ආදරණීය ගුරුතුමනි

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    ආදරණීය ගුරුතුමනි



    හිට්ලර්ගේ ග්‍රහණයෙන් පළා ආ යුදෙව් ළමයෙකුගේ සටහන් පොතක පිටුවකිනි

    ආදරණීය ගුරුතුමනි,

    මම නාසි සිරකඳවුරකින් මිදී පළා ආවෙක්මි.
    බොහෝ මිනිසුන් විසින් නොදුටු, නොදැකිය යුතු බොහෝ දෑ මම දුටුවෙමි.

    උගත් ඉංජිනේරුවන් විසින් ගෑස් කුටි තනන අයුරු...
    දක්ෂ වෛද්‍යවරුන් විසින් මිනිසුනට විෂ එන්නත් කරන අයුරු...
    පුහුණුව ලත් හෙදියන් විසින් ළදරුවන් මරාදමන අයුරු...
    උපාධිධරයන් විසින් ගැහැණුන් සහ ළමයින් මරා පුළුස්සන අයුරු...

    මට අධ්‍යාපනය ගැන ඇත්තේ සැකයකි.
    මගේ ඉල්ලීම, ගුරුවරුන් කියාදිය යුත්තේ සිසුන්ට මානව දයාවෙන් යුතු මිනිසුන් වන අයුරු යන්නයි.
    ඔබේ උත්සාහය අවසානයේ ලොවට උගත් අමනුෂ්‍යයන්, දක්ෂ යක්ෂයන් දායාද කළ යුතු නැත.

    කියවීම, ලිවීම, ගණිතය, ඉතිහාසය වැදගත් වන්නේ ඉන් අපේ අනාගත පරපුර වඩා මානව හිතවාදී වීමට කියාදෙන්නේ නම් පමණි...




     
    • Like
    Reactions: ftthushara

    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    උබේ කතාව හිතට වැදුණු නිසා පොඩි ඉමේජ් 1ක් හැදුවා :yes:

    Humanity.jpg
     

    Deep Blue

    Member
    Dec 21, 2014
    223
    11
    0
    attatama godakma hithata wadina kathaawak...
    me kathaawa loke hama kenama kiyawanawa nam hodai mama hitanne
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මං කියවපු හොඳම කතාවක්.:)

    බොහොම ස්තූතියි බන්.:D