කාටවත් හොයාගන්න බැරි රහස් පහක්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    කාටවත් හොයාගන්න බැරි රහස් පහක්

    stonehenge-409933.jpg



    අපේ ලෝකේ ඉතිහාසේ කාටවත් හොයාගන්න බැරි රහස් ගොඩක් තියෙනවා. මේ රහස් පහ විද්‍යාඤයෝ කාටවත් විසඳන්න බෑ.

    ඊස්ටර් දූපත් වල පිලිම.

    ඊස්ටර් දූපත් වල ‘මොඅයී’ කියලා පිලිම තියනවා. මොඅයී පිලිම මීටර් 10ක් උසයි, ටොන් 82ක් බරයි. අවුරුදු 700කට ඉස්සල්ල හදලා තියෙන්නේ. පිලිම 800කට වඩා තියනවා. ලොකුම ප්‍රශ්නේ මේකයි. මේවා හදනව කියන්නේ එක දෙයක්. හැබයි කොහොමද කිලොමීටර් 17ක් ගෙනියලා තියෙන්නෙ කියන එක තමයි විද්‍යාඤයෝ දන් නැත්තේ.
    375047-8967da74-3243-11e4-b9e7-d00f86afd90e-2.jpg


    ගෝබෙක්ලි ටෙපෙ.

    ටර්කි වල ගොබ්කෙලි ටෙපෙ වල මීටර් 6ක් උස, ටොන් 20ක් බර කනු පාවිච්චි කරලා රවුම් 20ක් හදලා තියනවා. මේක ලොකු දෙයක් නෙමෙයි. ලොකු ප්‍රශ්නේ මේකයි. ගෝබ්කෙලි ටෙපෙ හදල තියෙන්නෙ අවුරුදු 13,000කට ඉස්සල්ලා. අවුරුදු 4,000කට, 2,000කට ඉස්සල්ලනම් එක දෙයක්. අවුරුදු 13,000කට ඉස්සල්ල මිනිස්සු එච්චර දියුනු වෙලා තිබ්බේ නෑ.
    374761-5eeb7e8a-3244-11e4-b9e7-d00f86afd90e.jpg


    ඇන්ටිකයිතේරා.

    ‘ඇන්ටිකයිතේරා’ එක අවුරුදු 2,000කට වඩා පරනයි. මේක ග්‍රීසියේ මුහුද යට හොයා ගත්ත දෙයක්. ඇන්ටිකයිතේරා එක ඇත්තටම පාවිච්චි කරලා තියෙන්නේ තරු තියන තැන් කැල්කියුලේට් කරන කම්පියුටර් එකක් හැටියට. ගියර්ස් ගොඩක් දාලා මේක හදලා තියෙන්නේ. කවුරුත් දන්නෙ නෑ ඒ කාලේ මේ වගේ දෙයක් හැදුවේ කොහොමද කියලා.
    374908-787b0bcc-3244-11e4-b9e7-d00f86afd90e.jpg


    වොයිනික් මැනුස්ක්‍රිප්ට්.

    1912 ‘වොයිනික් මැනුස්ක්‍රිප්ට්’ පොත හොයාගත්තා. කාබන් ඩේටිං පාවිච්චි කරලා මේ පොතේ වයස අවුරුදු 600-700ක් විතර කියනවා. අමුතු දේ මේකයි. පොතේ පිටු 240ක් තියනවා. අකුරු 170,000ක් තියනවා. කවුරුත් දන්නෙ නෑ මොනවද මේ අකුරු කියලා. ගොඩක් විද්‍යාඤයෝ උත්සාහ කරලා තියනවා. තාම කරන්න බැරි වෙලා.
    377055-9589db34-3245-11e4-b9e7-d00f86afd90e.jpg


    බැග්දෑඩ් බැටරිය.

    බැග්දෑඩ් වල 1936 පොලව යට මැටි මුට්ටි ටිකක් හොයාගත්තා. මුට්ටි ඇතුලේ බලනකොට තේරිලා මේවා නිකන් මුට්ටි නෙමෙයි. මේ මුට්ටි බැටරි හැටියට හදලා තියෙන්නේ. හැබයි ලොකුම ප්‍රශ්නේ මේකයි – මේ මුට්ටි හදලා තියෙන්නේ අවුරුදු 2,000කට ඉස්සල්ල. කොහොමද ඒ කාලේ බැටරි ගැන හිතලා තියෙන්නේ?
    377459-d21f0aa6-324a-11e4-b9e7-d00f86afd90e.jpg