසු වර්ග මැටි බඳුනක දමා අඩක් සිඳුවා ගත් උණුසුම් ජලය එයට දමා ෙදාළොස් පැයක් වසා තබා පෙරා පානය සඳහා ගැනීම ඵාණ්ඨ කෂායයි.
චූර්ණ - අව්වේ තබා වියළා ගත් හෝ වැසි සමයේදී කබලේ දමා බැදගත් ඔසු වර්ග හොඳින් කොටා හෝ අඹරා පිරිසුදු රෙදි කඩකින් හලා ගත් සිහින් කුඩුය.
වෛද්‍ය නිරංජලා වික්‍රමසිංහ
නිරංජලා වෛද්‍ය ආයතනය
මහනුවර - 0775886265
සටහන -
දමයන්ති රේණුකා ප්‍රනාන්දු
ගෙඩිය පිටින් උස්සා කොපි පේස්ට් කලේ ලබු ගෙඩියා....
නොදන්නා කෙනෙක්ට බලන්න බම්ප් කරන්න අමතක කරන්න එපා...