ඩිජිටල් කැමරා තාක්ශණය : මොකක්ද මේ ISO?

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඩිජිටල් කැමරා තාක්ශණය : මොකක්ද මේ ISO?

    ඩිජිටල් කැමරා තාක්ශණය : මොකක්ද මේ ISO?



    iso.jpg



    අද භාවිතයේ පවතින සියලුම කැමරාවල ISO නමින් සීරුමාරුවක් ලබාදී තිබෙනවා. එසේවුවත් බොහෝ ආධුනික ඡායාරූප ශිල්පීන් මෙන්ම, ඉහල වෘත්තීය මට්ටමේ ඡායාරුප පාඨමාලා හදාරා නොමැතිව පලපුරුද්ද මත ඡායාරූපකරණයේ යෙදෙන වෘත්තීය ඡායාරූප ශිල්පීන් අතර පවා ISO සීරුමාරුව හා එය භාවිතකල යුතු අවස්ථා පිලිබඳව ඇත්තේ අඩු අවබෝධයක්.

    ඡායාරූපකරණයේදී ISO යෙදුම භාවිතයට ගැනුනේ ඩිජිටල් කැමරා කරලිය පැමිණීමට බොහෝ කලකට පෙර සිටයි. එකල කැමරාව තුලින් ISO සීරුමාරු කිරීමේ හැකියාවක් නොතිබූ අතර ඒ වෙනුවට විවිධ ISO පරාසවල සේයාපට මිලදීගත හැකිව තිබුණා (උදා: 200, 400, 800). ශිල්පියා තමාට ඡායාරූප ගැනීමට සිදුවන පරිසරයේ ආලෝක තත්වය උපකල්පණය කොට ගැලපෙන ISO වේගයක් (ISO Speed) සහිත සේයා පටයක් තෝරාගත්තා. ISO කැමරාව තුලින් සීරුමාරුකල හැකි තත්වයක් ඇතිවුනේ වෘත්තීය මට්ටමේ DSLR ඩ්ජිටල් කැමරා වෙළඳපොලට පැමිණීමෙන් පසුවයි.



    What is ISO?


    ISO යනු ඩිජිටල් කැමරාවක ආලෝක සෙන්සරයේ ආලෝක සංවේදී බව සීරුමාරු කිරීමේ උපක්‍රමයයි. අඩු ආලෝක තත්වයක් යටතේ ලෙන්සය හරහා අඩු ආලෝකයක් සෙන්සරයට වැටෙනවිට ඡායාරූපය අඳුරුවීම වලක්වා ගැනීමට සෙන්සරයේ සංවේදීතාවය වැඩිකිරීම මගින් හැකියාව ලැබෙනවා. ISO වැඩිකරගැනීමෙන් ඉතා අඳුරු අවස්ථාවලදී පවා ඡායාරූපයක් සටහන් කරගත හැකි වුවත්, ඉහල ISO අගයන්වලදී ඡායාරූපයේ සුපැහැදිලිබව හෙවත් විබේධනය (resolution) අඩුවී ඡායාරූපය grainy ස්වභාවයක් ගන්නවා.

    එයට හේතුව සෙන්සරයට ලැබෙන ආලෝක ප්‍රමාණය මදවීම නිසා සංවේදීතාවය වැඩිවුවත් ඡායාරූපය සම්පූර්ණ විබේධනයෙන් සටහන් කරගැනීමට හැකි නොවීමයි. මෙය තවත් පැහැදිලි කිරීමට සරල උදාහරණයක් නම් ඉතා දුර්වල ලෙස ටෙලිවිෂන් සංඥා ලැබෙනවිට රූපවාහිනී තිරයේ දසුනක් මැවීමට එය ප්‍රමාණවත් නෑ. බූස්ටරයක් දැමීම මගින් යම් දුරකට සංඥා ප්‍රභලකොට රූපවාහිනියට ලබාදීම මගින් තිරයේ හඳුනාගත හැකි දසුනක් මැවීම සිදුකල හැකියි. එහෙත් සුපහැදිලි දසුන් තිරයේ මැවෙන්නේ නෑ.


    Capture.JPG



    Untitled2.jpg


    පොකට් කැමරා හා මධ්‍යම ප්‍රමාණයේ Compact කැමරා මෙන්ම DSLR කැමරාවලද Auto Mode හෙවත් ස්වයංක්‍රීය ආකාරයෙන් ඡායාරූප ගන්නාවිට, කැමරාවේ ලයිට් මීටරය මගින් ආලෝකයේ තීව්‍රතාවය මැනගෙන ස්වයංක්‍රීයවම ISO අගය වෙනස්කර ගන්නවා. එහෙත් බොහෝවිට කැමරාවේ ස්වයංක්‍රීය නිර්ණයන් වැරදී යන අතර ඡායාරූපය ප්‍රයෝජනයට ගත නොහැකිවනවා. එබැවින් බොහෝ පොකට් කැමරාවල මෙන්ම සියලුම Compact හා DSLR කැමරාවල ISO සීරුමාරුව Manual Setting හෙවත් ශිල්පියාට අවශ්‍ය පරිදි වෙනස්කරගැනීමේ පහසුකම ලබාදී තිබෙනවා.


    Untitled.jpg



    පරිසරයේ ආලෝක තත්වය අනුව ISO අගය සීරුමාරු කරගන්නා ආකාරය.


    උපුටා ගැණිමකි

    Code:
    http://vidya-gaweshana.blogspot.com/...blog-post.html
    හොදනම් රේප් දිලා ගියාට කමක් නැ

    අනික් අයට බලන්නත් ඒකක්ලා බම්ප් කර්න්න දිගටම :yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    අනික් අයට බලන්නත් ඒකක්ලා බම්ප් කර්න්න දිගටම :yes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔය වගේ කැමරාවක් අරන් වැඩ දාන්න ඉන්න එකෙක්ට පොඩිම හරි දෙයක් දැනගන්න ලැබුනා බන්.....:yes:මාත් අදමයි ඔය දේවල් ටික දැක්කේ :love:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මල ඉලව් දේශපාලන කතා අස්සේ මේ වගේ වැදගත් දෙයක් දැන ගන්න ලැබුන එකත් ලොකු දෙයක් බම්ප් වේවා
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    මේක මාර වටිනව බං
    මට හොයාගන්න බැරුව හිටපු එකක්
    රෙප් 13+