෴ගුරුගේ අපල සදහා ප්‍රථිකර්ම෴

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ෴ගුරුගේ අපල සදහා ප්‍රථිකර්ම෴

    ජ්‍යොතිෂ සෛද්ධාන්තයන් සම්භන්ධ හුයකි. විශයට උනන්දුවක් නොමැති අයවලුන් හුයට සම්භන්ධවීම කාලය කා දැමීමක් විය හැක.

    බ්‍රහස්පති, සුරගුරු, ගුරු, ඊද්‍ය, ජීව, අංගිර, වචස්පති, මන්ත්‍රී, සුරාචාර්‍යය, දේවෙජ්‍ය, ආර්‍ය, අන්ගිරස, වගීෂ, සුරී යන නම් වලින් හඳුන් වන අප කවුරුත් පොදුවේ ගුරු ලෙස හඳුන් වන මෙම ග්‍රහයා ග්‍රහ ලොව උපදේෂකයා පුරෝහිතයා ලෙස හඳුන්වයි. සූ‍ර්‍යයාට පමනක් දෙවෙනු වෙන මෙම ග්‍රහයා නෛසර්ගික ශුභයෙකු සෞම්‍ය ග්‍රහයෙකු ලෙස ජ්‍යොතිෂයේ සඳහන් වේ.
    සුභයෙකු සෞම්‍යග්‍රහයෙකු වූ පමනින් ගුරු අපල කරන්නේ නැත කියා අපට සිතීමට නොහැක. යම් හෙයකින් ගුරු අපල කරන තත්වයකට පත්ව සිටී නම් ඒ අපල බොහෝ දරුනු බව අත් දැකීමෙන්ම පැවසිය හැක. එය ලෙහෙසියෙන් කේන්ති නොයන කෙනෙක්ට කේන්ති ගියහොත් ඒය අන් අයට කේන්ති ගියාට වඩා බොහෝ දරුනු වන්නාක් මෙනි. ගුරු දුර්වල වූ විට හෝ අසුභ ලෙස පිහිටි විට මධු මේහය, ලියුකේමියා හා පිලිකා තත්ව, විදුරුමස් දියවීමේ රෝග, ලේ විෂ වීම, පෙනහලු ආශ්‍රිත රෝග ආදිය ඇතිවීමටත් දරු පල අහිමි කිරීමට වැන් දේත් සිදුවිය හැක. ජන්ම පත්‍රයේ ගුරුගේ තත්වය හා අනෙක් ග්‍රහ තත්ව අනුව මෙම රෝග හා අපල නිර්නය කර ගත යුතුය.
    කෙසේ නමුත් ගුරුගේ අපල සඳහා ජ්‍යොතිශමය ආර්යුවේදිය හා වෛදික ප්‍රතිකර්ම රැසක් සඳහන් වේ ඒවා මෙසේය.

    pbaah139_brihaspati_navagraha_the_nine_planet.jpg

    01. ස්කන්ධය, පෘෂ්ඨය, හා ඡේදනය නිසි ලෙස සකස් කරගත් පුෂ්පරාගයක් (yellow sapphire) රන් මුදුවකට අල්ලා පලඳින්න.

    02. නිසි ලෙස පුද පූජා සහ මැතුරුම් සම්පූර්න කර විද්‍යානුකූලව සකස්කල
    අභිසම්හිධානය යන්තරයක් හෝ නරසිංහ යන්තරයක් පලඳින්න

    03. ශිව කතරගම හෝ ශක්‍ර දෙවියන්ට භාරයක් වෙන්න.

    04. අටපිරිකරක් (ආර්ථික හැකියාවක් නැතිනම් කහ සිවුරක්) සහ මීපැණි බෝතලයක් හා ධාන්‍ය ආහාර දානයක් සංඝයා වහන්සේ නමකට දෙන්න.

    05. බ්‍රහස්පතින්දා දිනවල බෙලි මල් සහ වෙනත් කහ මල් පුදා බෝධි පූජා කරන්න, බෝ මළුව අමදින්න.

    මීට මතරව පහත සඳහන් ආයුර්වේද ඔසු තැම්බු වතුර ස්නානයෙන් ගුරුගේ අපල දුරුවේ.
    සමන් පිච්ච මල්, සුදු අබ, ඉද්ද කොල, වැල්මී
    වෛදික ක්‍රමය තුල පංච භූත්යන්ට අදාලව හදූන්වා දී ඇති පංචඋපහාර අනුව ගුරු අපල වලට වඩාත් පලදායි ක්‍රමයක් ලෙස ස්ත්‍රෝත්‍ර හා මන්ත්‍ර භාවිතය හදුන්වා දිය හැක. මේ නිසා පහත

    මන්ත්‍ර හා ස්ත්‍රෝත්‍ර දිනපතා භාවිතයද මැනවි

    හ්‍රීං දේවානාඤ්ච සෘෂිණාඤ්ච
    ගුරුං කාඤ්චන සන්නිභම්
    බුද්ධි භූතං ත්‍රිලොකේෂං
    තං නමාමි බෘහස්පතිම්

    වේදයේ ඇති ගුරු ප්‍රසාදක මන්ත්‍රයක්
    ඕං බෘහස්පතේ අති යද‍ර්‍ය්‍යා අර්‍භාද්ද්‍යුමද්විභාති ක්‍රතු මජ්ජනේෂු යද්දීදයච්ජවස සෘත ප්‍රජාත තදස්මාසු දාවිනං ධෙහි චිත්‍රං෴

    මීට අමතරව තවත් බොහො ස්ත්‍රොත්‍ර ඇති අතර හැකිතාක් ස්ත්‍රෝත්‍ර ගුරු දිනයන්හී ගායනය සුභය.

    ඉහත ප්‍රථි කර්ම වල නිසි ප්‍රයෝජනය ලබන්නටනම් තමාද යහපත් කල්කිරියාවෙන් හා පිරිසිඳු සිතක් සහිතව ජීවත් විය යුතුය.

    පරන ලිපි බ්ලොග් එකෙන්
     
    • Like
    Reactions: kiripani

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    මේපාර කවුද දිනන්නෙ නැකතො. මෛත්‍රීද මහින්ද ද. කියපන්කො බලන්න
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    අෆ්ෆා.
    මට ගුරු මහ දශාව ලැබුව විතරයි.
    හැබැයි ගුරු උච්චයි කටකයේ :D. එ්ත් ඉන්නේ 3 කොටුවේ :(
    අපලයිද බන්.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අෆ්ෆා.
    මට ගුරු මහ දශාව ලැබුව විතරයි.
    හැබැයි ගුරු උච්චයි කටකයේ :D. එ්ත් ඉන්නේ 3 කොටුවේ :(
    අපලයිද බන්.

    ලග්නේ වෘෂභද? එහෙමනම් පුතෝ ටිකක් අවුල්..
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    නැකැත් රාල;17606986 said:
    ලග්නේ වෘෂභද? එහෙමනම් පුතෝ ටිකක් අවුල්..

    ඔව්. මම අහපු අහපු තැනින් කීවෙ, උච්ච වෙලා ඉන්න හින්ද අවුලක් නෑ කියල. මට තේරෙන්නෑ මොකක් හිතා ගන්නද කියල.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ado fonna nakatha
    puluvannam kiyapan dinanne kavda kiyala.mama kiyanne maithripala udinma dinanava.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔව්. මම අහපු අහපු තැනින් කීවෙ, උච්ච වෙලා ඉන්න හින්ද අවුලක් නෑ කියල. මට තේරෙන්නෑ මොකක් හිතා ගන්නද කියල.

    මෙහෙම කල්පනා කරන්නකෝ වෘෂභ ලග්නෙට අටවැන්න අධිපති කියන්නේ ගුරු ඒ වගේම එකොලහ අධිපති වෙන්නෙත් ගුරු ඒ කියන්නේ ඔයාට ගුරු දෙන්නේ නරක ප්‍රථිපල එහෙව් ගුරු තමන්ට නොගැලපෙන තැනක් වෙන තුන් වැන්නේ උච්ච වෙලා ඉන්නවා ඒක හරියට කුපාඩියෙක් හොරෙක් ඉන්නවා අපි ඌට ජනාධිපති කම දුන්නාවගේ වැඩක්.. මේ ගැන ශ්‍රී භාවාර්ථ රතනාකරයේ පැහැදිලි කරලා තියනවා. මගේ කකුලට කෙලවුනේ සිකුරුගේ ගුරු දසාව යනකොට ගුරු මගේ 5 සහ 8 අධිපතියා ඒ නිසා කකුලට කෙලෙව්වත් දරු පල දුන්නා(8 මාරක ස්තානය 5 පුත්‍රස්ථානය).. අන්න ඒ විදිහට ඔයාටත් නරක දෙන අතරම අධ්‍යාපනය හෝ ධන ලාභ ගුරු දෙන්න පුලුවන් නමුත් අශ්ඨමාධිපති දෝශය කියන්නේ අනිවා පල දෙන එකක්..

    මේ ත්‍රෙඩ් එක ඔයාට වැදගත් වෙයි ගොඩක්..
     
    Last edited:

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    නැකැත් රාල;17607382 said:
    මෙහෙම කල්පනා කරන්නකෝ වෘෂභ ලග්නෙට අටවැන්න අධිපති කියන්නේ ගුරු ඒ වගේම එකොලහ අධිපති වෙන්නෙත් ගුරු ඒ කියන්නේ ඔයාට ගුරු දෙන්නේ නරක ප්‍රථිපල එහෙව් ගුරු තමන්ට නොගැලපෙන තැනක් වෙන තුන් වැන්නේ උච්ච වෙලා ඉන්නවා ඒක හරියට කුපාඩියෙක් හොරෙක් ඉන්නවා අපි ඌට ජනාධිපති කම දුන්නාවගේ වැඩක්.. මේ ගැන ශ්‍රී භාවාර්ථ රතනාකරයේ පැහැදිලි කරලා තියනවා. මගේ කකුලට කෙලවුනේ සිකුරුගේ ගුරු දසාව යනකොට ගුරු මගේ 5 සහ 8 අධිපතියා ඒ නිසා කකුලට කෙලෙව්වත් දරු පල දුන්නා(8 මාරක ස්තානය 5 පුත්‍රස්ථානය).. අන්න ඒ විදිහට ඔයාටත් නරක දෙන අතරම අධ්‍යාපනය හෝ ධන ලාභ ගුරු දෙන්න පුලුවන් නමුත් අශ්ඨමාධිපති දෝශය කියන්නේ අනිවා පල දෙන එකක්..

    මේ ත්‍රෙඩ් එක ඔයාට වැදගත් වෙයි ගොඩක්..
    බම්ප්.

    හ්ම්ම්.. කල්පනාවෙන් වැඩ කරන්න වෙයි වගේ. ස්තූතියි මචන් පැහැදිලි කරල දුන්නට. :yes:
    ගොඩක් අයට ලිපිය වැදගත් වෙයි.:cool:
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    නැකැත් රාල;17613120 said:
    එල

