නිදි යාමේ හීන ගේනා...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නිදි යාමේ හීන ගේනා...

    නිදි යාමේ හීන ගේනා...
    අනුරාගී දෑසෙ පානා....
    මනලෝලී ආල රේඛා....
    පෙර වාගේ ආයෙ ඕනා.......

    සද වාගේ ඈත පේනා....
    සිරියාවී සීත ගේනා.....
    ලංවීලා ඉන්න ඈහා...
    පෙර වාගේ ආයෙ ඕ‍නා.....


    නටුවයි මලයි විලස පෙරදා බැදී....
    කදුලැල් සිනා අතර එකසේ රැදී.....
    ඔය හිත් මලේ සුවද තාමත් වදී....
    එනමුත් මගේ මැණික ලග නෑ රැදී....
    ඉවසන්න බෑ දුක දැනුනා...
    විමසන්නෙ ඔබමයි සැමදා...
    යලි එන්නකෝ මා සොයා.....

    හිත ගාව හඩ ගෑව පෙම් ගී කියා...
    විහගුන් මගෙන් දුරක ඉගිලී ගියා.....
    සුසුමන් හෙලා දුකට වැඩි බර තියා....
    සැනසුම් මගෙන් දුරක පාවී ගියා...
    ඉඩ දෙන්න ආයේ රැදිලා...
    හිනැහෙන්න විලසින් පෙරදා
    ඔබ මාගෙමයි සෑමදා.......


    නිදි යාමේ හීන ගේනා...
    අනුරාගී දෑසෙ පානා....
    මනලෝලී ආල රේඛා....
    පෙර වාගේ ආයෙ ඕනා.......

    සද වාගේ ඈත පේනා....
    සිරියාවී සීත ගේනා.....
    ලංවීලා ඉන්න ඈහා...
    පෙර වාගේ ආයෙ ඕ‍නා.....
    පෙර වාගේ ආයෙ ඕ‍නා..... ! :sorry:

    i_miss_you.jpg

     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සැනසුම් මගෙන් දුරක පාවී ගියා...
    සැනසුම් මගෙන් දුරක පාවී ගියා...
    සැනසුම් මගෙන් දුරක පාවී ගියා...