Tunguska හි සිදු වූ අභිරහස් ජනක පිපිරීම

tharakanilupul

Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    Tunguska හි සිදු වූ අභිරහස් ජනක පිපිරීම

    Tunguska හි සිදු වූ අභිරහස් ජනක පිපිරීම - (The Great Siberian Explosion)


    මෙම සංසිද්ධිය වූ අවධියේ ඔබ හෝ මා ඉපදීවත් නැහැ. මෙයත් සිදුවූයේ රුසියාවේ සයිබීරියා කලාපයේ Tunguska නම් ප්‍රදේශයේදීයි. මෙය සිදුවූයේ මීට වසර සියයකටත් පෙර එනම් 1908 ජුනි 30 වන දින උදේ 7.14 ට පමණ බව කියවේ. සයිබීරියාවේ ටයිගා වනන්තර පෙදෙසක් වන Tungusk ගංඟාව ආශ්‍රිතව විසූ කුඩා මිනිස් ජනාවාසයේ විසූවන්ට හිටි හැටියේ දකින්නට ලැබුනේ අති විශාල ගිණි බෝලයක් බදු දෙයක්. එහි පිපිරුම් ශබ්දයද බොහොම භයංකරවූවක් වී තිබෙනවා. එය කොතෙක්ද යතහොත් සැතපුම් දහසක පමණ දුරකට ඇසී තිබෙන අතර සැතපුම් දහස් ගණනක් දුරින් පිහිටි ලන්ඩන්හි විසූවන්ට මධ්‍යම රාත්‍රියේ පවා දකින්නට ලැබී ඇත්තේ හිරු කලින්ම පායා ඇති සේ ආලෝකයක්.


    අද තරම් දියුණු තත්වයේ නොතිබුන එදා ලෝකයට මෙම සිද්ධිය මහත් කුතුහලයක් හා වික්‍ෂිප්ත බවක් ඇතිකිරීමට හේතුවූ අතරම කිසිසේත්ම කඩිනමින් ලගාවීමට නොහැකි පෙදෙසක් වූ නිසා සහ අද තරම් ප්‍රවෘත්ති වාර්තා කිරීමේ නිවැරදි හෝ කාර්යක්‍ෂම හෝ දියුණු ක්‍රමවේදයක් නොතිබූ එම යුගයේ මේ පිළිබදව විවිද මත පලවීම ස්වාභාවිකවුනා. එසේම අදාල ප්‍රදේශයේ සහ රුසියාවේ විසූවන්ට නම් මෙම පිපිරීම ඉමහත් භිතියක් ගෙන දුන්නා නිසැකයි. ඔවුන් සිතුවේ "ලෝක විනාශය සිදුවේගෙන එනවා" යනුවෙනුයි.


    මෙම පිපිරුමත් සමගම භූකම්පනයක් හටගෙන තිබෙන අතරම එය රුසියවේ Irkutsk,Tashkent, Tbilisi, වන ප්‍රදේශ වලට මෙන්ම ජර්මනියේ Jena ප්‍රදේශයටද දැනී ඇත. එසේම දේශපාලනික පිටුවහලුන්ට පරසිදු නවාතැනක්වන සයිබීරියාවේ සිටි එවැනි පිටුවහල් කරනු ලැබූවකු වන T. N.Naumenko යන අය ඒවන විට සිට ඇත්තේ Angaraගංඟාවට යාබද සහ මෙම පිපිරීම සිදුවූ ස්ථානයේ සිට 200 Km ගිණිකොන දෙසින් වූ කුඩා ගම්මානයක් වන Kezhma හිය.


    එසේම එදා රුසියාවේ පුවත් පත් පිරුනේ මෙවන් ලිපි වලින්;

    Siberian Life newspaper, July 27, 1908
    "When the meteorite fell, strong tremors in the ground were observed, and near the Lovat village of the Kansk uezd two strong explosions were heard, as if from large-caliber artillery."


    මේ එංගලන්තයේ පුවත් පත් වල ඒ පිළිබද සටහන් වූ අයුරුයි.



    කෙසේ නමුත් කාලය වසර 19 ක් ගෙවී ගියා. ඒ වසර 19 තුල රුසියාව තුල විවිද හැලහැප්පීම්, වෙනස්කම් රැසක් සිදුවී තිබුනා. 1927 Tungusk සිදුවීමට තවත් සංධිස්ථානයක් වූවා යයි කීම වරදක් නැහැ. ඒ මන්දයත්
    මෙම සිද්ධිය ගවේශනය සදහා මොස්කව් සිට සෝවියට් විද්‍යා ඇකඩමියේ පළමු විද්‍යාඥන් කණ්ඩායම සයිබීරියාවේ මෙම වනගත පෙදෙස කරා ගමන් ගත්තා. ඒ භූ විද්‍යාඥ Leonid Kulik ගේ නායකත්වයෙන් යුතුව වන අතර ඔවුන්ට පැවරුන මුල්ම රාජකාරිය වූයේ මෙම පිපිරුම කවරක් නිසා සිදුවූයේද යන්න සොයා බැලීමයි.

    පළමු තීරණය
    වසර 19 ක් ගෙවුන පසුවත් ඔවුන්ට මෙම ගමන දුෂ්කරතා මධ්‍යයේ යාමට සිදුවු බවත් කිවයුතුයි. මුලින්ම ඔවුන්ට අපි සයිබීරියාව පිළිබද ලිපියේත් කතා කල Trans-Siberian දුම්රියෙන් කුඩා නගරයක් වන Tayshet කරා ගමන් කල අතර එතැන්සිට අශ්වයන්, බෝට්ටු සහ හිම යානා මගින් ඊලගට Vanavara කරා ගමන් ගත් අතර නැවතත් විශේෂීත බෝට්‍ටු තනා ගැනීමෙන් අනතුරුව අදාල ස්ථානය කරා ගමන් ගත්තා. ඒ අතරතුර විවිදාකාර මූලාශ්‍රවලින් ඔවුන් මෙම අද්භූත පිපිරීම ගැන දත්ත එක්රැස්කර ගත්තා. විශේ‍ෂයෙන්ම මෙම සිදුවීම වන කාලයේ එම ප්‍රදේශ වල විසූ මෙය පිළිබද පිළිගත හැකි දත්ත සැපයිය හැකි පුද්ගලයන් වෙතින් වාචිකව ලබාගත් දත්ත සුවිශේෂයි.මේ අනුව Kulik ගේ මේ සිදුවීමට මුල්වු කරුන පිලිබද අදහස වූයේ මෙය උල්කාපාතයකින් සිදුවුනා යන්නයි.





    First Visit to Ground Zero

    මෙම විද්‍යාඥයින් පිරිස අදාල පිපිරුම සිදුවු ස්ථානය ප්‍රථම වරට දුටුවිට කම්පනයට පත්වූ බව ඉදුරාම කිය හැකියි. ඒ වසර 19 ක් ගතවීත් සිදුවූ විනාශයේ නටඹුන් එලෙසින්ම පැවති නිසයි. පළමුවම ඔවුන් දුටුවේ අගිස්ස සිදුන ගස් රාශියක්. තවදුරටත් ඉදිරියට ගිය ඔවුන් දක්නට ලැබුනේ විශාල ප්‍රදේශයක එක පේලියට වැටී ඇති ගස් අති විශාල සංඛ්‍යාවක්. මෙම ගස් වැටී ඇති ර්‍භමියේ ප්‍රමාණයම කොතෙක්ද කිවහොත් එය එංගලන්තයේ ලන්ඩන් නගරය සහ ඇමරිකාවේ නිව්යෝර්ක් නගර දෙකේ භූමි ප්‍රමාණවල එකතුවට සමානයයි කීවත් වැරදි නැහැ. එසේම ගස් වැටී ඇති අයුරු කිවහොත් කේන්ද්‍රයක් මුල් කරගෙන වෘත්තාකාර ලෙස එක් දිශාවකට පමණක් වැටී තිබුන බව පැවසේ. මෙම කේන්ද්‍රය දෙසට ගිය Kulik ඇතුළු පිරිසට දැක ගන්නට ලැබුනේ තවත් පුදුම උපදවන දෙයක්. ඒ මෙම කේන්ද්‍රයේ පිහිටා ඇති ගස් බොහෝමයක් විනාශ නොවී පැවතීමයි. ඒ අනුව ඔවුන්ගේ මතය වූයේ මෙම පිපිරීම පොළව මත සිදුවූවක් නොව ඊට ඉහලින් සිදුවූ දෙයක් යන්නයි.තවත් කරුණක් වන්නේ මෙහි කඩා වැටුන සහ නොවැටුන ගස් රැසක් අසාමාන්‍ය පිලිස්සීමකට ලක්වී තිබීමයි. එය ලැව්ගින්නකින් සිදුවූවාට වඩා වෙනස් ආකාරයක් ගත් බව කියවේ. ඉන් අනතුරුව ඔවුන් මෙහි එරෙන සුළු පො‍ළව කනින්නට පටන් ගත්තා. ඒ වැටුනා යයි සිතන උල්කාපාතයේ ඉතිරිව ඇති කොටස් සෙවීමටයි.



    [FONT=&quot]දෙවන තීරණය[/FONT]

    ඔවුන්ට බලාපොරාත්තුවූ දේවල් හමුවුනාද? පිළිතුර නැත. කනින ලද කිසිදු තැනකින් උල්කාපාතයක සලකුනක් හෝ දක්නට ලැබුනේ නැහැ. එසේනම් මෙම පිපිරුම සිදුවූයේ කෙසේද?? දෙවනුව ඔවුන් තීරණය කලේ මෙය වෙනත් ලෝකයකින් පැමිනුන අභව්‍යාකාශයානයක් හදිස්සියේ ගොඩබැස්සවීමට යාමේදී පොළවට ඉහලින් වායුගෝලය තුල සිදුවූ පිපිරීමක් යන්නයි. මෙම අදහසට පක්‍ෂව කීර්තිමත් ගවේශකයකුවන ආචාර්යය Alexsei Zolotov වැන්නුවන් පවා අදහස් දක්වන්නට විය. ඔවුනගේද මතය වූයේ මෙම පිපිරුම කෘත්‍රීම වස්තුවක් නිසා ඇතිවන්නට ඇතැයි කියාය. කෙසේ වෙතත් ගවේශන කටයුතුනම් අතිදුෂ්කරතා මධ‍්‍යයේ සිදුකිරීමට සිදුවූ බව නම් කිව යුතුයි. කටුක දේශගුණය, මොස්කව් සිට ඇති අධික දුර මෙන්ම ප්‍රධාන වශයෙන් මදුරුවන් ආදී පීඩාකාරී කෘමීන්ගෙන් Kulik ප්‍රමුඛ විද්‍යාඥයින් පිරිසට විදින්නට සිදුවූ දුක්ගැහැට නම් අප්‍රමාණවුනා. එසේම මෙවන් දුෂ්කරතා විදීමෙන් ගවේෂකයන්ට වැලදුන ලෙඩ රෝගත් අමතක කරන්න බැහැ.


    [FONT=&quot]සමාන නෑයන්[/FONT]
    මේ අදහස පසුකාලීවනද පිළිගත හැකි තත්වයක තිබින. එයට හේතුව හිරෝශිමාවේ පරමාණු බෝම්බයේ පිපිරුමත් ඊට වසර 40 කට පෙර සිදුවූ Tunguska පිපිරුමත් අතර සමාන කම් ඉස්මතුවීමයි. හැබැයි පිපිරුමේ ප්‍රබලත්වය පරාජය කිරීමට හිරෝශිමාවේ පිපිරුන "Little Boy" පරමාණු බෝම්බයට නම් නොහැකි විය. එයට හේතුව Tunguska පිපිරුමේ විනාශය සහ ප්‍රබලත්වය හිරෝශිමා පිපිරුමට වඩා දහස් ගුණයක ප්‍රබලත්වයකින් යුතුවීමයි.
    එසේම පැහැදිලිවම කියන්නේ නම් මෙම පිපිරුම මෙගා ටොන් 40 – 50 ක් අතර TNT පිපිරුමක් හා සමාන වන අතරම අනෙක් අතින් හිරෝෂිමාවට ඇමරිකාව දැමූ පරමාණු බෝම්බය මෙන් 3000 ගුණයක ප්‍රබලත්වයක් ඇතැයි පැවසේ.



