රොටරි මෝලේ තරම
රොටරි මෝලේ තරම
අපි දන්නවා ඕනිම වාහනයක් වැඩ කරන්න එන්ජිමක් ඕනි කියලා. ඩිසල්, පැට්රල්, හයිබ්‍රිඩ් මොනව වුනත් එන්ජිමක් නැතුව ඒ වාහනයට අවශ්‍ය බලය ලැබෙන්න විදිහක් නෑ. ඉතින් ඕවට ඩීසල් හෝ පැට්රල් එන්ජින් තියලයි තියන්නේ. හැම වාහනේකම වගේ තියන්නේ reciprocating එන්ජින් මේව ගැන ඉගෙන ගන්න ඕනෙ නම් අපේ රත්තරං සහෝදරයගේ මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? කියන නූල බලන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1364223
මම කියන්න යන්නේ reciprocating එන්ජින් ගැන නම් නෙවෙයි. ඒව ගැන ආයි කියන්නේ මොකටද ඔය රත්තරං යස අගේට කියල තියන්නේ. මම කියන්න යන්නේ වෙනමම තාක්ෂණයක් පාවිච්චි කරන Wankel rotary එන්ජින් ගැනයි. මේවත් මිහිපිට වාහන වල භාවිතා වෙන එන්ජින් තමයි. හැබැයි මේ තාක්ෂණය සංවර්ධනය කරන්නේ මැස්ඩා සමාගම.
ඒ නිසා එයාලගේ සමහර වාහන වල තමයි මේ එන්ජින් තියන්නේ. උපාලි විජේවර්ධන කියන ව්‍යාපාරිකයා අකාලයේ මිය ගියේ නැත්තං රොටරි එන්ජින් තියන වාහන ලංකාවේ බහුල වෙන්න ඉඩ තිබුනා. මොකද ඔහු මැස්ඩා කාර් ලංකාවේ එකලස් කරපු නිසා ඒ තාක්ෂණය මෙහෙට එන්න ඉඩ තිබුනා. ඒත් අවාසනවාකට වගේ අපි අද වෙනකොට අපේ රටේ හදනවා වගේ විකුණන්නේ චීන, කොරියන් වාහන. ඒ කතා වැඩක් නෑ
රොටරි මෝලට බහිමු.
මුල් කාලේ හදපු රොටරි එන්ජිමේ ගොඩක් ගැටලු තිබුනා. ඒත් මැස්ඩා ආයතනය ගොඩක් සාර්ථක විදිහට රොටරි එන්ජින් එක සංවර්ධනය කරලා තියනවා. සාමාන්‍ය එන්ජින් එකකට වඩා මේකේ තියන වාසිය තමයි ශක්තිය ගොඩක් ඉතිරි වෙන එක. සාමාන්‍ය එන්ජිමක වගේ මේකෙදී ශක්තිය අපතෙ යන්නෙ නැ.
මේ රොටරි එන්ජිම මුලින්ම හැදුවේ 1957 අව්රුද්දේ. ඒ ජර්මන්ජාතික Felix Wankel කියන ඉන්ජිනේරුවා.
රොටරි එන්ජිමක් ඇතුලේ ටිකක් විතර ඕවලාකාර හැඩයක් තියන්නේ. ඒක ඇතුලේ ත්‍රිකෝණාකාර රෝටරය කැරකෙනවා.
රොටරි එන්ජින් වලත් සිව්පහර (4 stock) චක්‍රය ක්‍රියාත්මක වෙනවා. ඒත් ඒ ක්‍රියාත්මක වෙන රටාව ටිකක් වෙනස්. ඒක තේරුම් ගන්න මේ රූපසටහන බලමුකෝ.
මේ පහළ තියන්නේ සාමාන්‍ය එන්ජිමකට සන්සන්දනාත්මකව සිව් පහර වැඩ කරන විදිහ. ඔයාලා මේ දෙක සංසන්දනය කරලා බලන්න.
දැන් ඔයාලට තේරෙනවා නේද මේකේ මැද තිය රෝටරය කැරකෙනකොට තමයි බලය උපදින්නේ කියලා. මේකේ දහන කුටීරය විදිහට තියන්නේ මේ රෝටරෙය් පිට පැත්තම තමයි. රෝටරය කැරකිලා එද්දී මුලින් දහන පෝශකය සිලින්ඩරය ඇතුලට ඇදිල එනවා. ඒක තව දුරටත් කැරකෙනකොට ප්ලග් තියන තැනට යොමු වෙනවා. එතනදී ප්ලග් ක්‍රියාත්මක වෙලා දහනපෝප්ෂකය දැල්වෙනවා. එතනින් ඇතිවෙන පිපිරිමේ බලයෙන් රෝටරය තවදුරටත් කැරකෙනවා. ඒ කැරකීම නිසාම පිච්චුන වාතය සයිලන්සර් එකෙන් එලියට තල්ලු වෙනවා. සිද්ධිය හරි සරලයි නේද? පහල රූපෙන් වැඩේ තව ටිකක් සරල විදිහට තේරුම් ගන්න පුලුවන්.
වැඩේ ඒත් පැහැදිලි නැත්තන් මේ ත්‍රීඩී වීඩියෝ එකෙන් තේරුම් ගන්න ලේසිවෙයි.
රොටරි එන්ජිමේ සද්දෙ අහන්න ආසනම් මේ වීඩියෝ එක බලන්න.
Mazda RX8 R3 - Sound of the Rotary Engine
දැන් තමයි පිස්සුව උත්සන්න කරන වෙලාව මේ තියන්නේ රොටරි එන්ජින් තියන මැස්ඩ කාර් ටිකක්. මටත් රොටරි එන්ජින් එකක් තියන වාහනයක් එලවල බලන්න ආසයි අෆ්ෆා..
Mazda RX-8 Bites The Dust

Last edited: