එයාර් බැලුන් ඉතිහාසය

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එයාර් බැලුන් ඉතිහාසය

    ලෝකේ පළවෙනි වතාවට මිනිස්සුන්ව ගුවනේ ගෙනියන්න ඉඩදුන්න තාක්ෂණය තමා හොට් එයාර් බැලුන් කියන්නේ. පළවෙනි සාර්ථක හොට් එයාර් බැලුන් එක හැදුවේ මොන්ට්ගොල්ෆයර් සහෝදරයෝ. සිල්ක් රෙද්දක් කඩදාසි වලින් ලයින් කරලා තමා මේ අය යානේ හැදුවේ. ඒක කිසිම මගියෙක් නැතුව ප්‍රංශයේ අනොනේ කියන ගම්මානයක පොළක් මැද්දේ ගුවනට නිදහස් කලා. ඒ කලේ 1783 ජූනි 4. මේ බැලුන් එක අඩි 5,2000-6,600 ක් උඩට නැගලා මිනිත්තු 10 යක් විතර පාවුනා. මේ කාලය අතරතුර කිලෝමීටර් 2ක් වගේ ගමන් කලා.

    9408_image.jpg


    මේ අමුතු ඉගිලෙන බැලුම ගැන රට පුරා කටකතා පැතිරුණා. අන්තිමට රජතුමාටත් මේ පුදුම හිතෙන නිර්මාණය බලන්න ඕනේ වුනා. ඒක දැක්කට පස්සේ රජතුමා කිව්වා මේ බැලුන් එකේ මිනිස්සුන්ට යන්න පුලුවන්ද කියල බලන්න හිරකාරයෝ දෙන්නෙක්ව දාල බලන්න කියලා.

    montgolfier_balloon.jpg


    ඒත් මොන්ට්ගොල්ෆයර් සහෝදරයෝ මේකට කැමති වුනේ නැහැ.ඒ වෙනුවට ඒ අය බාස්කට් එකකට බැටලුවෙක්, තාරාවෙක් සහ කුකුලෙක් දාලා බැලුන් එක උඩට යැව්වා. මේ බැලුන් එක 1783 සැප්තැම්බර් 23දා තමා උඩ යැව්වේ. මේ අවස්ථාව බලන්න දහසය වෙනි ලුවි රජතුමා, මාරි ඇන්ටනට් බිසව සහ 130,000 සෙනගක් එකතු වුනා. මිනිත්තු 8ක් ඇතුලත කිලෝ මීටර 3.2ක් ගමන් කරලා බැලුම කරදරයක් නැතුව බිමට ආවා.

    ඒ අවුරුද්දේම ඔක්ටෝබර් 15දා ජොන් ෆ්‍රැන්සිස් කියන ගුරුවරයා බැලුමක ගුවනට ගියා. එයා ගුවනේ මිනිත්තු 4ක් විතර හිටියා. අමුතු කාරණේ කියන්නේ අවුරුදු දෙකකට පස්සේ මේ ගුරුවරයා හොට් එයා බැලුමක යන්න ගිහිල්ල මරණයට පත් වුනා. ඒ ලෝකේ හොට් එයා බැලුමක ජීවිතේ නැති කරගත්ත පළවෙනි කෙනා විදිහට.

    lunardi-british-colors.jpg


    1784 ජනවාරි 19දා මොන්ට්ගොල්ෆයර් සහෝදරයෝ හදපු ලොකු බැලුමක මිනිස්සු 7 දෙනෙක් සාර්ථකව පියාසර කලා.

    hotairballoon-history1.jpg


    මොන්ට්ගොල්ෆයර් සහෝදරයන්ගේ තාක්ෂණය වුනේ වාතය රත් කරලා ඒකේ ඝනත්වය අඩු කරලා බැලුන් එක පා කරන එක. ඒත් විද්‍යාව දියුණුවෙද්දි මේ ක්‍රමයේ ලොකු අඩු පාඩුවක් තියන බව හඳුනගත්තා. ඒ වාතය ඉක්මනට සිසිල් වෙන එක. ඒ නිසා හයිඩ්‍රජන් වායුවෙන් බැලුන් එක ගුවන්ගත කරන්න පටන් ගත්තා.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    මේ වගේ ඒවා German එවුන් use කරා, World War 1 කාලේ :frown: ඒ කාලේ sausages Banned කරලා හේතුව තමයි ඔහොම එකක් හදන්න හරක් 250,000 ක intestine(බඩවැල්) :baffled::baffled: ඕනේ නිසා :dull:
    2eezu2q.jpg