මිනිසා විසින් සිදුකර ඇති ලොකුම න්‍යෂ්ඨික

tharakanilupul

Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    මිනිසා විසින් සිදුකර ඇති ලොකුම න්‍යෂ්ඨික

    මිනිසා විසින් සිදුකර ඇති ලොකුම න්‍යෂ්ඨික පිපිරීම හෙවත් Big Ivan හෙවත් The Tsar Bomba නැතහොත් King of Bombs එහෙමත් නැතහොත් Kuzna's mother තව විදියකට කියනවා නම් AN602 - (The most powerful nuclear weapon ever detonated in Human History On the Earth)


    ඔබ සිතන්නේ මෙතුවකට මිනිසා විසින් සිදුකර ඇති විශාලම න්‍යෂ්ඨික පිපිරීම දෙවන ලෝක මහා සංග්‍රාමයේදී යුද්දය නිමා කිරීම සදහා ජපානයේ හිරෝශීමා සහ නාගසාකී නගර වෙත හෙලන ලද "Little Boy" සහ "Fat Man" පරමාණු බෝම්බ දෙක කියද? පිළිතුර නම් "නැහැ" යන්නයි. මෙම දැවැත්ත පිපීරීම සිදුකලේ 1961 ඔක්තෝබර් 30 වන දින මොස්කව් වේලාවෙන් පෙරවරු 11.32 ටයි. මෙම පහත රූපයෙන් ජපානයේ සිදුකල න්‍යෂ්ඨික බෝම්බ වල පිපිරුම සහ Big Ivan බෝම්බයේ පිපිරීම අතර සසදා ඇති ආකාරයෙන් එහි තත්වය කෙබදුදැයි ඔබට තේරුම් ගත හැකිවේවි.




    න්‍යෂ්ඨික අවිවල පැටිකිරියෙන් බිදක්...


    මේ ගැන කතාකරද්දී නැතැතින්ම කියවෙන නාමයක් තමයි ජපානය. අද වන විට ඒ රටට ඇතිවෙලා තියෙන භූමිකම්පා හා සුනාමි තත්වය හැරුනකොට පෙරකී තත්වයන් නිසා එරට Fukushima න්‍යෂ්ඨික බලාගාරයේ සිසිලන පද්දතියේ ඇතිව තිබෙන දෝශය නිසා අප හිතමිතුරු ජපාන වැසියන්ට අත්ව තිබෙන අභාග්‍යසම්පන්න තත්වය ගැන මුලින්ම කණගාටුව ප්‍රකාශ කල යුතුමයි.


    1945 අගෝස්තු 06 වන දින හිරෝශීමා වෙත ඇමරිකාව විසින් පරමාණු බෝම්බ හෙලන තෙක් ඇමරිකාවේද අතලොස්සක් හැරුන කොට මෙම විනාශකාරී න්‍යෂ්ඨි අවි ගැන ලෝකයේ කිසිදු කෙනෙක් දැන නොසිටි බවද ඉතිහාසයේ මේ පිළිබද අධ්‍යයනයේදී සොයාගන්නට ලැබෙනවා‍. කෙසේ වෙතත් 1945 මුල් භාගයේදී ජර්මණිය පරාජය වී ලෝක සංග්‍රාමයෙන් ඉවත් වූවත් ජපානය දිගටම යුද්ධයේ නියලීම නිසා ජපානය ආණ්ඩුමට්ටුකිරීමට එකම බලාපොරොත්තුවවී සිටියේ සෝවියට්දේශයයි. ඒ මන්ද යත් එංගලන්නතය සහ ඇමරිකාව යන දෙරට ප්‍රමුඛ මිත්‍ර පාර්ශවයට පෙරදිග කලාපයේ ජපානයේ ප්‍රතිරෝධයට මුහුණ දීම ඒ වනවිට අපහසු වී තිබීමත් සෝවියට් හමුදා ජර්මණිය පරාජය කිරීම නිසා ඔවුන්ගේ සාම්ප්‍රධායික හමුදා ශක්තිය මැනවින් ඔප්පුවී තිබිම නිසා හා අතීතයේ පටන් රුසියාව පැවති කාලයේ සිට ජපානය නිරතුරුවම යුධවැදී සිටි නිසා සෝවියට් දේශය, ජපානය මෙල්ල කිරීමට ඒ වන විට කැමැත්තෙන් සිටියා.


