ග්‍රීක දේව කතා-Part 4
කලින් ත්‍රෙඩ් මෙතනින් බලන්න.
ග්‍රීක දේව කතා-Part 1
ග්‍රීක දේව කතා-Part 2
ග්‍රීක දේව කතා-Part 3
කලින් ත්‍රෙඩ් එකේ කතා කලා Zeus දෙවියන් මිනිස්සුන්ගෙන් පළිගන්න හිතාගත්තා කියලා.Zeus ට උවමනාව තිබුනා මිනිස්සුන්ට කවදාවත් දෙවියන්ට සම වෙන්න බෑ කියලා මතක් කරලා දෙන්නත්. ඒකට Zeus දෙවියෝ බොහොම අපූරු සැලැස්මක් හදනවා.

මේ වෙනකම් පොළවේ මනුෂ්‍ය ජනගහනයේ ඉන්නේ පිරිමි විතරයි.දේවතාවියො හිටියත් මනුස්ස දූවරු (ගැහැණූ) කියල ජාතියක් හිටියේ නෑ.Prometheus ගෙන් ලැබුන උදව් එක්ක පොළවේ ජීවත් වුන මිනිස්සු බොහොම සතුටින් සාමයෙන් හිටියා.මිනිස්සු එකිනෙකාට බොහොම සුහදශීලිව හිටියා.
කාත් එක්කවත් තරහින් ඉන්න උවමනාවක් ඔවුන්ට තිබුනේ නෑ.
Zeus ගේ කලින් කිවුව පළිගැනීමේ සැලැස්මේ මූලිකම අදියර වෙන්නේ ගැහැණු ජාතිය මේ පොළවට හදුන්වලා දෙන එක.
ඒක කරන්න Zeus දෙවියෝ, Hephaestus (god of fire and forge) ළගට යනවා.Zeus, Hephaestus ට කියනවා මිනිස්සුන්ව වශී කරන්න පුළුවන් සහ මිනිස්සු කිසිම සැකයක් නොහිතා එක පයින්ම භාරගන්න හිතන තරම් ලස්සන ගැහැණියක් ව නිර්මාණය කරලා දෙන්න කියලා.ගැහැණුන්ව මේ වෙද්දි පොළවේ ඉන්න පිරිමින්ට සෑහෙන්න සමාන විදියට ඒත් පොඩි වෙනසක් ඇතුව හදන්න කියලා උපදෙස් දෙනවා.

Hephaestus
Hephaestus ප්‍රසිද්ධ වෙලා හිටියේ බොහොම ලස්සන සිත් ඇදගන්නාසුළු නිර්මාණ කරන්න පුළුවන් දෙවි කෙනෙක් හැටියට.Zeus පවරපු රාජකාරිය අකුරටම කරන Hephaestus, වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ලස්සන කාන්තාවක් නිර්මාණය කරනවා.දකින දකින අයව පිස්සුවට්ටන්න පුළුවන් රූපයක් තිබුන මේ කාන්තාව දකින Zeus බොහොම සන්තෝස වෙනවා.ඇයට Pandora කියන නම තියනවා.Pandora මනුස්ස දුවක් උනත් දේවතාවියක් වගේ ලස්සනයි.සුළගේ ලෙලදෙන දිගු කෙස් කළඹක්, දීප්තිමත් ඇස් දෙකක් සහ කිසිම ලපයක් කැළලක් නැති සමක් ඇයට තිබුනා.
මද පවනක් වගේ සෞම්‍ය, දකින අයව වශී කරන සිනහවක් ඇයට තිබුනා.කොටින්ම කිවුවොත් කිසිම පිරිමි කෙනෙක් ට Pandora දිහා එක පාරක් විතරක් බලලා අහක බලාගෙන යන්න බෑ.මේ ඔක්කොම ලක්ෂණ දැකපු Zeus, Pandora ව පොළවේ ඉන්න පිරිමි අය බොහොම ආසාවෙන් සහ විශ්වාසයෙන් භාරගනියි කියල හිතනවා.
Pandora
මේ පළවෙනි මනුස්ස දුව සම්පූර්ණ කලාම අනිත් දෙවිවරු ඇයට එක එක දේවල් තෑගි කරනවා.රනින් කරපු ඇදුම්, දිළිසෙන ආභරණ සහ සුවද හමන මල් තෑගි විදියට ලැබුනා. ඔය අතරේ එක විශේෂ පෙට්ටියක් තිබුනා. (ග්‍රීක සාහිත්‍යයේ මුල් කාලේදි තියෙන්නේ මල් බදුනක් දුන්නා කියලා.පහුකාලේදි කියනවා පෙට්ටියක් කියලා; Pandora's Box. මං පෙට්ටියක් කියලම කියන්නම්) සියුම් කැටයම් දාල මැණික් වර්ග අල්ලලා ලස්සනට decorate කරලා තිබුන මේ පෙට්ටිය දැකපු වෙලේ ඉදන් Pandora ට ඕක ඇරලා බලන්න ආසා හිතුනා.මෙච්චර ලස්සන පෙට්ටියක් ඇතුලේ දාල තියන දේ ඊටත් ලස්සන ඇති කියල Pandora හිතුවා.

