අලුත්ම ෆයිටර් ජෙට් එක

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අලුත්ම ෆයිටර් ජෙට් එක

    f35a-1024x616.jpg


    එෆ්-35 ‘ලයිට්නිං’ ලොකේට එන අලුත්ම ජෙට් එකක්. එෆ්-35 එක හදන්නේ ඇමෙරිකාව තව රටවල් 8ක් එක්ක. 2015 මේ ජෙට් එක සර්විස් එක පටං ගන්නවා. එෆ්-35 එකේ ශෝක් විස්තර 5ක් බලන්න.

    1. කෙලින්ම උඩට ටේක්-ඕෆ්.

    එෆ්-35 එකට කෙලින්ම උඩට ටේක්-ඕෆ් සහ ලෑන්ඩ් කරන්න පුලුවන්. මේ විඩියෝ එකේ දෙකම පේනවා.





    2. ගාන.

    එෆ්-35 එක හදන්න (ඩිවෙලොප් කරන්නා) ඩොලර් බිලියන් 400ක් දැනට ගිහිල්ලා තියනවා. ගොඩක් කට්ටිය මේ වියදන් කරපු ගාන නාස්තියක් කියනවා. අන්තිමට එක එෆ්-35 එකක් ගන්න ඩොලර් මිලියන් 135ක් විතර යනවා. මේ ප්ලේන් එක පැයක් දුවන්න ඩොලර් 21,000ක් (රුපියල් මිලියන් 2.5ක්) යනවා.
    slide_240514_1270358_free.jpg


    3. හෙල්මට් එක.

    එෆ්-35 එකේ හෙල්මට් එක හරිම ඇඩ්වාන්ස්ඩ්. හෙල්මට් එකේ වීදුරුව කොම්පියුටර් ඩිස්ප්ලේ එකක්. මේ හෙල්මට් එකේ විස්තර ගොඩක් තියනවා. හැබැයි එක පුදුම දෙයක් මේකයි. පයිලට්ට යට, උඩ, පිටිපස්ස ඉස්සරහා ඔක්කොම පේනවා හෙල්මට් එකෙන්. එයා බලපු ටාගට් එකට මිසයිල් එකක් යවන්න පුලුවන්.
    f-35-demon.jpg


    4. රේඩාර් වලට පේන්නෙ නෑ.

    එෆ්-35 එක හදලා තියන ශේප් එකයි, පාවිච්චි කරලා තියන කෑලි හින්දා රේඩාර් වලට පේන්නෙ නෑ. මේ කියන්නේ එෆ්-35 එක රටකට ගහන්න ගියොත් බෝම්බෙ දානකං දන්නෙ නෑ.
    iaf-f-35i-with-python-vi-bvi-intercept.jpg


    5. ටොප් ස්පීඩ්.

    එෆ්-35 එකේ ටොප් ස්පීඩ් එක පැයකට කිලෝමීටර් 1,930ක්. මේ කියන්නේ කොළඹිං නුවරට විනාඩි තුනකින් යන්න පුලුවන්. එෆ්-35 එකේ එන්ජින් එක ලෝකේ හදලා තියන ඇඩ්වාන්ස්ඩ්ම එකක්.
    sdd_f35testa_001.jpg
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :shocked::shocked:අම්බෝ... කොළඹ ඉඳල නුවරට විනාඩි 3යි..:dull::dull:
    ටොප් ස්පීඩ් එකෙන් ගියොත් කටුනායකින් නග්ගල ඉන්දියාවෙ තමයි ලෑන්ඩ් කරන්න වෙන්නේ...:eek: