අමුතුම සත්ව හයිබ්‍රිඩ්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අමුතුම සත්ව හයිබ්‍රිඩ්

    1. ලයිගර්.

    පිරිමි සිංහයෙකුයි ගැහැණු කොටියෙකුයි එකතුවෙලා තමයි ලයිගර් කියන සතා හැදිලා තියෙන්නේ. මෙයා අම්මයි තාත්තයි දෙන්නටම වඩා සයිස් එකෙන් ලොකුයි. මේ සත්තුන්ට මායා බල තියනවා කියල සමහරු කියනව. ඒත් මේ අයගේ ජීවිත කාලේ හරිම කොටයි.
    brutus.jpg


    2. සොර්ස්.

    පිරිමි සීබ්‍රා කෙනෙකුයි ගැහැණු අශ්වයෙකුයි එකතුවෙලා තමා මේ අමුතු සතා හැදෙන්නේ. ගොඩක් පෙනුමෙන් අශ්වයෙක් වගේ වුනාට සොර්ස්ලගේ පිටිපස්සේ කකුල් දෙකේ සීබ්‍රාගේ වගේ කලු ඉරි තියනවා. සීබ්‍රා හයිබ්‍රිඩ්ලට තියන පොදු නම තමයි “සෙබ්‍රොයිඩ්”.
    introducing-the-zorse.jpg


    3. වොල්පින්.

    ගැහැණු බොට්ල්නෝස් ඩොල්ෆින් කෙනෙකුයි පිරිමි ෆෝල්ස් කිලර් වේල් කෙනෙකුගේයි හයිබ්‍රිඩ් කෙනෙක් තමා මේ. දැනට හවායි වල සී ලයිෆ් පාර්ක් එකේ වොල්පින්ල දෙන්නෙක් දකින්න පුලුවන්.
    4628_690099677768_21712316_40349831.jpg


    4. කාමා.

    මේ සතා මහද්වීප දෙකකින් එන සත්තු දෙන්නෙක්ගේ හයිබ්‍රිඩ් එකක්. ආසියවේ ඔටුවයි දකුණු ඇමරිකාවේ ලාමයි එකතු වෙලා තමා මෙයා හැදෙන්නේ. මේ සතාව කෘතිමව හැදුවේ ඔටුවෙකුගේ සයිස් එකයි ශක්තියයි තියන, ලාමා කෙනෙකුගේ හීලෑ බව තියන සතෙක් බිහි කරන්නයි.
    cama.jpg


    5. ග්‍රෝලාර් බෙයාර්.

    ග්‍රිස්ලි බෙයාර් කෙනෙකුගෙයි පෝලා බෙයාර් කෙනෙකුගෙයි පැටියෙක් තමා මේ. ග්‍රෝලාර් බෙයාර් ස්වාභාවිකව දකින්න පුලුවන් හයිබ්‍රිඩ් කෙනෙක්. ගොඩක් අය හිතන්නේ ග්ලෝබල් වොර්මින් එක්ක පෝලා බෙයාර්ස්ලගේ ගෙවල් අඩු වෙන නිසා ඒ අය ග්‍රිස්ලි බෙයාර්ලත් එක්ක එකතුවෙනව කියලයි.
    grolar.jpg
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    Nice :)

    You have given out too much Reputation in the last 24 hours, try again later. :sorry: