මහින්දට කොටිය කියලා මඩගහන්න ගිහින්

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මහින්දට කොටිය කියලා මඩගහන්න ගිහින්

ඊයේ රාත්‍රියේ පැවති සිරස TV සටන ඒකපාර්ශවීය දේශපාලන සංවාදය තුලදී දෙමළ ඩයස්පෝරාව සමග මහින්ද රාජපක්ෂ මහතා සබඳතාවයක් ගොඩ නගා ගෙන ඇතැයි අතුරලියේ රතන හිමියන් සිදුකල ප්‍රකාශයක් සාධාරණීකරනය කරන්නට අමූලික අසත්‍ය ව්‍යාජ ලේඛනයක් ඉදිරිපත් කල රාජිත සේනාරත්න මහතා අන්තර්ජාල තාක්ෂණය ගැන සරල අවබෝධයක්වත් නොමැති කමින් ඉමහත් අපහසුතාවයට ලක්විය.

අන්තර්ජාලය හරහා සන්නිවේදනය කර ඇතැයි කියන විද්‍යුත් තැපැල් මගින් බැසිල් රාජපක්ෂ මහතා විසින් දෙමළ ඩයස්පෝරාවේ ප්‍රධාන නියෝජිත දෙමළ පාර භෞතික ඊළාම් රාජ්‍යයේ අගමැති යැයි හඳුන්වන වී රුද්‍රකුමාරන් වෙත යැවී යැයි රාජිත මහතා සටහනක් පෙන්වමින් කරුණු ඉදිරිපත් කල අතර එහි විද්‍යුත් ලිපිනය ලෙස දැක්වූයේ [email protected] යන ලිපිනයයි.

ජීමේල් ගිණුමක් ඕනෑම අයෙකුට නිර්මාණය කරගත හැකි බව එහිදී මාධ්යවේදීන් විසින් පෙන්වා දෙද්දී රාජිත සේනාරත්න ඇමතිවරයාගේ ඒ පිළිබඳ තිබෙන නොදැනුවත්කම ප්‍රදර්ශනය විය.

එහිදී ඔහු ප්‍රතිචාර දැක්වූයේ මෙසේය “මේක මේ ඊමේල් එකේ ගිය අන්තර්ජාලය හරහා ගිය ලියුමක්.රුද්‍රකුමාරන්ට ලියල තියෙන්නේ BacilGampaha කියල කෙනෙක්, මේකේ තියෙන්නේ බැසිල් ගම්පහ කියල .මේක බොරුනම් කොහොමද මේක බැසිල්ගේ එකෙන් යන්නේ? එහෙම කොහොමද වෙන කෙනෙක් බැසිල් කියල හදන්නේ. මේක දැනටමත් ගිය ඊමේල් එකක්නේ. ඉතින් කොහොමද අලුතින් හදන්නේ?මේක අද අන්තර්ජාලේ දාල තියෙනව.”

නමුත් අද පාසල් යන කුඩා ළමුන් පවා දන්නා කරුණක් වන්නේ දැනට භාවිතා නොකර ඇති ඕනෑම නමක් යොදාගෙන ඕනෑම අයෙකුට ගීමේල් ගිණුමක් නිර්මාණය කරගත හැකි බවය. මේ එයට සාක්ෂියක් ලෙස එලෙස රාජිත ඇමතිවරයාගේ නමින් නිර්මාණය කල ව්‍යාජ ගිණුමකි. [email protected]

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා මේ පිළිබඳ ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් මෙය ව්‍යාජ ප්‍රචාරයක් බව තහවුරු කළේය.

මෑත කාලයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ව්‍යාපාරය තුල මෙවැනි ළදරු ක්‍රියාකාරකම් බොහොමයක් නිරාවරණය වූ අතර විදුලි ඉන්ජිනේරුවරයකු ලෙස මහත් උජාරුවෙන් පවසන චම්පික රණවක මහතා පවා ව්‍යාජව සකසන ලද ජායාරූපයක් යොදාගෙන මහින්ද රාජපක්ෂ මහතාට මඩගැසීමට ගොස් සමාජය තුල ඉමහත් අපහසුතාවයට පත් විය.
මේ සිදුවීම් බොහොමයකින් නිරීක්ෂනය වන්නේ සිරිසේන මහතාගේ ප්‍රචාරණ යාන්ත්‍රණය බරපතල ලෙස විස්වාසනීයත්වය බිඳ වැටෙන කඩාවැටීමකට ලක්ව ඇත..


සිරිසේනට කඩේ එවුන්ට දැන්වත් බුද්ධිය පහළවේවා කියලා අද හෙටම බෝධි පුජාවක් තියන්න ඕනේ...:yes:
 

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
vo2w4z.jpg
 

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    81.jpg

    80.jpg

    82.jpg

    පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් ජනාධපති මහින්ද රාජපක්‍ස මහතා 41%ක් හා මෛත‍්‍රිපාල සිරිසේන මහතා 59% ක් ලබා ගන්නා බවට රජයේ බුද්ධි අංශ මගින් හෙළිව ඇති බවට පල කර පුවත මුළුමනින්ම අසත්‍ය බව එහි කර්තෘ ජනරංජන විසින් පුවත්පත් මණ්ඩලය හමුවේ පිළිගෙන තිබේ.

    එම පුවත පළ කිරීම පිළිබඳව සමාව ඉල්ලා සිටින බවත් ඔහු පවසා ඇත.

    මෙම තත්වය මත රාවය උපදේශක කර්තෘ වික්ටර් අයිවන් මහතා එම තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයිද වාර්තා වෙයි.


    81.jpg

    80.jpg

    82.jpg
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දේශපාලුවන්ට කඩේ එවුන්ට දැන්වත් බුද්ධිය පහළවේවා!
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ආණ්ඩුවේ කැම්පේන් එකේ සාර්ථකම තැන : රාජිතගේ හෙළිදරව්ව. මට තාම හිතෙන්නේ මහින්ද වෙනුවෙන් මේක රාජිතගේ ප්ලෑන් එකක් කියල. මෙතනින් ඔය ජාතිකවාදීන් සියල්ල ඉවරයි. උදය ගොඩ!


    https://www.facebook.com/video.php?v=323303801196325&set=vb.100005501233348&type=2&theater
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ආණ්ඩුවේ කැම්පේන් එකේ සාර්ථකම තැන : රාජිතගේ හෙළිදරව්ව. මට තාම හිතෙන්නේ මහින්ද වෙනුවෙන් මේක රාජිතගේ ප්ලෑන් එකක් කියල. මෙතනින් ඔය ජාතිකවාදීන් සියල්ල ඉවරයි. උදය ගොඩ!


    https://www.facebook.com/video.php?v=323303801196325&set=vb.100005501233348&type=2&theater

    මේක අනුකරණයක් කියල කියන එකෙක් ඉන්නවනම් හේ අමුම අමු ගොබ්බයෙකි!