    මොනයම් හෝ හේතුවක් නිසා මෙවැනි ආකාරයේ ප්‍රබලත්වයකින් යුතු පිපිරීමක් St.-Petersburg, London හෝ New York යන නගර වල සිදුවුනි නම් ‍එම නගර මුළුමනින්ම විනාශවේ.
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]නැවතත් ගවේශනය[/FONT]
    කෙසේ වෙතත් නැවතත් මේ පිළිබද ගවේශනය කිරීම ඇරඹුනේ 1958 දී. ඒත් ඒ වන විට පළමු ගවේශනයේ පුරෝගාමියා වූ භූ විද්‍යාඥ Leonid Kulik මෙලොව හැරගොස් අවසන්.ඒ දෙවන ලෝක යුද්‍දයේදී ජර්මන් හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදුව නාසි සිරකදවුරකදී Typhus උණ රෝගය වැලදීමෙන්, 1942 අප්‍රේල් 24 වන දිනදී.

    මෙවර නම් යම්කිසි සාක්‍ෂියක්ද සොයාගන්නට ලැබුනා. එසේම අදාල ප්‍රදේශය වෙත යාමට ගුවන් යානා භාවිතා කිරීමේ පහසුකම ලැබී තිබුනා. ඔවුන් ඉතාමත් අපහසු කැනීම් සහ පරීක්‍ෂාකිරීම් රැසක් සිදුකරනු ලැබුවේ උල්කාපාතයක් හෝ වනයම් ආකාෂ වස්තුවක සලකුනක් හෝ තිබේද යන්න දැනගැනීමටයි. එහෙත් ඔවුන් බලාපොරොත්තුවූ තරම් දෙයක් නොලැබුනත් කුඩා සිලිකන් කැබලි සහ ලෝහ කැබලි කිහිපයක් නම් සොයාගැනීමට හැකිවුනා. ඒ සමගම න්‍යෂ්ඨි පිපිරීමක් ගැන අනුමාන කිරීමේ සිද්ධාන්තයට නව ගැම්මක් ඇතිවුනා. එසේම පිපිරුම පොලොවේ සිට 8 Km පමණ උසකින් සිදුවන්නට ඇතැයි අනුමාන කලා.
    තවද ලෝකයේ පළමු පරමානු බෝම්බය පිපිරීමෙන් පසු වෙනස් දිශාවකට යොමුවූ මෙම Tunguska පිපිරීම ගැන පරීක්‍ෂනද අළුත් මුහුනුවරක් ගත්තේය. එනම මෙම පිපිරීමද කිසියම න්‍යෂ්ඨික පිපිරීමක්ද යන්න යන සැකයයි. සෝවියට් විද්‍යාගාරවල මේ පිළිබද පර්යේෂන සිදුකල අතර එම පර්යේෂන ප්‍රතිළුල හා හිරෝෂිමාවේ පරමාණු බෝම්බය පිපිරීමෙන් පසු දැක ගන්නට හැකිවූ දසුන් අතර යම් සමාන කමක්ද විය. එනම් පිපිරුම් කේන්ද්‍රයේ තිබු ගොඩනැගිල්ල විනාශ නොවී තිබුන අතර පරීක්‍ෂනයේ ප්‍රතිළුලයද ඊට සමානවිය.එසේම Tunguska වේද පිපිරුම සිදුවූ කේන්ද්‍රයේ තිබු ගස් විනාශ නොවීමද අමතක කල නොහැකි සමාන සංසිද්ධියක් විය.


    හිරෝශිමා බෝම්බය පිපිරුනායයි සලකන ස්ථනය
    මීට අමතරව Kulik පැවසූ කරුන වන උල්කාපාතයක් හෝ කිසියම් ආකාශ වස්තුවක් වන වල්ගාතරුවක් වැනි දෙයක් කඩා වැටීමට අමතරව විශ්වයේ පවතිනවායයි කියන සියල්ල ගිලගන්නා කළු කුහරයක් හෙවත් “Black Hole” එකක් මෙම ස්ථානයට කඩා වැටී සියල්ල විනාශකොට නැවත අතුරුදහන්වූවා යයි වෙනත් මතයක්ද පලවී ඇත.

    තව දෙයක් සොයා ගැනීමට හැකිවුනා. එනම් මෙම පිපිරීම් සිද්ධියෙන් පසු එම පුදේශයේ වෙසෙන සත්වයන්ගේ සහ ශාකවල ස්වාභාවික තත්වයට වඩා වෙනස් තත්වයක් තිබීමයි. විශේෂයෙන් සතුන් අතරින් කෘමි විශේෂවල විවිද වෙනස්කම් ඇතිවී තිබූ අතර ශාක වල වාර්ශික වර්ධනය 1908 න් පසුව වැඩිවී තිබුනා.
    තවත් ප්‍රධාන ගවේශකයෙකුවූ ආචාර්ය Nikolai Vasilieyev ගේ සුපරික්‍ෂාවකදී හෙලිවූ තවත් කරුණක් වූයේ මෙම සිදුවීම සිදුවූ ප්‍රදේශයේ විද්‍යුත් චුම්භක ක්‍ෂෙත්‍රයේ ඇති කැලඹිලි ස්වභාවය මෙන්ම හයිඩ්‍රජන් වායු සාන්ද්‍රනයද අධිකවීමයි. මෙහි ඇති අපූරුමදෙයවන්නේ මෙම පුදේශයේ තවමත් සෑම වසරකම ජුනී අග සහ ජූලි මුල් කාලය අතර මේවා මනින උපකරණවල වෙනදාට වඩා විද්‍යුත් චුම්භක ක්‍ෂෙත්‍රයේ ඇති කැලඹිලි ස්වභාවය සහ හයිඩ්‍රජන් වායු සානද්‍රනය වැඩි අගයන් පෙන්වීමයි.




    ඇත්තෙන්ම මෙම “Tungaska Event ලෙස හැදින්වෙන මෙම සිදුවීම මාහට මුලින්ම දැක ගතහැකි වූයේ මීට පෙර ඔබ සත් සමුදුරේදි දැකගත්Nascar lines ලිපියේ සදහන් කල Arther.C. Clark මහතාගේ Mysterious World පොතෙන්මයි. එහෙත් මෙම ලිපියේ සදහන් කරන්නට යෙදුන කරුණු පොතේ සදහන් කරුණුවලට වඩා වැඩි ප්‍රමාණයක් වන අතර ඒවා අන්තර්ජාලයෙන්, Discovery සහ History යන රූපවාහිනී ආයතන නිපදවූ වාර්තාමය වැඩසටහන් වලින් සොයාගන්නට ලැබුන කරුණුද බව සදහන් කරමි.


    එසේම අවසන් වශයෙන් පවසන්නට ඇත්තේ මෙම සංසිද්ධිය ගැන විවිද මත පලවූවත් තවමත් මෙය නොවිසදුන අභිරහසක්බවයි.
    ඉස්සුවේ මෙතනින්
    http://sathsamudura.blogspot.com
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    සුෆිරි මචන්
    මන් දැක්කා ඔය ගේම ගැහුවේ නිකොලා ටෙල්සා කියලා කොහේ හරි

    එකේ තිබුණු විදියට මු ටෙස්ලා ටවර් කියන ලේසර් එකක් වගේ එක හදලා පාලු ප්‍රදේශයක් බලලා රුසියාව පට්ට්තට ඒම් කරා කියලා තමය මන් නං කියවලා තියෙන්නේ
    :)

    කොහොමද දන්නේනහ...
     

    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    Pattai Machan... Mama oke thawa patta theory ekak kiyewwa... welawaka daannam...
    Loku hachimak giya seen ekak kiyala mama hithanne:P