පුතා යට කළේ සල්මන් එක්ක ආ ඩිෆෙන්ඩරය - සචින්&#3

monson

Well-known member
  • May 7, 2007
    25,307
    27,787
    113
    පුතා යට කළේ සල්මන් එක්ක ආ ඩිෆෙන්ඩරය - සචින්&#3

    පුතා යට කළේ සල්මන් එක්ක ආ ඩිෆෙන්ඩරය - සචින්ගේ පියා කියයි

    පසුගිය දෙසැම්බර් 29 වැනි සඳුදා දින සවස රාජගිරිය කළපළුවාව රංගිරි පෙදෙසේ දී තම පුතා යට කළ ඩිෆෙන්ඩර් රථය ඉන්දියානු නළු සල්මන් ඛාන් සමග පැමිණි පරිවාර රථයක් බව තමන් විශ්වාස කරන බව අනතුරට මුහුණු දුන් සචින් ප්‍රභාත් තිලකරත්නගේ පියා වන සුසිල් තිලකරත්න මහතා පැවසීය.

    පසුගිය 29 වැනි දින වේගයෙන් පැමිණි ඩිපෙන්ඩර් රථ දෙකකින් එක් රථයක් පාරෙන් ඉවතට පැන සචින් ප්‍රභාත් තිලකරත්න (18) සහ ඔහුගේ පෙම්වතිය වන මනුෂි කාවින්ද්‍යා (17) යට කරගෙන ගොස් අසල කාණුවක හිර වී ඇත.

    පසුව අදාළ ඩිපෙන්ඩර් රථයේ පැමිණි පිරිස පසුපස පැමිණි ඩිපෙන්ඩර් රථයට නැග පලාගොස් ඇති අතර අනතුරින් තුවාල ලැබූවන් දෙදෙනාම දැන් බරපතළ තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

    තුවාල ලැබූ සචින් පභාත්ගේ පියා පවසන පරිදි මේ වනවිට සචින්ගේ ප්ලිහාව ඉවත් කර ඇති අතර පෙලහලුවලට ද බරපතල ආබාධ සිදුවී ඇත.

    මොළයට ලේ ගමන් කිරීම නිසා හිස්කබල විවෘත කර සැත්කමක් කළයුතු යැයි වෛද්‍යවරුන් පවසන බව ඒ මහතා කියා සිටින අතර තම දරුවා දැනට යන්තවල ආධාරයෙන් ජීවත් වන බව ද පවසයි.

    අනතුරින් තුවාල ලද මනුෂි කාවින්ද්‍යාෙග් එක් කකුලක දනහිස විනාශ වී ඇති බව ද කොළඹ ජාතික රෝහලේ වාට්ටු අංක 73 තුළ අය බරපතල තත්ත්වයෙන් පසුවන බව ද ඇයගේ පියා වන එම්.කේ. සුනිල් මහතා පැවසීය.

    මෙම දරුවන් දෙදෙනා ටියුෂන් පන්ති ගොස් පැමිණෙන විට මෙම අනතුර සිදු වී ඇති අතර පලාගිය ඩිපෙන්ඩර් රථය සමග තවත් රථයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    අදාල ඩිපෙන්ඩර් රථය පැදවූවායැයි කියන රියදුරා මේ වනවිට සුලු තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

    මෙම රිය අනතුර පිලබඳ කළ විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර ඇත්තේ, අදාල ඩිපෙන්ඩර් රථය පදවා මෙම අනතුර සිදුකර ඇත්තේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු බවයි.

    මෙම රිය අනතුර සමග එකම අංකය සහිත ඩිපෙන්ඩර් රථ දෙකක් අත්අඩංගුවට ගන්නට ලැබුණු බව ප්‍රකාශ කරන ඒ මහතා ඒ ඔස්සේ පරීක්ෂණ ඉදිරියට මෙහෙයවන බව ද කියා සිටී.

    අදාල ඩිපෙන්ඩර් රථයේ රියදුරා පමණක් ගමන් කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරයි.

    එහෙත් මෙම රිය අනතුර ගැන සුසිල් තිලකරත්න මහතා ප්‍රකාශ කරනුයේ අදාල රථයේ සිව් දෙනෙකු පැමිණ අති බව ප්‍රෙද්ශවාසීන් දැක ඇති බවයි.

    රියදුරා විශ්වවිද්‍යාල ශිශ්‍යෙයකු නොවන බවට තමන්ට තොරතුරු ලැබී තිබෙන බව ප්‍රකාශ කරන ඒ මහතා රියදුරා රජයේ මන්ත්‍රීවරයෙකුගේ සේවකයෙකු බව ද කියා සිටී.

    - (රාවය)
     
    Dec 28, 2014
    763
    95
    0
    10407380_777067535661889_9039957283688417568_n.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බං මටත් දැන් දවස් දෙක තුනකට කලින් එකෙක් කිව්වා ඔය සීන් එක.. මීඩියා එකකවත් ගියේ නැහැනේ ඕක.. අනිවා කෙලියි දුන්නොතින් හතර වටින්.. ඔව්වා නම් කැරි වැඩ බං..
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    අපරාධ යට ගැසිමේ යුගයේ අවසානය. එළැඹෙන යුගය එවන් යුගයක් නාෙවීමට පෙළගැසෙමු. හො. දම රා.ජා පරාජය කරමු.