ලංකාවේ රසම කෑම මොනවද?

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ලංකාවේ රසම කෑම මොනවද?

    6a00e5506b058d8834013486af48f7970c-600wi.jpg



    ලංකාවට කෑම ජාති ගොඩාක් තියෙනවා. ලෝක හැමෝම කැමති අපේ කෑම කන්න. ලංකාවේ රෙස්ටෝරන්ට්ස් ගොඩක් රටවල්වල තියෙනවා.

    අපි හිතුව ඔබත් එක්ක එකතු වෙලා ලංකාවේ තියෙන රසම කෑම මොකද්ද කියලා බලන්න. පහල කෑම දෙකක් පෙන්නනනවා. දෙකෙන් එකක් තොරගන යන්න. කොම්පියුටර් එක විශේශ ගානක් පාවිච්චි කරලා කෑම ස්කෝ කරනවා.

    ජනප්‍රියම කෑම යට බලන්න පුලුවන්.



    1. 1666d457e9bb46d6889a808fd75ba6b8_large-2-300x200.jpg


      1. කිරිබත්

      අපි ඕනි සුබ මොහොතකට කන්නේ කිරිබත්. පොල් කිරි සහ හාල් දාලා හදන රස කෑම හකුරු, සීනි, කෙසෙල් නැත්නම් ලුනු මිරිස් දාලා කන්න පුලුවන්. කව්ද කැමති නැත්තේ!






    1. img_0957-300x200.jpg


      2. රොටි

      පොල් දාලා, පිටි දාලා රොටි හදනවා. ලුණු මිරිස් එක්ක උදේට රොටි කන්න අපි ඔක්කෝම ආසයි.




    1. 4934036506_70f9f7c8fb_b-300x200.jpg


      3. ආප්ප

      ආප්ප. බිත්තර ආප්ප. ලුණු මිරිස්. කෙසෙල්. පැනි. මේ ටික ඔක්කොම රසට එකට කන්න පුලුවන්.




    1. 6298116355_53ea369f84_o-300x200.jpg


      4. කොත්තු

      ගෝදම්බ රොටිත් එක්ක බිත්තර, එලවලු, චිකෙන්, චීස් නැ ත්නම් වෙන දේවල් දාල තමයි කොත්තු හදන්නේ. ලාං කිකයෝ විතරක් නෙමෙයි කොත්තු වලට කැමති. ලෝකෙ හැමතැනින්ම එන කට්ටිය අපේ කොත්තු වලට කැමති.




    1. 211-300x225.jpg


      5. ඉඳි ආප්ප

      සම්බොල් සහ කිරිහොදි දාලා ඉඳි ආප්ප කොච්චර රසද? ඉඳි ආප්ප අවුරුදු 2,000කට වඩා පරණ කෑමක්.






    1. sl-chicken-curry-recipe-300x221.jpg


      6. චිකෙන් කරි

      යකෝ හිතනවා ලෝකෙ කොහේ ගියත්, ලංකාවේ චිකෙන් කරි එකක් වගේ දෙයක් හොයා ගන්න පුලුවන් කියලා. බත් එක්ක කෑවත්, පාන් එක්ක කෑවත්, රොටි එක්ක කෑවත්, මේක තමයි රස! යකෝට පුලුවන්නම් මේක පීසා එකෙත් දානවා.






    1. srilankanpittu_zps2376b3f1-300x225.jpg


      7. පිට්ටු

      හාල් පිටි සහ පොල් දාලා තමයි අපේ පිට්ටු හදන්නේ. 2006 අඩි 10ක පිට්ටුවක් ඉන්දියාවේ හැදුවා. පොල් 20කුයි හාල් පිටි කිලෝ 26කුයි පාවිච්චි කරලා හදල තියෙන්නේ. පිට්ටු කමුද?






    1. p0003-1-300x180.gif


      8. ඇඹුල් තියල්

      ඇඹුල් තියල් ඉස්සෙල්ලාම ආවේ අම්බලන්ගොඩෙන්. මැටි මුට්ටියේ, දර ලිපේ හදන කෑම ලංකාවේ විතරයි හොයාගන්න පුලුවන්. අපේ ගොරක පාවිච්චි කරලා හදන ඇඹුල් තියල් වගේ රසක් නෑ කොහෙවත්.

     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔය කැමතිම අහාරයනේ බත් එන්නත් ඔන ඔතනට
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;17556128 said:
    මාලු ඇඹුල්තියල්+පොල්සම්බෝල+සුදුකැකුලු බත් :love:
    :love:

    පැටියා;17556142 said:
    කොත්තු ලංකාවෙ කෑමක් නෙවෙයි නේද? :eek:
    ලංකාවෙ කෑමක් කියල තමා බං කියන්නෙ.. ඕක පටන්ගෙන තියෙන්නෙ හැත්තෑ ගණන් වලදි.. මඩකලපුව පැත්තෙන් තමා ඇවිත් තියෙන්නෙ.. දෙමළ මුස්ලිම් අයගෙ කෑමක් තමා කොත්තුව.. කොත්තු කියලා දෙමෙළන් කියන්නෙ කොටන එකටලු..

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මටනම් කලුපොල් මාලුවයි කෙලවල්ල ඇබුල් තියලුයි හිදෙන්න වියපු (බෙරි නොකරපු) තෙම්පරාදු කරපු පරිප්පුයි ගොටු කොල සම්බොලයයි
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    කතුරුමුරුංග මල් බැදලා, කැරන් දළු මැල්ලුම, මාළු ඉස්ටු, කොහිල දළු ........

    ලංකාවේ ප්‍රසිද්ද සුපවෙදියෙක් තමුන්ගේ ජීවිතේ නැගීම පටන් ගත්තේ, ගුරා අරලිය දළු ටිකක් අරන් මැල්ලුමක් හැදුවට පස්සේ.

    අපේ වත්තේ තියෙනවා වැලක්, මැල්ලුමට ගන්න පුළුවන් එකක්. මාසෙකට සැරයක් හදල දෙනවා බඩ සුද්ද වෙන්න. පණු අමාරුවට කියපු බේත.

    ලංකාවේ කොච්චර පලා ජාති තියෙනවද? සමහරුන්ට මේවා කන්න ලැජ්ජයි. කැරට්, ගෝව, බෝංචි වගේ පොෂ් කෑම තමයි කන්නේ.

    රේප්+
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මීට වඩා රස ගොඩක් දේ තියනවා බන් මේවා සාමාන්ය ආහාර විතරයි සිරාම රස කෑම කන්න ගමකට යන්න ඕන අනික පරන කෑම තියනවා උබලා නම අහපුවාම කන්න බෑ කියලා කියන ඒ උනාට රස දැන ගත්තාම ... නම්

    :D