    ඒ මොකෝ බන්? :(

    අපේ තාත්තා කොල්ල කාලේ ජෝතිෂ්‍ය ඉගෙන ගත්ත තාත්තගේ මාමාගෙන් විනෝදාංශයක් විදියට..තාත්තා ඕව විශ්වාස කරන්නෙත් නෑ අවිශ්වාස කරන්නෙත් නෑ..සමහර විට අද කලේ ඉන්න සමහර බොරුකාරයෝ නිසා වෙන්න ඇති.මම නම් දන්නෙ නෑ ඇත්තටම ජෝතිෂ්‍ය ගැන මොකද මම එක ගැන ඉගනගෙන නෑ.ඒ නිසා මම කියන්න දන්නේ නෑ.මට ඒ ගැන කිසිම හැගීමක් නෑ.මොකද ඒවා ඇත්තද බොරුද කියන්න මට තාම අවස්ථාවක් හරි උවමනාවක් හරි ඇවිත් නෑ.තාත්ත කියන කතා අනුව මට හිතෙන්නේ ජෝතිෂ්‍ය වැරදි නෑ..එත් එකනෙමේ අපේ අනාගතය අපි මහන්සි වෙලා වැඩ කලොත් ඕව වෙනස් කරන්න පුළුවන්...මොනා හරි අසුබ දෙයක් කියල ඒ ගැන හිත හිත හිටියොත් ඒක වෙන්න තියෙන සම්බාවිතාව වැඩිවෙනවා..අපේ පැරණි ශාස්තරක් වශයෙන් ආරක්ෂා කරන්න ඕනේ ගරු කරන්න ඕනේ..ඒ හැර එක ඇත්තද බොරුද කියන ප්‍රශනය මට කවදාවත් ඇවිත් නෑ..මොකද මම මගේ දෛවයට වඩා මාව විශ්වාස කරනවා.මට හිතුන ඇත්තම දේ තමා මම කිව්වේ නැකතෝ....:(:(
     
    ඔව් උඹ කියන කථාව මම පිලිගන්නවා මොකද ජ්‍යොතිෂ කියන්නෙත් තමන්ට සිදුවිය හැකි යම් දෙයක් වේ නම් ඒක දැනගෙන කලින් ප්ලෑන් කරලා තමන්ගේ ගමන දිගටම යන්න භාවිතා කරන එකක්.. නමුත් බඩගෝස්තර වාදියෝ ටිකක් මේක විකුනන් කනවා.. චන්දෙ වෙනුවෙන් දෙපැත්ත බෙදිලා ඉන්න හැටි පේනවනේ.. කොහොම වෙතත් විශ්වාස නොකලත් මධ්‍යස්ථව බලන උඹලා වගේ මිනිස්සුන්ට මම ගරු කරනවා මොකද අද කාලේ ගොඩක් උන් පොරත්වය සඳහා මේවාට මඩ ගහනවා.. ඒ වගේම සිරිපාලලා වගේ උන් මේවට මඩ ගහන්නේ බුදුදහමට මඩගහන්න පාර කපාගන්නයි..
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    නැකැත් රාල;17613561 said:
    ඔව් උඹ කියන කථාව මම පිලිගන්නවා මොකද ජ්‍යොතිෂ කියන්නෙත් තමන්ට සිදුවිය හැකි යම් දෙයක් වේ නම් ඒක දැනගෙන කලින් ප්ලෑන් කරලා තමන්ගේ ගමන දිගටම යන්න භාවිතා කරන එකක්.. නමුත් බඩගෝස්තර වාදියෝ ටිකක් මේක විකුනන් කනවා.. චන්දෙ වෙනුවෙන් දෙපැත්ත බෙදිලා ඉන්න හැටි පේනවනේ.. කොහොම වෙතත් විශ්වාස නොකලත් මධ්‍යස්ථව බලන උඹලා වගේ මිනිස්සුන්ට මම ගරු කරනවා මොකද අද කාලේ ගොඩක් උන් පොරත්වය සඳහා මේවාට මඩ ගහනවා.. ඒ වගේම සිරිපාලලා වගේ උන් මේවට මඩ ගහන්නේ බුදුදහමට මඩගහන්න පාර කපාගන්නයි..

    අනිවා අනිවා
    :yes:
    තව හොද පොස්ට් දාන්න
    ඉගෙන ගන්න ආස අය ඇති
    මාත් ආසයි එච්චරම විශ්වාසයක් නැතත් ඉගෙනගන්න
     
    Last edited:

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    අම්බෝ හෙට අනිද්දා මටත් ගුරු.. 7 වැන්නේ තුලාවේ සතුරුව ගුරුගේ නැකතක ඉන්නෙ.. මොකක් වෙයිද බන්..