    කෙසේවෙතත් "harakiri" ලෙස හදුන්වන සියදිවි හානි කරගෙන හෝ ගෞරත්වය රැක ගැනීමට පසුබට නොවන ජපාන සෙබළුන්ගේ මරාගෙන මැරෙන ප්‍රහාර සහ ජවසම්පන්න යුද උපක්‍රම හමුවේ එරට සමග යුද වැදීමේදී යම් පාර්ශවයක් ජය ගත්තද අඩුම තරමේ මිලියනයක තරම් තවත් මිනිස් ජීවිත විනාශයක් සිදුවෙතැයි යන බිය සංකාද ඒවනවිටත් පහලවී තිබුනා.


    නමුත් මේ වන විට ලොවටම හොරෙන් යම් යම් දේවල් තිරයෙන් පිටුපස සිදුවෙමින් පැවතියා. ඒ තමයි 1939
    ඔක්තෝබර් 21 වන දින Manhattan Project ලෙස හැදින්වූ න්‍යෂ්ඨික අවි මුලින්ම නිපදවීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම. මෙම කටයුතු එරට නිව්මැක්සිකෝවේ, ලොස් ඇලමෝස් (Los Alamos in New Mexico) හි භෞතික විද්‍යාඥ Robert Oppenheimer ගේ නායකත්වයෙන් සිදුවෙමින් පැවතියා. ඔවුන්ගේ පරික්‍ෂනවල සාර්ථකත්වය පෙන්නුම් කරමින් 1945 ජූලි 16 වනදා ලොව ප්‍රථම න්‍යෂ්ඨික පිපිරීම සිදුකරන්නට ඔවුනට හැකියාව ලැබුනා.


    මෙසේ කරුනු කාරණා සිදුවෙච්චී මේ සියල්ල ලෝකයෙන් වසන් කර තබා ගැනීමට ඇමරිකාව වගබලාගත් අතර මේවන විට මෙම කාර්යය සිදුකිරීමට විධිවිධාන යෙදූ ඇමරිකානු ජනපති Franklin Delano Roosevelt මහතා මියගොස් සිටියා. ඒ 1945 ‍අප්‍රේල් 12 වනදා. මෙයින් පසු බලයට පැමිණි Harry S. Truman මහතා යුද්ධය ඉක්මනින් ඉවර කිරීම මෙන්ම සෝවියට් දේශය ලෝක සංග්‍රාමයට සමගාමීව නැගෙනහිර යුරෝපය යටත් කර ගනිමින් කොමියුනිස්ට් පාලනය ව්‍යාප්ත කිරීමේ ක්‍රියාදාමය නිසා අනාගතයේදී නැවතත් ඇතිවිය හැකි ව්‍යවසනකාරී තත්වය ගැන සැක සිතා න්‍යෂ්ඨික බලය ජපානය වෙත මුදා හැරීමට අවශ්‍ය අණ ලබා දුන්නා.


    මේ අනුව 1945 අගෝස්තු 06 වන දින හිරෝශීමා වෙතත් ඊට දින තුනකට පසු එනම් 09 වන දින නාගසාකී වෙතත් න්‍යෂ්ඨික බෝම්බ දෙකක ගුවනින් හෙලා එතෙක් මෙතෙක් පෘතුවිය මත සිදුවූ දැවැන්තම යුද විනාශය සිදුකොට ජපානයට යටත් වීම හැරෙන්නට වෙනත් කිසිදු මාවතක් තෝරාගැනීමේ ඉඩ කඩ වලකා දැමුවා.
    Atomic bomb mushroom clouds over Hiroshima (left) and Nagasaki (right) We are the Champions....
    මෙම සිදුවීමත් සමගම එතෙක් ලෝකයේ යටත්විජිත වැඩිම ගණනක හිමිකාරීත්වය ලැබ ලෝක බලවතාගේ භූමිකාව නිල වශයෙන් ගෙන ගිය මහා බ්‍රිතාන්‍යට එම කිරුළ අහිමි වුනා සේම, දැවැන්ත සාමප්‍රධායික හමුදා බලයක් තිබුනත්, තවමත් න්‍යෂ්ඨික බල පරාක්‍රමය නැති නිසා ඇමරිකාවට දෙවැනි වීමට සෝවියට් දේශයටද සිදුවූ අතර ලෝකයේ එකම සුපිරි බලවතා වීමට ඇමරිකා එක්සත් ජනපදයට හැකිවුනා. එහෙත් එම කිරුල රදා ගැනීමට හැකිවුනේ සිව් වසරකට මදක් වැඩි කාලයක් පමණයි. ලොව දෙවැනියට බිහිවූ සුපිරි බලවතා තමන් බව ඔප්පු කරමින් සෝවියට් දේශයද 1949 අගෝස්තු 29 වන දින ප්‍රථම න්‍යෂ්ඨික අත්හදා බැලීම සිදුකරනු ලැබුවා. මෙයට දී තුබූ ‍කේත නාමය වුනේ RDS - 1.


    Welcome to the Club ...
    මෙලෙස ලෝකය නම් වේදිකාවේ රංගනයන් සිදුවීම තුලින් සීතල යුද සමය (Cold War Era) හෙවත් නිරවි යුද සමයේ කූටප්‍රාප්තිය සිදුවූ අතර සුපිරි රටවල් දෙකම එකිනෙකා පරයමින් තව තවත් විනාශකාරී ආයුධ බිහිකිරීමේ "සද්කාර්යයේ" නියැලී සිටියා.


    මෙසේ අදාල පරීක්‍ෂන සිදුකරගෙන යද්දී දෙවන මූලික න්‍යෂ්ඨික අවි විශේෂය වන තාපන්‍යෂ්ඨික අවි හෙවත් Thermonuclear හෙවත් hydrogen bombs නැතහොත් කෙටියෙන් හදුන්වන H-bombs, 1952 නොවැම්බර් 01 වන දින හොනළුළු සිට නිරිත දිග සිට සැතපුම් 2500 ක් දුරින් පිහිටි අ‍ටොල්ලක පිපිරීම සිදු කිරීමට ඇමරිකාවට හැකිවුනා.

    සෝවියට් දේශය මෙම තරඟයෙන් ඉවත්වුනාද? කිසිසේත්ම නැත. ඔවුන්ද සිය ප්‍රථම hydrogen බෝම්බය 1953 අගෝස්තු 12 වන දින සිදුකරනු ලැබූ අතර කේත නාමය RDS - 6 වූ අතර ඇමරිකානුවන් එයට දුන් නම Joe 4.

    මෙයින් පසු තවදුරටත් දෙරටම යහමින් මෙම තාපන්‍යෂ්ඨික අවි සංවර්ධනයේ නියෙළුන අතර අධියර කිහිපයකින් (multi-staged) ක්‍රියාකාරීත්වය සිදුවන මෙම වර්ගයේ බෝම්බ නිපදවීම දෙරටම යුහුසුළුව සිදුකලහ.


    මාතෘකාවට අදාල කතා තේමාව අරඹමු එහෙනම්...
    අද කෙලින්ම මාතෘකාවට එන්නේ නැතුව ඒකට පසුබිම් වූ සිදුවීම් හා සිද්ධාන්ත කතා කිරීම සමහරවිට ඔබට වෙහෙසකර වන්නටද ඇත. නමුත් එම කරුණුද දැන සිටීම තවත් අද අපේ මාතෘකාව තව තවත් පෝෂනය කරන්නක් නිසා ඒ පිළිබදව මා හට ඔබගේ කාරුණිකබාවය ලැබේ යයි අපේක්‍ෂාකරමි.


    මෙම සාර් බෝම්බය පිපිරවූ දිනය සහ වෙලාව මුලින්ම සදහන් කලා. මෙම බෝම්බය ගැන කියනවා නම් මෙය අදියර තුනක එසේත් නැතහොත් Three Stage Nuclear Weapon එකක් ලෙස පළමුවෙන්ම කියන්න ඕන. මෙම අදියර තුන ලෙස හැදින්වීමට හේතුව නම් මෙම බෝම්බය පළමුව විකණ්ඩන ක්‍රියාව, දෙවනුව විලයන ක්‍රියාව සහ නැවතත් විකණ්ඩන ක්‍රියාව යන ක්‍රියා තුනක් සිදුවීම නිසායි (three-stage weapon: fission, fusion, and then fission again).


    RDS - 220 යන කේත නාමයෙන් හැදින්වූ මෙම බෝම්බය මුලින්ම සැලසුම් කලේ TNT මෙගාටොන් 100 ක ශක්තියක් ජනනය වන ලෙස නිපදවීමටයි (Maximum Design Yield - 100 Megatons). එහෙත් පිපිරීමෙන් පසුව ශේෂවන විකිරන නිසා ඇතිවිය හැකි උපද්‍රව අවම කර ගැනීමේ අදහස මත මෙය මෙගාටොන් 50 දක්වා පසුව අඩුකරන ලදි (order to reduce nuclear fallout - Fallout is the residual radiation hazard from a nuclear explosion).
    හිරෝශීමාවට හෙලූ "Little boy"කිලෝ ටොන් 13 - 18 අතර ශක්තියක් නිදහස් කල අතර නාගසාකී වලට දැමූ "Fat man" කිලෝ ‍ටොන් 21 ක ශක්තියක් ජනනය කලහ. ඒවා සමගද සැසදීමක් කලහොත් මෙම "Big Ivan", පෙර කී බෝම්බ දෙකෙන් ජනනය කල ශක්තියේ එකතුවේ 1400 ක ගුණයක් වේ යයි කියන අතර දෙවන ලෝක යුද්දයේදී භාවිතාකල සියළුම පුපුරණ ද්‍රව්‍ය වල ශක්තියේ එකතුව මෙන් 10 ගුණයක් වේයයි ගණන්බලා තිබේ.


    කෙසේ වෙතත් මෙවැනි අතිබියකරු අවියක් ජනාධික සෝවියට් භූමියේ ස්ථානය අත්හදාබැළුවහොත් සිදුවිය හැකි හානිය සිතා ගතවත්නොහැකි නිසා මෙය සිදුකිරීමට තෝරා ගත්තේ Novaya Zemlya නම් ප්‍රධාන භූමියෙන් පිටත ඇති දූපතයි.




    බෝම්බය නිපදවීම භෞතික විද්‍යාඥ Julii Borisovich Khariton ප්‍රධානත්වයෙන් Andrei Sakharov, Victor Adamsky, Yuri Babayev, Yuri Smirnov, සහ Yuri Trutnev යන විද්‍යාඥයන් විසින් සිදුකරන ලද අතර බෝම්බය දිගින් මීටර් 8 ක් හෙවත් අඩි 26 ක් පමණද, විශ්කම්භය මීටර් 2 ක් හෙවත් අඩි 6.5 ක් පමණද වූ අතර බර ටොන් 27 ක් විය.

    Assembling the Tsar Bomb





    බෝම්බය අදාල ස්ථානයට හෙලීම සදහා විශේෂයෙන්ම නවීකරණය කල Tu-95V බෝම්බ හෙලන ගුවන් යානයක් යොදාගත් අතර නියමුවා ලෙස මේජර් Andrei Durnovtsev තෝරා ගැනින. මෙම යානය "Bear A" ලෙස නම් කෙරින. මෙම යානයට තවත් පරිවාර යානයක් ලෙස Tu-16 යානයක්ද යොදාගත් අතර මෙයට පැවරුන රාජකාරිය වූයේ එම සිද්ධිය වන අවට වාතයේ සාම්පල ලබා ගැනීමත් මෙම කාරණාව රූපගත කිරීමත්ය. එය "Badger" ලෙස නම් කෙරින. මෙම ගුවන් යානා දෙකටම තාපයෙන් සිදුවිය හැකි හානිය අවම කිරීම සදහා විශේෂ සුදු පැහැ පරාවර්ථක තීන්ත වර්ගයක් ආලේප කරන ලදි.
    TU-95V “Bear A” එසේම බෝම්බය බිමට වැටීම පමා කිරීම සදහා කිලෝ ග්‍රෑම් 800 ක් බරැති පැරචුටයක්ද සවි කරන ලදි (fall-retardation parachute).

    The parachute system developed for Big Ivan was a five-stage system, with a main canopy area of 1,600 square meters. The parachute ensured that a load factor greater than 5 g would not
    be encountered, and that the descent speed would be 20 to 25 meters/sec. The parachute shown is a version adapted to space vehicle recovery in the Russian Atomic Museum
    බෝම්බය පොළොවේ සිට මීටර් 10,500 ක උසකදී පහකට හෙලූ අතර පිපිරීමට පෙර බිමට වැටීම තප්පර 188 කදී මීටර් 4000 ක් විය. කෙසේවෙතත් මෙම කාලය අතරතුරදී බෝම්බය දැමූ යානයට හා පරිවාර යානයට ආරක්‍ෂිත කලාපය ලෙස ගණන් ගැනුන කිලෝමීටර් 45 ක් පමණ දුරට යාමට හැකිවිය.



    මේ කටයුත්ත සිදුවූ වහාම අදාල ගුවන් යානයේ නියමුවාවන මේජර් Andrei Durnovtsev වහාම ක්‍රියාත්මකතවන පරිදි ලුතිනන් කර්නල් නිලයට උසස් කරන ලද අතර ඔහු සෝවියට් දේශයේ වීරයෙක් ලෙසද අභිසෙස් ලැබීය. අදාල ගුවන් යානා දෙක පියාසර පරීක්‍ෂනාගාර (airborne laboratory) වෙත යවන ලද්දේ ඒවා පිළිබදවද පරීක්‍ෂන සිදුකිරීමටයි‍.
     

    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    පොළව මට්ටමේ සිටි මීටර් 4000 ක් හෙවත් අඩි 13000 ක පමණ උසකදී පිපිරීම සිදූවූ පසු අතිවිශාල ගිණි බෝලයක් පොළවට කඩාපහත්වී, එය නැවතත් තවත් විශාලවී බෝම්බය දැමූ ගුවන් යානය තිබූ උසටම ඉහල ගිය බවද පවසයි. ක්‍ෂනිකව නැගුන ආලෝකය කිලෝ මීටර් 1000 ක දුරකටද වලාකුළු ගහණව තිබියදීත් පෙනුන බවද පැවසිය යුතුය.

    The Tsar Bomba mushroom cloud මේ පිළිබද Badger" යානයේ ගිය ඡායාරූප ශිල්පියෙක් කියන විදියට "වලාකුල් දිලිසෙන්නටත් විනිවිද පෙනෙන්නටත් පටන් ගත්තා.ගුවන් යානය මේ වන විට වලාකුල් ස්ථර දෙකක් අතර තිබූ අතර යට තිබෙන වලාකුල් තට්ටුව අතරින් අතිවිශාල, දීප්තිමත් තැඹිලි පැහැ ගිනි බෝලයක් ඉලිප්පෙන්නටවිය. එය කොච්චර බලසම්පන්නද කියතොත් හරියට බ්‍රහස්පතී ග්‍රහයා වගේ ඒක හිමිහිමින්, නිශ්ෂබ්දවම උඩට ආවා".(The clouds beneath the aircraft and in the distance were lit up by the powerful flash. The sea of light spread under the hatch and even clouds began to glow and became transparent. At that moment, our aircraft emerged from between two cloud layers and down below in the gap a huge bright orange ball was emerging. The ball was powerful and arrogant like Jupiter. Slowly and silently it crept upwards.... Having broken through the thick layer of clouds it kept growing. It
    seemed to suck the whole earth into it. The spectacle was fantastic, unreal, supernatural.)
    The Tsar Bomba's fireball, about 8 kilometres (5.0 mi) in diameter, was prevented from touching the ground by the shockwave but nearly reached the 10.5 kilometres (6.5 mi)
    altitude of the deploying Tu-95 bomber
    බෝම්බය පිපිරීමෙන් පසු කම්පන තරංග කිලෝමීටර් 700 ක් දුරට යනතෙක් දැනුනේය. එසේම කිලෝමීටර් 900 ක් දුරට යනතෙක් තිබූ ගොඩනැගිලිවල වීදුරු ජනේල බිදී වැටුනහ. පිපිරුම් කේනද්‍රයේ සිට (Ground Zero) කිලෝ මීටර් 55 ක් යන තෙක් තිබූ ගඩොලින් හා දැවයෙන් කල සියළුම ගොඩනැගිලි මුළුමනින්ම විනාශවූ අතරම මෙම ස්ථානයට කිලෝ මීටර් සිය ගණනක් දුරින් තිබු දැව ගොඩනැගිලිද විනාශයට පත්වූ අතර ගලින් කල ඒවායේ වහල විනාශවිය. වීදුරු ජනේල සහ දොරවල්වටද අත්වූ ඉරණමද අභාග්‍යසම්පන්නවූ අතරම ගුවන් විදුලි සංනිවේදනයද පැයක් අකර්මන්‍යවිය. වායුගෝලීය කැලඹුම පෘතුවිය වටා තෙවරක් ගමන් කලහ.(The atmospheric disturbance generated by the explosion orbited the earth three times.) ඒවගේම කම්පන තරංගද පෘතුවිය වටා ගමන් කල බව මේ ගැන ගණනය කිරීම් කල ඇමරිකානු භූවිද්‍යා අංශය පැවසුවේය. (According to a bulletin of the U.S. Geological Survey it had seismic magnitude mb = 5.0 to 5.25. The blast wave was detected circling the world.) අතිවිශාල බිම්මලක් ආකරයේ වලාකුල කිලෝ මීටර් 64 ක් හෙවත් අඩි 210,000 ක් ඉහලට නැගුනේය.


    පසුකාලීනව මෙම භූමිය නිරීක්‍ෂනය කල විට අදාල පිපිරුම වූ පොළව මට්ටම් වී තිබු අතර පාශාන සුනුවිසුනු වී තිබුනේය.


    මෙය ප්‍රායෝගිකව භාවිතා කල හැකි අවියක්ද?
    "Was it ever really a weapon?"
    මෙය ඇත්තව‍ශයෙන්ම පරීක්‍ෂනයක් සදහා භාවිතා කල හැකි මෙලමක් මිස සාමාන්‍ය යුද කටයුතු සදහා භාවිතා කල නොහැකි අවියක්ලෙස ගණන්ගැනේ. එසේත් නැතහොත් යුදමය ආයුද සංචිතයකට (military stockpiling) මෙය නොගැලපෙන බව ප්‍රකාශිතය. ("A test device, even one that is air-dropped like a operational weapon, is not suitable for normal military stockpiling (although it could be employed as a weapon in an emergency)").


    එසේ සංචිතයකට ඇතුලත්කිරීමට නම් එම අවියේ ජීව කාලය පිළිබදව සැලැස්මක් මෙන්ම විශ්වාසනීය ඉංජිනේරු නිපුනත්වයක් පැවතිය යුතුයයි පැවසේ. එසේම එම අවිය නඩත්තු කිරීමේ හැකියාව, එම අවිය සම්බන්ධයෙන් ආරක්‍ෂක විධිවිධාන හා එයට යොදාගත හැකි යාන්ත්‍රනය, අවිය ප්‍රවාහනය සම්බන්ධයෙන් යෙදිය හැකි ප්‍රායෝගික තත්ව හා සංග්‍රාම භුමියේදී අවිය භාවිතයට ගතහැකිද යන්න, අවිය වැඩිදියුණු කිරීමට ඇති හැකියාව සහ එය භාවිතා කල හැකි විධික්‍රම, අවිය පිළිබදව පුහුණු කල හැකි ආයතන හෝ පුද්ගල නිපුනත්වයන් සහ පුහුණු පාඨමාලා තිබේද යන්න, අවිය භාවිතා කල හැකි ඉලක්කගත මර්මස්ථාන තිබේද යන්න සහ ඒවාට ඇවසි විදියට මෙම අවිය භාවිතා කල හැකිද යන කාරණා හා තවත් කාරණා සැලකීමේදී Big Ivan හෙවත් The Tsar ප්‍රායෝගිකව යුදබිමේ භාවිතාකල නොහැකි අවියක් බවට ප්‍රකාශ කල හැකිය.
    ("In fact, the 50-Mt bomb tested on 30 October 1961 was never a weapon. This was a one-of-a-kind device, whose design allowed it to achieve a yield of up to 100 megatons when fully loaded with nuclear fuel.")


    කෙසේවෙතත් මෙය සෝවියට් දේශයේ අභිමානයට නම් හේතුවූ වගට වචන දෙකක් නැහැ. න්‍යෂ්ඨික අවි තරඟයේ කොතෙක්‍ යෙදී සිටියද ඇමරිකාවවත් මෙය අභිබවා න්‍යෂ්ඨික පිපිරුමක් සිදුනොකල අතරම ඔවුන් විසින් සිදුකර ඇති විශාලම න්‍යෂ්ඨික පිපිරුම වන්නේ 1954 මාර්තු 01 වනදා සිදුකල මෙගාටොන් 15 ක තාපන්‍යෂ්ඨික පිපිරුමයි.මෙය Marshall Islands හි Bikini Atoll දී සිදුකරනු ලැබූ අතර එයCastle Bravo යන කේත නාමයෙන් හැදින්වීය.
    Castle Bravo mushroom cloud


    ලිපියේ අවසාන භාගයටද දැන් එළඹ ඇති අතර අවසන් වශයෙන් කියන්නට ඇත්තේ නිරවි යුද සමයද අවසන්ය. සෝවියට් සංගමයද බිදවැටී දැන් නිල වශයෙන් සුපිරි බලවතා ලෙස ඇමරිකාව ලෝකයේ වැජඹෙමින් සිටි. සමූහාණ්ඩු 15 විසිරී ගොස් අවතැන්වූවද රුසියාවද තවමත් පෙර සේම බලවත්ය. සෝවියට් සංගමය නිල වශයෙන් න්‍යෂඨික අත්හදාබැලීම් 1990 න් පසුව සිදුකර නැති අතර ඇමරිකාවද 1992 න් පසු නිල වශයෙන් න්‍යෂ්ඨික අවි අත්හදාබලානොමැති බව පවසයි. එහෙත් ලෝකයේ බලවතුන්වීමට යත්න දරන පෙර කී රටවල් ද්විත්වයටම කිට්ටුකල නොහැකි රටවල් මෙම විනාශකාරී අවි දැනදැනම අත්හදාබලන්නට වලිකෑම පුදුම උපදවන සුළුය.

    උපුටා ගැනීම http://sathsamudura.blogspot.com/2011/03/big-ivan-tsar-bomba-king-of-bombs.html