සතුන්ට තියන පුදුම හැකියා
1.සිල්වටිප් ග්‍රිස්ලීස්ලට සැතපුම් 18ක දුරක ඉඳන් ඔයාගේ ඉව දැනෙනවා.
දඩයම් බල්ලෙකුගේ ඉවට වටා 7 ගුණයක් බලවත් ඉවක් ග්‍රිස්ලී බෙයාර්ස්ලට තියෙනවා. එයාලට සැතපුම් 18ක දුරක ඉඳන් ඉවක් අඳුනගන්න පුලුවන් විතරක් නෙමෙයි පැය 48කට කලින් හිටපු කෙනෙක්ගේ ඉවත් දැනෙනවා.
2. ප්‍රාථමික වර්ණ හතරක් පේන පනින මකුලුවන්.
මේ සත්වයාට ටෙට්‍රාක්‍රොමැටික් දෘශ්ටියක් තියනවා. අපිට පේන ප්‍රාථමික වර්ණ ටික ඇරුනම ඒ අයට තවත් එක වර්ණයක් පේනවා.ඒ UV වර්ණය. මේ මකුලුවන්ට අපේ හම තුලින් බලන්න පුලුවන්. ඒ කියන්නේ අපේ ඇඟ ඇතුලේ තියන ලේ වුනත් පේනවා. සාමන්‍යය ආලෝකය යටතේ පේන්නේ නැති කෘමීන් පවා පේනවා. ඒ විතරක් නෙමෙයි, මේ මකුලුවාට ඔලුව වටේම ඇස් තියන නිසා අංශක 360ක දෘශ්ටියක් තියනවා.
3. ඔලුවේ ජී.පී.එස් එකක් තියන කුරුල්ලන්.
පරවියන්ට අමුතුම හැකියාවක් තියනවා. ඒ අයගේ හොටවල් උඩ මැග්නටයිට් තැන්පත් වෙලා තියන්වා. මේ නිසා ඒ අයගේ ඔලුව ඉතාමත් දියුණු මාලිමා කටුවක් වගේ. මේ අපූරු හැකියාව නිසා පරවියන්ට ඕන වෙලාවක් තනියම පාර හොයාගෙන යන්න පුලුවන්.
4. මැජික් සමණලයන්.
ඇමරිකාවේ ඉන්න මොනාර්ක් සමණලයන් හැම අවුරුද්දෙම උතුරු දෙසට සංක්‍රමණය වෙනවා. අගෝස්තු මාසේ ආයිමත් දකුණට එනවා. මේ සමණලයන් මිලියන 100ක් එකට තමා පියාසර කරන්නේ, ඇවිල්ලා නවතින්නෙත් එකම ගස් වල. ඒත් අමුතු කාරනේ කියන්නේ මේ සමණලයන්ගේ ජීවිත කාලේ මාස කිහිපයක් විතරයි. ඒ නිසා මාස හයකට පස්සේ දකුණට එන්නේ එතනින් පිටවුන සමණලයන් නෙමෙයි. ඒ සමණලයන්ගේ අලුත් පරම්පරාව. ඒත් කවදාවත් දැකලා නැති පාරක තමන්ගේ අම්මලා තත්තාල හිටපු ගස් හොයාගෙන එන එකනම් අදහගන්න අමාරුයි.
5. හැමර්හෙඩ් ශාර්ක්ස්ලට විද්‍යුතය ඉව කරන්න පුලුවන්.
හැමර්හෙඩ් ශාර්ක්ස්ලා කියන්නේ පොඩි බෝට්ටුවක සයිස් ඇඟවල් තියන හොම්බේ රේසර් බ්ලේඩ් තියන භයානක මාලු ජාතියක්. ඒත් මේ අයට තියන අමුතුම හැකියාව තමා විද්‍යුතය ඉව කරන එක. වෝල්ට් එකකින් බිලියන භාගෙක විද්‍යුත් ධාරවක් මේ අයට දැනෙනවා.මුහුද යට තියන බන්කර් එකක හැංගිලා හිටියත් මේ මාලුවට ඔයා ලඟ තියන විද්‍යුත් ධාර හඳුනගන්න පුලුවන්.