ඒ වුනත් මේ පෙට්ටිය Pandora අතට දෙන්නෙ එක කොන්දෙසියක් උඩ විතරයි කියල දෙවිවරු කියනවා.ඒ තමයි පෙට්ටිය කොච්චර පිටින් බලුවත් කමක් නෑ ඒත් මොනම හේතුවක් නිසා වත් ඒක අරින්න එපා කියලා.එහෙම කියන්න හේතුව මොකක්ද කියල Pandora දන්නේ නෑ.ඒ වුනත් දෙවිවරු කියන අණ පිළිපදිනව කියල Pandora කියනවා.
ඔය තෑගිත් අරගෙන Pandora මිනිස්සු එක්ක ජීවත් වෙන්න පොළවට එනවා.එහෙම ආවම ඇයට මුණගැහෙනවා Epimetheus ව, ඒ කියන්නේ Prometheus ගෙ සහෝදරයා. Pandora ගේ වචනෙන් කියන්න බැරි ලස්සන වශී වෙන Epimetheus දැක්ක ගමන් Pandora ට ආදරය කරන්න පටන් ගන්නවා.Epimetheus ගේ මේ ආදරයේ තරම දකින Prometheus ට පොඩි සැකයක් හිතෙනවා මේක දෙවියෝ මිනිස්සුන්ගෙන් පළිගන්න හදපු plan එකක්ද කියලා (Zeus කොහොමත් පළිය ගනී කියලා Prometheus දැනගෙන උන්නෙ).ඒ හින්දා Prometheus Epimetheus ට කියනවා, Pandora දිව්‍යලෝකෙන් අරන් ආපු තෑගි ඔක්කොම ආපහු යවන්න කියලා.
වෙනදා වගේම Epimetheus තමන්ගේ සොහොයුරා කියන දේ අහන්නේ නෑ.Prometheus ගෙ අනතුරු ඇගවීම් එකක් වත් තඹේකට ගණන් ගන්නෙ නැති Epimetheus, Pandora ව කසාද බදිනවා.බැදලා තමන්ගේ ගෙදර එක්කන් යනවා.මේ වෙනකම් කිසිම වෙලාවක Epimetheus Pandora ගේ අතේ තියන අර ලස්සන පෙට්ටිය ගැන වචනයක් වත් අහන්නේ නෑ.
මේ ජෝඩුව බොහොම සන්තෝසෙන් කාලය ගත කරනවා.ඒත් අර පෙට්ටිය ඇර්ල බලන්න Pandora ගේ හිතේ තියන ආසාව දවසින් දවස වැඩි වෙනවා මිසක් අඩුවෙන්නේ නෑ.ඒත් දෙවිවරුන්ගෙ අවවාදය මතක් වෙන Pandora ඒක අරින්නේ නැතුව එළියෙන් බලලා සැහීමට පත්වෙනවා.ඔහොම කාලේ ගෙවිලා යද්දි Pandora ට ඕක නොඇර බැරි වෙනවා.දැනටත් කාන්තාවන්ට පොදු ලක්ෂණයක් වෙන නොසංසිදෙන කුතුහලය Pandora ට දෙවිවරු නොඅඩුව දීලා තිබුනා.එකත් කුතුහලය කොච්චරද කිවුවොත් Pandora තීරණය කරනවා පස්සෙ මොනවාවුනත් කමක් නෑ, මං මේ පෙට්ටිය අරිනවා කියලා.
පෙට්ටියෙ පියන ලාවට ඇරල බලන Pandora ට දකින්න ලැබෙන්නෙ හීනෙකින් වත් හිතපු දෙයක් නෙමෙයි.
අර තරම් ලස්සන පෙට්ටිය ඇතුළේ දාල තිබුනෙ ඒ වෙනකම් දෙවියන් විතරක් දැනගෙන හිටපු ඔක්කොම නපුරු ආත්ම/ බලවේග යි.පෙට්ටියේ පියන ඇරපු ගමන්ම ඒ ඔක්කොම ආත්ම එළියට ඇවිත් හැමතැනම විසිරිලා යනවා.දුක, තරහව,වසංගත ලෙඩ රෝග, දුෂටකම වගේ සියදහස් ගාණක් භයංකාර දේවල් එකතු වෙලා හැදුන අදුරු දුමාරයකින් Pandora ගේ කාමරේ පිරිලා යනවා.
මේ විදියට නපුරු බලවේග Pandora ව වහගනිද්දි හොදටම බය වෙන Pandora ඉක්මනට අර පෙට්ටියේ පියන වහනවා.ඒත් ඒ වෙද්දිත් මේ නිදහස් වුන නපුර මිනිස්සු අතරේ වසංගතයක් වගේ පැතිරෙන්න පටන් අරන් ඉවරයි. තමන් දෙවියන්ගේ අණට අකීකරු වුන එක ගැන දැන් පසුතැවිල වැඩක් නෑ කියලා Pandora ට හිතෙනවා.
ඔය දේවල් උනාට පස්සේ Pandora දකිනවා අර පෙට්ටියෙ එකම එක ආත්මයක් ආරක්ෂිතව ඉතුරු වෙලා තියනවා කියලා.ඒ තමයි බලාපොරොත්තුව.
බොහොම ඉක්මනට පොළවේ හිටිය මනුෂ්‍ය වර්ගයේ හැමදෙනාටම අර නිදහස් වුන නපුරු ආත්ම, වසංගත වල ප්‍රතිපල විදින්න සිද්ධවුනා.පෙට්ටිය ඇරියට පස්සේ කලින් තිබුන සාමකාමි ජීවිත මිනිස්සුන්ට නැති වෙලා ගියා.ඒ වගේම මිනිස්සු වයසට යන්න පටන් ගන්නවා.මිනිස්සු තේරුම් ගන්න පටන් ගත්තා දෙවියන්ගේ පළිගැනීම කොච්චර බලවත් ද කියලත් ඒක අභිබවා යන්න මිනිස්සුන්ට බෑ කියලත්.එදා ඉදන් මිනිස්සු හැමෝම දෙවියන්ව කෝප නොවෙන විදියට වැඩ කරන්න පුරුදු වුනා.මිනිස්සුන්ගෙ එකම සැනසීම සහ නොමැරී ජීවත් වෙන්න තිබුන එකම ආසාව වුනේ Pandora ළග සුරක්ෂිතව ඉතුරු වුන බලාපොරොත්තුව.

එදා ඉදන් අද වෙනකම්ම මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සුන්ට කොච්චර ලෙඩ දුක් කරදර වසංගත ආවත් මිනිස්සු Pandora ගේ පෙට්ටියේ ආරක්ෂා වෙලා තියන බලාපොරොත්තුව ගැන විශ්වාස කරගෙන තවදුරටත් ජීවත් වෙනවා.ඒ බලාපොරොතුව තියෙන නිසා මිනිස්සු විශ්වාස කරනවා කවදාහරි මේ ලෝකේ මිනිස්සුන්ට ආයෙත් සාමයෙන් සැනසීමෙන් ඉන්න පුළුවන් වෙයි කියලා.

ඊළග ත්‍රෙඩ් එකෙන් බලමු පාතාලයේ නායකයා වුන Hades ගේ සහ Persephone ගේ කතාව.
කියන්න අමතක වුනා සමහර පොත් වල Pandora ව බයිබලයේ එන Eve ට සමාන කරලත් තියනවා.හේතුව දෙන්නම කලේ මිනිස්සුන්ට නපුර ළගා කරපු එක.

Last edited: